Translation of the Meanings of the Noble Qur'an - الترجمة السنهالية للمختصر في تفسير القرآن الكريم * - Translations’ Index


Translation of the meanings Ayah: (96) Surah: Al-A‘rāf
وَلَوْ اَنَّ اَهْلَ الْقُرٰۤی اٰمَنُوْا وَاتَّقَوْا لَفَتَحْنَا عَلَیْهِمْ بَرَكٰتٍ مِّنَ السَّمَآءِ وَالْاَرْضِ وَلٰكِنْ كَذَّبُوْا فَاَخَذْنٰهُمْ بِمَا كَانُوْا یَكْسِبُوْنَ ۟
අපි කවර ප්රදේශයකට අපගේ රසූල්වරුන් එව්වෙමු ද, එම ප්රදේශවාසීහු ඔවුන්ගේ රසූල්වරුන් ඔවුන් වෙත ගෙන ආ දෑ සැබෑවක් ලෙස විශ්වාස කොට, දේව ප්රතික්ෂේපය හා පාපකම් සිදු කිරීම අතහැර දමා, ඔහුගේ නියෝග පිළිපදිමින් ඔවුන්ගේ පරමාධිපතිට බැතියෙන් කටයුතු කර ඇත්නම්, සැබැවින්ම අපි ඔවුන් සඳහා සෑම පැතිකඩකින්ම යහපතේ දොරටු විවෘත කරන්නට තිබුණි. නමුත් ඔවුන් එය සැබෑ නොකළෝය. ඔවුන් බැතිමත් ව කටයුතු නොකළෝය. ඒ වෙනුවට ඔවුන්ගේ දහම් දූතවරුන් ඔවුන් වෙත ගෙන ආ දෑ බොරු කළෝය. ඔවුන් එසේ උපයමින් සිටි පාපකම් හා අකුසල් හේතුවෙන් නොසිතූ දඬුවමකින් අපි ඔවුන් ග්රහණය කළෙමු.
Arabic explanations of the Qur’an:
Benefits of the verses in this page:
• الإيمان والعمل الصالح سبب لإفاضة الخيرات والبركات من السماء والأرض على الأمة.
දේව විශ්වාසය හා දැහැමි ක්රියාව අහසින් හා මහ පොළොවෙන් අභිවෘද්ධිය හා යහපත ජනයා හට ගලා ඒමට හේතු වන්නේය.

• الصلة وثيقة بين سعة الرزق والتقوى، وإنْ أنعم الله على الكافرين فإن هذا استدراج لهم ومكر بهم.
ඥාතී සම්බන්ධකම් වනාහි, එය පෝෂණ සම්පත් හා බැතිමත්කම අතර ස්ථාවරත්වය ඇති කරන්නකි. දේව ප්රතික්ෂේපකයින්හට අල්ලාහ් සැප සම්පත් පිරිනමා ඇත්නම්, සැබැවින් එය ඔවුන්, පියවරෙන් පියවර ග්රහණය කර ගැනීමක් මෙන්ම ඔවුන් මුළා කරන උපාය මාර්ගයකි.

• على العبد ألا يأمن من عذاب الله المفاجئ الذي قد يأتي في أية ساعة من ليل أو نهار.
රාත්රියේ හෝ දහවලේ කවර හෝරාවක හෝ ක්ෂණික ව පැමිණෙන අල්ලාහ්ගේ දඬුවම පිළිබඳ අභයදායී ව නොසිටීම ගැත්තාගේ යුතුකමයි.

• يقص القرآن أخبار الأمم السابقة من أجل تثبيت المؤمنين وتحذير الكافرين.
දෙවියන් විශ්වාස කරන්නන් ස්ථාවර කිරීම පිණිසත් දෙවියන් ප්රතික්ෂේප කරන්නන් හට අවවාද කරනු පිණිසත් පෙර සිටි සමූහයන් පිළිබඳ තොරතුරු අල් කුර්ආනය විස්තර කර සිටියි.

 
Translation of the meanings Ayah: (96) Surah: Al-A‘rāf
Surahs’ Index Page Number
 
Translation of the Meanings of the Noble Qur'an - الترجمة السنهالية للمختصر في تفسير القرآن الكريم - Translations’ Index

الترجمة السنهالية للمختصر في تفسير القرآن الكريم، صادر عن مركز تفسير للدراسات القرآنية.

close