Check out the new design

ترجمهٔ معانی قرآن کریم - ترجمه‌ى سنهالى کتاب مختصر در تفسير قرآن كريم * - لیست ترجمه ها


ترجمهٔ معانی آیه: (250) سوره: بقره
وَلَمَّا بَرَزُوْا لِجَالُوْتَ وَجُنُوْدِهٖ قَالُوْا رَبَّنَاۤ اَفْرِغْ عَلَیْنَا صَبْرًا وَّثَبِّتْ اَقْدَامَنَا وَانْصُرْنَا عَلَی الْقَوْمِ الْكٰفِرِیْنَ ۟ؕ
ජාලූත් හා ඔහුගේ සේනාවට එරෙහි ව ඔවුන් සටන් කිරීමට පිටත් ව ගිය කල්හි අල්ලාහ් වෙත හැරී මෙසේ ප්රාර්ථනා කළෝය: ‘අපගේ පරමාධිපතියාණනි, අපගේ හදවත් මතට ඉවසීම හෙළනු මැනව! සතුරන් ඉදිරියේ අප පරාජයට පත් නොවන සේ සටනින් අප පලා නොයන තරමට අපගේ පාද ශක්තිමත් කරනු මැනව! ඔබගේ බලගැන්වීමෙන් හා ඔබ අප ශක්තිමත් කිරීමෙන් ඔබ ව ප්රතික්ෂේප කරන පිරිසට එරෙහි ව අප හට ජයග්රහණය ලබා දෙනු මැනව!
تفسیرهای عربی:
از فواید آیات این صفحه:
• من حكمة القائد أن يُعرِّض جيشه لأنواع الاختبارات التي يتميز بها جنوده ويعرف الثابت من غيره.
•සේනාධිපතියෙකු තම සේනාව වෙන් කර නිවැරදි ව හඳුනා ගැනීම සඳහා විවිධ පරීක්ෂාවන්ට එම සේනාව ලක් කිරීම ඔහුගේ විචක්ෂණ බුද්ධියේ හරයයි.

• العبرة في النصر ليست بمجرد كثرة العدد والعدة فقط، وإنما معونة الله وتوفيقه أعظم الأسباب للنصر والظَّفَر.
•ජයග්රහණය පිළිබඳ පාඩමක්. සැබැවින්ම ජයග්රහණය යනු ප්රමාණය හා සංඛ්යාව පදනම් කර ගෙන පමණක් හිමි වන්නක් නොවේ. ජයග්රහණයට බලවත්ම සාධකය වනුයේ අල්ලාහ්ගේ උපකාරය හා ඔහුගේ ආශිර්වාදයයි.

• لا يثبت عند الفتن والشدائد إلا من عَمَرَ اليقينُ بالله قلوبَهم، فمثل أولئك يصبرون عند كل محنة، ويثبتون عند كل بلاء.
•අල්ලාහ් පිළිබඳ දැඩි විශ්වාසය තම සිත් තුළ ගොඩ නගා ගත් අයහට පමණක් මිස වෙනත් කිසිෙවෙකුට දුෂ්කර හා පීඩිත අවස්ථාවන්වලදී ස්ථාවර ව සිටිය නොහැක. පරීක්ෂණයන්ට ලක්වන සෑම අවස්ථාවකම ඔවුන් ඉවසීමෙන් කටයුතු කරති. සෑම දුෂ්කර අවස්ථාවකම නොසැලී සිටිති.

• الضراعة إلى الله تعالى بقلب صادق متعلق به من أعظم أسباب إجابة الدعاء، ولا سيما في مواطن القتال.
•සැබෑ හදවතකින් යුතු ව අල්ලාහ් සමග බැඳුණු සම්බන්ධකම්, ඔහු වෙත කෙරෙන බැගෑපත් වීම් යනාදිය ප්රාර්ථනාව පිළිගනු ලැබීමට හේතු වන බලවත් සාධක වන්නේය. විශේෂයෙන්ම යුදමය අවස්ථාවන්හි එසේ පිළිපැදිය යුතු ව ඇත.

• من سُنَّة الله تعالى وحكمته أن يدفع شر بعض الخلق وفسادهم في الأرض ببعضهم.
•මහපොළොවේ ඇතැමුන් විසින් සිදු කරන කලහකාරී හා ප්රචණ්ඩකාරී ක්රියාවන්, තවත් ඇතැමුන් විසින් මැඩ පැවැත්වීම අල්ලාහ්ගේ පිළිවෙතකි. එමෙන්ම ඔහුගේ අනුදැනුමෙන් වූවකි.

 
ترجمهٔ معانی آیه: (250) سوره: بقره
فهرست سوره ها شماره صفحه
 
ترجمهٔ معانی قرآن کریم - ترجمه‌ى سنهالى کتاب مختصر در تفسير قرآن كريم - لیست ترجمه ها

مركز تفسير و پژوهش‌های قرآنى آن را منتشر كرده است.

بستن