Check out the new design

Translation of the Meanings of the Noble Qur'an - Sinhalese translation of Al-Mukhtsar in interpretation of the Noble Quran * - Translations’ Index


Translation of the meanings Ayah: (187) Surah: Al-Baqarah
اُحِلَّ لَكُمْ لَیْلَةَ الصِّیَامِ الرَّفَثُ اِلٰی نِسَآىِٕكُمْ ؕ— هُنَّ لِبَاسٌ لَّكُمْ وَاَنْتُمْ لِبَاسٌ لَّهُنَّ ؕ— عَلِمَ اللّٰهُ اَنَّكُمْ كُنْتُمْ تَخْتَانُوْنَ اَنْفُسَكُمْ فَتَابَ عَلَیْكُمْ وَعَفَا عَنْكُمْ ۚ— فَالْـٰٔنَ بَاشِرُوْهُنَّ وَابْتَغُوْا مَا كَتَبَ اللّٰهُ لَكُمْ ۪— وَكُلُوْا وَاشْرَبُوْا حَتّٰی یَتَبَیَّنَ لَكُمُ الْخَیْطُ الْاَبْیَضُ مِنَ الْخَیْطِ الْاَسْوَدِ مِنَ الْفَجْرِ ۪— ثُمَّ اَتِمُّوا الصِّیَامَ اِلَی الَّیْلِ ۚ— وَلَا تُبَاشِرُوْهُنَّ وَاَنْتُمْ عٰكِفُوْنَ فِی الْمَسٰجِدِ ؕ— تِلْكَ حُدُوْدُ اللّٰهِ فَلَا تَقْرَبُوْهَا ؕ— كَذٰلِكَ یُبَیِّنُ اللّٰهُ اٰیٰتِهٖ لِلنَّاسِ لَعَلَّهُمْ یَتَّقُوْنَ ۟
මිනිසෙකු උපවාස රාත්රියේ නින්දට ගොස් අලුයම උදාවීමට පෙර අවදි වූ විට ආහාර අනුභව කිරීමත් තම බිරිය වෙත සමීප වීමත් තහනම් බව ආරම්භ කාල නීතියේ සඳහන් ව තිබිණ. පසුව අල්ලාහ් එය වෙනස් කළේය. අහෝ දෙවියන් විශ්වාස කරන්නනි, උපවාස කාල රාත්රියන්හි නුඹලාගේ බිරියන් සමග සංවාසයේ නිරත වීමට ඔහු අනුමැතිය දී ඇත. ඔවුන් නුඹලාට ආවරණයක් වෙයි. නුඹලා තැන්පත් කරවයි. නුඹලාද ඔවුනට ආවරණයක් වෙයි. නුඹලා ඔවුන් තැන්පත් කරවයි. නුඹලාගෙන් ඇතැමෙකු ඇතමෙකුගේ සහය නොමැති ව සිටිය නොහැක. නුඹලාට කවර කරුණක් ඔහු තහනම් කර ඇත්තේ ද එය සිදු කිරීම ගැන නුඹලා නුඹලාටම වංචා කරමින් සිටියෙහුය. ඒ පිළිබඳ අල්ලාහ් මැනවින් දන්නේය. ඔහු නුඹලාට කරුණාව දැක්වීය. නුඹලාට සමාව දුන්නේය. නුඹලාට සහනය දුන්නේය. එහෙයින් දැන් නුඹලා ඔවුන් සමග සංවාසයේ නිරත විය හැක. නුඹලා වෙනුවෙන් අල්ලාහ් නියම කර ඇති පරපුර එමගින් සොයනු. අලුයම පැහැදිලි ලෙස උදා වී රාත්රි අන්ධකාරය එයින් වෙන් වී ගිය බව නුඹලාට තහවුරු වන තෙක් රාත්රිය මුළුල්ලේම කෑමට බීමට නුඹලාට අවසරය ඇත. පසුව අලුයම උදාවේ සිට හිරු අවරට යන තෙක් උපවාසය බිඳෙන කරුණු වලින් වැළකී උපවාසය සම්පූර්ණ කරනු. ඉඃතිකාෆ් හෙවත් දේවස්ථාන වල රැදී සිටින විට නුඹලා බිරියන් සමග සංවාසයේ නිරත නොවනු. හේතුව එය උපවාසය අවලංගු කරයි. මෙහි සඳහන් නීති හලාල් හෙවත් අනුමත හා හරාම් හෙවත් තහනම් දෑ අතර පවතින අල්ලාහ්ගේ සීමාවන්ය. එහෙයින් කිසිවිටෙක එයට ළං නොවනු. කවරෙකු අල්ලාහ්ගේ සීමාවන් පිළිබඳ කුතුහලයෙන් පෙළෙන්නේද ඔහු හරාම් හෙවත් තහනමෙහි වැටෙනු ඇත. මෙම නීති පැහැදිලි ව විස්තරාත්මක ව වටහා දී තිබෙන්නාක් මෙන් අල්ලාහ් අණ කළ දේ සිදු කොට තහනම් දෑ අතහැර දමා ඔහු ගැන මතකයෙන් ජීවත්වන්නට හැකි වන පරිදි ඔහුගේ වදන් ඔහු ජනයාට පැහැදිලි කර සිටියි.
Arabic explanations of the Qur’an:
Benefits of the verses in this page:
• مشروعية الاعتكاف، وهو لزوم المسجد للعبادة؛ ولهذا يُنهى عن كل ما يعارض مقصود الاعتكاف، ومنه مباشرة المرأة.
•‘ඉඃතිකාෆ්’ ආගමානුගත කොට තිබීම. එනම් මස්ජිදයේ රැදී සිට ධ්යානයේ යෙදීමයි. එහිදී ඉඃතිකාෆයෙන් බලාපොරොත්තු වන දෑට බාධා පමුණුවන සියලු දැයින් වැළකී සිටිය යුතු වේ. බිරිය සමග සංවාසයේ යෙදීමත් ඉන් එකකි.

• النهي عن أكل أموال الناس بالباطل، وتحريم كل الوسائل والأساليب التي تقود لذلك، ومنها الرشوة.
•ජනයාගේ වස්තුව අයුතු ලෙස භුක්ති විදීමේ තහනම ඒ සඳහා උර දෙන සියලු කාරණා හා මාධ්යයන් තහනම් කොට ඇත. අල්ලසද ඉන් එකකි.

• تحريم الاعتداء والنهي عنه؛ لأن هذا الدين قائم على العدل والإحسان.
•ආගමික කටයුතු වලදී සීමාව ඉක්මවා යෑමේ තහනම හා ඉන් වැළැක්වීම ඊට හේතුව මෙම දහම යුක්තිය හා යහපත මත පදනම් වූවක් බැවිනි.

 
Translation of the meanings Ayah: (187) Surah: Al-Baqarah
Surahs’ Index Page Number
 
Translation of the Meanings of the Noble Qur'an - Sinhalese translation of Al-Mukhtsar in interpretation of the Noble Quran - Translations’ Index

Issued by Tafsir Center for Quranic Studies

close