Check out the new design

Translation of the Meanings of the Noble Qur'an - Sinhalese translation of Al-Mukhtsar in interpretation of the Noble Quran * - Translations’ Index


Translation of the meanings Ayah: (52) Surah: Al-Isrā’
یَوْمَ یَدْعُوْكُمْ فَتَسْتَجِیْبُوْنَ بِحَمْدِهٖ وَتَظُنُّوْنَ اِنْ لَّبِثْتُمْ اِلَّا قَلِیْلًا ۟۠
රැස් කරනු ලබන භූමිය වෙත නුඹලාට ඇරයුම් කරන දින අල්ලාහ් නුඹලාව යළි ගෙන්වා ගනු ඇත. ඔහුගේ නියෝගයට යටත්ව ඔහුට ප්රශංසා කරමින් නුඹලා පිළිතුරු දෙනු ඇත. නුඹලා ටික කලක් මිස භූමියේ රැඳී නොසිටි බව නුඹලා සිතනු ඇත.
Arabic explanations of the Qur’an:
Benefits of the verses in this page:
• القول الحسن داع لكل خلق جميل وعمل صالح، فإنَّ من ملك لسانه ملك جميع أمره.
•දැහැමි වචනය, අලංකාර සෑම ගතිගුණයක් හා දැහැමි ක්රියාවක් වෙතම ඇරයුම් කර සිටියි. සැබැවින්ම කවරෙකු තම දිව පාලනය කර ගත්තේ ද ඔහුගේ සියලු කටයුතු පාලනය කර ගන්නේය.

• فاضل الله بين الأنبياء بعضهم على بعض عن علم منه وحكمة.
•අල්ලාහ්ගේ දැනුම හා ප්රඥාව මත පදනම් ව නබිවරුන් අතර ඇතමෙක් ඇතමෙකුට වඩා ඔහු උසස් කර තිබීම.

• الله لا يريد بعباده إلا ما هو الخير، ولا يأمرهم إلا بما فيه مصلحتهم.
•අල්ලාහ් තම ගැත්තාට යහපත මිස වෙනකක් අපේක්ෂා නොකරයි. ඔවුනට එහි යහපත ඇති දෑ ගැන මිස වෙනකක් ඔවුනට අණ නොකරයි.

• علامة محبة الله أن يجتهد العبد في كل عمل يقربه إلى الله، وينافس في قربه بإخلاص الأعمال كلها لله والنصح فيها.
•අල්ලාහ් වෙත තමන් සමීප කරවන සෑම ක්රියාවකම ගැත්තෙකු කැපවීමෙන් නිරතවීමත් අල්ලාහ් වෙත සමීප වීම සඳහා ඔහු වෙනුවෙන් සිදු කරනු ලබන සියලු ක්රියාවන් හි අවංකභාවයෙන් හා ඒ සම්බන්ධයෙන් උපදෙස් දීමෙන් තරඟ වැදීමත් අල්ලාහ්ගේ ආදරයේ සංඛේතයකි.

 
Translation of the meanings Ayah: (52) Surah: Al-Isrā’
Surahs’ Index Page Number
 
Translation of the Meanings of the Noble Qur'an - Sinhalese translation of Al-Mukhtsar in interpretation of the Noble Quran - Translations’ Index

Issued by Tafsir Center for Quranic Studies

close