Check out the new design

ترجمهٔ معانی قرآن کریم - ترجمه‌ى سنهالى - مرکز ترجمه‌ى رواد * - لیست ترجمه ها

PDF XML CSV Excel API
Please review the Terms and Policies

ترجمهٔ معانی سوره: آل عمران   آیه:
وَیُكَلِّمُ النَّاسَ فِی الْمَهْدِ وَكَهْلًا وَّمِنَ الصّٰلِحِیْنَ ۟
තවද ඔහු තොටිල්ලෙහි පසු වන වියේ දී ද, තුරුණු වියේ දී ද ජනයා සමඟ කතා කරනු ඇත. තවද ඔහු දැහැමියන් අතුරින් කෙනෙකි.
تفسیرهای عربی:
قَالَتْ رَبِّ اَنّٰی یَكُوْنُ لِیْ وَلَدٌ وَّلَمْ یَمْسَسْنِیْ بَشَرٌ ؕ— قَالَ كَذٰلِكِ اللّٰهُ یَخْلُقُ مَا یَشَآءُ ؕ— اِذَا قَضٰۤی اَمْرًا فَاِنَّمَا یَقُوْلُ لَهٗ كُنْ فَیَكُوْنُ ۟
‘මාගේ පරමාධිපතියාණනි! කිසිදු මිනිසෙකු මා ස්පර්ශ නො කර තිබිය දී මට දරුවෙකු ලැබිය හැක්කේ කෙසේ දැ?’ යි ඇය විමසුවා ය. එලෙසය, අල්ලාහ් තමන් අභිමත දෑ මවන්නේ. ඔහු යම් කරුණක් තීන්දු කළ විට එයට ‘වනු‘ යැයි පවසනවා පමණ ය, එය වහාම සිදු වන්නේ ය.
تفسیرهای عربی:
وَیُعَلِّمُهُ الْكِتٰبَ وَالْحِكْمَةَ وَالتَّوْرٰىةَ وَالْاِنْجِیْلَ ۟ۚ
තවද ඔහු ඔහුට දේව ග්‍රන්ථය ද, ප්‍රඥාව ද, තව්රාතය ද, ඉන්ජීලය ද උගන්වන්නේ ය.
تفسیرهای عربی:
وَرَسُوْلًا اِلٰی بَنِیْۤ اِسْرَآءِیْلَ ۙ۬— اَنِّیْ قَدْ جِئْتُكُمْ بِاٰیَةٍ مِّنْ رَّبِّكُمْ ۙۚ— اَنِّیْۤ اَخْلُقُ لَكُمْ مِّنَ الطِّیْنِ كَهَیْـَٔةِ الطَّیْرِ فَاَنْفُخُ فِیْهِ فَیَكُوْنُ طَیْرًا بِاِذْنِ اللّٰهِ ۚ— وَاُبْرِئُ الْاَكْمَهَ وَالْاَبْرَصَ وَاُحْیِ الْمَوْتٰی بِاِذْنِ اللّٰهِ ۚ— وَاُنَبِّئُكُمْ بِمَا تَاْكُلُوْنَ وَمَا تَدَّخِرُوْنَ ۙ— فِیْ بُیُوْتِكُمْ ؕ— اِنَّ فِیْ ذٰلِكَ لَاٰیَةً لَّكُمْ اِنْ كُنْتُمْ مُّؤْمِنِیْنَ ۟ۚ
‘ඉස්රාඊල් දරුවන්ට ධර්ම දූතයෙකු ලෙසින් ද නියත වශයෙන් ම මම නුඹලාට නුඹලාගේ පරමාධිපතිගෙන් සංඥාවක් ගෙන ආවෙමි. සැබැවින් ම මම නුඹලාට පක්ෂියෙකු හැඩය මෙන් (ජීවියෙකු) මැටියෙන් මවා එහි පිඹිමි. එවිට එය අල්ලාහ්ගේ අනුමැතියෙන් පක්ෂියෙකු වනු ඇත. තවද මම උපතින් අන්ධ අය ද ළාදුරු රෝගීන් ද සුව කරමි. තවද අල්ලාහ්ගේ අනුමැතියෙන් මිය ගියවුනට ප්‍රාණය දෙමි. නුඹලා අනුභව කරන දෑ ගැන ද නුඹලාගේ නිවෙස් තුළ නුඹලා රැස් කර තබා ඇති දෑ ගැන ද මම නුඹලාට දන්වා සිටිමි. නුඹලා විශ්වාස කරන්නන් ලෙස සිටියෙහු නම් සැබැවින් ම නුඹලාට මෙහි සාධකයක් ඇත.’
تفسیرهای عربی:
وَمُصَدِّقًا لِّمَا بَیْنَ یَدَیَّ مِنَ التَّوْرٰىةِ وَلِاُحِلَّ لَكُمْ بَعْضَ الَّذِیْ حُرِّمَ عَلَیْكُمْ وَجِئْتُكُمْ بِاٰیَةٍ مِّنْ رَّبِّكُمْ ۫— فَاتَّقُوا اللّٰهَ وَاَطِیْعُوْنِ ۟
‘තවද මා ඉදිරියේ ඇති තව්රාතය තහවුරු කරන්නෙකු ලෙසින් ද නුඹලා වෙත තහනම් කරනු ලැබූ ඇතැම් දෑ නුඹලාට මා අනුමත කරනු පිණිස ද වේ. තවද නුඹලාගේ පරමාධිපතිගෙන් වූ සංඥාවක් මම නුඹලා වෙත ගෙන ආවෙමි. එබැවින් නුඹලා අල්ලාහ්ට බැතිමත් වනු. තවද නුඹලා මට අවනත වනු.’
تفسیرهای عربی:
اِنَّ اللّٰهَ رَبِّیْ وَرَبُّكُمْ فَاعْبُدُوْهُ ؕ— هٰذَا صِرَاطٌ مُّسْتَقِیْمٌ ۟
සැබැවින් ම අල්ලාහ් මාගේ පරමාධිපති ය. නුඹලාගේ ද පරමාධිපති ය. එබැවින් නුඹලා ඔහුට නැමදුම් ඉටු කරනු. ඍජු මාර්ගය මෙයයි.
تفسیرهای عربی:
فَلَمَّاۤ اَحَسَّ عِیْسٰی مِنْهُمُ الْكُفْرَ قَالَ مَنْ اَنْصَارِیْۤ اِلَی اللّٰهِ ؕ— قَالَ الْحَوَارِیُّوْنَ نَحْنُ اَنْصَارُ اللّٰهِ ۚ— اٰمَنَّا بِاللّٰهِ ۚ— وَاشْهَدْ بِاَنَّا مُسْلِمُوْنَ ۟
ඔවුන්ගෙන් වූ දේව ප්‍රතික්ෂේපය ඊසා වටහා ගත් කල්හි ''අල්ලාහ් වෙනුවෙන් මට උදව් කරන්නන් කවුරුන් දැ?'' යි විමසා සිටියේ ය. ගෝලයෝ ''අල්ලාහ්ගේ උදව් කරුවෝ අපි වෙමු. අපි අල්ලාහ්ව විශ්වාස කළෙමු. තවද නියත වශයෙන් ම අපි මුස්ලිම්වරුන් බවට ඔබ සාක්ෂි දරනු'' යැයි පවසා සිටියෝ ය.
تفسیرهای عربی:
 
ترجمهٔ معانی سوره: آل عمران
فهرست سوره ها شماره صفحه
 
ترجمهٔ معانی قرآن کریم - ترجمه‌ى سنهالى - مرکز ترجمه‌ى رواد - لیست ترجمه ها

ترجمه شده توسط گروه مرکز ترجمهٔ رواد با همکاری انجمن دعوت در ربوه و انجمن خدمت به محتوای اسلامی به زبان‌های مختلف.

بستن