Check out the new design

ترجمهٔ معانی قرآن کریم - ترجمه‌ى سنهالى - مرکز ترجمه‌ى رواد * - لیست ترجمه ها

PDF XML CSV Excel API
Please review the Terms and Policies

ترجمهٔ معانی سوره: قلم   آیه:
خَاشِعَةً اَبْصَارُهُمْ تَرْهَقُهُمْ ذِلَّةٌ ؕ— وَقَدْ كَانُوْا یُدْعَوْنَ اِلَی السُّجُوْدِ وَهُمْ سٰلِمُوْنَ ۟
ඔවුන්ගේ බැල්ම පහත හෙළී පවතී. නින්දාව ඔවුන් වෙළා ගනී. ඔවුන් (මෙලොව) නිරෝගිව සිටිය දී සුජූද් කිරීම සඳහා ඇරයුම් කරනු ලබන්නන් වූවෝ ය. (නමුත් ඔවුහු එය ප්‍රතික්ෂේප කළෝ ය.)
تفسیرهای عربی:
فَذَرْنِیْ وَمَنْ یُّكَذِّبُ بِهٰذَا الْحَدِیْثِ ؕ— سَنَسْتَدْرِجُهُمْ مِّنْ حَیْثُ لَا یَعْلَمُوْنَ ۟ۙ
එහෙයින් නුඹ මා හා මෙම ප්‍රකාශය බොරු කළවුන් අතහැර දමනු. ඔවුන් නොදන්නා පරිදි පියවරෙන් පියවර අපි ඔවුන් හසු කර ගන්නෙමු.
تفسیرهای عربی:
وَاُمْلِیْ لَهُمْ ؕ— اِنَّ كَیْدِیْ مَتِیْنٌ ۟
තවද මම ඔවුනට කාල අවකාශය දෙමි. නියත වශයෙන් ම මාගේ උපාය තිරසාර ය.
تفسیرهای عربی:
اَمْ تَسْـَٔلُهُمْ اَجْرًا فَهُمْ مِّنْ مَّغْرَمٍ مُّثْقَلُوْنَ ۟ۚ
එසේ නැතහොත් ඔවුන්ගෙන් නුඹ යම් කුලියක් ඉල්ලා ඒ හේතුවෙන් ඔවුන් ණය බරින් පෙළෙන්නන් වෙත් ද?
تفسیرهای عربی:
اَمْ عِنْدَهُمُ الْغَیْبُ فَهُمْ یَكْتُبُوْنَ ۟
එසේ නැතහොත් ඔවුන් වෙත ගුප්ත ඥානය තිබී ඔවුහු එය ලියන්නෝ ද?
تفسیرهای عربی:
فَاصْبِرْ لِحُكْمِ رَبِّكَ وَلَا تَكُنْ كَصَاحِبِ الْحُوْتِ ۘ— اِذْ نَادٰی وَهُوَ مَكْظُوْمٌ ۟ؕ
එහෙයින් (නබිවරය!) නුඹගේ පරමාධිපතිගේ තීන්දුවට නුඹ ඉවසීමෙන් සිටිනු. තවද නුඹ මත්සයා හා සම්බන්ධ පුද්ගලයා මෙන් නො වනු. ඔහු ශෝකයට පත් කරනු ලැබූවෙකු ලෙසින් (තම පරමාධිපති) ඇමතූ අවස්ථාව සිහියට නගනු.
تفسیرهای عربی:
لَوْلَاۤ اَنْ تَدٰرَكَهٗ نِعْمَةٌ مِّنْ رَّبِّهٖ لَنُبِذَ بِالْعَرَآءِ وَهُوَ مَذْمُوْمٌ ۟
ඔහුගේ පරමාධිපතිගේ පිහිට ඔහුට නො ලැබුනේ නම් ඔහු අවමානයට ලක් කරනු ලැබූ තත්ත්වයේ නිසරු වෙරළට විසි කරනු ලබන්නට තිබුණි.
تفسیرهای عربی:
فَاجْتَبٰىهُ رَبُّهٗ فَجَعَلَهٗ مِنَ الصّٰلِحِیْنَ ۟
එහෙත් ඔහුගේ පරමාධිපති ඔහුව තෝරා ගත්තේ ය. තවද ඔහුව දැහැමියන් අතරට පත් කළේ ය.
تفسیرهای عربی:
وَاِنْ یَّكَادُ الَّذِیْنَ كَفَرُوْا لَیُزْلِقُوْنَكَ بِاَبْصَارِهِمْ لَمَّا سَمِعُوا الذِّكْرَ وَیَقُوْلُوْنَ اِنَّهٗ لَمَجْنُوْنٌ ۟ۘ
තවද ප්‍රතික්ෂේප කළවුන් අනුශාසනාවට සවන් දුන් කල්හි ඔවුන්ගේ බැල්මෙන් ඔවුහු නුඹව ලිස්සා වට්ටන්නට තැත් කරති. “නියත වශයෙන් ම ඔහු උම්මත්තකයකු යැ”යි ඔවුහු පවසති.
تفسیرهای عربی:
وَمَا هُوَ اِلَّا ذِكْرٌ لِّلْعٰلَمِیْنَ ۟۠
එහෙත් මෙය ලෝවැසියන්ට උපදෙසක් මිස නැත.
تفسیرهای عربی:
 
ترجمهٔ معانی سوره: قلم
فهرست سوره ها شماره صفحه
 
ترجمهٔ معانی قرآن کریم - ترجمه‌ى سنهالى - مرکز ترجمه‌ى رواد - لیست ترجمه ها

ترجمه شده توسط گروه مرکز ترجمهٔ رواد با همکاری انجمن دعوت در ربوه و انجمن خدمت به محتوای اسلامی به زبان‌های مختلف.

بستن