Check out the new design

আল-কোৰআনুল কাৰীমৰ অৰ্থানুবাদ - আল-মুখতাচাৰ ফী তাফছীৰিল কোৰআনিল কাৰীমৰ সিংহলি অনুবাদ * - অনুবাদসমূহৰ সূচীপত্ৰ


অৰ্থানুবাদ আয়াত: (28) ছুৰা: চ'দ
اَمْ نَجْعَلُ الَّذِیْنَ اٰمَنُوْا وَعَمِلُوا الصّٰلِحٰتِ كَالْمُفْسِدِیْنَ فِی الْاَرْضِ ؗ— اَمْ نَجْعَلُ الْمُتَّقِیْنَ كَالْفُجَّارِ ۟
අල්ලාහ් ව විශ්වාස කොට ඔහුගේ දූතයාණන් ව අනුගමනය කොට දැහැමි ක්රියාවන් සිදු කළවුන් දේව ප්රතික්ෂේපය හා පාපකම් හේතුවෙන් මහ පොළොවේ ප්රචණ්ඩකාරී ලෙස හැසිරෙන්නන් මෙන් අපි කිසිවිටෙක පත් නොකරන්නෙමු. අල්ලාහ්ගේ නියෝග පිළිපදිමින් හා ඔහු තහනම් කළ දැයින් වැළකෙමින් තම පරමාධිපතිට බැතිමත් ව කටයුතු කළවුන් පාපයේ ගිළුණු දේව ප්රතික්ෂේපකයින් හා කුහකයින් මෙන් කිසිවිටෙක අපි පත් නොකරන්නෙමු. සැබැවින්ම ඔවුන් දෙදෙනා අතර සමාන කොට බැලීම වරදකි. එය උත්තරීතර සුවිශුද්ධ අල්ලාහ්ට සුදුසු නොවන්නකි. බියබැතිමත් දේව විශ්වාසීන් ස්වර්ගයට ප්රවේශ කිරීමෙන් අල්ලාහ් ඔවුනට ප්රතිඵල පිරිනමනු ඇත. අභාග්යවන්ත දේව ප්රතික්ෂේපකියන් අපා ගින්නට ප්රවේශ කිරීමෙන් ඔවුනට දඬුවම් කරනු ඇත. ඊට හේතුව සැබැවින්ම ඔවුන් අල්ලාහ් අබියස සමාන නොවන බැවිණි. එමෙන්ම ඔවුන්ගේ ප්රතිඵලද ඔහු අබියස සමාන නොවෙයි.
আৰবী তাফছীৰসমূহ:
এই পৃষ্ঠাৰ আয়াতসমূহৰ পৰা সংগৃহীত কিছুমান উপকাৰী তথ্য:
• الحث على تدبر القرآن.
•අල් කුර්ආනය පරිශීලනය කිරීම සඳහා දිරි ගැන්වීම.

• في الآيات دليل على أنه بحسب سلامة القلب وفطنة الإنسان يحصل له التذكر والانتفاع بالقرآن الكريم.
•හදවතේ ඇති නිරෝගීභාවය හා මිනිස් බුද්ධිය අනව ඔහුට ශුද්ධ වූ අල් කුර්ආනය තුළින් ප්රයෝජන හා උපදෙස් ලැබෙනු ඇතැයි යන්නට මෙම පාඨවල සාධක සඳහන්ව ඇත.

• في الآيات دليل على صحة القاعدة المشهورة: «من ترك شيئًا لله عوَّضه الله خيرًا منه».
•‘කවරෙකු අල්ලාහ් වෙනුවෙන් යමක් අත් හැරියේ ද ඊට වඩා යහපත් දෙයක් අල්ලාහ් ඔහුට පිරිනමයි’ යන ප්රසිද්ධ ප්රකාශයේ නිරවද්යතාව පෙන්වා දෙන සාධක මෙම පාඨ තුළ සඳහන් වී ඇත.

 
অৰ্থানুবাদ আয়াত: (28) ছুৰা: চ'দ
ছুৰাৰ তালিকা পৃষ্ঠা নং
 
আল-কোৰআনুল কাৰীমৰ অৰ্থানুবাদ - আল-মুখতাচাৰ ফী তাফছীৰিল কোৰআনিল কাৰীমৰ সিংহলি অনুবাদ - অনুবাদসমূহৰ সূচীপত্ৰ

তাফছীৰ চেণ্টাৰ ফৰ কোৰানিক ষ্টাডিজৰ ফালৰ পৰা প্ৰচাৰিত।

বন্ধ