Check out the new design

আল-কোৰআনুল কাৰীমৰ অৰ্থানুবাদ - আল-মুখতাচাৰ ফী তাফছীৰিল কোৰআনিল কাৰীমৰ সিংহলি অনুবাদ * - অনুবাদসমূহৰ সূচীপত্ৰ


অৰ্থানুবাদ ছুৰা: আল-আ'লা   আয়াত:
وَیَتَجَنَّبُهَا الْاَشْقَی ۟ۙ
දෙවියන් ප්රතික්ෂේප කරන්නා එම උපදෙසින් දුරස් වී පළා යයි. එහෙයින් මතුලොවෙහි ඔහු නිරයට පිවිසෙන විට ජනයා අතර මහත් වූ අභාග්යවන්තයකු වෙයි.
আৰবী তাফছীৰসমূহ:
الَّذِیْ یَصْلَی النَّارَ الْكُبْرٰی ۟ۚ
ඔහු මතුලොවේදී මහත් වූ ගින්නට පිවිසෙනු ඇත. එහි තිබෙන දැඩි උණුසුම සදා විඳිනු ඇත.
আৰবী তাফছীৰসমূহ:
ثُمَّ لَا یَمُوْتُ فِیْهَا وَلَا یَحْیٰی ۟ؕ
නැවත මරණයට පත්වීමකින් තොරව, ලැබෙන දඬුවමින් ගැළවීමක් නොලබාම ඔහු නිරයේ සදා ජීවත් වනු ඇත. ඔහු එහි යහපත් ගෞරවනීය ජීවිතයක් ගත නොකරනු ඇත.
আৰবী তাফছীৰসমূহ:
قَدْ اَفْلَحَ مَنْ تَزَكّٰی ۟ۙ
දෙවිඳුන්ට ආදේශ තැබීමෙන් හා පාපකම්වලින් තමන් පිවිතුරු කර ගත්තවුන් සැබැවින්ම ජයග්රහණය අත්පත් කර ගෙන ඇත.
আৰবী তাফছীৰসমূহ:
وَذَكَرَ اسْمَ رَبِّهٖ فَصَلّٰی ۟ؕ
දික්ර් හෙවත් තම පරමාධිපතිව ප්රශංසාත්මකව මෙනෙහි කළ යුතු විවිධ ප්රකාශ ආගමානුකූලව ඉටු කරමින් හා සලාතයෙහි (යාඥාවෙහි) අපේක්ෂිත ගුණාංග පිළිපදිමින් ඔහුගේ පරමාධිපති ව ඔහු සිහිපත් කරයි.
আৰবী তাফছীৰসমূহ:
بَلْ تُؤْثِرُوْنَ الْحَیٰوةَ الدُّنْیَا ۟ۚۖ
නමුත්, ඔබ මෙලොව ජීවිතයට ප්රමුඛතා ව දෙන්නෙහිය. මතුලොවට වඩා ඔබ එය උතුම් කොට සලකන්නෙහිය. ඒ දෙක අතර අතපසුවන දෑ බොහෝය.
আৰবী তাফছীৰসমূহ:
وَالْاٰخِرَةُ خَیْرٌ وَّاَبْقٰی ۟ؕ
මෙලොව හා එහි ඇති සැපත, වින්දනය හා පැවැත්ම යනාදියට වඩා මතුලොව ශ්රේෂ්ඨය. උතුම්ය. ඊට හේතුව එහි ඇති සැපත සදා පවතින අමරණීය වන බැවිණි.
আৰবী তাফছীৰসমূহ:
اِنَّ هٰذَا لَفِی الصُّحُفِ الْاُوْلٰی ۟ۙ
අප ඔබ වෙත මතක් කළ මෙම නියෝග හා තොරතුරු ඔබට පෙර පහළ වූ දේව පුස්තකයන්හී ද තිබිණ.
আৰবী তাফছীৰসমূহ:
صُحُفِ اِبْرٰهِیْمَ وَمُوْسٰی ۟۠
එය ඉබ්රාහීම් හා මූසා (අලෙයිහිමස් සලාම්) යන නබිවරුන් වෙත පහළ කරනු ලැබූ පුස්තකයන් හී වෙති.
আৰবী তাফছীৰসমূহ:
এই পৃষ্ঠাৰ আয়াতসমূহৰ পৰা সংগৃহীত কিছুমান উপকাৰী তথ্য:
• أهمية تطهير النفس من الخبائث الظاهرة والباطنة.
• බාහිර හා අභ්යන්තර කිලිටිවලින් ආත්මය පිවිතුරු කර ගැනීමේ වැදගත්කම.

• الاستدلال بالمخلوقات على وجود الخالق وعظمته.
• මැවීම් සියල්ල, ඒවා මැවූ මැවුම්කරුගේ පැවැත්ම හා ඔහුගේ බලය විදහා පාන සාධක වෙති.

• مهمة الداعية الدعوة، لا حمل الناس على الهداية؛ لأن الهداية بيد الله.
• යහමඟ පිරිනැමීම අල්ලාහ් සතු කාර්යයක් වන බැවින් එය ලබා ගැනීමේ වගකීම මිනිසා මත පැටවී ඇත.

 
অৰ্থানুবাদ ছুৰা: আল-আ'লা
ছুৰাৰ তালিকা পৃষ্ঠা নং
 
আল-কোৰআনুল কাৰীমৰ অৰ্থানুবাদ - আল-মুখতাচাৰ ফী তাফছীৰিল কোৰআনিল কাৰীমৰ সিংহলি অনুবাদ - অনুবাদসমূহৰ সূচীপত্ৰ

তাফছীৰ চেণ্টাৰ ফৰ কোৰানিক ষ্টাডিজৰ ফালৰ পৰা প্ৰচাৰিত।

বন্ধ