Traducción de los significados del Sagrado Corán - الترجمة السنهالية للمختصر في تفسير القرآن الكريم * - Índice de traducciones


Traducción de significados Versículo: (125) Capítulo: Sura Al-Nisaa
وَمَنْ اَحْسَنُ دِیْنًا مِّمَّنْ اَسْلَمَ وَجْهَهٗ لِلّٰهِ وَهُوَ مُحْسِنٌ وَّاتَّبَعَ مِلَّةَ اِبْرٰهِیْمَ حَنِیْفًا ؕ— وَاتَّخَذَ اللّٰهُ اِبْرٰهِیْمَ خَلِیْلًا ۟
අල්ලාහ්ට බාහිර මෙන්ම අභ්යතන්තරයෙන්ද යටහත් ව තම අධිෂ්ඨානයන් ඔහු වෙත අවංකවම පිළිගන්වා ඔහු ආගමානගත කළ දෑ පිළිපදිමින් තම ක්රියාවන් විධිමත් කර ගෙන මුහම්මද් (සල්ලල්ලාහු අලය්හි වසල්ලම්) තුමාගේ දහමේ පදනම වූ ඉබ්රාහීම් තුමාගේ දහම පිළිපැද ආදේශ තැබීමෙන් හා ප්රතික්ෂේප කිරීමෙන් ඉවත් ව ඒක දේවත්වය හා දේව විශ්වාසය වෙත නැඹුරු වූවන් හට වඩා දහමින් වඩාත් අලංකාර වෙනත් කිසිවකු නැත. අල්ලාහ් තම නබිවරයා වන ඉබ්රාහීම් (අලය්හිස් සලාම්) තුමාණන් ව සෙසු මැවීම් වලට වඩා පූර්ණ ආදරයෙන් යුතු ව තෝරා ගත්තේය.
Las Exégesis Árabes:
Beneficios de los versículos de esta página:
• ما عند الله من الثواب لا يُنال بمجرد الأماني والدعاوى، بل لا بد من الإيمان والعمل الصالح.
•අල්ලාහ් අබියස ඇති කුසල් හේතුෙවෙන්, යමක් ඉල්ලූ වහාම හෝ ආශාව ඇති කර ගත් වහාම කෙනෙකුට හිමි වන්නේ නැත. ඒ සඳහා දේව විශ්වාසය හා දැහැමි ක්රියාවන් අවශ්ය වන්නේය.

• الجزاء من جنس العمل، فمن يعمل سوءًا يُجْز به، ومن يعمل خيرًا يُجْز بأحسن منه.
•ප්රතිඵල හිමි වනුයේ අදාළ ක්රියා වර්ගයට ගැළපෙන පරිදිය. එහෙයින් යමෙකු නපුරක් කරයි නම් ඒ අනුව ප්රතිවිපාක දෙනු ලබයි. එමෙන්ම යමෙකු යහපතක් කරයි නම් ඒ සඳහා යහපත් කුසල් පිරිනමනු ලබයි.

• الإخلاص والاتباع هما مقياس قبول العمل عند الله تعالى.
•අවංකභාවය අනුගමනය කිරීම අල්ලාහ් අබියස ක්රියාවන් පිළිගැනීම සඳහා වූ නිර්ණායකයන් දෙක වේ.

• عَظّمَ الإسلام حقوق الفئات الضعيفة من النساء والصغار، فحرم الاعتداء عليهم، وأوجب رعاية مصالحهم في ضوء ما شرع.
•දුබල කාන්තාවන් හා කුඩා දරුවන්ගේ අයිතීන් පිළිබඳ ඉස්ලාමය වැදගත් කොට සලකයි. එහෙයින් ඔවුනට එරෙහි ව සීමාව ඉක්මවා කටයුතු කිරීම තහනම්වෙ. මෙය ආගමානුගත කර ඇති ආකාරයට ඔවුනට සෙත සැලසෙන පරිදි ඔවුන් රැක බලා ගැනීම අනිවාර්යය කොට ඇත.

 
Traducción de significados Versículo: (125) Capítulo: Sura Al-Nisaa
Índice de Capítulos Número de página
 
Traducción de los significados del Sagrado Corán - الترجمة السنهالية للمختصر في تفسير القرآن الكريم - Índice de traducciones

الترجمة السنهالية للمختصر في تفسير القرآن الكريم، صادر عن مركز تفسير للدراسات القرآنية.

Cerrar