Check out the new design

Qurani Kərimin mənaca tərcüməsi - Sinhal dilinə tərcümə - "Ruvvad" tərcümə mərkəzi. * - Tərcumənin mündəricatı

PDF XML CSV Excel API
Please review the Terms and Policies

Mənaların tərcüməsi Surə: ən-Nəhl   Ayə:
وَاللّٰهُ جَعَلَ لَكُمْ مِّنْ بُیُوْتِكُمْ سَكَنًا وَّجَعَلَ لَكُمْ مِّنْ جُلُوْدِ الْاَنْعَامِ بُیُوْتًا تَسْتَخِفُّوْنَهَا یَوْمَ ظَعْنِكُمْ وَیَوْمَ اِقَامَتِكُمْ ۙ— وَمِنْ اَصْوَافِهَا وَاَوْبَارِهَا وَاَشْعَارِهَاۤ اَثَاثًا وَّمَتَاعًا اِلٰی حِیْنٍ ۟
තවද නුඹලාගේ නිවෙස් තුළින් නුඹලාට සෙවණක් අල්ලාහ් නුඹලාට ඇති කළේ ය. තවද නුඹලා ගමන් බිමන් යන දිනක හෝ නුඹලා නැවතී සිටින දිනක එය (රැගෙන යාමට) නුඹලාට පහසු වන නවාතැන් ගොවිපළ සතුන්ගේ සමින් නුඹලාට ඇති කළේ ය. තවද උන්ගේ බැටළු රෝමවලින් ද, එළු රෝමවලින් ද, ඔටු රෝමවලින් ද භාණ්ඩ හා මද කලකට භුක්ති විඳීමක් ද (ඇති කළේ ය.)
Ərəbcə təfsirlər:
وَاللّٰهُ جَعَلَ لَكُمْ مِّمَّا خَلَقَ ظِلٰلًا وَّجَعَلَ لَكُمْ مِّنَ الْجِبَالِ اَكْنَانًا وَّجَعَلَ لَكُمْ سَرَابِیْلَ تَقِیْكُمُ الْحَرَّ وَسَرَابِیْلَ تَقِیْكُمْ بَاْسَكُمْ ؕ— كَذٰلِكَ یُتِمُّ نِعْمَتَهٗ عَلَیْكُمْ لَعَلَّكُمْ تُسْلِمُوْنَ ۟
තවද අල්ලාහ් තමන් මැවූ දැයින් නුඹලාට සෙවණ ඇති කළේ ය. තවද ඔහු නුඹලාට කඳුවල ලෙන් ද ඇති කළේ ය. උණුසුමින් නුඹලාව ආරක්ෂා කරන කබා හා (යුද්ධයේ දී) නුඹලාට ඇති වන අනතුරුවලින් ආරක්ෂා කරන කබා ද ඔහු නුඹලාට ඇති කළේ ය. එලෙස නුඹලා යටහත් විය හැකි වනු පිණිස ඔහු ඔහුගේ ආශිර්වාදය නුඹලාට සම්පූර්ණ කරන්නේ ය.
Ərəbcə təfsirlər:
فَاِنْ تَوَلَّوْا فَاِنَّمَا عَلَیْكَ الْبَلٰغُ الْمُبِیْنُ ۟
එහෙත් ඔවුහු පිටුපෑවෙහු නම් එවිට නියත වශයෙන් ම නුඹ වෙත පැවරෙනුයේ (ඔවුනට) පැහැදිලිව දන්වා සිටීම පමණි.
Ərəbcə təfsirlər:
یَعْرِفُوْنَ نِعْمَتَ اللّٰهِ ثُمَّ یُنْكِرُوْنَهَا وَاَكْثَرُهُمُ الْكٰفِرُوْنَ ۟۠
අල්ලාහ්ගේ ආශිර්වාදය ඔවුහු දනිති. පසුව ඔවුහු එය ප්‍රතික්ෂේප කරති. තවද ඔවුන්ගෙන් බහුතරයක් දෙනා දේවත්වය ප්‍රතික්ෂේප කරන්නෝ ය.
Ərəbcə təfsirlər:
وَیَوْمَ نَبْعَثُ مِنْ كُلِّ اُمَّةٍ شَهِیْدًا ثُمَّ لَا یُؤْذَنُ لِلَّذِیْنَ كَفَرُوْا وَلَا هُمْ یُسْتَعْتَبُوْنَ ۟
තවද එදින සෑම සමූහයකින් ම සාක්ෂිකරුවකු අප නැගිටුවන්නෙමු. පසුව ප්‍රතික්ෂේප කළවුනට (කිසිදු කටයුත්තක් සඳහා) අවසර දෙනු නො ලබනු ඇත. තවද ඔවුහු (අල්ලාහ් වෙත නැඹුරු වන මෙන්) බල කරනු ලබන්නන් ද නො වෙති.
Ərəbcə təfsirlər:
وَاِذَا رَاَ الَّذِیْنَ ظَلَمُوا الْعَذَابَ فَلَا یُخَفَّفُ عَنْهُمْ وَلَا هُمْ یُنْظَرُوْنَ ۟
තවද අපරාධ කළවුන් එම දඬුවම දුටු විට ඔවුන්ගෙන් එය සැහැල්ලු කරනු නො ලැබේ. තවද ඔවුහු අවකාශය දෙනු ලබන්නන් ද නො වෙති.
Ərəbcə təfsirlər:
وَاِذَا رَاَ الَّذِیْنَ اَشْرَكُوْا شُرَكَآءَهُمْ قَالُوْا رَبَّنَا هٰۤؤُلَآءِ شُرَكَآؤُنَا الَّذِیْنَ كُنَّا نَدْعُوْا مِنْ دُوْنِكَ ۚ— فَاَلْقَوْا اِلَیْهِمُ الْقَوْلَ اِنَّكُمْ لَكٰذِبُوْنَ ۟ۚ
තවද (අල්ලාහ්ගේ දේවත්වයට) සමානයන් තැබූවන් ඔවුන්ගේ (එම) සම දෙවිවරුන් දුටු විට, අපගේ පරමාධිපතියාණනි! නුඹව හැර දමා අප ඇරයුම් කරමින් සිටි අපගේ සම දෙවිවරුන් මොවුන් ය. එවිට නියත වශයෙන් ම නුඹලා මුසාවාදීහුය යැයි ඔවුහු ඔවුනට ප්‍රකාශය ඉදිරිපත් කරනු ඇත.
Ərəbcə təfsirlər:
وَاَلْقَوْا اِلَی اللّٰهِ یَوْمَىِٕذِ ١لسَّلَمَ وَضَلَّ عَنْهُمْ مَّا كَانُوْا یَفْتَرُوْنَ ۟
තවද එදින යටහත්භාවය අල්ලාහ් වෙත ඔවුහු ඉදිරිපත් කරති. තවද ඔවුහු ගොතමින් සිටි දෑ ඔවුන්ගෙන් මුළා වී යති.
Ərəbcə təfsirlər:
 
Mənaların tərcüməsi Surə: ən-Nəhl
Surələrin mündəricatı Səhifənin rəqəmi
 
Qurani Kərimin mənaca tərcüməsi - Sinhal dilinə tərcümə - "Ruvvad" tərcümə mərkəzi. - Tərcumənin mündəricatı

Tərcümə "Ruvvad" tərcümə mərkəzi tərəfindən "Rəbva" dəvət cəmiyyəti və İslam məzmununun dillərə xidmət cəmiyyəti ilə birgə əməkdaşlığı ilə tərcümə edilmişdir.

Bağlamaq