Check out the new design

Traducción de los significados del Sagrado Corán - Traducción cingalesa de Al-Mujtasar de la Exégesis del Sagrado Corán. * - Índice de traducciones


Traducción de significados Versículo: (71) Capítulo: Al-‘Imrán
یٰۤاَهْلَ الْكِتٰبِ لِمَ تَلْبِسُوْنَ الْحَقَّ بِالْبَاطِلِ وَتَكْتُمُوْنَ الْحَقَّ وَاَنْتُمْ تَعْلَمُوْنَ ۟۠
අහෝ! ආගම් ලත් ජනයිනි, නුඹලාගේ පුස්තක වල පහළ කරනු ලැබූ සත්යය සමග නුඹලා සතු ව ඇති ව්යාජ කරුණු මුසු කරනුයේ මන්ද? එහි ඇති සත්යය හා මග පෙන්වීම් නුඹලා වසන් කරන්නෙහුය. මුහම්මද් (සල්ලල්ලාහු අලය්හි වසල්ලම්) තුමාගේ නබිත්වයේ සහතිකය ද ඉන් එකකි. නුඹලා ව්යාජත්වය හා සත්යය කුමක් ද යන්නත් මුළාව හා යහමග කුමක් ද යන්නත් මැනවින් දන්නෙහුය.
Las Exégesis Árabes:
Beneficios de los versículos de esta página:
• من علماء أهل الكتاب من يخدع أتباع ملتهم، ولا يبين لهم الحق الذي دلت عليه كتبهم، وجاءت به رسلهم.
•ආගම් ලත් විද්වතුන් අතර තම පිළිවෙත අනුගමනය කළවුන් මුළාවට පත් කළවුන්ද සිටියහ. තම පුස්තක වල සඳහන් මෙන්ම ඔවුන්ගේ දූතවරුන් තමන් වෙත ගෙන ආ පණිවිඩය ඔවුහු ඔවුනට පැහැදිලි නොකළහ.

• من وسائل الكفار الدخول في الدين والتشكيك فيه من الداخل.
•දහම තුළට පිවිස එහි අභ්යන්තරයේ සැක ඇති කිරීම දෙවියන් ප්රතික්ෂේප කරන්නන්ගේ මාධයයකි.

• الله تعالى هو الوهاب المتفضل، يعطي من يشاء بفضله، ويمنع من يشاء بعدله وحكمته، ولا ينال فضله إلا بطاعته.
•උත්තරීතර අල්ලාහ් භාග්යයන් පිරිනමන මහත් ත්යාගශීලීය. අභිමත කරන අයට ඔහුගේ භාග්යය පිරිනමනු ඇත. ඔහුගේ යුක්තිය හා ප්රඥාව තුළින් ඔහු අභිමත කරන අයට එය වළක්වනු ඇත. ඔහුට අවනත වීමෙන් මිස ඔහුගේ භාග්යය කිසිවකු නොලබනු ඇත.

• كل عِوَضٍ في الدنيا عن الإيمان بالله والوفاء بعهده - وإن كان عظيمًا - فهو قليل حقير أمام ثواب الآخرة ومنازلها.
•අල්ලාහ් විශ්වාස කිරීම වෙනුවට ඔහුගේ ගිවිසුම ඉටු කිරීම වෙනුවට මෙලොවෙහි යම් ලාභයක් ලබා ගන්නේ නම් එය කෙතරම් විශාල වුවද මතු ලොවෙහි කුසල් හා තරාතිරම් ඉදිරියේ වඩාත් පහත් මෙන්ම අල්ප වන්නේය.

 
Traducción de significados Versículo: (71) Capítulo: Al-‘Imrán
Índice de Capítulos Número de página
 
Traducción de los significados del Sagrado Corán - Traducción cingalesa de Al-Mujtasar de la Exégesis del Sagrado Corán. - Índice de traducciones

Emitido por el Centro Tafsir de Estudios Coránicos.

Cerrar