Check out the new design

Translation of the Meanings of the Noble Qur'an - Sinhalese translation of Al-Mukhtsar in interpretation of the Noble Quran * - Translations’ Index


Translation of the meanings Ayah: (157) Surah: An-Nisā’
وَّقَوْلِهِمْ اِنَّا قَتَلْنَا الْمَسِیْحَ عِیْسَی ابْنَ مَرْیَمَ رَسُوْلَ اللّٰهِ ۚ— وَمَا قَتَلُوْهُ وَمَا صَلَبُوْهُ وَلٰكِنْ شُبِّهَ لَهُمْ ؕ— وَاِنَّ الَّذِیْنَ اخْتَلَفُوْا فِیْهِ لَفِیْ شَكٍّ مِّنْهُ ؕ— مَا لَهُمْ بِهٖ مِنْ عِلْمٍ اِلَّا اتِّبَاعَ الظَّنِّ ۚ— وَمَا قَتَلُوْهُ یَقِیْنًا ۟ۙ
සැබැවින්ම මර්යම්ගේ පුත් අල්ලාහ්ගේ දූත ඊසා ව අපි මරා දැමුවෙමු'' යැයි අභූත චෝදනා නගමින් අහංකාරයෙන් යුතු ව ඔවුන් ඉදිරිපත් කළ ඔවුන්ගේ ප්රකාශය හේතුවෙන් අපි ඔවුනට ශාප කළෙමු. ඔවුන් පවසන පරිදි ඔවුන් ඔහු ව ඝාතනය කළේ නැත. කුරුසියේ දමා ඇණ ගැසුවේද නැත. ඔවුන් ඝාතනය කළේ ඊසාට සමාන හැඬරුවක් අල්ලාහ් විසින් පිරිනමා තිබූ පුද්ගලයෙකි. කුරුසියේ දමා ඇණ ගැසුවේද ඔහුවය. නමුත් ඝාතනය කරනු ලැබූ පුද්ගලයා ඊසා (අලය්හිස් සලාම්) යැයි ඔවුහු අනුමාන කරති. තමන් ඔහු ව ඝාතනය කළ බවට වාද කරන යුදෙව්වන් හා ඔහුට අවනත වූ කිතුනුවන් යන දෙදෙනාම ඔහු විෂයෙහි සැකයෙහි පසු වෙති. ඒ ගැන දැනුමක් ඔවුනට නැත. ඔවුන් අනුගමනය කරනුයේ අනුමානයයි. අනුමානය කිසිදු සත්යයකට ඵල නොදෙනු ඇත. ඔවුහු ඊසාව ඝාතනය කළේ නැත. කුරුසියේ ඇණ ගසා එල්ලුවේද නැත.
Arabic explanations of the Qur’an:
Benefits of the verses in this page:
• عاقبة الكفر الختم على القلوب، والختم عليها سبب لحرمانها من الفهم.
දේවත්වය ප්රතික්ෂේප කිරීමේ දඬුවම හදවත් මත මුද්රාව වැටීමයි. හදවත් මත මුද්රා වැටීම වටහා ගැනීම තහනම් කරනු ලබන්නට හේතුවකි.

• بيان عداوة اليهود لنبي الله عيسى عليه السلام، حتى إنهم وصلوا لمرحلة محاولة قتله.
අල්ලාහ්ගේ නබි ඊසා (අලය්හිස් සලාම්) තුමා කෙරෙහි වූ යුදෙව්වන්ගේ සතුරුකම විස්තර කිරීම, එය එතුමාණන් මරා දැමීමේ මට්ටමටම ඔවුන් ගෙන යන ලදී.

• بيان جهل النصارى وحيرتهم في مسألة الصلب، وتعاملهم فيها بالظنون الفاسدة.
කිතුනුවන්ගේ අධමකම, කුරුසියේ ඇණ ගැසීමේ ප්රශ්නයෙහි ඔවුනට පැන නැගුණු කුතුහලය විස්තර කිරීම හා එහිදී නොමනා සිතුවිලිවලින් ඔවුන් කළ ගනුදෙනුව.

• بيان فضل العلم، فإن من أهل الكتاب من هو متمكن في العلم حتى أدى به تمكنه هذا للإيمان بالنبي محمد صلى الله عليه وسلم.
දැනුමේ මහිමය විස්තර කිරීම. නබි මුහම්මද් (සල්ලල්ලාහු අලය්හි වසල්ලම්) තුමාණන් පිළිබඳ විශ්වාස කිරීමට තරම් පුළුල් දැනුමක් ඇති විද්වතුන් ආගම් ලත් ජනයා අතර සිටියහ.

 
Translation of the meanings Ayah: (157) Surah: An-Nisā’
Surahs’ Index Page Number
 
Translation of the Meanings of the Noble Qur'an - Sinhalese translation of Al-Mukhtsar in interpretation of the Noble Quran - Translations’ Index

Issued by Tafsir Center for Quranic Studies

close