Check out the new design

Qurani Kərimin mənaca tərcüməsi - Sinhal dilinə tərcümə - "Ruvvad" tərcümə mərkəzi. * - Tərcumənin mündəricatı

PDF XML CSV Excel API
Please review the Terms and Policies

Mənaların tərcüməsi Surə: ən-Nəhl   Ayə:
وَمَاۤ اَرْسَلْنَا مِنْ قَبْلِكَ اِلَّا رِجَالًا نُّوْحِیْۤ اِلَیْهِمْ فَسْـَٔلُوْۤا اَهْلَ الذِّكْرِ اِنْ كُنْتُمْ لَا تَعْلَمُوْنَ ۟ۙ
තවද නුඹට පෙර සිටම, අපි ඔවුන් වෙත දේව පණිවිඩ දන්වමින් එවන ලද්දේ පිරිමීන් මිස වෙනත් කිසිවකු නො වේ. එහෙයින් නුඹලා නොදැන සිටියෙහු නම් දැනුමැත්තන්ගෙන් විමසනු.
Ərəbcə təfsirlər:
بِالْبَیِّنٰتِ وَالزُّبُرِ ؕ— وَاَنْزَلْنَاۤ اِلَیْكَ الذِّكْرَ لِتُبَیِّنَ لِلنَّاسِ مَا نُزِّلَ اِلَیْهِمْ وَلَعَلَّهُمْ یَتَفَكَّرُوْنَ ۟
පැහැදිලි සාධක හා ධර්ම ග්‍රන්ථ සමඟ (ඔවුහු පැමිණියහ.) තවද ඔවුන් වෙත පහළ කරනු ලැබූ දෑ ජනයාට නුඹ පැහැදිලි කරනු පිණිස නුඹ වෙත (අල් කුර්ආනය හෙවත්) මෙම මෙනෙහි කිරීම අපි පහළ කළෙමු. තවද එය ඔවුන් සිතා බලනු පිණිස ය.
Ərəbcə təfsirlər:
اَفَاَمِنَ الَّذِیْنَ مَكَرُوا السَّیِّاٰتِ اَنْ یَّخْسِفَ اللّٰهُ بِهِمُ الْاَرْضَ اَوْ یَاْتِیَهُمُ الْعَذَابُ مِنْ حَیْثُ لَا یَشْعُرُوْنَ ۟ۙ
නපුරුකම් කුමන්ත්‍රණය කළවුන් අල්ලාහ් ඔවුන්ව මහපොළොවෙහි ගිලා බැස්සවීම පිළිබඳව හෝ ඔවුන් නො සිතූ අයුරින් දඬුවම ඔවුන් වෙත පැමිණීම ගැන හෝ ඔවුන් නිර්භියව සිටිත් ද?
Ərəbcə təfsirlər:
اَوْ یَاْخُذَهُمْ فِیْ تَقَلُّبِهِمْ فَمَا هُمْ بِمُعْجِزِیْنَ ۟ۙ
එසේ නොමැති නම් ඔවුන් සැරිසැරීමේ දී ඔවුන්ව ග්‍රහණය කිරීම ගැන (ඔවුන් නිර්භියව සිටිත් ද?) තවද ඔවුන් (අල්ලාහ් ව) නො හැකියාවට පත් කරන්නන් නො වෙති.
Ərəbcə təfsirlər:
اَوْ یَاْخُذَهُمْ عَلٰی تَخَوُّفٍ ؕ— فَاِنَّ رَبَّكُمْ لَرَءُوْفٌ رَّحِیْمٌ ۟
එසේ නොමැති නම් බියෙන් පසුවෙමින් සිටිය දී ඔහු ඔවුන් ග්‍රහණය කිරීම ගැන (ඔවුන් නිර්භියව සිටිත් ද?) නමුත් නුඹගේ පරමාධිපති මහත් සෙනෙහෙවන්ත ය; මහා කරුණා ගුණයෙන් යුක්ත ය.
Ərəbcə təfsirlər:
اَوَلَمْ یَرَوْا اِلٰی مَا خَلَقَ اللّٰهُ مِنْ شَیْءٍ یَّتَفَیَّؤُا ظِلٰلُهٗ عَنِ الْیَمِیْنِ وَالشَّمَآىِٕلِ سُجَّدًا لِّلّٰهِ وَهُمْ دٰخِرُوْنَ ۟
අල්ලාහ් කවර දෙයක් මැව්වේ ද (ඒ) කිසිවක් දෙස ඔවුහු අවධානයෙන් නො බැලුවෝ ද? එහි සෙවණැල්ල දකුණතට හා වම්පැතිවලට නැඹුරු වී යටහත් පහත්ව අල්ලාහ්ට සිරස නමා වැඳ වැටෙයි.
Ərəbcə təfsirlər:
وَلِلّٰهِ یَسْجُدُ مَا فِی السَّمٰوٰتِ وَمَا فِی الْاَرْضِ مِنْ دَآبَّةٍ وَّالْمَلٰٓىِٕكَةُ وَهُمْ لَا یَسْتَكْبِرُوْنَ ۟
තවද ජීවීන්ගෙන් අහස්හි ඇති දෑ හා මහපොළොවේ ඇති දෑ ද මලක්වරුන්ද අල්ලාහ්ට සුජූද් කරති. තවද ඔවුහු උඩඟු නො වෙති.
Ərəbcə təfsirlər:
یَخَافُوْنَ رَبَّهُمْ مِّنْ فَوْقِهِمْ وَیَفْعَلُوْنَ مَا یُؤْمَرُوْنَ ۟
ඔවුනට ඉහළින් සිටින ඔවුන්ගේ පරමාධිපතිට ඔවුහු බිය වෙති. තවද ඔවුනට අණ කරනු ලබන දෑ ඔවුහු සිදු කරති.
Ərəbcə təfsirlər:
وَقَالَ اللّٰهُ لَا تَتَّخِذُوْۤا اِلٰهَیْنِ اثْنَیْنِ ۚ— اِنَّمَا هُوَ اِلٰهٌ وَّاحِدٌ ۚ— فَاِیَّایَ فَارْهَبُوْنِ ۟
තවද නුඹලා දෙවියන් දෙදෙනෙකු වශයෙන් නො ගනු. නියත වශයෙන් ම ඔහු එක ම දෙවිඳා ය. එබැවින් මට ම නුඹලා බිය වනු යැයි අල්ලාහ් පැවසුවේ ය.
Ərəbcə təfsirlər:
وَلَهٗ مَا فِی السَّمٰوٰتِ وَالْاَرْضِ وَلَهُ الدِّیْنُ وَاصِبًا ؕ— اَفَغَیْرَ اللّٰهِ تَتَّقُوْنَ ۟
තවද අහස්හි හා මහපොළොවේ ඇති දෑ ඔහු සතු ය. තවද සදා අවනතභාවය ද ඔහු සතු ය. එහෙයින් නුඹලා අල්ලාහ් නො වන දෑට බිය බැතිමත් වන්නෙහු ද?
Ərəbcə təfsirlər:
وَمَا بِكُمْ مِّنْ نِّعْمَةٍ فَمِنَ اللّٰهِ ثُمَّ اِذَا مَسَّكُمُ الضُّرُّ فَاِلَیْهِ تَجْـَٔرُوْنَ ۟ۚ
තවද නුඹලාට කවර හෝ ආශිර්වාදයක් වී නම් එය අල්ලාහ්ගෙනි. පසුව නුඹලාට යම් හානියක් අත් වූ විට නුඹලා විලාප නගනුයේ ඔහු වෙත ම ය.
Ərəbcə təfsirlər:
ثُمَّ اِذَا كَشَفَ الضُّرَّ عَنْكُمْ اِذَا فَرِیْقٌ مِّنْكُمْ بِرَبِّهِمْ یُشْرِكُوْنَ ۟ۙ
පසුව නුඹලාගෙන් එම හානිය ඔහු ඉවත් කළ විට, එම අවස්ථාවේ නුඹලා අතරින් පිරිසක් ඔවුන්ගේ පරමාධිපතිට ආදේශ කරති.
Ərəbcə təfsirlər:
 
Mənaların tərcüməsi Surə: ən-Nəhl
Surələrin mündəricatı Səhifənin rəqəmi
 
Qurani Kərimin mənaca tərcüməsi - Sinhal dilinə tərcümə - "Ruvvad" tərcümə mərkəzi. - Tərcumənin mündəricatı

Tərcümə "Ruvvad" tərcümə mərkəzi tərəfindən "Rəbva" dəvət cəmiyyəti və İslam məzmununun dillərə xidmət cəmiyyəti ilə birgə əməkdaşlığı ilə tərcümə edilmişdir.

Bağlamaq