ترجمهٔ معانی قرآن کریم - الترجمة السنهالية للمختصر في تفسير القرآن الكريم * - لیست ترجمه ها


ترجمهٔ معانی سوره: سوره احقاف   آیه:

සූරා අල් අහ්කාෆ්

از اهداف این سوره:
بيان حاجة البشريّة للرسالة وإنذار المعرضين عنها.
දේව පණිවිඩය වෙත වූ මිනිස් අවශ්යතාව පැහැදිළි කිරීම, එය හෙළා දකින්නන්හට අවවාද කිරීම.

حٰمٓ ۟ۚ
(හා, මීම්) සූරා බකරා ආරම්භයේදී මෙවැනි පාඨ පිළිබඳ විස්තර සඳහන් කර ඇත.
تفسیرهای عربی:
تَنْزِیْلُ الْكِتٰبِ مِنَ اللّٰهِ الْعَزِیْزِ الْحَكِیْمِ ۟
අල් කුර්ආනය පහළ කිරීම, කිසිවෙකු විසින් පරාජය කළ නොහැකි සර්වබලධාරියාණන් වූ ද ඔහුගේ මැවීම්හි නියමයන්හි හා ආගමානුගත කිරීම්හි මහා ප්රඥාවන්තයාණන් වූ ද අල්ලාහ්ගෙන් වූවකි.
تفسیرهای عربی:
مَا خَلَقْنَا السَّمٰوٰتِ وَالْاَرْضَ وَمَا بَیْنَهُمَاۤ اِلَّا بِالْحَقِّ وَاَجَلٍ مُّسَمًّی ؕ— وَالَّذِیْنَ كَفَرُوْا عَمَّاۤ اُنْذِرُوْا مُعْرِضُوْنَ ۟
අහස් හා මහපොළොව ද ඒ දෙක අතර ඇති දෑ ද අපි නිකරුණේ නොමැව්වෙමු. ඒ සියල්ල යම් ගැඹුරු ප්රඥාවක් සඳහා සත්යයෙන් යුතු ව මවා ඇත්තෙමු. ඒ අතරින් ගැත්තා ඔවුන්ගේ පරමාධිපති හඳුනා ගෙන, ඔහුට පමණක් නැමදුම් ඉටු කර, ඔහුට කිසිවක් ආදේශ නොකර සිටීම ද එකකි. එමෙන්ම අල්ලාහ් පමණක් දන්නා නියමිත කාලයක් දක්වා මහපොළොවේ ඔවුනට හිමි නියෝජිතභාවය ඔවුන් ඉටු කරනු පිණිසය. අල්ලාහ්ව ප්රතික්ෂේප කළවුන් වනාහි අල්ලාහ්ගේ ග්රන්ථයෙහි කවර දෙයක් අවවාද කරනු ලැබුවේ ද එය හෙළා දකින්නෝ වෙති. ඒ ගැන ඔවුහු නොසලකා හරිති.
تفسیرهای عربی:
قُلْ اَرَءَیْتُمْ مَّا تَدْعُوْنَ مِنْ دُوْنِ اللّٰهِ اَرُوْنِیْ مَاذَا خَلَقُوْا مِنَ الْاَرْضِ اَمْ لَهُمْ شِرْكٌ فِی السَّمٰوٰتِ ؕ— اِیْتُوْنِیْ بِكِتٰبٍ مِّنْ قَبْلِ هٰذَاۤ اَوْ اَثٰرَةٍ مِّنْ عِلْمٍ اِنْ كُنْتُمْ صٰدِقِیْنَ ۟
අහෝ දූතය! සත්ය ප්රතික්ෂේප කරන මෙම ආදේශ තබන්නන්ට, නුඹ මෙසේ පවසනු. ‘අල්ලාහ් හැර නුඹලා නමදිමින් සිටින නුඹලාගේ පිළිම මහපොළොවේ කවර කොටසක් මවා ඇත්තේ ද? කවර කන්දක් මවා ඇත්තේ ද? කවර ගංගාවක් මවා ඇත්තේ දැ?යි ඔවුන් ගැන මට දන්වනු. එසේ නැතහොත් අහස් මැවීමෙහි අල්ලාහ් සමග ඔවුනට යම් හවුලක් හෝ කොටසක් හෝ තිබුණේද? සැබැවින්ම නුඹලාගේ පිළිම නැමදුමට සුදුස්සන් බව නුඹලා කරන වාදයෙහි නුඹලා සත්යවාදීන් නම් අල් කුර්ආනයට පෙර අල්ලාහ් වෙතින් පහළ කරනු ලැබූ ග්රන්ථයක් හෝ මුතුන්මිත්තන් අතහැර දැමූ දැනුමෙන් ඉතිරි ව ඇති දෙයක් හෝ මා වෙත නුඹලා ගෙන එනු.'
تفسیرهای عربی:
وَمَنْ اَضَلُّ مِمَّنْ یَّدْعُوْا مِنْ دُوْنِ اللّٰهِ مَنْ لَّا یَسْتَجِیْبُ لَهٗۤ اِلٰی یَوْمِ الْقِیٰمَةِ وَهُمْ عَنْ دُعَآىِٕهِمْ غٰفِلُوْنَ ۟
අල්ලාහ් හැර පිළිමයට වැදුම් පිදුම් කරන්නාට වඩා නොමග ගිය වෙනත් කිසිවකු නැත. මළවුන් කෙරෙන් නැගිටුවනු ලබන දිනය තෙක් ඔහුගේ ප්රාර්ථනාවට එය පිළිතුරු දෙන්නේ නැත. අල්ලාහ් හැරදමා ඔවුන් නමදින මෙම පිළිම ඒවාට වැඳුම් පිදුම් කරන්නන්ගේ ප්රාර්තනාව නොසලකා හරී. ඊට අමතර ව ඒවා තමන්ටම පවා සෙතක් හෝ උවදුරක් හෝ කළ නොහැකිය.
تفسیرهای عربی:
از فواید آیات این صفحه:
• الاستهزاء بآيات الله كفر.
•අල්ලාහ්ගේ වදන් හාස්යයට ගැනීම දෙවියන් ප්රතික්ෂේප කිරීමකි.

• خطر الاغترار بلذات الدنيا وشهواتها.
•මෙලොව ජීවිතයේ ආශාවන්ට හා වින්ඳනයන්ට රැවටීමේ භයානකකම.

• ثبوت صفة الكبرياء لله تعالى.
•සියලු ආකාරයේ විභූතියන් උත්තරීතර අල්ලාහ්ට පමණක් සතු බව තහවුරු කිරීම.

• إجابة الدعاء من أظهر أدلة وجود الله سبحانه وتعالى واستحقاقه العبادة.
• ප්රාර්ථනාවට පිළිතුරු සපයනු ලැබීම අල්ලාහ්ගේ පැවැත්ම හා ඔහු නැමදුමට සුදුස්සා බව පෙන්වා දෙන පැහැදිළි සාධක අතරින් වන්නේය.

وَاِذَا حُشِرَ النَّاسُ كَانُوْا لَهُمْ اَعْدَآءً وَّكَانُوْا بِعِبَادَتِهِمْ كٰفِرِیْنَ ۟
ඒවා එසේ තිබියදී මෙලොවෙහි ඔවුනට කිසිදු සෙතක් කරන්නේ නැත. සැබැවින්ම ඔවුන් මළවුන් කෙරෙන් නැගිටුවනු ලබන දිනයේ එක්රැස් කරනු ලැබූ විට ඔවුන් නමදිමින් සිටි අයට එරෙහිව ඔවුන් නැගී සිටිනු ඇත. ඔවුන්ගෙන් ඔවුන් ඉවත් වනු ඇත. ඔවුන් ඔවුනට නමදිමින් සිටීම සම්බන්ධයෙන් ඔවුන් දැනුවත්ව සිටි බව හෙළා දකිනු ඇත.
تفسیرهای عربی:
وَاِذَا تُتْلٰی عَلَیْهِمْ اٰیٰتُنَا بَیِّنٰتٍ قَالَ الَّذِیْنَ كَفَرُوْا لِلْحَقِّ لَمَّا جَآءَهُمْ ۙ— هٰذَا سِحْرٌ مُّبِیْنٌ ۟ؕ
අපගේ දූතයාණන් හට පහළ කරනු ලැබූ අපගේ වදන් ඔවුන් වෙත පාරායනය කරනු ලැබූ විට, අල් කුර්ආනය ප්රතික්ෂේප කළවුන් ඔවුන්ගේ දූතයා අතින් ඔවුන් වෙත එය පැමිණි කල්හි, ‘මෙය පැහැදිලි හූනියමකි. මෙය අල්ලාහ්ගේ දිව්යමය වාක්ය නොවන්නේය’ යැයි පැවසීය.
تفسیرهای عربی:
اَمْ یَقُوْلُوْنَ افْتَرٰىهُ ؕ— قُلْ اِنِ افْتَرَیْتُهٗ فَلَا تَمْلِكُوْنَ لِیْ مِنَ اللّٰهِ شَیْـًٔا ؕ— هُوَ اَعْلَمُ بِمَا تُفِیْضُوْنَ فِیْهِ ؕ— كَفٰی بِهٖ شَهِیْدًا بَیْنِیْ وَبَیْنَكُمْ ؕ— وَهُوَ الْغَفُوْرُ الرَّحِیْمُ ۟
මෙම දේව ආදේශකයෝ, "සැබැවින්ම මුහම්මද් මෙම කුර්ආනය ගොතා එය අල්ලාහ් වෙත ආරෝපණය කර ඇතැ යි පවසන්නෝ ද?" අහෝ දූතය! නුඹ ඔවුනට මෙසේ පවසනු. ‘මා විසින් එය ගොතා ඇත්නම් මට, දඬුවම් දීමට අල්ලාහ් අභිමත කළේ නම්, මා වෙනුවෙන් යම් සැලැසමක් දියත් කිරීමට නුඹලාට නොහැකිය. එසේනම් ඔහු මත බොරුවක් ගොතා එම දඬුවමට මා ඉදිරිපත් විය හැක්කේ කෙසේ ද? අල් කුර්අනයට දොස් නගමින් හා මා සම්බන්ධයෙන් චෝදනා නගමින් නුඹලා කවර කරුණක නිරත ව සිටින්නේ ද ඒ පිළිබඳ අල්ලාහ් මැනවින් දන්නාය. මා අතර හා නුඹලා අතර සාක්ෂිකරුවකු වශයෙන් ශුද්ධවන්තයාණන් ප්රමාණවත්ය. ඔහු ඔහුගේ ගැත්තන් අතරින් කවරෙකු සමාව අයැද ඔහු වෙත යොමු වන්නේ ද ඔවුන්ගේ පාපයන්ට සමාව දෙන්නාය. ඔවුන් කෙරෙහි මහා කාරුණිකය.'
تفسیرهای عربی:
قُلْ مَا كُنْتُ بِدْعًا مِّنَ الرُّسُلِ وَمَاۤ اَدْرِیْ مَا یُفْعَلُ بِیْ وَلَا بِكُمْ ؕ— اِنْ اَتَّبِعُ اِلَّا مَا یُوْحٰۤی اِلَیَّ وَمَاۤ اَنَا اِلَّا نَذِیْرٌ مُّبِیْنٌ ۟
අහෝ දූතය! නුඹගේ නබිත්වය බොරු කරන ආදේශකයින්ට නුඹ මෙසේ පවසනු. "අල්ලාහ් එවා ඇති පළමු දූතයා මම නොවෙමි. නමුත් නුඹලාට මා ඇරයුම් කිරීම ගැන නුඹලා පුදුමයට පත් වන්නෙහුය. මට පෙර දූතවරුන් බොහෝමයක් පැමිණ ඇත. අල්ලාහ් මට මෙලොවෙහි කුමක් සිදු කරන්නට යන්නේ දැයි ද නුඹලාට කුමක් සිදු කරන්නට යන්නේ දැයි ද මම නොදනිමි. මා වෙත අල්ලාහ් දන්වා සිටින දෑ හැර වෙනත් කිසිවක් මම අනුගමනය නොකරමි. ඔහු දන්වා සිටි දිව්යමය පණිවිඩ අනුව මිස මා කතා නොකරමි. ක්රියා නොකරමි. තවද මම අල්ලාහ්ගේ දඬුවම පැහැදිලි ලෙසින්ම නුඹලාට අවවාද කරන අවවාද කරන්නෙකු මිස නැත.
تفسیرهای عربی:
قُلْ اَرَءَیْتُمْ اِنْ كَانَ مِنْ عِنْدِ اللّٰهِ وَكَفَرْتُمْ بِهٖ وَشَهِدَ شَاهِدٌ مِّنْ بَنِیْۤ اِسْرَآءِیْلَ عَلٰی مِثْلِهٖ فَاٰمَنَ وَاسْتَكْبَرْتُمْ ؕ— اِنَّ اللّٰهَ لَا یَهْدِی الْقَوْمَ الظّٰلِمِیْنَ ۟۠
අහෝ දූතය! මෙම බොරුකාරයින්ට මෙසේ පවසනු. ‘මෙම අල් කුර්ආනය අල්ලාහ් වෙතින් වී, ඒ ගැන තව්රාතයේ සඳහන් කරුණු පදනම් කර ගනිමින් සැබැවින්ම එය අල්ලාහ් වෙතින් වූවක් බව ඉස්රාඊල් දරුවන්ගෙන් සාක්ෂිකරුවකු සාක්ෂි දරා, ඔහු ඒ ගැන විශ්වාස කර තිබියදී නුඹලා එය ප්රතික්ෂේප කොට, ඒ ගැන විශ්වාස කිරීමට උඩඟු වූයේ නම් ඒ ගැන නුඹලා කුමක් පවසන්නේ දැයි මට දන්වනු. එවිට නුඹලා අපරාධකරුවන් නොවන්නෙහු ද? සැබැවින්ම අල්ලාහ් අපරාධකාර ජනයාට සත්ය වෙත ආශිර්වාද කරන්නේ නැත.
تفسیرهای عربی:
وَقَالَ الَّذِیْنَ كَفَرُوْا لِلَّذِیْنَ اٰمَنُوْا لَوْ كَانَ خَیْرًا مَّا سَبَقُوْنَاۤ اِلَیْهِ ؕ— وَاِذْ لَمْ یَهْتَدُوْا بِهٖ فَسَیَقُوْلُوْنَ هٰذَاۤ اِفْكٌ قَدِیْمٌ ۟
අල් කුර්ආනය හා ඔවුන්ගේ දූතයාණන් කවර කරුණක් ගෙන ආවේ ද, එය ප්රතික්ෂේප කළවුන් දේව විශ්වාසීන්ට, ‘මුහම්මද් ගෙන ආ දෑ යහපත වෙත මග පෙන්වන සත්යයක් වී නම් මෙම දිළිඳුන්, වහලුන් හා දුර්වලයින් අපට වඩා ඉදිරියෙන් සිටිය නොහැක.’ යැයි පවසති. ඔවුන්ගේ දූතයාණන් කවර කරුණක් ගෙන ආවේ ද එමගින් ඔවුන් යහමග නොලැබූ බැවින් ඉදිරියට ඔවුහු, ‘ඔහු කවර කරුණක් ගෙන ආවේ ද එය පුරාන ප්රබන්ධයකි. අපි එම ප්රබන්ධය අනුගමනය නොකරමු.’ යැයි පවසනු ඇත.
تفسیرهای عربی:
وَمِنْ قَبْلِهٖ كِتٰبُ مُوْسٰۤی اِمَامًا وَّرَحْمَةً ؕ— وَهٰذَا كِتٰبٌ مُّصَدِّقٌ لِّسَانًا عَرَبِیًّا لِّیُنْذِرَ الَّذِیْنَ ظَلَمُوْا ۖۗ— وَبُشْرٰی لِلْمُحْسِنِیْنَ ۟
මෙම අල් කුර්ආනයට පෙර මූසා (අලයිහිස් සලාම්) තුමා හට අල්ලාහ් පහළ කළ තව්රාත් ග්රන්ථය විය. එය ඉස්රාඊල් දරුවන් අතරින් කවරෙකු එය විශ්වාස කොට එය අනුගමනය කළේද ඔවුනට එය සත්යය තුළ අනුගමනය කරනු ලබන මෙහෙයවීමක් හා ආශිර්වාදයක් විය. මුහම්මද් (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමා වෙත පහළ කරනු ලැබූ මෙම කුර්ආනය පෙර පහළ වූ දිව්යමය ග්රන්ථ තහවුරු කරන අරාබි බසින් වූ ග්රන්ථයක් විය. එමගින් අල්ලාහ්ට ආදේශ කරමින් හා පාපකම් සිදු කරමින් තමන්ටම අපරාධ කරගත්තවුන් හට එතුමා අවවාද කරන්නට විය. එමෙන්ම තම මැවුම්කරුවා සමග යහ සම්බන්ධකම් පවත්වන ඔහුගේ මැවීම් සමග යහ සම්බන්ධකම් පවත්වන දැහැමියන්ට එය ශුභාරංචියකි.
تفسیرهای عربی:
اِنَّ الَّذِیْنَ قَالُوْا رَبُّنَا اللّٰهُ ثُمَّ اسْتَقَامُوْا فَلَا خَوْفٌ عَلَیْهِمْ وَلَا هُمْ یَحْزَنُوْنَ ۟ۚ
‘අපගේ පරමාධිපතියාණන් අල්ලාහ්ය. ඔහු හැර වෙනත් පරමාධිපතියෙකු අපට නැත’ යැයි පවසා දේව විශ්වාසය හා දැහැමි ක්රියාවන් මත පදනම් ව ස්ථාවරව සිටියවුන් වනාහි, මතුලොවෙහි ඔවුන් මුහුණ දෙන්නට යන දෑහි ඔවුනට කිසිදු බියක් නැත. මෙලොවෙහි ඔවුනට මග හැරුණු කොටස පිළිබඳ හා ඔවුනට පසු ව ඇති වන දෑ පිළිබඳ ඔවුන් දුකට පත් වන්නේද නැත.
تفسیرهای عربی:
اُولٰٓىِٕكَ اَصْحٰبُ الْجَنَّةِ خٰلِدِیْنَ فِیْهَا ۚ— جَزَآءً بِمَا كَانُوْا یَعْمَلُوْنَ ۟
මෙම ගුණාංගවලින් වර්ණනා කරනු ලැබූවෝ ස්වර්ගවාසීහු වෙති. ඔවුන් එහි සදාකල් වෙසෙති. මෙලොවෙහි ඔවුන් ඉදිරිපත් කළ ඔවුන්ගේ දැහැමි ක්රියාවන් සඳහා ඔවුනට ප්රතිඵල ඇත.
تفسیرهای عربی:
از فواید آیات این صفحه:
• كل من عُبِد من دون الله ينكر على من عبده من الكافرين.
•අල්ලාහ් හැර නැමදුමට ලක්වන සියලු දෑ වනාහි, දෙවියන් ප්රතික්ෂේප කරන්නන් අතරින් ඒවාට ගැතිකම් කළවුන් හෙළා දකියි.

• عدم معرفة النبي صلى الله عليه وسلم بالغيب إلا ما أطلعه الله عليه منه.
•නබි (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමාණන්ට අල්ලාහ් පෙන්වා දුන් දෑ හැර එතුමාණන්ට ගුප්ත වූ දෑ පිළිබඳ එතුමා නොදැන සිටීම.

• وجود ما يثبت نبوّة نبينا صلى الله عليه وسلم في الكتب السابقة.
•පෙර පහළ වු දිව්ය ග්රන්ථවල අපගේ නබි (සල්ලල්ලාහු අලයිහි වසල්ල්ම) තුමාගේ නබිත්වය ගැන සහතික කරමින් සඳහන්ව තිබීම.

• بيان فضل الاستقامة وجزاء أصحابها.
•ස්ථාවරත්වයේ මහිමය හා එය පිළිපදින්නන් සතු ප්රතිඵලය.

وَوَصَّیْنَا الْاِنْسَانَ بِوَالِدَیْهِ اِحْسٰنًا ؕ— حَمَلَتْهُ اُمُّهٗ كُرْهًا وَّوَضَعَتْهُ كُرْهًا ؕ— وَحَمْلُهٗ وَفِصٰلُهٗ ثَلٰثُوْنَ شَهْرًا ؕ— حَتّٰۤی اِذَا بَلَغَ اَشُدَّهٗ وَبَلَغَ اَرْبَعِیْنَ سَنَةً ۙ— قَالَ رَبِّ اَوْزِعْنِیْۤ اَنْ اَشْكُرَ نِعْمَتَكَ الَّتِیْۤ اَنْعَمْتَ عَلَیَّ وَعَلٰی وَالِدَیَّ وَاَنْ اَعْمَلَ صَالِحًا تَرْضٰىهُ وَاَصْلِحْ لِیْ فِیْ ذُرِّیَّتِیْ ؕۚ— اِنِّیْ تُبْتُ اِلَیْكَ وَاِنِّیْ مِنَ الْمُسْلِمِیْنَ ۟
ආගමික පිළිවෙතට පටහැනි නොවන පරිදි තම දෙමාපියන් ජීවත් ව සිටින විට දී ඔවුන් දෙපළට ඇප උපස්ථාන කරන මෙන් ද ඔවුන් දෙපළ මිය ගිය පසු ද ඔවුන් දෙපළට උපකාර කරන මෙන් ද අපි මිනිසාට ඉතා තදින්ම නියෝග කර ඇත්තෙමු. විශේෂයෙන් තම මවටය. ඇය දැඩි දුෂ්කරතාවෙන් යුතු ව නියමිත කාලයක් කුස තුළ දරා ඔහු ව ඉසිලුවාය. පසුව බුද්ධිමය හා ශාරීරික වශයෙන් ශක්තිමත්ව වැඩෙන තෙක් මාස තිහක් කිරි පෙව්වාය. පසුව ඔහු හතළිස් වැනි වියට පත්ව, "මාගේ පරමාධිපතියාණනි, මා වෙත හා මාගේ දෙමව්පියන් වෙත නුඹ ආශිර්වාද කළ නුඹේ ආශිර්වාද සඳහා මා තුති පුදන්නට මට අවකාශය දෙනු මැනව! එමෙන්ම නුඹ තෘප්තියට පත්වන අයුරින් දැහැමි ක්රියාවන් මා සිදු කිරීමට ද මට අවකාශය දෙනු මැනව! මගෙන් එය පිළිගනු මැනව! මාගේ දරුවන් මට දැහැමියන් බවට පත් කර දෙනු මැනව. මාගේ පව්වලට මම ඔබ වෙත යොමු වී සමාව ඇයැද සිටිමි. සැබැවින්ම නුඹට අවනත වීම සඳහා නුඹ මා අවනත වන්නන් අතරටත් නුඹේ නියෝගවලට යටත් වන්නන් අතරටත් නුඹ මා පත් කරනු මැනව!" යැයි ඔහු පවසයි.
تفسیرهای عربی:
اُولٰٓىِٕكَ الَّذِیْنَ نَتَقَبَّلُ عَنْهُمْ اَحْسَنَ مَا عَمِلُوْا وَنَتَجَاوَزُ عَنْ سَیِّاٰتِهِمْ فِیْۤ اَصْحٰبِ الْجَنَّةِ ؕ— وَعْدَ الصِّدْقِ الَّذِیْ كَانُوْا یُوْعَدُوْنَ ۟
ඔවුහු වනාහි, ඔවුන් වඩාත් අලංකාර ව සිදු කළ දැහැමි ක්රියාවන් ඔවුන්ගෙන් අප පිළිගත් ඔවුන්ගේ පාපකම් හේතුවෙන් ඔවුන් වරදට හසුකර නොගෙන සමාව දුන් අය වෙති. ඔවුන් සමස්ත වශයෙන් ස්වර්ගවාසීන් වෙති. ඒ ගැන ප්රතිඥා දුන් මෙම ප්රතිඥාව සැබෑ ප්රතිඥාවකි. කිසිදු සැකයකින් තොරව එය උරුම වනු ඇත.
تفسیرهای عربی:
وَالَّذِیْ قَالَ لِوَالِدَیْهِ اُفٍّ لَّكُمَاۤ اَتَعِدٰنِنِیْۤ اَنْ اُخْرَجَ وَقَدْ خَلَتِ الْقُرُوْنُ مِنْ قَبْلِیْ ۚ— وَهُمَا یَسْتَغِیْثٰنِ اللّٰهَ وَیْلَكَ اٰمِنْ ۖۗ— اِنَّ وَعْدَ اللّٰهِ حَقٌّ ۚ— فَیَقُوْلُ مَا هٰذَاۤ اِلَّاۤ اَسَاطِیْرُ الْاَوَّلِیْنَ ۟
තම දෙමාපියන්ට, ‘නුඹලා දෙදෙනාට විනාශයක්ම වේවා! මා මිය ගිය පසු මාගේ මිණිවලෙන් මා ජීවමානව බැහැර වනු ඇතැයි නුඹලා දෙදෙනා මට අවවාද කරන්නෙහු ද? පරම්පරා ගණනාවක් ඉකුත්ව ගොස් ඇත. එහි මිනිසුන් ගණනාවක් මියැදී ඇත. ඔවුන්ගෙන් කිසිවෙකු ජීවමානව යළි අවදි කරනු ලැබුවේ නැත’ යැයි පවසන්නා වනාහි, ඔහුගේ දෙමව්පියන් ඔවුන් දෙදෙනාගේ දරුවාට දේව විශ්වාසය වෙත මඟ පෙන්වන්නැයි අල්ලාහ්ගෙන් උදව් ඉල්ලා සිටිමින් ඔවුන් දෙදෙනාගේ පුතුන්ට, ‘නුඹ යළි අවදිකරනු ලැබීම ගැන විශ්වාස නොකරන්නේ නම් ඔබට විනාශ අත් වනු ඇත. එහෙයින් නුඹ එය විශ්වාස කරනු. යළි නැගිටවනු ලැබීම ගැන අල්ලාහ් දී ඇති ප්රතිඥාව සත්යයකි. එහි කිසිදු සැකයක් නැතැයි පවසා සිටිති. එවිට ඔහු, යළි නැගිටුවනු ලැබීම හෙළා දකිමින් නැවතත්, "යළි නැගිටුවනු ලැබීම ගැන පවසනු ලබන මෙය, මුතුන් මිත්තන්ගේ ග්රන්ථවලින් හා ඔවුන් ලියූ ලේඛනවලින් උපුටා ගන්නා ලද්දකි. අල්ලාහ්ගෙන් බව එය ස්ථීර නැතැ’යි පවසයි.
تفسیرهای عربی:
اُولٰٓىِٕكَ الَّذِیْنَ حَقَّ عَلَیْهِمُ الْقَوْلُ فِیْۤ اُمَمٍ قَدْ خَلَتْ مِنْ قَبْلِهِمْ مِّنَ الْجِنِّ وَالْاِنْسِ ؕ— اِنَّهُمْ كَانُوْا خٰسِرِیْنَ ۟
ඔවුනට පෙර සිටි ජින්නුන් හා මිනිසුන් සමස්තය තුළ දඬුවම අනිවාර්යය වූවෝ ඔවුහුමය. සැබැවින්ම ඔවුහු ඔවුන්ට හා ඔවුන්ගේ පවුලේ උදවියට අලාභහානි සිදු කරමින් නිරයට ප්රවේශ වීමෙන් අලාභවන්තයින් බවට වූවෝ වෙති.
تفسیرهای عربی:
وَلِكُلٍّ دَرَجٰتٌ مِّمَّا عَمِلُوْا ۚ— وَلِیُوَفِّیَهُمْ اَعْمَالَهُمْ وَهُمْ لَا یُظْلَمُوْنَ ۟
ස්වර්ග වාසීන් හා නිරාවාසීන් යන කණ්ඩායම් දෙකින් සෑම කණ්ඩායමකටම ඔවුනොවුන්ගේ ක්රියාවන් අනුව තරාතිරම් ඇත. ස්වර්ගවාසීන්ගේ තරාතිරම උසස් නිලයකි. නිරාවාසීන්ගේ තරාතිරම පහත් තත්ත්වයකි. ඔවුන්ගේ ක්රියාවන් සඳහා වූ ප්රතිඵල අල්ලාහ් පූර්ණව ඔවුනට පිරිනමනු ඇත. මළවුන් කෙරෙන් නැගිටුවනු ලබන දිනයේ ඔවුන්ගේ යහපත් ක්රියාවන් කිසිවක් අඩු කිරීමෙන් හෝ ඔවුන් කළ පාපකම්හි කිසිවක් එකතු කිරීමෙන් ඔවුන් අසාධාරණයට ලක් වන්නේ නැත.
تفسیرهای عربی:
وَیَوْمَ یُعْرَضُ الَّذِیْنَ كَفَرُوْا عَلَی النَّارِ ؕ— اَذْهَبْتُمْ طَیِّبٰتِكُمْ فِیْ حَیَاتِكُمُ الدُّنْیَا وَاسْتَمْتَعْتُمْ بِهَا ۚ— فَالْیَوْمَ تُجْزَوْنَ عَذَابَ الْهُوْنِ بِمَا كُنْتُمْ تَسْتَكْبِرُوْنَ فِی الْاَرْضِ بِغَیْرِ الْحَقِّ وَبِمَا كُنْتُمْ تَفْسُقُوْنَ ۟۠
අල්ලාහ්ව ප්රතික්ෂේප කොට, ඔහුගේ දූතවරුන් බොරු කළවුන් නිරා ගින්න වෙත ඉදිරිපත් කරනු ලබන දින ඔවුහු එහි දඬුවමට ලක් වෙති. ඔවුන් හෙළා දකිමින් හා පහර දෙමින්, 'නුඹලාගේ මෙලොව ජීවිතයේ නුඹලාගේ යහකම් නුඹලා විනාශ කර ගත්තෙහුය. එහි ඇති වින්ඳනයන් වින්දෙහුය. නුඹලා කිසිදු යුක්තියකින් තොරව මහපොළොවේ උඩඟුකම් පෑ හේතුවෙන් ද දේව ප්රතික්ෂේපය හා පාපකම් තුළින් අල්ලාහ්ට අවනත වීමෙන් නුඹලා බැහැර වූ හේතුවෙන් ද අද දින නුඹලා අවමානයට පත් කරන අපහාසයට පත් කරන දඬුවම නුඹලාට විපාක වශයෙන් පිරිනමනු ලැබේ.' යැයි පවසති.
تفسیرهای عربی:
از فواید آیات این صفحه:
• بيان مكانة بِرِّ الوالدين في الإسلام، بخاصة في حق الأم، والتحذير من العقوق.
•ඉස්ලාමය තුළ දෙමව්පියන්ට ඇප උපස්ථාන කිරීමේ ස්ථාවරය පැහැදිලි කිරීම, විශේෂයෙන් මවට හිමි වගකීම්වලදී. ඔවුනට හිංසා නොකිරීම පිළිබඳ අවවාදය.

• بيان خطر التوسع في ملاذّ الدنيا؛ لأنها تشغل عن الآخرة.
•මෙලොව වින්ඳනයන්හි විශාල වශයෙන් නිරත වීමේ අවදානම පැහැදිලි කිරීම. සැබැවින්ම එය මතුලොව පිළිබඳ මතකයෙන් වෙනතකට යොමු කරනු ඇත.

• بيان الوعيد الشديد لأصحاب الكبر والفسوق.
•උඩඟු මෙන්ම දුෂ්ට ජනයා සඳහා වූ දැඩි අවවාදය විස්තර කිරීම.

وَاذْكُرْ اَخَا عَادٍ اِذْ اَنْذَرَ قَوْمَهٗ بِالْاَحْقَافِ وَقَدْ خَلَتِ النُّذُرُ مِنْ بَیْنِ یَدَیْهِ وَمِنْ خَلْفِهٖۤ اَلَّا تَعْبُدُوْۤا اِلَّا اللّٰهَ ؕ— اِنِّیْۤ اَخَافُ عَلَیْكُمْ عَذَابَ یَوْمٍ عَظِیْمٍ ۟
අහෝ දූතය! පෙළපතින් ආද්ගේ සහෝදර හූද් තුමා තම සමූහයාට අල්ලාහ්ගේ දඬුවම පහළ වීම ගැන අවවාද කළ අවස්ථාව මෙනෙහි කර බලනු. ඔවුන්ගේ නිවෙස් අරාබි අර්ධත්වීපයට දකුණු දෙසින් වැලිකඳු මත පිහිටා තිබිණ. හූද්ට පෙරත් ඔහුගෙන් පසුවත් ඔවුන්ගේ සමූහයාට අවවාද කරමින්, ‘අල්ලාහ් පමණක් හැර වෙනත් කිසිවකු නොනමදින මෙන් ඔවුනට පවසමින් පැමිණි දූතවරුන් ඉකුත් ව ගොස් ඇත. එහෙයින් නුඹලා ඔහු සමග වෙනත් කිසිවකු නොනමදිනු. අහෝ මාගේ ජනයිනි! මහත් වූ දිනයේ දඬුවම නුඹලාට අත්වනු ඇතැයි සැබැවින්ම මම බිය වෙමි. එය මළවුන් කෙරෙන් නැගිටුවනු ලබන දිනයයි.' යැයි පැවසීය.
تفسیرهای عربی:
قَالُوْۤا اَجِئْتَنَا لِتَاْفِكَنَا عَنْ اٰلِهَتِنَا ۚ— فَاْتِنَا بِمَا تَعِدُنَاۤ اِنْ كُنْتَ مِنَ الصّٰدِقِیْنَ ۟
ඔහුගේ ජනයා ඔහුට, ‘අපගේ දෙවිවරුන් නැමදීමෙන් අප හරවන්නට නුඹ අප වෙත පැමිණියෙහි ද? සැබැවින්ම එය නුඹට සුදුසු කාර්යයක් නොවන්නේ ය. එසේනම්, නුඹ වාද කරමින් සිටින දෑහි නුඹ සත්යවාදියෙකු නම් නුඹ අපට ප්රතිඥා දෙන දඬුවම අප වෙත ගෙන එනු’ යැයි පැවසීය.
تفسیرهای عربی:
قَالَ اِنَّمَا الْعِلْمُ عِنْدَ اللّٰهِ ؗ— وَاُبَلِّغُكُمْ مَّاۤ اُرْسِلْتُ بِهٖ وَلٰكِنِّیْۤ اَرٰىكُمْ قَوْمًا تَجْهَلُوْنَ ۟
"දඬුවමෙහි වේලාව පිළිබඳ දැනුම ඇත්තේ අල්ලාහ් වෙත පමණය. ඒ ගැන දැනුම මට නැත. සැබැවින්ම නුඹලා වෙත දැනුම් දෙන මෙන් කවර කරුණක් මා වෙත එවනු ලැබුවේ ද එය මා නුඹලාට දැනුම් දෙන්නෙකු පමිණි. නමුත් නුඹලාට ප්රයෝජනය ඇති දෑ නුඹලා අතහැර දමා; නුඹලාට හානිය ඇති දෑ ගෙන එමින් කටයුතු කරන අඥාන සමූහයක් ලෙස මම නුඹලාව දකිමි." යැයි ඔහු පැවසීය.
تفسیرهای عربی:
فَلَمَّا رَاَوْهُ عَارِضًا مُّسْتَقْبِلَ اَوْدِیَتِهِمْ ۙ— قَالُوْا هٰذَا عَارِضٌ مُّمْطِرُنَا ؕ— بَلْ هُوَ مَا اسْتَعْجَلْتُمْ بِهٖ ؕ— رِیْحٌ فِیْهَا عَذَابٌ اَلِیْمٌ ۟ۙ
ඔවුන් ඉක්මන් කරමින් පැතූ දඬුවම ඔවුන් වෙත පැමිණි කල්හි, ඔවුන්ගේ මිටියාවත දෙසට මුහුණලා අහස දෙසින් තාවකාලික වළාවක් සේ එය එනු දුටු ඔවුහු, ‘මෙය අපට වර්ෂාව ඇති කරන තාවකාලික වලාවකි’ යැයි පැවසුවෝය. ඔවුනට හූද් තුමා: සැබැවින්ම එය නුඹලාට වැසි ගෙන දෙන වලාවක් යැයි නුඹලා අනුමාන කරනවාක් මෙන් එම කරුණ නැත. එය නුඹලා ඉක්මන් කරන්නැයි පැතූ දඬුවමයි. එය වේදනාවෙන් පිරුණු දඬුවමේ සුළඟයි.
تفسیرهای عربی:
تُدَمِّرُ كُلَّ شَیْ بِاَمْرِ رَبِّهَا فَاَصْبَحُوْا لَا یُرٰۤی اِلَّا مَسٰكِنُهُمْ ؕ— كَذٰلِكَ نَجْزِی الْقَوْمَ الْمُجْرِمِیْنَ ۟
විනාශ කරන මෙන් වූ අල්ලාහ්ගේ නියෝගය අනුව, එය කවර දෙයක් හරහා ගමන් ගත්තේද ඒ සියල්ල විනාශ කර දැමීය. ඔවුහු ද විනාශයට පත්වූහ. මීට පෙර ඔවුන් එහි සිටි බවට සාක්ෂි දරණ ඔවුන් පදිංචිව සිටි ඔවුන්ගේ නිවෙස් හැර වෙනත් කිසිවක් එහි දක්නට ලැබුණේ නැත. මෙම් වේදනීය ප්රතිවිපාකය මෙන් ප්රතිවිපාකයක් දේව ප්රතික්ෂේපයේ හා පාපකම්හි නිරතව සිටින අපරාධකරුවන්හටත් අපි පිරිනමමු.
تفسیرهای عربی:
وَلَقَدْ مَكَّنّٰهُمْ فِیْمَاۤ اِنْ مَّكَّنّٰكُمْ فِیْهِ وَجَعَلْنَا لَهُمْ سَمْعًا وَّاَبْصَارًا وَّاَفْـِٕدَةً ۖؗ— فَمَاۤ اَغْنٰی عَنْهُمْ سَمْعُهُمْ وَلَاۤ اَبْصَارُهُمْ وَلَاۤ اَفْـِٕدَتُهُمْ مِّنْ شَیْءٍ اِذْ كَانُوْا یَجْحَدُوْنَ بِاٰیٰتِ اللّٰهِ وَحَاقَ بِهِمْ مَّا كَانُوْا بِهٖ یَسْتَهْزِءُوْنَ ۟۠
සැබැවින්ම අප නුඹලාට නොදුන් පහසුකම් හූද්ගේ ජනයාට අපි පිරිනැමුවෙමු. සවන් දෙන්නට ඔවුනට සවන් ද, බලන්නට ඔවුනට දෘෂ්ටිය ද, වටහා ගන්නට හදවත් ද අපි ඇති කළෙමු. නමුත් ඔවුන්ගේ සවන් හෝ ඔවුන්ගේ දෘෂ්ටිය හෝ ඔවුන්ගේ බුද්ධිය හෝ කිසිවක් ඔවුනට ප්රයෝජනවත් නොවීය. අල්ලාහ්ගේ දඬුවම ඔවුන් වෙත පැමිණි කල්හි ඔවුන්ගෙන් එම දඬුවම ඒවා වැළැක්වූයේ නැත. එවිටද ඔවුහු අල්ලාහ්ගේ වදන් ප්රතික්ෂේප කරමින් සිටියෝය. ඔවුන්ගේ නබිවරයා වූ හූද් (අලයිහිස් සලාම්) තුමා කවර දඬුවමක් ගැන ඔවුන් බියගැන්වූයේ ද ඒ ගැන හාස්යයට ලක් කරමින් සිටි එම දඬුවම ඔවුනට පහළ විය.
تفسیرهای عربی:
وَلَقَدْ اَهْلَكْنَا مَا حَوْلَكُمْ مِّنَ الْقُرٰی وَصَرَّفْنَا الْاٰیٰتِ لَعَلَّهُمْ یَرْجِعُوْنَ ۟
අහෝ මක්කා වැසියනි! සැබැවින් අපි නුඹ අවට පිහිටි ගම්මාන විනාශ කළෙමු. ඒ අනුව ආද්, සමූද්, ලූත්ගේ ජනයා හා මද්යන් වාසීන් සැබැවින්ම අපි විනාශ කළෙමු. ඔවුන්ගේ ප්රතික්ෂේපයෙන් ඔවුන් නැවත හැරෙනු ඇතැයි යන යහපත් බලාපොරොත්තුවෙන් ඔවුනට විවිධ සාක්ෂි හා සාධක ඉදිරිපත් කළෙමු.
تفسیرهای عربی:
فَلَوْلَا نَصَرَهُمُ الَّذِیْنَ اتَّخَذُوْا مِنْ دُوْنِ اللّٰهِ قُرْبَانًا اٰلِهَةً ؕ— بَلْ ضَلُّوْا عَنْهُمْ ۚ— وَذٰلِكَ اِفْكُهُمْ وَمَا كَانُوْا یَفْتَرُوْنَ ۟
අල්ලාහ් හැර දමා නැමදුමෙන් හා සතුන් කැප කිරීමෙන් සමීප වන්නට බලන; ඒවා දෙවිවරුන් ලෙස ගත් ඔවුන්ගේ පිළිම ඔවුනට උදව් කළ යුතු නොවේ ද? ඒවා කිසිවිටෙක ඔවුනට උදව් කර නැත. ඉතා අත්යවශ්ය අවස්ථාවක ඒවා ඔවුන්ගෙන් සැඟවී ගොස් ඇත. සැබැවින්ම මෙම පිළිම ඔවුනට ප්රයෝජනවත් වන බවත් අල්ලාහ් අබියස ඔවුන් වෙනුවෙන් මැදිහත් වන බවත් ඔවුන් විසින්ම ඇති කරගත් ඔවුන්ගේ ප්රබන්ධ හා ඔවුන්ගේ බොරුව (ස්ථීර) විය.
تفسیرهای عربی:
از فواید آیات این صفحه:
• لا علم للرسل بالغيب إلا ما أطلعهم ربهم عليه منه.
•දූතවරුන් වෙත ඔවුන්ගේ පරමාධිපතියාණන් පෙන්වා දුන් දෑ මිස ගුප්ත දෑ පිළිබඳ දැනුම ඔවුනට නැත.

• اغترار قوم هود حين ظنوا العذاب النازل بهم مطرًا، فلم يتوبوا قبل مباغتته لهم.
•තමන් වෙත වර්ෂාවක් පහළවන්නට යනු ඇතැයි දඬුවම ගැන අනුමාන කළ හූද්ගේ ජනයා රැවටීමට ලක්විය. ඔවුනට එය අත්වීමට පෙර පාපක්ෂමාවේ ඔවුන් නිරත වූයේ නැත.

• قوة قوم عاد فوق قوة قريش، ومع ذلك أهلكهم الله.
•කුරෙයිෂ්වරුන්ගේ බලයට වඩා ඉහළින් ආද් සමූහයාගේ බලය තිබියදීත් අල්ලාහ් ඔවුන් විනාශ කර දැමීය.

• العاقل من يتعظ بغيره، والجاهل من يتعظ بنفسه.
•බුද්ධිවන්තයා යනු වෙනත් අය විසින් උපදෙස් පතන්නාය. අඥානයා යනු තමන් විසින් උපදෙස් පතන්නාය.

وَاِذْ صَرَفْنَاۤ اِلَیْكَ نَفَرًا مِّنَ الْجِنِّ یَسْتَمِعُوْنَ الْقُرْاٰنَ ۚ— فَلَمَّا حَضَرُوْهُ قَالُوْۤا اَنْصِتُوْا ۚ— فَلَمَّا قُضِیَ وَلَّوْا اِلٰی قَوْمِهِمْ مُّنْذِرِیْنَ ۟
අහෝ ධර්ම දූතය! නුඹ වෙත පහළ කරන ලද අල් කුර්ආනයට සවන් දෙන ජින්නුන් කණ්ඩායමක් අපි නුඹ වෙත පහළ කළ අවස්ථාව මෙනෙහි කර බලනු. එය සවන් දෙන්නට ඔවුන් සහභාගී වූ කල්හි ඇතැමෙක් ඇතැමෙකුට, ‘අප එයට සවන් දිය හැකි සේ නුඹලා නිහඬ ව සිටිනු’ යැයි පැවසූහ. දූතයාණන් (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) එය කියවා අවසන් කළ කල්හි, ඔවුන්ගේ ජනයා වෙත ඔවුන් හැරීගොස් ඔවුන් අල් කුර්ආනය විශ්වාස නොකළේ නම්, ඔවුනට හිමිවන අල්ලාහ්ගේ දඬුවම ගැන ඔවුන් ඔවුනට අවවාද කරන්නට විය.
تفسیرهای عربی:
قَالُوْا یٰقَوْمَنَاۤ اِنَّا سَمِعْنَا كِتٰبًا اُنْزِلَ مِنْ بَعْدِ مُوْسٰی مُصَدِّقًا لِّمَا بَیْنَ یَدَیْهِ یَهْدِیْۤ اِلَی الْحَقِّ وَاِلٰی طَرِیْقٍ مُّسْتَقِیْمٍ ۟
ඔවුහු ඔවුනට, ‘අපගේ ජනයිනි, අල්ලාහ් වෙතින් පෙර පහළ කරන ලද දිව්යමය ග්රන්ථ සහතික කරමින්, මූසාගෙන් පසු අල්ලාහ් පහළ කළ දිව්ය ග්රන්ථයකට සැබැවින්ම අපි සවන් දුනිමු. අප සවන් දුන් එම ග්රන්ථය සත්යය වෙත මග පෙන්වයි. ඍජු මාර්ගය වෙත යොමු කරයි. එය ඉස්ලාම් නොහොත් අවනතවීමේ මාර්ගයයි’ යැයි පැවසුවෝය.
تفسیرهای عربی:
یٰقَوْمَنَاۤ اَجِیْبُوْا دَاعِیَ اللّٰهِ وَاٰمِنُوْا بِهٖ یَغْفِرْ لَكُمْ مِّنْ ذُنُوْبِكُمْ وَیُجِرْكُمْ مِّنْ عَذَابٍ اَلِیْمٍ ۟
අපගේ ජනයිනි, මුහම්මද් කවර සත්යයක් වෙත නුඹලාව ඇරයුම් කර සිටියේද එයට නුඹලා ප්රතිචාර දක්වනු. සැබැවින්ම ඔහු ඔහුගේ පරමාධිපතිගෙන් වූ දූතයකු බව විශ්වාස කරනු. නුඹලාගේ පාපකම් වෙනුවෙන් ඔහු අල්ලාහ් ඉදිරියේ සමාව අයද සිටියි. සත්ය වෙත නුඹලාව ඇරයුම් කරන විට නුඹලා එයට ප්රතිචාර නොදක්වා, සැබැවින්ම ඔහු ඔහුගේ පරමාධිපතිගෙන් වූ දූතයෙකු බව නුඹලා විශ්වාස නොකළ අවස්ථාවේ, නුඹලාව බලාපොරොත්තුවෙන් සිටින වේදනීය දඬුවමින් ඔහු නුඹලාව මුදවා ගනියි.
تفسیرهای عربی:
وَمَنْ لَّا یُجِبْ دَاعِیَ اللّٰهِ فَلَیْسَ بِمُعْجِزٍ فِی الْاَرْضِ وَلَیْسَ لَهٗ مِنْ دُوْنِهٖۤ اَوْلِیَآءُ ؕ— اُولٰٓىِٕكَ فِیْ ضَلٰلٍ مُّبِیْنٍ ۟
මුහම්මද් (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමා සත්යයෙන් යුතුව කවර කරුණක් වෙත ඇරයුම් කර සිටියේ ද ඒ සඳහා කවරෙකු ඔහුට පිළිතුරු නොදෙන්නේ ද, එවිට මහපොළොවේ කිසිවිටෙක අල්ලාහ්ගෙන් පලා යන්නට ඔහුට නොහැකි වන්නේය. දඬුවමෙන් ඔහු මුදවා ගන්නට අල්ලාහ් හැර වෙනත් භාරකරුවන් ඔහුට නැත. සත්යයෙන් පෙරළී පැහැදිලි නොමඟෙහි පසුවන්නෝ ඔවුහුමය.
تفسیرهای عربی:
اَوَلَمْ یَرَوْا اَنَّ اللّٰهَ الَّذِیْ خَلَقَ السَّمٰوٰتِ وَالْاَرْضَ وَلَمْ یَعْیَ بِخَلْقِهِنَّ بِقٰدِرٍ عَلٰۤی اَنْ یُّحْیِ الْمَوْتٰی ؕ— بَلٰۤی اِنَّهٗ عَلٰی كُلِّ شَیْءٍ قَدِیْرٌ ۟
යළි නැගිටුවනු ලැබීම බොරු යැයි පවසන මෙම දේව ආදේශකයින්, සැබැවින්ම අහස් හා මහපොළොව ද ඒවායෙහි විශාලත්වය හා පුළුල්භාවය සමග මැවීමෙන් දුර්වල නොවූ අල්ලාහ්, විනිශ්චය හා ප්රතිඵල සඳහා මියගියවුනට ප්රාණය දීමට බලය ඇත්තා බව නොදුටුවෝද? එසේය, සැබැවින්ම ඔවුනට ජීවය දෙන්නට ඔහු බලය ඇත්තාය. සැබැවින්ම ශුද්ධවන්තයාණන් සියලු දෑ හි සර්වබලධාරීය. මළවුන්ට යළි ජීවය ලබාදෙන්නට නොහැකි කෙනෙකු නොවන්නේය.
تفسیرهای عربی:
وَیَوْمَ یُعْرَضُ الَّذِیْنَ كَفَرُوْا عَلَی النَّارِ ؕ— اَلَیْسَ هٰذَا بِالْحَقِّ ؕ— قَالُوْا بَلٰی وَرَبِّنَا ؕ— قَالَ فَذُوْقُوا الْعَذَابَ بِمَا كُنْتُمْ تَكْفُرُوْنَ ۟
අල්ලාහ් හා ඔහුගේ දූතයාණන් ප්රතික්ෂේප කළවුන් දඬුවමට ලක් කිරීම සඳහා නිරා ගින්නට ඉදිරිපත් කරනු ලබන දිනයේ ඔවුන් හෙළා දකිමින්, ‘නුඹලා දකින මෙම දඬුවම් සැබෑවක් නොවේ ද? එසේ නැතහොත් මෙලොවෙහි නුඹලා පවසමින් සිටියාක් මෙන් එය බොරුවක් දැ?’යි විමසනු ලබති. ඔවුහු: ‘එසේය, අපගේ පරමාධිපතිගේ නාමයෙන් සැබැවින්ම එය සත්යයකි’ යැයි පවසති. පසුව ඔවුනට, ‘නුඹලා අල්ලාහ්ව ප්රතික්ෂේප කළ හේතුවෙන් දඬුවම විඳවනු’ යැයි කියනු ලැබේ.
تفسیرهای عربی:
فَاصْبِرْ كَمَا صَبَرَ اُولُوا الْعَزْمِ مِنَ الرُّسُلِ وَلَا تَسْتَعْجِلْ لَّهُمْ ؕ— كَاَنَّهُمْ یَوْمَ یَرَوْنَ مَا یُوْعَدُوْنَ ۙ— لَمْ یَلْبَثُوْۤا اِلَّا سَاعَةً مِّنْ نَّهَارٍ ؕ— بَلٰغٌ ۚ— فَهَلْ یُهْلَكُ اِلَّا الْقَوْمُ الْفٰسِقُوْنَ ۟۠
අහෝ ධර්ම දූතය! නුඹේ ජනයා නුඹව බොරු කරන විට නූහ්, ඉබ්රාහීම්, මූසා හා ඊසා නම් ප්රධාන පෙළේ දූතවරුන් ඉවසීමෙන් සිටියාක් මෙන් නුඹ ද ඉවසීමෙන් සිටිනු. ඔවුනට දඬුවම් කිරීමට නුඹ ඉක්මන් නොවනු. සැබැවින්ම නුඹේ සමූහයා අතරින් මතුලොව දඬුවම ගැන ඔවුනට අවවාද කරනු ලබන දෑ ඔවුන් දකින දින ඔවුන්ගේ දඬුවමේ දිගුභාවය හේතුවෙන් ඔවුන් මෙලොව දහවල් කාලයේ හෝරාවක් මිස රැඳි නොසිටියාක් මෙන් පවතී. මුහම්මද් (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමා වෙත පහළ කරනු ලැබූ මෙම කුර්ආනය මිනිසුන් හා ජින්නුන් සඳහා ප්රමාණවත් දැනුම් දීමකි. දේව ප්රතික්ෂේපය හා පාපකම් තුළින් අල්ලාහ්ට අවනත වීමෙන් බැහැරවන ජනයා මිස වෙනත් කිසිවකු දඬුවමින් ඔහු විනාශ කරන්නේ නැත.
تفسیرهای عربی:
از فواید آیات این صفحه:
• من حسن الأدب الاستماع إلى المتكلم والإنصات له.
•කතා කරන්නාට නිහඬ ව සිට සවන් දීම යහපත් විනයකි.

• سرعة استجابة المهتدين من الجنّ إلى الحق رسالة ترغيب إلى الإنس.
• සත්යය වෙත මඟ ලැබූ ජින්නුන්ගේ ඉක්මන් ප්රතිචාරය මිනිස් වර්ගයා දිරිමත් කිරීමේ පණිවිඩයකි.

• الاستجابة إلى الحق تقتضي المسارعة في الدعوة إليه.
•සත්යය වෙත පිළිතුරු දීම ඒ වෙත ඇරයුම් කිරීමේ යුහුසුළුභාවය නියම කරනු ඇත.

• الصبر خلق الأنبياء عليهم السلام.
•ඉවසීම නබිවරුන්ගේ ගුණාංගයකි.

 
ترجمهٔ معانی سوره: سوره احقاف
فهرست سوره ها شماره صفحه
 
ترجمهٔ معانی قرآن کریم - الترجمة السنهالية للمختصر في تفسير القرآن الكريم - لیست ترجمه ها

الترجمة السنهالية للمختصر في تفسير القرآن الكريم، صادر عن مركز تفسير للدراسات القرآنية.

بستن