Check out the new design

Traducción de los significados del Sagrado Corán - Traducción al cingalés - Centro de Rowad Al- Taryamah * - Índice de traducciones

PDF XML CSV Excel API
Please review the Terms and Policies

Traducción de significados Capítulo: Al-An'aam   Versículo:
ذٰلِكُمُ اللّٰهُ رَبُّكُمْ ۚ— لَاۤ اِلٰهَ اِلَّا هُوَ ۚ— خَالِقُ كُلِّ شَیْءٍ فَاعْبُدُوْهُ ۚ— وَهُوَ عَلٰی كُلِّ شَیْءٍ وَّكِیْلٌ ۟
ඔහුය නුඹලාගේ පරමාධිපති වන අල්ලාහ්. ඔහු හැර නැමදුම් ලබන්නට කිසිවකු නොමැත. සියලු දෑහි මැවුම්කරු ය. එබැවින් නුඹලා ඔහුට වන්දනාමාන කරනු. තවද සියලු දෑහි භාරකරු වන්නේද ඔහු ය.
Las Exégesis Árabes:
لَا تُدْرِكُهُ الْاَبْصَارُ ؗ— وَهُوَ یُدْرِكُ الْاَبْصَارَ ۚ— وَهُوَ اللَّطِیْفُ الْخَبِیْرُ ۟
සියළු දෘෂ්ඨීන් ඔහුව ග්‍රහණය නො කරයි. එහෙත් ඔහු සියලු දෘෂ්ඨීන් ග්‍රහණය කරයි. තවද ඔහු සියුම් ඥානී ය; සර්ව ප්‍රඥාවන්ත ය.
Las Exégesis Árabes:
قَدْ جَآءَكُمْ بَصَآىِٕرُ مِنْ رَّبِّكُمْ ۚ— فَمَنْ اَبْصَرَ فَلِنَفْسِهٖ ۚ— وَمَنْ عَمِیَ فَعَلَیْهَا ؕ— وَمَاۤ اَنَا عَلَیْكُمْ بِحَفِیْظٍ ۟
නුඹලාගේ පරමාධිපතිගෙන් පැහැදිලි සාධක නුඹලා වෙත පැමිණ ඇත. එබැවින් කවරෙකු එය (අධීක්ෂණය කොට) බලන්නේද එය ඔහුට ම ය. එහෙත් කවරෙකු (ඒ ගැන) අන්ධයකු මෙන් කටයුතු කරන්නේ ද එය ඔහුට ම එරෙහිව ය. තවද මම නුඹලාගේ ආරක්ෂකයා නො වෙමි. (යැයි නබිවරය! පවසනු.)
Las Exégesis Árabes:
وَكَذٰلِكَ نُصَرِّفُ الْاٰیٰتِ وَلِیَقُوْلُوْا دَرَسْتَ وَلِنُبَیِّنَهٗ لِقَوْمٍ یَّعْلَمُوْنَ ۟
(නබිවරය! දේව ධර්මය දෙනු ලැබූ අයගෙන්) නුඹ හැදෑරුවෙහි යැයි ඔවුහු පැවසිය හැකි නිසා හා එය වටහා ගන්නා ජනයාට අප පැහැදිලි කර දෙනු පිණිස මෙම සාධක අපි විවිධ අයුරින් මෙලෙස විස්තර කරන්නෙමු.
Las Exégesis Árabes:
اِتَّبِعْ مَاۤ اُوْحِیَ اِلَیْكَ مِنْ رَّبِّكَ ۚ— لَاۤ اِلٰهَ اِلَّا هُوَ ۚ— وَاَعْرِضْ عَنِ الْمُشْرِكِیْنَ ۟
නුඹගේ පරමාධිපතිගෙන් නුඹ වෙත දිව්‍ය පණිවිඩ වශයෙන් දෙනු ලැබූ දෑ නුඹ පිළිපදිනු. ඔහු හැර නැමදුම් ලබන කිසිවකු නොමැත. තවද දේවත්වය ආදේශ කරන්නන් හෙළා දකිනු.
Las Exégesis Árabes:
وَلَوْ شَآءَ اللّٰهُ مَاۤ اَشْرَكُوْا ؕ— وَمَا جَعَلْنٰكَ عَلَیْهِمْ حَفِیْظًا ۚ— وَمَاۤ اَنْتَ عَلَیْهِمْ بِوَكِیْلٍ ۟
අල්ලාහ් සිතුවේ නම් ඔවුහු ආදේශ නො කරන්නට තිබුණි. තවද ඔවුනට ආරක්ෂකයකු ලෙස අපි නුඹව පත් නො කළෙමු. තවද නුඹ ඔවුන් වෙත වූ භාරකරු ද නො වේ.
Las Exégesis Árabes:
وَلَا تَسُبُّوا الَّذِیْنَ یَدْعُوْنَ مِنْ دُوْنِ اللّٰهِ فَیَسُبُّوا اللّٰهَ عَدْوًا بِغَیْرِ عِلْمٍ ؕ— كَذٰلِكَ زَیَّنَّا لِكُلِّ اُمَّةٍ عَمَلَهُمْ ۪— ثُمَّ اِلٰی رَبِّهِمْ مَّرْجِعُهُمْ فَیُنَبِّئُهُمْ بِمَا كَانُوْا یَعْمَلُوْنَ ۟
අල්ලාහ් හැර ඔවුන් අයැදින දෑට නුඹලා බැන නො වදිනු. එවිට කිසිදු දැනුමකින් තොරව සීමාව ඉක්මවා යමින් ඔවුහු අල්ලාහ්ටද බැන වදිති. සෑම ප්‍රජාවකට ම ඔවුන්ගේ ක්‍රියාවන් අප අලංකාරවත් කළේ එලෙස ය. පසුව ඔවුන් නැවත යොමු විය යුතු ස්ථානය ඇත්තේ ඔවුන්ගේ පරමාධිපති වෙත ය. එවිට ඔවුන් කරමින් සිටි දෑ පිළිබඳව ඔහු ඔවුනට ප්‍රකාශ කරනු ඇත.
Las Exégesis Árabes:
وَاَقْسَمُوْا بِاللّٰهِ جَهْدَ اَیْمَانِهِمْ لَىِٕنْ جَآءَتْهُمْ اٰیَةٌ لَّیُؤْمِنُنَّ بِهَا ؕ— قُلْ اِنَّمَا الْاٰیٰتُ عِنْدَ اللّٰهِ وَمَا یُشْعِرُكُمْ ۙ— اَنَّهَاۤ اِذَا جَآءَتْ لَا یُؤْمِنُوْنَ ۟
තමන් වෙත සාධකයක් පැමිණි විට ඒ පිළිබඳව තමන් තරයේ විශ්වාස කරන බව ඔවුහු ස්ථීර ලෙස අල්ලාහ් මත දිවුරා සිටියහ. සැබැවින් ම සියලු සාධකයන් අල්ලාහ් වෙතින් යැයි (නබිවරය!) නුඹ පවසනු. සැබැවින් ම ඒවා පැමිණි විට ඔවුන් විශ්වාස නො කරනු ඇතැයි නුඹලාට අඟවා සිටියේ කුමක් ද?
Las Exégesis Árabes:
وَنُقَلِّبُ اَفْـِٕدَتَهُمْ وَاَبْصَارَهُمْ كَمَا لَمْ یُؤْمِنُوْا بِهٖۤ اَوَّلَ مَرَّةٍ وَّنَذَرُهُمْ فِیْ طُغْیَانِهِمْ یَعْمَهُوْنَ ۟۠
ඔවුන් එය මුල් වතාවෙහි විශ්වාස නො කර සිටියාක් මෙන් ඔවුන්ගේ හදවත් හා ඔවුන්ගේ දෘෂ්ඨීන් අපි පෙරළා දමන්නෙමු. තවද ඔවුන් ඔවුන්ගේ සීමාව ඉක්මවා යෑමෙහි සැරිසරන්නට අපි ඔවුන්ව අතහැර දමන්නෙමු.
Las Exégesis Árabes:
 
Traducción de significados Capítulo: Al-An'aam
Índice de Capítulos Número de página
 
Traducción de los significados del Sagrado Corán - Traducción al cingalés - Centro de Rowad Al- Taryamah - Índice de traducciones

Traducida por el equipo del Centro Rowad At-Taryamah en cooperación con la Asociación de Dawah en Rabwa y la Asociación para el Servicio del Contenido Islámico en Idiomas.

Cerrar