Check out the new design

Traducción de los significados del Sagrado Corán - Traducción al cingalés - Centro de Rowad Al- Taryamah * - Índice de traducciones

PDF XML CSV Excel API
Please review the Terms and Policies

Traducción de significados Capítulo: Al-Tawba   Versículo:
یٰۤاَیُّهَا الَّذِیْنَ اٰمَنُوْا قَاتِلُوا الَّذِیْنَ یَلُوْنَكُمْ مِّنَ الْكُفَّارِ وَلْیَجِدُوْا فِیْكُمْ غِلْظَةً ؕ— وَاعْلَمُوْۤا اَنَّ اللّٰهَ مَعَ الْمُتَّقِیْنَ ۟
අහෝ දේවත්වය විශ්වාස කළවුනි! දේවත්වය ප්‍රතික්ෂේප කරන්නන් අතරින් නුඹලාට සමීපව සිටින්නන් සමඟ නුඹලා සටන් වදිනු. නුඹලා තුළ (ඇති) දැඩිකම ඔවුන් දැක ගත යුතු ය. තවද නියත වශයෙන් ම අල්ලාහ් දේව බිය හැඟීමෙන් යුතුව කටයුතු කරන්නන් සමඟ යැයි නුඹලා දැන ගනු.
Las Exégesis Árabes:
وَاِذَا مَاۤ اُنْزِلَتْ سُوْرَةٌ فَمِنْهُمْ مَّنْ یَّقُوْلُ اَیُّكُمْ زَادَتْهُ هٰذِهٖۤ اِیْمَانًا ۚ— فَاَمَّا الَّذِیْنَ اٰمَنُوْا فَزَادَتْهُمْ اِیْمَانًا وَّهُمْ یَسْتَبْشِرُوْنَ ۟
පරිච්ඡේදයක් පහළ කරනු ලැබූ සෑම විටකම ‘මෙය විශ්වාසය වර්ධනය කළ කවරෙකු හෝ නුඹලා අතරින් වෙත්දැ’යි ඔවුන් අතරින් පවසන ඇතමෙකු ද විය. එහෙත් දේවත්වය විශ්වාස කරන්නන් වූ කලී එය ඔවුනට විශ්වාසය වර්ධනය කළේ ය. තවද ඔවුහු සතුටට පත් වූහ.
Las Exégesis Árabes:
وَاَمَّا الَّذِیْنَ فِیْ قُلُوْبِهِمْ مَّرَضٌ فَزَادَتْهُمْ رِجْسًا اِلٰی رِجْسِهِمْ وَمَاتُوْا وَهُمْ كٰفِرُوْنَ ۟
තම හදවත් තුළ රෝගීභාවය ඇත්තන් වනාහි කිලිට මත කිලිට වර්ධනය කළේ ය. තවද ඔවුහු දේවත්වය ප්‍රතික්ෂේප කරන්නන්ව සිටියදීම මිය ගියෝ ය.
Las Exégesis Árabes:
اَوَلَا یَرَوْنَ اَنَّهُمْ یُفْتَنُوْنَ فِیْ كُلِّ عَامٍ مَّرَّةً اَوْ مَرَّتَیْنِ ثُمَّ لَا یَتُوْبُوْنَ وَلَا هُمْ یَذَّكَّرُوْنَ ۟
නියත වශයෙන් ම ඔවුන් සෑම වසරකට ම වරක් හෝ දෙවරක් හෝ පරීක්ෂාවට ලක් කරනු ලබන බව ඔවුහු නුදුටුවෝ ද? පසුව ඔවුහු පශ්චාත්තාප වී සමාව අයදින්නේද නැත. තවද ඔවුහු මෙනෙහි කරන්නන් ද නො වෙති.
Las Exégesis Árabes:
وَاِذَا مَاۤ اُنْزِلَتْ سُوْرَةٌ نَّظَرَ بَعْضُهُمْ اِلٰی بَعْضٍ ؕ— هَلْ یَرٰىكُمْ مِّنْ اَحَدٍ ثُمَّ انْصَرَفُوْا ؕ— صَرَفَ اللّٰهُ قُلُوْبَهُمْ بِاَنَّهُمْ قَوْمٌ لَّا یَفْقَهُوْنَ ۟
තවද පරිච්ඡේදයක් පහළ කරනු ලැබූ සෑම විටකම (විශ්වාසීන් අතරින්) කිසිවකු නුඹලාව බලා සිටින්නේ දැ? යි (විමසනවාක් මෙන්) ඔවුන්ගෙන් ඇතමෙක් ඇතමෙකු දෙස බැලුවෝ ය. පසුව ඔවුහු (එම ස්ථානයෙන්) හැරී ගියෝ ය. සැබැවින් ම ඔවුහු වටහා නො ගන්නා පිරිසක් බැවින් ඔවුන්ගේ හදවත් ද අල්ලාහ් හරවා දැමී ය.
Las Exégesis Árabes:
لَقَدْ جَآءَكُمْ رَسُوْلٌ مِّنْ اَنْفُسِكُمْ عَزِیْزٌ عَلَیْهِ مَا عَنِتُّمْ حَرِیْصٌ عَلَیْكُمْ بِالْمُؤْمِنِیْنَ رَءُوْفٌ رَّحِیْمٌ ۟
(විශ්වාස කරන්නනි!) නුඹලා අතරින් වූ ධර්ම දූතයකු නුඹලා වෙත සැබැවින් ම පැමිණ ඇත. නුඹලා දුෂ්කරත්වයට පත්වීම ගැන ඔහු බලවත් සේ කණගාටු වන්නෙකි. ඔහු නුඹලා කෙරෙහි දැඩි සැලකිලිමත් වන්නෙකි. දේවත්වය විශ්වාස කරන්නන්හට සෙනෙහෙවන්ත ය; මහා කාරුණික ය.
Las Exégesis Árabes:
فَاِنْ تَوَلَّوْا فَقُلْ حَسْبِیَ اللّٰهُ ۖؗ— لَاۤ اِلٰهَ اِلَّا هُوَ ؕ— عَلَیْهِ تَوَكَّلْتُ وَهُوَ رَبُّ الْعَرْشِ الْعَظِیْمِ ۟۠
එහෙත් ඔවුන් (නුඹට) පිටුපෑවේ නම් ‘මට අල්ලාහ් ප්‍රමාණවත් ය. ඔහු හැර නැමදුමට කිසිදු දෙවිඳෙකු නොමැත. ඔහු කෙරෙහි මම (සියල්ල) භාර කළෙමි. ඔහු අතිමහත් අර්ෂ් (රාජධානියෙ)හි හිමිකරුය’ යැයි නුඹ පවසනු.
Las Exégesis Árabes:
 
Traducción de significados Capítulo: Al-Tawba
Índice de Capítulos Número de página
 
Traducción de los significados del Sagrado Corán - Traducción al cingalés - Centro de Rowad Al- Taryamah - Índice de traducciones

Traducida por el equipo del Centro Rowad At-Taryamah en cooperación con la Asociación de Dawah en Rabwa y la Asociación para el Servicio del Contenido Islámico en Idiomas.

Cerrar