Check out the new design

Qurani Kərimin mənaca tərcüməsi - Sinhal dilinə tərcümə - "Ruvvad" tərcümə mərkəzi. * - Tərcumənin mündəricatı

PDF XML CSV Excel API
Please review the Terms and Policies

Mənaların tərcüməsi Surə: Ali-İmran   Ayə:
وَمَاۤ اَصَابَكُمْ یَوْمَ الْتَقَی الْجَمْعٰنِ فَبِاِذْنِ اللّٰهِ وَلِیَعْلَمَ الْمُؤْمِنِیْنَ ۟ۙ
තවද දෙපිරිස මුණ ගැසුණු දින නුඹලාට ඇති වූ (හිංසන වැනි) දෑ (සිදු වූයේ) අල්ලාහ්ගේ අනුමැතියෙනි. තවද ඔහු (මෙසේ කළේ සත්‍ය) විශ්වාස කළවුන්ව හඳුන්වා දෙනු පිණිස ය.
Ərəbcə təfsirlər:
وَلِیَعْلَمَ الَّذِیْنَ نَافَقُوْا ۖۚ— وَقِیْلَ لَهُمْ تَعَالَوْا قَاتِلُوْا فِیْ سَبِیْلِ اللّٰهِ اَوِ ادْفَعُوْا ؕ— قَالُوْا لَوْ نَعْلَمُ قِتَالًا لَّاتَّبَعْنٰكُمْ ؕ— هُمْ لِلْكُفْرِ یَوْمَىِٕذٍ اَقْرَبُ مِنْهُمْ لِلْاِیْمَانِ ۚ— یَقُوْلُوْنَ بِاَفْوَاهِهِمْ مَّا لَیْسَ فِیْ قُلُوْبِهِمْ ؕ— وَاللّٰهُ اَعْلَمُ بِمَا یَكْتُمُوْنَ ۟ۚ
තවද කුහකයින් (කවුරුන් දැ? යි) ඔහු හඳුන්වා දෙනු පිණිස ය. නුඹලා පැමිණ අල්ලාහ්ගේ මාර්ගයේ සටන් කරනු නැතිනම් මැඩපවත්වනු යැයි ඔවුනට පවසනු ලැබූ විට අප (මෙය) යුද්ධයක් ම යැයි දන්නේ නම් අපි ද නුඹලාව පිළිපදින්නෙමු යැයි පැවසූහ. ඔවුන් විශ්වාස කිරීමට වඩා ප්‍රතික්ෂේප කිරීමට ඉතා සමීපයෙන් එදින සිටිනු ඇත. ඔවුන්ගේ සිත් තුළ නොමැති දෑ ඔවුන්ගේ මුඛවලින් පවසති. තවද අල්ලාහ් ඔවුන් වසන් කරන දෑ පිළිබඳව මැනවින් දන්නා ය.
Ərəbcə təfsirlər:
اَلَّذِیْنَ قَالُوْا لِاِخْوَانِهِمْ وَقَعَدُوْا لَوْ اَطَاعُوْنَا مَا قُتِلُوْا ؕ— قُلْ فَادْرَءُوْا عَنْ اَنْفُسِكُمُ الْمَوْتَ اِنْ كُنْتُمْ صٰدِقِیْنَ ۟
(යුද්ධයට නො ගොස්) වාඩි වී සිටි ඔවුන්ගේ සහෝදරයින් හමුවෙහි මොවුහු "අපට අවනත වූයේ නම් ඝාතනය කරනු නො ලබන්නට තිබුණි" යැයි පැවසූහ. එසේ (පවසන) නුඹලා සත්‍යවාදීන්ව සිටියෙහු නම් "මරණය නුඹලාගෙන් වළක්වා ගනු" යැයි (නබිවරය!) නුඹ විමසනු.
Ərəbcə təfsirlər:
وَلَا تَحْسَبَنَّ الَّذِیْنَ قُتِلُوْا فِیْ سَبِیْلِ اللّٰهِ اَمْوَاتًا ؕ— بَلْ اَحْیَآءٌ عِنْدَ رَبِّهِمْ یُرْزَقُوْنَ ۟ۙ
අල්ලාහ්ගේ මාර්ගයේ ඝාතනය කරනු ලැබූවන් මිය ගියවුන් යැයි නුඹ නො සිතනු. ඔවුහු පෝෂණය කරනු ලබමින් ඔවුන්ගේ පරමාධිපති අබියස ජීවත්ව සිටින්නෝ ය.
Ərəbcə təfsirlər:
فَرِحِیْنَ بِمَاۤ اٰتٰىهُمُ اللّٰهُ مِنْ فَضْلِهٖ ۙ— وَیَسْتَبْشِرُوْنَ بِالَّذِیْنَ لَمْ یَلْحَقُوْا بِهِمْ مِّنْ خَلْفِهِمْ ۙ— اَلَّا خَوْفٌ عَلَیْهِمْ وَلَا هُمْ یَحْزَنُوْنَ ۟ۘ
අල්ලාහ් තම භාග්‍යයෙන් ඔවුනට පිරිනැමූ දෑ පිළිබඳ ව ඔවුහු සතුටුවෙමින් සිටිති. තවද තමන්ට පසු තමන් සමඟ (තවමත්) සෙන්දු නොවූවන් පිළිබඳ ව ඔවුනට කිසිදු බියක් නොමැත. තවද තමන් දුකට පත්වන්නන් ද නොවෙතැ යි ඔවුහු ප්‍රීතිමත් වෙති.
Ərəbcə təfsirlər:
یَسْتَبْشِرُوْنَ بِنِعْمَةٍ مِّنَ اللّٰهِ وَفَضْلٍ ۙ— وَّاَنَّ اللّٰهَ لَا یُضِیْعُ اَجْرَ الْمُؤْمِنِیْنَ ۟
අල්ලාහ්ගෙන් වූ සම්පත් හා භාග්‍යයන් පිළිබඳව ඔවුහු ප්‍රීතිමත් වෙති. තවද නියත වශයෙන් ම අල්ලාහ් විශ්වාස කළවුන්ගේ ප්‍රතිඵල නිෂ්ඵල නො කරන්නේ ය.
Ərəbcə təfsirlər:
اَلَّذِیْنَ اسْتَجَابُوْا لِلّٰهِ وَالرَّسُوْلِ مِنْ بَعْدِ مَاۤ اَصَابَهُمُ الْقَرْحُ ۛؕ— لِلَّذِیْنَ اَحْسَنُوْا مِنْهُمْ وَاتَّقَوْا اَجْرٌ عَظِیْمٌ ۟ۚ
ඔවුහු තමන්ට තුවාල ඇති වූ පසුව පවා අල්ලාහ්ට ද රසූල්වරයාට ද ප්‍රතිචාර දැක් වූ අය වෙති. ඔවුන් අතුරින් දැහැමි ලෙස කටයුතු කර බිය බැතිමත් වූවනට මහත් වූ ප්‍රතිඵල ඇත.
Ərəbcə təfsirlər:
اَلَّذِیْنَ قَالَ لَهُمُ النَّاسُ اِنَّ النَّاسَ قَدْ جَمَعُوْا لَكُمْ فَاخْشَوْهُمْ فَزَادَهُمْ اِیْمَانًا ۖۗ— وَّقَالُوْا حَسْبُنَا اللّٰهُ وَنِعْمَ الْوَكِیْلُ ۟
ඔවුහු වනාහි නියත වශයෙන් ම ජනයා නුඹලාට (එරෙහිව) එක් රැස්වී ඇත. එබැවින් නුඹලා ඔවුනට බිය වනු යැයි ජනයා ඔවුනට පැවසූහ. එවිට එය(එම ප්‍රකාශය) ඔවුනට විශ්වාසය වැඩි කළේ ය. තවද ඔවුහු අල්ලාහ් අපට ප්‍රමාණවත් ය. තවද භාරකරු වශයෙන් ඔහු යහපත් යැයි පැවසූහ.
Ərəbcə təfsirlər:
 
Mənaların tərcüməsi Surə: Ali-İmran
Surələrin mündəricatı Səhifənin rəqəmi
 
Qurani Kərimin mənaca tərcüməsi - Sinhal dilinə tərcümə - "Ruvvad" tərcümə mərkəzi. - Tərcumənin mündəricatı

Tərcümə "Ruvvad" tərcümə mərkəzi tərəfindən "Rəbva" dəvət cəmiyyəti və İslam məzmununun dillərə xidmət cəmiyyəti ilə birgə əməkdaşlığı ilə tərcümə edilmişdir.

Bağlamaq