Check out the new design

ترجمهٔ معانی قرآن کریم - ترجمه‌ى سنهالى کتاب مختصر در تفسير قرآن كريم * - لیست ترجمه ها


ترجمهٔ معانی آیه: (9) سوره: ابراهیم
اَلَمْ یَاْتِكُمْ نَبَؤُا الَّذِیْنَ مِنْ قَبْلِكُمْ قَوْمِ نُوْحٍ وَّعَادٍ وَّثَمُوْدَ ۛؕ۬— وَالَّذِیْنَ مِنْ بَعْدِهِمْ ۛؕ— لَا یَعْلَمُهُمْ اِلَّا اللّٰهُ ؕ— جَآءَتْهُمْ رُسُلُهُمْ بِالْبَیِّنٰتِ فَرَدُّوْۤا اَیْدِیَهُمْ فِیْۤ اَفْوَاهِهِمْ وَقَالُوْۤا اِنَّا كَفَرْنَا بِمَاۤ اُرْسِلْتُمْ بِهٖ وَاِنَّا لَفِیْ شَكٍّ مِّمَّا تَدْعُوْنَنَاۤ اِلَیْهِ مُرِیْبٍ ۟
අහෝ දෙවියන් ප්රතික්ෂේප කරන්නනි! නුඹලාට පෙර විසූ නූහ්ගේ සමූහයා, හූද්ගේ සමූහයා වන ආද්, සාලිහ්ගේ සමූහයා වන සමූද් මෙන්ම ඔවුනට පසු පැමිණි බොරුකාර ජන සමූහයන් විනාශ කිරීමේ පුවත නුඹලා වෙත නොපැමිණියේ ද? ඔවුන් ඉතා අධිකය. අල්ලාහ් හැර ඔවුන්ගේ සංඛ්යාව කිසිවෙකු ගණනය කර නැත. ඔවුන් වෙත ඔවුන්ගේ දූතවරු පැහැදිලි සාධක රැගෙන ආවෝය. එම දූතවරුන් පිළිබඳ ඔවුනට තිබූ ක්රෝධය හේතුවෙන් ඔවුහු ඔවුන්ගේ අත් ඔවුන්ගේ කටවල් තුළට දමා සපා කෑවෝය. ඔවුහු ඔවුන්ගේ දූතවරුන්ට, "නුඹලා කවර කරුණක් සමග එවනු ලැබුවෙහු ද සැබැවින්ම අපි ඒවා ප්රතික්ෂේප කළෙමු. නුඹලා කවර කරුණක් වෙත ඇරයුම් කර සිටින්නෙහු ද ඒ ගැන දැඩි ලෙස සැකයෙහි පසුවන්නෙමු" යැයි පැවසූහ.
تفسیرهای عربی:
از فواید آیات این صفحه:
• من وسائل الدعوة تذكير المدعوين بنعم الله تعالى عليهم، خاصة إن كان ذلك مرتبطًا بنعمة كبيرة، مثل نصر على عدوه أو نجاة منه.
• යහමගට ඇරයුම් කිරීමේ මාධ්යයක් වන්නේ අල්ලාහ් ඔවුන් වෙත පිරිනමා ඇති ආශිර්වාදයන් මෙනෙහි කිරීමය. එය සතුරන්ට එරෙහිව උපකාර කිරීම හෝ ඉන් ජය ලැබීම මෙන් විශාල ආශිර්වාදයන් සමඟ බැඳුණු එකක් නම් විශේෂයෙන් එය මෙනෙහි කර සිටීම වැදගත් වන්නේය.

• من فضل الله تعالى أنه وعد عباده مقابلة شكرهم بمزيد الإنعام، وفي المقابل فإن وعيده شديد لمن يكفر به.
•ඔහුගේ ගැත්තන්ගේ කෘතඥපූර්වක භාවය හමුවේ තම ගැත්තන්හට අමතර ආශිර්වාදයන් පිරිනමන බවට වූ අල්ලාහ්ගේ ප්රතිඥාව ඔහුගෙන් වූ භාග්යයකි. එමෙන්ම සැබැවින්ම ඒය ප්රතික්ෂේප කරන්නන් හට ඒ හමුවේ ඉතා දැඩි අවවාදයකි.

• كفر العباد لا يضر اللهَ البتة، كما أن إيمانهم لا يضيف له شيئًا، فهو غني حميد بذاته.
•ගැත්තන්ගේ දේව විශ්වාසය අල්ලාහ් වෙත කිසිදු කරුණක් එකතු නොකරනවාක් මෙන්ම ඔවුන්ගේ ප්රතික්ෂේපභාවය ද අල්ලාහ්ට කිසිදු හානියක් ඇති කරන්නේ නැත. ඔහු අවශ්යතාවන්ගෙන් තොරය. ඔහුගේ පැවැත්මෙන් ඔහු ප්රශංසාලාභීය.

 
ترجمهٔ معانی آیه: (9) سوره: ابراهیم
فهرست سوره ها شماره صفحه
 
ترجمهٔ معانی قرآن کریم - ترجمه‌ى سنهالى کتاب مختصر در تفسير قرآن كريم - لیست ترجمه ها

مركز تفسير و پژوهش‌های قرآنى آن را منتشر كرده است.

بستن