Check out the new design

Traducción de los significados del Sagrado Corán - Traducción al cingalés - Centro de Rowad Al- Taryamah * - Índice de traducciones

PDF XML CSV Excel API
Please review the Terms and Policies

Traducción de significados Capítulo: Luqman   Versículo:

ලුක්මාන්

الٓمّٓ ۟ۚ
අලිෆ්, ලාම්, මීම්.
Las Exégesis Árabes:
تِلْكَ اٰیٰتُ الْكِتٰبِ الْحَكِیْمِ ۟ۙ
ඒවා ප්‍රඥාවෙන් සපිරුණු ධර්ම ග්‍රන්ථයේ වදන් ය.
Las Exégesis Árabes:
هُدًی وَّرَحْمَةً لِّلْمُحْسِنِیْنَ ۟ۙ
එය දැහැමියන්ට මගපෙන්වීමක් හා ආශිර්වාදයකි.
Las Exégesis Árabes:
الَّذِیْنَ یُقِیْمُوْنَ الصَّلٰوةَ وَیُؤْتُوْنَ الزَّكٰوةَ وَهُمْ بِالْاٰخِرَةِ هُمْ یُوْقِنُوْنَ ۟ؕ
ඔවුහු වනාහි සලාතය විධිමත්ව ඉටු කරති. තවද zසකාත් ද පිරිනමති. තවද ඔවුහු මතු ලොව පිළිබඳව තරයේම විශ්වාස කරන්නෝ වෙති.
Las Exégesis Árabes:
اُولٰٓىِٕكَ عَلٰی هُدًی مِّنْ رَّبِّهِمْ وَاُولٰٓىِٕكَ هُمُ الْمُفْلِحُوْنَ ۟
ඔවුහු ඔවුන්ගේ පරමාධිපතිගේ මග පෙන්වීම මත වෙති. තවද ඔවුහු මය ජයග්‍රාහකයෝ.
Las Exégesis Árabes:
وَمِنَ النَّاسِ مَنْ یَّشْتَرِیْ لَهْوَ الْحَدِیْثِ لِیُضِلَّ عَنْ سَبِیْلِ اللّٰهِ بِغَیْرِ عِلْمٍ ۖۗ— وَّیَتَّخِذَهَا هُزُوًا ؕ— اُولٰٓىِٕكَ لَهُمْ عَذَابٌ مُّهِیْنٌ ۟
තවද ජනයා අතරින් කිසිදු දැනුමකින් තොරව අල්ලාහ්ගේ මාර්ගයෙන් මුළා කරනු වස් පුහු වදන් මිලට ගෙන ඒවා විහිළුවක් බවට ගන්නා අය ද වෙති. තමන්හට නින්දා සහගත දඬුවමක් ඇත්තෝ ඔවුහු ම ය.
Las Exégesis Árabes:
وَاِذَا تُتْلٰی عَلَیْهِ اٰیٰتُنَا وَلّٰی مُسْتَكْبِرًا كَاَنْ لَّمْ یَسْمَعْهَا كَاَنَّ فِیْۤ اُذُنَیْهِ وَقْرًا ۚ— فَبَشِّرْهُ بِعَذَابٍ اَلِیْمٍ ۟
තවද ඔහු වෙත අපගේ වදන් පාරායනා කර පෙන්වනු ලබන අවස්ථාවේ තම දෙකන්හි බිහිරි බව ඇත්තාක් මෙන් තමන්ට එය නො ඇසුණාක් මෙන් අහංකාරයකු සේ හැරී ගියේ ය. එහෙයින් වේදනීය දඬුවම ගැන ඔහුට ශුභාරංචි දන්වනු.
Las Exégesis Árabes:
اِنَّ الَّذِیْنَ اٰمَنُوْا وَعَمِلُوا الصّٰلِحٰتِ لَهُمْ جَنّٰتُ النَّعِیْمِ ۟ۙ
නියත වශයෙන් ම දේවත්වය විශ්වාස කොට යහකම් කළවුන් වනාහි ඔවුනට සුව පහසුකම් සහිත (ස්වර්ග) උයන් ඇත.
Las Exégesis Árabes:
خٰلِدِیْنَ فِیْهَا ؕ— وَعْدَ اللّٰهِ حَقًّا ؕ— وَهُوَ الْعَزِیْزُ الْحَكِیْمُ ۟
ඔවුන් එහි සදාතනිකයින් ය. තවද (මෙය) අල්ලාහ්ගෙන් සැබෑ ප්‍රතිඥාවක් ලෙසිනි. තවද ඔහු සර්ව බලධාරී ය; මහා ප්‍රඥාවන්ත ය.
Las Exégesis Árabes:
خَلَقَ السَّمٰوٰتِ بِغَیْرِ عَمَدٍ تَرَوْنَهَا وَاَلْقٰی فِی الْاَرْضِ رَوَاسِیَ اَنْ تَمِیْدَ بِكُمْ وَبَثَّ فِیْهَا مِنْ كُلِّ دَآبَّةٍ ؕ— وَاَنْزَلْنَا مِنَ السَّمَآءِ مَآءً فَاَنْۢبَتْنَا فِیْهَا مِنْ كُلِّ زَوْجٍ كَرِیْمٍ ۟
නුඹලා එය දකින අයුරින් කිසිදු කුලුණකින් තොරව අහස් ඔහු මැව්වේ ය. තවද (භූමිය) නුඹලා සමඟ නො සැළී සිටීම පිණිස මහපොළොවේ ඔහු කඳු ඇති කළේ ය. තවද එහි සෑම ජීවියකුම ව්‍යාප්ත කළේ ය. තවද අපි අහසින් ජලය පහළ කොට එහි යහපත් සෑම ජෝඩුවකින් ම පැළෑටි හටගැන්වූයෙමු.
Las Exégesis Árabes:
هٰذَا خَلْقُ اللّٰهِ فَاَرُوْنِیْ مَاذَا خَلَقَ الَّذِیْنَ مِنْ دُوْنِهٖ ؕ— بَلِ الظّٰلِمُوْنَ فِیْ ضَلٰلٍ مُّبِیْنٍ ۟۠
මෙය අල්ලාහ්ගේ මැවීම ය. එහෙයින් ඔහුගෙන් තොරවූවන් මැව්වේ කුමක් ද? යන්න ඔබ මට පෙන්වනු. එහෙත් අපරාධකරුවෝ පැහැදිලි මුළාවෙහි ය.
Las Exégesis Árabes:
 
Traducción de significados Capítulo: Luqman
Índice de Capítulos Número de página
 
Traducción de los significados del Sagrado Corán - Traducción al cingalés - Centro de Rowad Al- Taryamah - Índice de traducciones

Traducida por el equipo del Centro Rowad At-Taryamah en cooperación con la Asociación de Dawah en Rabwa y la Asociación para el Servicio del Contenido Islámico en Idiomas.

Cerrar