Check out the new design

ترجمهٔ معانی قرآن کریم - ترجمه‌ى سنهالى - مرکز ترجمه‌ى رواد * - لیست ترجمه ها

PDF XML CSV Excel API
Please review the Terms and Policies

ترجمهٔ معانی سوره: شوریٰ   آیه:

අෂ් ෂූරා

حٰمٓ ۟ۚ
හා මීම්.
تفسیرهای عربی:
عٓسٓقٓ ۟
අයින් සීන් කාෆ්.
تفسیرهای عربی:
كَذٰلِكَ یُوْحِیْۤ اِلَیْكَ وَاِلَی الَّذِیْنَ مِنْ قَبْلِكَ ۙ— اللّٰهُ الْعَزِیْزُ الْحَكِیْمُ ۟
මහා ප්‍රඥාවන්ත සර්ව බලධාරී අල්ලාහ් නුඹ වෙත හා නුඹට පෙර වූ අය වෙත දේව පණිවිඩ දන්වා සිටිනුයේ එලෙස ය.
تفسیرهای عربی:
لَهٗ مَا فِی السَّمٰوٰتِ وَمَا فِی الْاَرْضِ ؕ— وَهُوَ الْعَلِیُّ الْعَظِیْمُ ۟
අහස්හි ඇති දෑ හා මහපොළොවෙහි ඇති දෑ ඔහු සතු ය. තවද ඔහු අති උත්තරීතර ය; අති ශ්‍රේෂ්ඨ ය.
تفسیرهای عربی:
تَكَادُ السَّمٰوٰتُ یَتَفَطَّرْنَ مِنْ فَوْقِهِنَّ وَالْمَلٰٓىِٕكَةُ یُسَبِّحُوْنَ بِحَمْدِ رَبِّهِمْ وَیَسْتَغْفِرُوْنَ لِمَنْ فِی الْاَرْضِ ؕ— اَلَاۤ اِنَّ اللّٰهَ هُوَ الْغَفُوْرُ الرَّحِیْمُ ۟
අහස්, ඒවාට මතුපිටින් පැළී යන්නට බලයි. තවද මලක්වරුන් ඔවුන්ගේ පරමාධිපතිගේ ප්‍රශංසාව තුළින් සුවිශුද්ධ කරති. තවද මහපොළොවේ සිටින අය වෙනුවෙන් ඔවුහු සමාව අයැද සිටිති. දැන ගනු! නියත වශයෙන් ම අල්ලාහ් වන ඔහු අතික්ෂමාශීලී ය; මහාකරුණාන්විත ය.
تفسیرهای عربی:
وَالَّذِیْنَ اتَّخَذُوْا مِنْ دُوْنِهٖۤ اَوْلِیَآءَ اللّٰهُ حَفِیْظٌ عَلَیْهِمْ ۖؗ— وَمَاۤ اَنْتَ عَلَیْهِمْ بِوَكِیْلٍ ۟
තවද ඔහු හැර දමා වෙනත් අය භාරකරුවන් ලෙස ගත් අය වනාහි අල්ලාහ් ඔවුන් කෙරෙහි අවධානයෙන් බලා සිටින්නා ය. තවද නුඹ ඔවුන් වෙත භාරකරුවකු නො වේ.
تفسیرهای عربی:
وَكَذٰلِكَ اَوْحَیْنَاۤ اِلَیْكَ قُرْاٰنًا عَرَبِیًّا لِّتُنْذِرَ اُمَّ الْقُرٰی وَمَنْ حَوْلَهَا وَتُنْذِرَ یَوْمَ الْجَمْعِ لَا رَیْبَ فِیْهِ ؕ— فَرِیْقٌ فِی الْجَنَّةِ وَفَرِیْقٌ فِی السَّعِیْرِ ۟
තවද මව් නගරයට හා ඒ අවට සිටින්නන්හට නුඹ අවවාද කරනු පිණිසද එහි කිසිදු සැකයක් නැති එක්රැස් කරන දිනය ගැන නුඹ අවවාද කරනු පිණිස ද අපි නුඹ වෙත අරාබි බසින් වූ පාරායනයක් දන්වා සිටියේ එලෙස ය. (එදින) පිරිසක් ස්වර්ගයෙහි ය. තවත් පිරිසක් ඇවිළෙන (නිරා) ගින්නෙහි ය.
تفسیرهای عربی:
وَلَوْ شَآءَ اللّٰهُ لَجَعَلَهُمْ اُمَّةً وَّاحِدَةً وَّلٰكِنْ یُّدْخِلُ مَنْ یَّشَآءُ فِیْ رَحْمَتِهٖ ؕ— وَالظّٰلِمُوْنَ مَا لَهُمْ مِّنْ وَّلِیٍّ وَّلَا نَصِیْرٍ ۟
තවද අල්ලාහ් අභිමත කළේ නම් ඔවුන් එක ම සමූහයක් බවට පත් කරන්නට තිබුණි. එහෙත් ඔහු අභිමත කරන අය ඔහුගේ කරුණාව තුළට ඇතුළත් කරනු ඇත. තවද, අපරාධකරුවන්හට කිසිදු ආරක්ෂකයෙකු හෝ උදව්කරුවෙකු හෝ නැත.
تفسیرهای عربی:
اَمِ اتَّخَذُوْا مِنْ دُوْنِهٖۤ اَوْلِیَآءَ ۚ— فَاللّٰهُ هُوَ الْوَلِیُّ وَهُوَ یُحْیِ الْمَوْتٰی ؗ— وَهُوَ عَلٰی كُلِّ شَیْءٍ قَدِیْرٌ ۟۠
එසේ නැතහොත් ඔහු හැර දමා සෙසු අය ඔවුහු භාරකරුවන් ලෙස ගත්තෝ ද? අල්ලාහ් වන ඔහු මය භාරකරු, තවද ඔහු මළවුන්ට ජීවය දෙයි. තවද ඔහු සියලු දෑ කෙරෙහි ශක්තිය ඇත්තා ය.
تفسیرهای عربی:
وَمَا اخْتَلَفْتُمْ فِیْهِ مِنْ شَیْءٍ فَحُكْمُهٗۤ اِلَی اللّٰهِ ؕ— ذٰلِكُمُ اللّٰهُ رَبِّیْ عَلَیْهِ تَوَكَّلْتُ ۖۗ— وَاِلَیْهِ اُنِیْبُ ۟
නුඹලා එහි කවර දෙයක් සම්බන්ධයෙන් මතභේද ඇති කරගත්තේ ද එහි තීන්දුව අල්ලාහ් වෙත ය. එයයි මාගේ පරමාධිපති වන අල්ලාහ්. ඔහු කෙරෙහි මම භාර කළෙමි. තවද ඔහු වෙත ම මම යොමු වෙමි (යැයි නබිවරය! නුඹ පවසනු).
تفسیرهای عربی:
 
ترجمهٔ معانی سوره: شوریٰ
فهرست سوره ها شماره صفحه
 
ترجمهٔ معانی قرآن کریم - ترجمه‌ى سنهالى - مرکز ترجمه‌ى رواد - لیست ترجمه ها

ترجمه شده توسط گروه مرکز ترجمهٔ رواد با همکاری انجمن دعوت در ربوه و انجمن خدمت به محتوای اسلامی به زبان‌های مختلف.

بستن