Check out the new design

Translation of the Meanings of the Noble Qur'an - Sinhalese translation of Al-Mukhtsar in interpretation of the Noble Quran * - Translations’ Index


Translation of the meanings Ayah: (67) Surah: Al-Mā’idah
یٰۤاَیُّهَا الرَّسُوْلُ بَلِّغْ مَاۤ اُنْزِلَ اِلَیْكَ مِنْ رَّبِّكَ ؕ— وَاِنْ لَّمْ تَفْعَلْ فَمَا بَلَّغْتَ رِسَالَتَهٗ ؕ— وَاللّٰهُ یَعْصِمُكَ مِنَ النَّاسِ ؕ— اِنَّ اللّٰهَ لَا یَهْدِی الْقَوْمَ الْكٰفِرِیْنَ ۟
අහෝ දූතය! ඔබේ පරමාධිපතිගෙන් ඔබ වෙත පහළ කරන ලද දෑ සම්පූර්ණ වශයෙන් දන්වා සිටින්න. ඉන් කිසිවක් වසන් නොකරන්න. ඉන් කිසිවක් ඔබ වසන් කළෙහි නම් ඔබේ පරමාධිපතිගේ දූත පණිවිඩය දන්වා සිටින්නෙකු නොවනු ඇත. (සැබැවින්ම අල්ලාහ්ගේ දූතයාණන් -සල්ලල්ලාහු අලය්හි වසල්ලම්- ජනයාට දන්වා සිටින මෙන් අණ කරනු ලැබූ සියල්ල දන්වා සිටියහ. කවරෙකු හෝ එයට හාත්පසින් වෙනස් අදහසක් දරන්නේ නම් සැබැවින්ම ඔහු අල්ලාහ් මත මහත් අවලාදයක් නැගුවේය.) අදින් පසු අල්ලාහ් ඔබ ජනයාගෙන් ආරක්ෂා කරනු ඇත. ඔබ වෙත නපුරක් ගෙන එන්නට ඔවුහු ශක්තිය නොදරනු ඇත. දන්වා සිටීම මිස වෙනකක් ඔබ වෙත පැවරෙන්නේ නැත. යහමග අපේක්ෂා නොකරන දේව ප්රතික්ෂේපකයින්හට ඍජු මග ලබන්නට අල්ලාහ් ආශිර්වාද නොකරයි.
Arabic explanations of the Qur’an:
Benefits of the verses in this page:
• العمل بما أنزل الله تعالى سبب لتكفير السيئات ودخول الجنة وسعة الأرزاق.
•ඇතැම් යුදෙව් පිරිස් අතර ගැටුම් මතභේද හා සතුරුකම් පැවතීමෙන් පෙන්වා දෙනුයේ ඔවුන්ගේ ප්රතික්ෂේපභාවය හා සත්යයෙන් ඉවතට යොමු වීමේ ප්රතිඵලයයි.

• توجيه الدعاة إلى أن التبليغ المُعتَدَّ به والمُبْرِئ للذمة هو ما كان كاملًا غير منقوص، وفي ضوء ما ورد به الوحي.
•ප්රචාරය කළ යුතු දෑ ප්රචාරය කිරීම හා වගකීමෙන් නිදොස් වීම සඳහා ප්රචාරක කටයුතු කරන්නන්හට කරන මග පෙන්වීම. එය ඒ සම්බන්ධයෙන් කවර පණිවිඩයක් පැමිණ ඇත්තේද ඒ ආලෝකයෙහි කිසිදු අඩුවක් නොමැති ව පූර්ණ ව පිහිටන්නකි.

• لا يُعْتد بأي معتقد ما لم يُقِمْ صاحبه دليلًا على أنه من عند الله تعالى.
•සැබැවින්ම එය සර්ව බලධාරි දෙවියන්ගෙන් බව එයට අදාළ පුද්ගලයා සාක්ෂි දරන්නේ නම් මිස කිසිදු විශ්වාසයක් ගණන් ගත නොහැක.

 
Translation of the meanings Ayah: (67) Surah: Al-Mā’idah
Surahs’ Index Page Number
 
Translation of the Meanings of the Noble Qur'an - Sinhalese translation of Al-Mukhtsar in interpretation of the Noble Quran - Translations’ Index

Issued by Tafsir Center for Quranic Studies

close