Check out the new design

Traducción de los significados del Sagrado Corán - Traducción al cingalés - Centro de Rowad Al- Taryamah * - Índice de traducciones

PDF XML CSV Excel API
Please review the Terms and Policies

Traducción de significados Capítulo: Al-Nisaa   Versículo:
وَاِذَا كُنْتَ فِیْهِمْ فَاَقَمْتَ لَهُمُ الصَّلٰوةَ فَلْتَقُمْ طَآىِٕفَةٌ مِّنْهُمْ مَّعَكَ وَلْیَاْخُذُوْۤا اَسْلِحَتَهُمْ ۫— فَاِذَا سَجَدُوْا فَلْیَكُوْنُوْا مِنْ وَّرَآىِٕكُمْ ۪— وَلْتَاْتِ طَآىِٕفَةٌ اُخْرٰی لَمْ یُصَلُّوْا فَلْیُصَلُّوْا مَعَكَ وَلْیَاْخُذُوْا حِذْرَهُمْ وَاَسْلِحَتَهُمْ ۚ— وَدَّ الَّذِیْنَ كَفَرُوْا لَوْ تَغْفُلُوْنَ عَنْ اَسْلِحَتِكُمْ وَاَمْتِعَتِكُمْ فَیَمِیْلُوْنَ عَلَیْكُمْ مَّیْلَةً وَّاحِدَةً ؕ— وَلَا جُنَاحَ عَلَیْكُمْ اِنْ كَانَ بِكُمْ اَذًی مِّنْ مَّطَرٍ اَوْ كُنْتُمْ مَّرْضٰۤی اَنْ تَضَعُوْۤا اَسْلِحَتَكُمْ ۚ— وَخُذُوْا حِذْرَكُمْ ؕ— اِنَّ اللّٰهَ اَعَدَّ لِلْكٰفِرِیْنَ عَذَابًا مُّهِیْنًا ۟
(නබිවරය! යුධ අවස්ථාවක) නුඹ ඔවුන් අතර වී ඔවුනට සලාතය මෙහෙය වන්නෙහි නම් ඔවුන්ගෙන් පිරිසක් නුඹ සමඟ (සලාතය) ඉටු කළ යුතු ය. ඔවුන් ඔවුන්ගේ ආයුධ (අතට) ගත යුතු ය. ඔවුහු සුජූද් කළ විට නුඹලාට පිටුපසින් ඔවුන් විය යුතු ය. සලාතය ඉටු නො කළ අනෙක් පිරිස (එහි) පැමිණිය යුතු ය. නුඹ සමඟ ඔවුන් ද සලාතය ඉටු කළ යුතු ය. ඔවුන්ගේ ආරක්ෂාව හා ඔවුන්ගේ ආයුධ ඔවුන් ගත යුතු ය. දේවත්වය ප්‍රතික්ෂේප කළවුන් නුඹලාගේ ආයුධ හා නුඹලාගේ මෙවලම් පිළිබඳ නුඹලා අනවධානීව සිටියේ නම් එවිට ඔවුහු නුඹලා වෙත එකවර යොමු වී කඩා පනින්නට ප්‍රිය කරති. වර්ෂාවෙන් ඇති වන බාධාවක් නිසා හෝ නුඹලා රෝගීන්ව සිටියේ නම් හෝ නුඹලාගේ ආයුධ බිම තැබීම නුඹලා කෙරෙහි වරදක් නොමැත. එහෙත් නුඹලාගේ ආරක්ෂාව ගැන නුඹලා (වග බලා) ගත යුතු ය. සැබැවින් ම අල්ලාහ් දේවත්වය ප්‍රතික්ෂේප කළවුනට නින්දනීය දඬුවමක් සූදානම් කොට ඇත.
Las Exégesis Árabes:
فَاِذَا قَضَیْتُمُ الصَّلٰوةَ فَاذْكُرُوا اللّٰهَ قِیٰمًا وَّقُعُوْدًا وَّعَلٰی جُنُوْبِكُمْ ۚ— فَاِذَا اطْمَاْنَنْتُمْ فَاَقِیْمُوا الصَّلٰوةَ ۚ— اِنَّ الصَّلٰوةَ كَانَتْ عَلَی الْمُؤْمِنِیْنَ كِتٰبًا مَّوْقُوْتًا ۟
නුඹලා සලාතය ඉටු කළේ නම් පසුව නුඹලා සිට ගනිමින් ද, වාඩිවෙමින් ද, නුඹලාගේ ඇලපත් මත(ට ඇල) වෙමින් ද අල්ලාහ්ව මෙනෙහි කරනු. නුඹලා සැනසුනමට පත් වූයෙහු නම් දැන් නුඹලා සලාතය (පූර්ණ ව) ඉටු කරනු. සැබැවින් ම සලාතය දේව විශ්වාසවන්තයින් කෙරෙහි කාල නියමයක් වශයෙන් නියම කරනු ලැබූවකි.
Las Exégesis Árabes:
وَلَا تَهِنُوْا فِی ابْتِغَآءِ الْقَوْمِ ؕ— اِنْ تَكُوْنُوْا تَاْلَمُوْنَ فَاِنَّهُمْ یَاْلَمُوْنَ كَمَا تَاْلَمُوْنَ ۚ— وَتَرْجُوْنَ مِنَ اللّٰهِ مَا لَا یَرْجُوْنَ ؕ— وَكَانَ اللّٰهُ عَلِیْمًا حَكِیْمًا ۟۠
එම (සතුරු) පිරිස සොයා යාමෙහි නුඹලා පසු නො බසිනු. නුඹලා වේදනාවට පත් වුව ද එසේ නුඹලා වේදනාවට පත්වනවාක් මෙන් ම ඔවුන් ද වේදනාවට පත් වනු ඇත. එමෙන් ම ඔවුන් අපේක්ෂා නො කරන දෙයක් නුඹලා අල්ලාහ්ගෙන් අපේක්ෂා කරන්නෙහු ය. තවද අල්ලාහ් සර්වඥානී ය; සර්ව ප්‍රඥාවන්ත ය.
Las Exégesis Árabes:
اِنَّاۤ اَنْزَلْنَاۤ اِلَیْكَ الْكِتٰبَ بِالْحَقِّ لِتَحْكُمَ بَیْنَ النَّاسِ بِمَاۤ اَرٰىكَ اللّٰهُ ؕ— وَلَا تَكُنْ لِّلْخَآىِٕنِیْنَ خَصِیْمًا ۟ۙ
(නබිවරය!) අල්ලාහ් නුඹට පෙන්වා දුන් දෑ තුළින් ජනයා අතර නුඹ තීන්දු ලබා දීම පිණිස සැබැවින් ම සත්‍යයයෙන් යුතුව අපි නුඹ වෙත අල් කුර්ආනය පහළ කළෙමු. තවද වංචනිකයින් වෙනුවෙන් වාද කරන්නෙකු නො වනු.
Las Exégesis Árabes:
 
Traducción de significados Capítulo: Al-Nisaa
Índice de Capítulos Número de página
 
Traducción de los significados del Sagrado Corán - Traducción al cingalés - Centro de Rowad Al- Taryamah - Índice de traducciones

Traducida por el equipo del Centro Rowad At-Taryamah en cooperación con la Asociación de Dawah en Rabwa y la Asociación para el Servicio del Contenido Islámico en Idiomas.

Cerrar