Check out the new design

Qurani Kərimin mənaca tərcüməsi - Sinhal dilinə tərcümə - "Ruvvad" tərcümə mərkəzi. * - Tərcumənin mündəricatı

PDF XML CSV Excel API
Please review the Terms and Policies

Mənaların tərcüməsi Surə: Ali-İmran   Ayə:
رَبَّنَاۤ اٰمَنَّا بِمَاۤ اَنْزَلْتَ وَاتَّبَعْنَا الرَّسُوْلَ فَاكْتُبْنَا مَعَ الشّٰهِدِیْنَ ۟
‘අපගේ පරමාධිපතියාණනි! ඔබ පහළ කළ දෑ අපි විශ්වාස කළෙමු. රසූල්වරයාව ද අපි අනුගමනය කළෙමු. එබැවින් ඔබ අපව සාක්ෂිකරුවන් සමඟ සටහන් කර ගනු මැනව!’
Ərəbcə təfsirlər:
وَمَكَرُوْا وَمَكَرَ اللّٰهُ ؕ— وَاللّٰهُ خَیْرُ الْمٰكِرِیْنَ ۟۠
තවද ඔවුහු කුමන්ත්‍රණ කළෝ ය. අල්ලාහ් ද කුමන්ත්‍රණ කළේ ය. තවද අල්ලාහ් කුමන්ත්‍රණ කරන්නන්ගෙන් අති ශ්‍රේෂ්ඨයා ය.
Ərəbcə təfsirlər:
اِذْ قَالَ اللّٰهُ یٰعِیْسٰۤی اِنِّیْ مُتَوَفِّیْكَ وَرَافِعُكَ اِلَیَّ وَمُطَهِّرُكَ مِنَ الَّذِیْنَ كَفَرُوْا وَجَاعِلُ الَّذِیْنَ اتَّبَعُوْكَ فَوْقَ الَّذِیْنَ كَفَرُوْۤا اِلٰی یَوْمِ الْقِیٰمَةِ ۚ— ثُمَّ اِلَیَّ مَرْجِعُكُمْ فَاَحْكُمُ بَیْنَكُمْ فِیْمَا كُنْتُمْ فِیْهِ تَخْتَلِفُوْنَ ۟
‘අහෝ ඊසා! සැබැවින් ම මම නුඹව අත්පත් කර ගනිමි. නුඹව මා වෙතට ඔසවා ගනිමි. ප්‍රතික්ෂේප කළවුන්ගෙන් මම නුඹව පිවිතුරු කරමි. මළවුන් කෙරෙන් නැගිටුවනු ලබන දින දක්වා නුඹව
ප්‍රතික්ෂේප කළවුනට වඩා නුඹව පිළිපැද්දවුන්ව ඉහළින් තබමි. පසුව මා වෙතය නුඹලාගේ නැවත යොමු වන ස්ථානය ඇත්තේ. එවිට නුඹලා අතර නුඹලා කවර කරුණක මත භේද ඇති කර ගනිමින් සිටියෙහු ද ඒ ගැන තීන්දු දෙමි’ යැයි අල්ලාහ් පැවසූ අවස්ථාව සිහිපත් කරනු.
Ərəbcə təfsirlər:
فَاَمَّا الَّذِیْنَ كَفَرُوْا فَاُعَذِّبُهُمْ عَذَابًا شَدِیْدًا فِی الدُّنْیَا وَالْاٰخِرَةِ ؗ— وَمَا لَهُمْ مِّنْ نّٰصِرِیْنَ ۟
ප්‍රතික්ෂෙප කළවුන් වූ කලි, ඔවුනට මෙලොවෙහි හා මතු ලොවෙහි දැඩි දඬුවමකින් මම දඬුවම් කරමි. තවද ඔවුනට උදව්කරුවන්ගෙන් කිසිවෙක් නොමැත.
Ərəbcə təfsirlər:
وَاَمَّا الَّذِیْنَ اٰمَنُوْا وَعَمِلُوا الصّٰلِحٰتِ فَیُوَفِّیْهِمْ اُجُوْرَهُمْ ؕ— وَاللّٰهُ لَا یُحِبُّ الظّٰلِمِیْنَ ۟
විශ්වාස කොට යහකම් කළවුන් වූ කලි, ඔවුන්ගේ ප්‍රතිඵල ඔවුනට ඔහු පූර්ණව පිරිනමයි. එමෙන් ම අල්ලාහ් අපරාධකරුවන් ප්‍රිය නො කරයි.
Ərəbcə təfsirlər:
ذٰلِكَ نَتْلُوْهُ عَلَیْكَ مِنَ الْاٰیٰتِ وَالذِّكْرِ الْحَكِیْمِ ۟
එය, මෙම වදන් හා සියුම් ඥානාන්විත මෙනෙහි කිරීම තුළින් අපි නුඹට කියවා පෙන්වූ දෑ ය.
Ərəbcə təfsirlər:
اِنَّ مَثَلَ عِیْسٰی عِنْدَ اللّٰهِ كَمَثَلِ اٰدَمَ ؕ— خَلَقَهٗ مِنْ تُرَابٍ ثُمَّ قَالَ لَهٗ كُنْ فَیَكُوْنُ ۟
නියත වශයෙන් ම අල්ලාහ් ඉදිරියේ ඊසාගේ උපමාව ආදම්ගේ උපමාව මෙනි. ඔහුව ඔහු පසින් මවා පසුව ඔහුට “වනු” යැයි පැවසුවේ ය. එවිට ඔහු ඇති විය.
Ərəbcə təfsirlər:
اَلْحَقُّ مِنْ رَّبِّكَ فَلَا تَكُنْ مِّنَ الْمُمْتَرِیْنَ ۟
මෙම සත්‍යය නුඹගේ පරමාධිපතිගෙනි. එබැවින් නුඹ සැක කරන්නන් අතුරින් කෙනෙකු නො වනු.
Ərəbcə təfsirlər:
فَمَنْ حَآجَّكَ فِیْهِ مِنْ بَعْدِ مَا جَآءَكَ مِنَ الْعِلْمِ فَقُلْ تَعَالَوْا نَدْعُ اَبْنَآءَنَا وَاَبْنَآءَكُمْ وَنِسَآءَنَا وَنِسَآءَكُمْ وَاَنْفُسَنَا وَاَنْفُسَكُمْ ۫— ثُمَّ نَبْتَهِلْ فَنَجْعَلْ لَّعْنَتَ اللّٰهِ عَلَی الْكٰذِبِیْنَ ۟
නුඹ වෙත නිවැරදි දැනුම පැමිණි පසුව ඒ (ඊසා) සම්බන්ධයෙන් කවුරුන් හෝ නුඹ සමඟ වාද කළේ නම්, එවිට ඔවුනට නුඹ, “නුඹලා එනු. අපි අපගේ දරුවන් හා නුඹලාගේ දරුවන් ද අපගේ කාන්තාවන් හා නුඹලාගේ කාන්තාවන් ද අප හා නුඹලා ද කැඳවා පසුව අපි අල්ලාහ්ගේ ශාපය බොරු කාරයින් මත පත් කරමු” යැයි (නබිවරය) පවසනු.
Ərəbcə təfsirlər:
 
Mənaların tərcüməsi Surə: Ali-İmran
Surələrin mündəricatı Səhifənin rəqəmi
 
Qurani Kərimin mənaca tərcüməsi - Sinhal dilinə tərcümə - "Ruvvad" tərcümə mərkəzi. - Tərcumənin mündəricatı

Tərcümə "Ruvvad" tərcümə mərkəzi tərəfindən "Rəbva" dəvət cəmiyyəti və İslam məzmununun dillərə xidmət cəmiyyəti ilə birgə əməkdaşlığı ilə tərcümə edilmişdir.

Bağlamaq