ترجمهٔ معانی قرآن کریم - الترجمة السنهالية للمختصر في تفسير القرآن الكريم * - لیست ترجمه ها


ترجمهٔ معانی آیه: (133) سوره: سوره اعراف
فَاَرْسَلْنَا عَلَیْهِمُ الطُّوْفَانَ وَالْجَرَادَ وَالْقُمَّلَ وَالضَّفَادِعَ وَالدَّمَ اٰیٰتٍ مُّفَصَّلٰتٍ ۫— فَاسْتَكْبَرُوْا وَكَانُوْا قَوْمًا مُّجْرِمِیْنَ ۟
ඔවුන් බොරු කිරීම හේතුවෙන් හා ඔවුන්ගේ මුරණ්ඩුකම හේතුවෙන් ඔවුනට දඬුවමක් වශයෙන් අපි ඔවුන් වෙත මහා වර්ෂාවක් පහළ කළෙමු. ඔවුන්ගේ ගොයම් හා පලතුරු වගාවන් දියේ ගිලිණ. තවද අපි ඔවුන් වෙත පළගැටියන් එව්වෙමු. උන් ඔවුන්ගේ බෝග වගාවන් කා දැමීය. තවද අපි ඔවුන් වෙත මැක්කන් හා උකුණන් එව්වෙමු. ඒවා ඔවුන්ගේ පැළෑටි විනාශ කර දැමීය. මිනිසාගේ කෙස් තුළට පිවිස ඔවුනට වේදනාව ගෙන දුනි. තවද අපි ඔවුන් වෙත ගෙම්බන් එව්වෙමු. ඔවුන්ගේ බහාලුම් උන්ගෙන් පිරී ගිය අතර උන් ඔවුන්ගේ ආහාර නරක් කර දැමීය. තවද අපි ඔවුන් වෙත රුධිරය එව්වෙමු. ඔවුන්ගේ ළිං හා ඔවුන්ගේ ගංගාවන් ලේ බවට පත් විය. මේ සියලු සංඥාවන් වෙන් වෙන් ව, එකින් පසු එකක් ලෙස අපි එව්වෙමු. ඔවුනට අත් වූ සෑම දඬුවමකින්ම අල්ලාහ් පිළිබඳ විශ්වාසයත් මූසා (අලය්හිස් සලාම්) තුමාණන් ගෙන ආ දෑ තහවුරු වීමත් මෙමගින් සිදු විය. නමුත් ඔවුහු පාපකම් සිදු කරන පිරිසක් වූහ. ව්යාජ දැයින් ඔවුන් ඉවත් වූයේ නැත. සත්යය වෙත මග ලැබුවේ ද නැත.
تفسیرهای عربی:
از فواید آیات این صفحه:
• الخير والشر والحسنات والسيئات كلها بقضاء الله وقدره، لا يخرج منها شيء عن ذلك.
යහපත හා අයහපත මෙන්ම කුසල හා අකුසල යන සියල්ල අල්ලාහ්ගේ තීන්දුව හා ඔහුගේ නියමය අනුව පිහිටන්නේය. එයින් කිසිවක් බැහැරට නොයනු ඇත.

• شأن الناس في وقت المحنة والمصائب اللجوء إلى الله بدافع نداء الإيمان الفطري.
විපතක දී හෝ ව්යසනයක දී හෝ සහජ විශ්වාසයේ ඇරයුමෙන් පෙලඹී, අල්ලාහ් වෙත යොමු වීම මිනිසාගේ කාර්යය වන්නේය.

• يحسن بالمؤمن تأمل آيات الله وسننه في الخلق، والتدبر في أسبابها ونتائجها.
දෙවියන් විශ්වාස කරන මුඃමින්වරයකුට අලංකාර වනුයේ, අල්ලාහ්ගේ ප්රාතිහාර්යයන් පිළිබඳ හා මැවීම් තුළ ඇති ඔහුගේ න්යායයන් පිළිබඳ වටහා ගැනීමත් එහි කරුණු සාධක හා ප්රයෝජන පිළිබඳව පරිශීලනය කිරීමත්ය.

• تتلاشى قوة الأفراد والدول أمام قوة الله العظمى، والإيمان بالله هو مصدر كل قوة.
අල්ලාහ්ගේ ශ්රේෂ්ඨ බලය ඉදිරියේ පුද්ගලයින් හා දේශයන්හි බලය අතුරුදහන් වන අතර අල්ලාහ් පිළිබඳ වූ විශ්වාසය සියලු බලයන්හි උල්පත වන්නේය.

• يكافئ الله تعالى عباده المؤمنين الصابرين بأن يمكِّنهم في الأرض بعد استضعافهم.
අල්ලාහ්ගේ ගැත්තන් අතුරින් ඉවසිලිවන්ත දේව විශ්වාසී ජනයාට ඔවුන් දුර්වල වූවායින් පසු මහපොළොවේ පහසුකම් ඔහු ඔවුනට සලසා දෙයි.

 
ترجمهٔ معانی آیه: (133) سوره: سوره اعراف
فهرست سوره ها شماره صفحه
 
ترجمهٔ معانی قرآن کریم - الترجمة السنهالية للمختصر في تفسير القرآن الكريم - لیست ترجمه ها

الترجمة السنهالية للمختصر في تفسير القرآن الكريم، صادر عن مركز تفسير للدراسات القرآنية.

بستن