ترجمهٔ معانی قرآن کریم - الترجمة السنهالية للمختصر في تفسير القرآن الكريم * - لیست ترجمه ها


ترجمهٔ معانی سوره: سوره توبه   آیه:

සූරා අත් තව්බා

از اهداف این سوره:
البراءة من المشركين والمنافقين وجهادهم، وفتح باب التوبة للتائبين.
දේවත්වය ප්රතික්ෂේප කරන්නන්ගෙන් හා කුහකයින්ගෙන් නිදහස් වීම, ඔවුන් සමග අරගල කිරීම හා පාප ක්ෂමාවෙහි නිරත වන්නන් හට පශ්චාත්තාප වීමේ දොරටුව විවෘත කර තිබීම.

بَرَآءَةٌ مِّنَ اللّٰهِ وَرَسُوْلِهٖۤ اِلَی الَّذِیْنَ عٰهَدْتُّمْ مِّنَ الْمُشْرِكِیْنَ ۟ؕ
මෙය අල්ලාහ්ගෙන් හා ඔහුගේ දූතයාණන්ගේ බන්ධනයෙන් නිදහස් වීමයි. අහෝ මුස්ලිම්වරුනි! අරාබි ද්වීපයේ වෙසෙන දේව ආදේශකයින් සමග නුඹලා ගිවිසගත් ගිවිසුම අවසන් බවට දැනුම් දීමයි.
تفسیرهای عربی:
فَسِیْحُوْا فِی الْاَرْضِ اَرْبَعَةَ اَشْهُرٍ وَّاعْلَمُوْۤا اَنَّكُمْ غَیْرُ مُعْجِزِی اللّٰهِ ۙ— وَاَنَّ اللّٰهَ مُخْزِی الْكٰفِرِیْنَ ۟
අහෝ දෙවියන්ට ආදේශ තබන්නනි! නුඹලා මහපොළොවේ මාස හතරක් සුරක්ෂිතව සැරිසරනු. ඉන් පසු නුඹලාට කිසිදු ගිවිසුමක් හෝ කිසිදු ආරක්ෂාවක් හෝ නොමැත. නුඹලා කවර කරුණක් ප්රතික්ෂේප කළේ ද, එවන් දෑ හි අඛණ්ඩ ව සිටින්නේ නම් අල්ලාහ්ගේ විපාකයෙන් හා ඔහුගේ දඬුවමින් සැබැවින්ම නුඹලා මිදෙන්නේ නැති බව තරයේ විශ්වාස කරනු. එමෙන්ම දෙවියන්ට ආදේශ තබන්නන්, මෙලොවෙහි ඝාතනය කරනු ලැබීමෙන් හා සිරගත කරනු ලැබීමෙන් අවමානයට පත් වන බවත් මළවුන් කෙරෙන් නැගිටුවනු ලබන දිනයේ නිරා ගින්නට පිවිසීමෙන් අවමානයට පත් වන බවත් නුඹලා තරයේ විශ්වාස කරනු. තම ගිවිසුම් කඩ කරන්නන් හා නිශ්චිත ගිවිසුමකින් තොර පොදු ගිවිසුමක පසුවන්නන් ද මෙහි ඇතුළත් වන්නේය. සැබැවින්ම නිෂ්චිත ගිවිසුමක් ඇති අය වනාහි, මාස හතරකට වඩා අධික වූයේ නම් එවිට ඔහුගේ ගිවිසුම එහි නියමිත කාලය දක්වාම පූර්ණ කරනු ලැබිය යුතු වේ.
تفسیرهای عربی:
وَاَذَانٌ مِّنَ اللّٰهِ وَرَسُوْلِهٖۤ اِلَی النَّاسِ یَوْمَ الْحَجِّ الْاَكْبَرِ اَنَّ اللّٰهَ بَرِیْٓءٌ مِّنَ الْمُشْرِكِیْنَ ۙ۬— وَرَسُوْلُهٗ ؕ— فَاِنْ تُبْتُمْ فَهُوَ خَیْرٌ لَّكُمْ ۚ— وَاِنْ تَوَلَّیْتُمْ فَاعْلَمُوْۤا اَنَّكُمْ غَیْرُ مُعْجِزِی اللّٰهِ ؕ— وَبَشِّرِ الَّذِیْنَ كَفَرُوْا بِعَذَابٍ اَلِیْمٍ ۟ۙ
‘යව්මුන් නහ්ර්’ හෙවත් හජ් අවුරුදු දිනක සැබැවින්ම අල්ලාහ් ඔහුට ආදේශ තබන්නන්ගේ බන්ධනයෙන් නිදහස් වූ බවටත් එලෙසම ඔහුගේ දූතයාණන් ද ඔවුන්ගේ බන්ධනයෙන් නිදහස් වූ බවටත් අල්ලාහ්ගෙන් වූ දැනුම් දීමක් මෙන්ම ඔහුගේ දූතයාණන්ගෙන් වූ දැනුම් දීමකි. අහෝ දෙවියන්ට ආදේශ තබන්නනි! නුඹලා තබන ආදේශයෙන් මිදී පාප ක්ෂමා ව අයැද සිටියේ නම් නුඹලාගේ පාප ක්ෂමා ව නුඹලාට යහපතක් වනු ඇත. පාප ක්ෂමා ව අයැදීමට නුඹලා පිටුපාන්නෙහු නම් ස්ථීර ව දැන ගනු! නුඹලා අල්ලාහ්ගෙන් මිදෙන්නේ නැත. ඔහුගේ දඬුවමින් ගැලවෙන්නේ ද නැත. අහෝ දූතය! ප්රතික්ෂේප කළ ඔවුනට අත්වන අභාග්යය පිළිබඳ තොරතුරු ඔවුනට දන්වා සිටිනු. එය ඔවුන් පිළිබඳ අපේක්ෂාවෙන් සිටින වේදනා සහගත දඬුවමකි.
تفسیرهای عربی:
اِلَّا الَّذِیْنَ عٰهَدْتُّمْ مِّنَ الْمُشْرِكِیْنَ ثُمَّ لَمْ یَنْقُصُوْكُمْ شَیْـًٔا وَّلَمْ یُظَاهِرُوْا عَلَیْكُمْ اَحَدًا فَاَتِمُّوْۤا اِلَیْهِمْ عَهْدَهُمْ اِلٰی مُدَّتِهِمْ ؕ— اِنَّ اللّٰهَ یُحِبُّ الْمُتَّقِیْنَ ۟
නමුත්, දෙවියන්ට ආදේශ තබන්නන් අතරින් නුඹලා ඔවුන් සමග ගිවිසුම් ඇති කර ගත් අය හැර. ඔවුන් නුඹලාගේ ගිවිසුම ඉටු කළෝය. ඒ කිසිවක් ඔවුන් උල්ලංඝනය නොකළෝය. පෙර සඳහන් නීතියෙන් ඔවුන් වෙන් වන්නෝ වෙති. එහෙයින් ඔවුන්ගේ ගිවිසුම් එහි නියමිත කාලය අවසන් වන තෙක් ඔවුන් වෙනුවෙන් ඉටු කරනු. අල්ලාහ් ඔහුගේ නියෝග පිළිපදින බැතිමතුන්ට ප්රිය කරන්නේය. ගිවිසුම ඉටු කිරීමත් ඉන් එකකි. එමෙන්ම ඔහු තහනම් කළ දැයින් හා ගිවිසුම කඩ කිරීමෙන් වැළකී සිටින බැතිමතුන්ට ද ප්රිය කරන්නේය.
تفسیرهای عربی:
فَاِذَا انْسَلَخَ الْاَشْهُرُ الْحُرُمُ فَاقْتُلُوا الْمُشْرِكِیْنَ حَیْثُ وَجَدْتُّمُوْهُمْ وَخُذُوْهُمْ وَاحْصُرُوْهُمْ وَاقْعُدُوْا لَهُمْ كُلَّ مَرْصَدٍ ۚ— فَاِنْ تَابُوْا وَاَقَامُوا الصَّلٰوةَ وَاٰتَوُا الزَّكٰوةَ فَخَلُّوْا سَبِیْلَهُمْ ؕ— اِنَّ اللّٰهَ غَفُوْرٌ رَّحِیْمٌ ۟
නුඹලාගේ සතුරන්ට රැකවරණය දුන් ගෞරවනීය මාස අවසන් වූ විට, නුඹලා ඔවුන් හමු වන තැන මරා දමනු. ඔවුන්ගේ බලකොටු ආක්රමණය කරනු. ඔවුන් යන එන මාර්ග වල ඔවුනට පහර දෙනු. දෙවියන්ට ආදේශ කිරීමෙන් මිදී, අල්ලාහ් වෙත පශ්චාත්තාප වී, සලාතය ද විධිමත් ව ඉටු කර ඔවුන්ගේ වස්තුවෙන් ඔවුන් සකාත් දුන්නේ නම් සැබැවින්ම ඉස්ලාමය තුළ නුඹලාගේ සහෝදරයන් අතරට ඔවුන් ද පත් වනු ඇත. එවිට නුඹලා ඔවුන් සමග අරගල කිරීම අතහැර දමනු. අල්ලාහ් තම ගැත්තන් අතරින් පාප සමාව අයැද සිටින්නන්හට අතික්ෂමාශීලීය.
تفسیرهای عربی:
وَاِنْ اَحَدٌ مِّنَ الْمُشْرِكِیْنَ اسْتَجَارَكَ فَاَجِرْهُ حَتّٰی یَسْمَعَ كَلٰمَ اللّٰهِ ثُمَّ اَبْلِغْهُ مَاْمَنَهٗ ؕ— ذٰلِكَ بِاَنَّهُمْ قَوْمٌ لَّا یَعْلَمُوْنَ ۟۠
දෙවියන්ට ආදේශ තබන්නන් අතරින් කෙනෙකු ජීවිතය හා වස්තුව පරදුවට තබමින් නුඹගෙන් අසල්වැසිභාවය ඉල්ලා සිටින්නේ නම් අහෝ දූතය! ඔවුන් අල් කුර්ආනයට සවන් දෙන තෙක් ඔවුන්ගේ ඉල්ලීමට ප්රතිචාර දක්වනු. පසුව ඔවුන් සුරක්ෂිත ස්ථානයකට සේන්දු කරවනු. ඊට හේතුව සැබැවින්ම දේවත්වය ප්රතික්ෂේප කරන්නන් මෙම දහමේ යථාර්ථය පිළිබඳ නොදන්නා පිරිසක් වන බැවිණි. ඔවුන් මෙම කුර්ආන් පාරායනයට සවන් දී ඒ ගැන වටහා ගත්තේ නම් ඇතැම් විට ඔවුන් යහමග ලබන්නට පුළුවන.
تفسیرهای عربی:
از فواید آیات این صفحه:
• في الآيات دليل واضح على حرص الإسلام على تسوية العلاقات الخارجية مع الأعداء على أساس من السّلم والأمن والتّفاهم.
•සාමය, ආරක්ෂාව හා අවබෝධය යන පදනම යටතේ සතුරන් සමග වූ බාහිර සම්බන්ධයක් මධ්යස්ථ ව කටයුතු කිරීම සඳහා ඉස්ලාමය දැඩි කැමැත්තක් දක්වන බවට මෙම පාඨවල පැහැදිලිව පෙන්වා දී ඇත.

• الإسلام يُقَدِّر العهود، ويوجب الوفاء بها، ويجعل حفظها نابعًا من الإيمان، وملازمًا لتقوى الله تعالى.
•ඉස්ලාමය ගිවිසුම් සීමා කර ඇත. ඒවා ඉටු කිරීම අනිවාර්යය වෙයි. එය ආරක්ෂා කිරීම දේව විශ්වාසයේ මූලිකාංගයක් බවට පත් කර ඇත. එමෙන්ම අල්ලාහ් පිළිබඳ සවිඥානකත්වය අනිවාර්යය කරන්නක් බවට පත් කර ඇත.

• أَنَّ إقامة الصّلاة وإيتاء الزّكاة دليل على الإسلام، وأنهما يعصمان الدّم والمال، ويوجبان لمن يؤدّيهما حقوق المسلمين من حفظ دمه وماله إلا بحق الإسلام؛ كارتكاب ما يوجب القتل من قتل النفس البريئة، وزنى الزّاني المُحْصَن، والرّدّة إلى الكفر بعد الإيمان.
•සලාතය විධිමත් ව ඉටු කිරීම හා සකාත් පිරිනැමීම ඉස්ලාමයේ සාධකයකි. සැබැවින්ම ඒ දෙක ජීවිතයට හා වස්තුවට රැකවරණයකි. එම වගකීම් දෙක පිළිපදින්නන්හට මුස්ලිම්වරුන් සතු අයිතිවාසිකම්, එනම් ඔහුගේ ජීවිතයට හා ඔහුගේ වස්තුවට රැකවරණය සැලසීම අනිවාර්යය වන්නේය. නමුත් නිකරුණේ මිනිස් ඝාතනය, විවාහක කෙනෙකු කාමයේ වරදවා හැසිරීම, දේව විශ්වාසයෙන් පසුව වංචනික ලෙස දේව ප්රතික්ෂේපය වෙත නැවත හැරී යාම යනාදී ඉස්ලාමීය අයිතිය මත නියම වූ මරණ දඬුවම අනිවාර්යය කරන වරදක දී මිස.

• مشروعيّة الأمان؛ أي: جواز تأمين الحربي إذا طلبه من المسلمين؛ ليسمع ما يدلّ على صحّة الإسلام، وفي هذا سماحة وتكريم في معاملة الكفار، ودليل على إيثار السِّلم.
•රැකවරණය ලබා දීම ආගමික කටයුත්තක් බවට පත් කර ඇත. එනම් යුද සෙබලෙකු මුස්ලිම්වරුන්ගෙන් රැකවරණය පැතූ විට ඉස්ලාමයේ නිවැරදිතාව පෙන්වා දෙන කරුණු වලට සවන් දීමට සලස්වමින් ඔහුට රැකවරණය ලබා දීම අනුමතය. මෙම සමාව හා ගරුකිරීම දේව ප්රතික්ෂෙපකයින් සමග ගනු දෙනු කිරීමෙහි පිහිටන්නකි. සමාදානය දිරිගැන්වීම පිළිබඳ සාධකයක් ද මෙහි පැමිණ ඇත.

كَیْفَ یَكُوْنُ لِلْمُشْرِكِیْنَ عَهْدٌ عِنْدَ اللّٰهِ وَعِنْدَ رَسُوْلِهٖۤ اِلَّا الَّذِیْنَ عٰهَدْتُّمْ عِنْدَ الْمَسْجِدِ الْحَرَامِ ۚ— فَمَا اسْتَقَامُوْا لَكُمْ فَاسْتَقِیْمُوْا لَهُمْ ؕ— اِنَّ اللّٰهَ یُحِبُّ الْمُتَّقِیْنَ ۟
දෙවියන්ට ආදේශ තැබූවන්හට අල්ලාහ් සමග ගිවිසුමක් හෝ අල්ලාහ් වෙතින් හා ඔහුගේ දූතයාණන් වෙතින් රැකවරණයක් හෝ තිබීම නිවැරදි කරුණක් නොවන්නේය. නමුත් අහෝ මුස්ලිම්වරුනි! හුදෙයිබියා ගිවිසුමෙහි මස්ජිද් හරාම් අබියස නුඹලා දේව ආදේශකයින් සමග ගිවිස ගත් ඔවුන්ගේ ගිවිසුම හැර. නුඹලා අතර හා ඔවුන් අතර පවතින ගිවිසුමක් මත ඔවුන් පිහිටා එය කඩ නොකර, නුඹලාට එය ඉටු කරන්නේ නම් නුඹලා එය කඩ නොකරනු. අල්ලාහ්ගේ නියෝග පිළිපදිමින් හා ඔහු තහනම් කළ දැයින් වැළකී කටයුතු කරන බැතිමතුන් කෙරෙහි අල්ලාහ් ප්රිය කරයි.
تفسیرهای عربی:
كَیْفَ وَاِنْ یَّظْهَرُوْا عَلَیْكُمْ لَا یَرْقُبُوْا فِیْكُمْ اِلًّا وَّلَا ذِمَّةً ؕ— یُرْضُوْنَكُمْ بِاَفْوَاهِهِمْ وَتَاْبٰی قُلُوْبُهُمْ ۚ— وَاَكْثَرُهُمْ فٰسِقُوْنَ ۟ۚ
ඔවුන් නුඹලාගේ සතුරන් ව සිටිය දී ගිවිසුමක් හා ආරක්ෂාවක් ඔවුනට ඇතිවිය හැකි ද? ඔවුන් නුඹලා ව ජය ගත්තේ නම් අල්ලාහ් නුඹලා සමග සිටින බව හෝ සමීප බව හෝ සැලකිලිමත් නොවෙති. එමෙන්ම ගිවිසුම පිළිබඳ ව ද ඔවුහු සැලකිලිමත් නොවෙති. ඒ වෙනුවට ඔවුහු නුඹලාට දරුණු ලෙස දඬුවම් කරනු ඇත. ඔවුන්ගේ දිවවල් කවර යහපත් ප්රකාශයක් පවසන්නේ ද එමගින් ඔවුන් නුඹලා ව තෘප්තියට පත් කළ ද ඔවුන්ගේ හදවත් ඔවුන්ගේ කට වචනයට අවනත නොවනු ඇත. එහෙයින් ඔවුන් පවසන දෑ ඉටු කරන්නේ නැත. ඔවුන්ගෙන් බහුතරයක් දෙනා ගිවිසුම කඩ කළ හේතුවෙන් අල්ලාහ්ට අවනතවීමෙන් ඉවත් වූවෝ වෙති.
تفسیرهای عربی:
اِشْتَرَوْا بِاٰیٰتِ اللّٰهِ ثَمَنًا قَلِیْلًا فَصَدُّوْا عَنْ سَبِیْلِهٖ ؕ— اِنَّهُمْ سَآءَ مَا كَانُوْا یَعْمَلُوْنَ ۟
ඔවුහු විරෝධය පෑහ. ගිවිසුම ඉටු කරන මෙන් සඳහන් අල්ලාහ්ගේ වදන් අනුගමනය කිරීමෙන් වැළකී, ඒ වෙනුවට තම ආශාවන් හා තම කැමත්ත වෙත සේන්දු කරවන මෙලොව සුන්බුන් වලින් සුළු මිලක් ගත්තෝය. සත්ය අනුගමනය කිරීමෙන් ඔවුහු තමන් ව වළක්වා ගත්තෝය. එය හෙළා දුටුවෝය. සෙසු අය ද සත්යයෙන් වැළැක්වූහ. සැබැවින්ම ඔවුන් සිදුකරමින් සිටි ඔවුන්ගේ ක්රියාව නපුරු විය.
تفسیرهای عربی:
لَا یَرْقُبُوْنَ فِیْ مُؤْمِنٍ اِلًّا وَّلَا ذِمَّةً ؕ— وَاُولٰٓىِٕكَ هُمُ الْمُعْتَدُوْنَ ۟
දේව විශ්වාසියෙකු විෂයෙහි අල්ලාහ් පිළිබඳ ව හෝ සමීප ඥාතීන් පිළිබඳ ව හෝ ගිවිසුම පිළිබඳ ව හෝ ඔවුහු සැලකිලිමත් නොවෙති. එය ඔහු කෙරෙහි ඔවුන් තුළ පවතින සතුරුකම හේතුවෙනි. එහෙයින් ඔවුන් ගැන කවර අපරාධයක් හා සතුරුකමක් විස්තර කරනු ලැබුවේ ද එලෙස ඔවුහු අල්ලාහ්ගේ සීමාවන් ඉක්මවූවෝ වෙති.
تفسیرهای عربی:
فَاِنْ تَابُوْا وَاَقَامُوا الصَّلٰوةَ وَاٰتَوُا الزَّكٰوةَ فَاِخْوَانُكُمْ فِی الدِّیْنِ ؕ— وَنُفَصِّلُ الْاٰیٰتِ لِقَوْمٍ یَّعْلَمُوْنَ ۟
ප්රතික්ෂේප කළ ඔවුන් අල්ලාහ් වෙත පශ්චාත්තාප වී ප්රතිපත්තිමය ප්රකාශ දෙක පවසා, සලාතය විධිමත් ව ඉටු කර, ඔවුන්ගේ වස්තුවෙන් සකාත් ද පිරිනැමුවේ නම් සැබැවින්ම ඔවුන් දෙවියන්ට අවනත වූ මුස්ලිම්වරුන් බවට පත් වනු ඇත. දහම තුළ ඔවුන් නුඹලාගේ සහෝදරයෝ වෙති. නුඹලා සතු දෑ ඔවුනට ද සතුය. නුඹලා මත පැවරෙන දෑ ඔවුන් වෙත ද පැවරෙනු ඇත. ඔවුන් ඝාතනය කිරීම නුඹලාට අනුමත නැත. ඔවුන්ගේ ඉස්ලාමය විසින් ඔවුන්ගේ ප්රාණය, ඔවුන්ගේ වස්තුව හා ඔවුන්ගේ මාන්යය සුරකිනු ලබනු ඇත. වටහා ගන්නා ජනයාට අපි මෙම වදන් පැහැදිලි කරන්නෙමු. එමගින් ඔවුන් ප්රයෝජන ලබනු ඇත. එමෙන්ම ඔවුන් හැර වෙනත් අය ද ප්රයෝජන ලබනු ඇත.
تفسیرهای عربی:
وَاِنْ نَّكَثُوْۤا اَیْمَانَهُمْ مِّنْ بَعْدِ عَهْدِهِمْ وَطَعَنُوْا فِیْ دِیْنِكُمْ فَقَاتِلُوْۤا اَىِٕمَّةَ الْكُفْرِ ۙ— اِنَّهُمْ لَاۤ اَیْمَانَ لَهُمْ لَعَلَّهُمْ یَنْتَهُوْنَ ۟
නියමිත කාලයක් දක්වා යුද වැදීම අතහැර දමන බවට නුඹලා ගිවිසුම් ඇති කර ගත් දෙවියන් ප්රතික්ෂේප කරන්නන් ඔවුන්ගේ ගිවිසුම් හා ප්රතිඥාවන් කඩ කරන්නේ නම්, ඔවුන් නුඹලාගේ දහමට දොස් නගන්නේ නම්, ඒ ගැන අඩුපාඩු කියන්නේ නම් නුඹලා ඔවුන් සමග සටන් කරනු. ඔවුන් ප්රතික්ෂේපයේ නායකයින් හා ප්රධානීන් වෙති. ඔවුන්ගේ ප්රාණ රඳවා තබන ගිවිසුම් හෝ ප්රතිඥා ඔවුනට නැත. ඔවුන් ප්රතික්ෂේප කිරීමෙන් හා ගිවිසුම් කඩකිරීමෙන් වැළකී සිටිනු ඇතැයි යන අපේක්ෂාවෙන් නුඹලා ඔවුන් සමග සටන් කරනු.
تفسیرهای عربی:
اَلَا تُقَاتِلُوْنَ قَوْمًا نَّكَثُوْۤا اَیْمَانَهُمْ وَهَمُّوْا بِاِخْرَاجِ الرَّسُوْلِ وَهُمْ بَدَءُوْكُمْ اَوَّلَ مَرَّةٍ ؕ— اَتَخْشَوْنَهُمْ ۚ— فَاللّٰهُ اَحَقُّ اَنْ تَخْشَوْهُ اِنْ كُنْتُمْ مُّؤْمِنِیْنَ ۟
අහෝ දේවත්වය විශ්වාස කරන්නනි! තම ගිවිසුම් හා ප්රතිඥා කඩ කරන පිරිසක් සමග නුඹලා යුද නොවදිනුයේ මන් ද? ඔවුන් දාරුන් නද්වා හි ඔවුන්ගේ රැස්වීම් වලදී දූතයාණන් ව මක්කාවෙන් පිටුවහල් කිරීමට උත්සාහ කළෝය. නබි තුමාණන්ට දිවුරුම් දුන් කුසාආ ගෝත්රයට එරෙහි ව කුරෙය්ෂ්වරුන්ට දිවුරුම් දුන් බක්රා ගෝත්රයට ඔවුන් උපකාර කළ අවස්ථාවේ පළමු වරට යුද්ධය ආරම්භ කළේ ඔවුහුය. නුඹලා ඔවුනට බිය වී ඔවුන් සමග යුද වැදීමට පෙරමුණ නොගන්නෙහු ද? නුඹලා සැබෑ විශ්වාසීන් නම් නුඹලා බිය වීමට වඩාත් සුදුස්සා පිවිතුරු අල්ලාහ්ය.
تفسیرهای عربی:
از فواید آیات این صفحه:
• دلَّت الآيات على أن قتال المشركين الناكثين العهد كان لأسباب كثيرة، أهمها: نقضهم العهد.
•ගිවිසුමට විරුද්ධ ව කටයුතු කරන දේවත්වය ආදේශ කරන්නන් සමග සටන් කිරීම හේතු කාරණා බොහෝමයක් මත පිහිටන බව මෙම පාඨය පෙන්වා දෙයි. ඒ අතරින් වඩාත් බරපතළ වනුයේ ඔවුන් විසින් ගිවිසුම් කඩ කිරීමයි.

• في الآيات دليل على أن من امتنع من أداء الصلاة أو الزكاة فإنه يُقاتَل حتى يؤديهما، كما فعل أبو بكر رضي الله عنه.
•කවරෙකු සලාතය ඉටු කිරීමෙන් හා සකාත් පිරිනැමීමෙන් වැළකී සිටින්නේ ද ඔහු ඒ යුතුකම් දෙක ඉටු කරන තෙක් අබූ බක්ර් තුමා කටයුතු කළ අයුරින් සටන් කරන මෙන් මෙම වදන් පෙන්වා දෙයි.

• استدل بعض العلماء بقوله تعالى:﴿وَطَعَنُوا فِي دِينِكُمْ﴾ على وجوب قتل كل من طعن في الدّين عامدًا مستهزئًا به.
• "නුඹලාගේ දහමේ දොස් නගන්නන්" යන අල්ලාහ්ගේ ප්රකාශය සාධකයක් ලෙස ගෙන නින්දාසහගතව උවමනාවෙන්ම දහම විෂයයෙහි දොස් නගන සෑම කෙනෙකු සමගම සටන් වැදීම අනිවාර්යය බව ඇතැම් විද්වත්හු පෙන්වා දෙති.

• في الآيات دلالة على أن المؤمن الذي يخشى الله وحده يجب أن يكون أشجع الناس وأجرأهم على القتال.
•අල්ලාහ්ට පමණක් බිය වන මුඃමින්වරයා, සටන් කිරීම සඳහා ජනයා අතර වඩාත් ධෛර්යවන්ත හා වඩාත් ශක්තිමත් අයකු වීම අනිවාර්යය බව මෙම පාඨ පෙන්වා දෙයි.

قَاتِلُوْهُمْ یُعَذِّبْهُمُ اللّٰهُ بِاَیْدِیْكُمْ وَیُخْزِهِمْ وَیَنْصُرْكُمْ عَلَیْهِمْ وَیَشْفِ صُدُوْرَ قَوْمٍ مُّؤْمِنِیْنَ ۟ۙ
අහෝ දෙවියන් විශ්වාස කරන්නනි! දෙවියන්ට ආදේශ තබන මොවුන් සමග නුඹලා සටන් කරනු. හේතුව සැබැවින්ම නුඹලා ඔවුන් සමග සටන් කරන්නේ නම් අල්ලාහ් නුඹලාගේ දෑතින් ඔවුනට දඬුවම් කරනු ඇත. එය නුඹලා ඔවුන් ව මරා දැමීමෙනි. ඔවුන් අන්ත පරාජයට පත් කරමින්, ඔවුන් සිරභාරයට පත් කරමින්, ඔවුන් අවමානයට පත් කරනු ඇත. නුඹලා ඔවුන් අභිබවා යන්නට සලස්වා නුඹලාට ඔහු උදව් කරනු ඇත. යුද්ධය නොදුටු දේව විශ්වාසී ජනයාගේ හදවත් තුළ පවතින රෝගය, ඔවුන්ගේ සතුරන් ඝාතනය කරනු ලැබීම, සිරභාරයට ගනු ලැබීම හා අන්ත පරාජයට පත්වීම යනාදි වශයෙන් ඔවුනට අත් වූ ඉරණම හා ඔවුනට එරෙහි ව දේව විශ්වාසීන්ට අත් වූ ජයග්රහණය තුළින් ඔහු සුවපත් කරනු ඇත.
تفسیرهای عربی:
وَیُذْهِبْ غَیْظَ قُلُوْبِهِمْ ؕ— وَیَتُوْبُ اللّٰهُ عَلٰی مَنْ یَّشَآءُ ؕ— وَاللّٰهُ عَلِیْمٌ حَكِیْمٌ ۟
දේව විශ්වාසීන්ට අත් වූ ජයග්රහණය හේතුවෙන් එම ගැත්තන්ගේ හදවත් තුළ ඔහු ක්රෝධය දුරස් කරනු ඇත. මක්කා ජයග්රහණයේදී ඇතැම් මක්කා වාසීන්ට අත් වූවාක් මෙන් මෙම මුරණ්ඩුකම් ඇත්තන් පාප ක්ෂමාවේ නිරත වූයේ නම් අල්ලාහ් තමන් අභිමත කරන්නන්හට සමාව දෙනු ඇත. ඔවුන් අතර සැබෑ ලෙස පාප ක්ෂමාවෙහි නිරත වන්නා කවුරුන් දැයි අල්ලාහ් මැනවින් දන්නාය. ඔහුගේ මැවීමෙහි ඔහුගේ සැලසුමෙහි හා ඔහු ආගමානුගත කිරීමෙහි මහා ප්රඥාවන්තය.
تفسیرهای عربی:
اَمْ حَسِبْتُمْ اَنْ تُتْرَكُوْا وَلَمَّا یَعْلَمِ اللّٰهُ الَّذِیْنَ جٰهَدُوْا مِنْكُمْ وَلَمْ یَتَّخِذُوْا مِنْ دُوْنِ اللّٰهِ وَلَا رَسُوْلِهٖ وَلَا الْمُؤْمِنِیْنَ وَلِیْجَةً ؕ— وَاللّٰهُ خَبِیْرٌ بِمَا تَعْمَلُوْنَ ۟۠
අහෝ දේව විශ්වාසී ජනයිනි! කිසිදු පරීක්ෂණයකින් තොරව අල්ලාහ් නුඹලා ව අතහැර දමනු ඇතැයි නුඹලා සිතන්නෙහු ද? පරීක්ෂාවට ලක් කිරීම ඔහුගේ න්යායයන් අතරින් එක් න්යායයකි. නුඹලා අතරින් අල්ලාහ් සමග හෝ ඔහුගේ දූතයාණන් සමග හෝ දේවත්වය විශ්වාස කරන සෙසු මුඃමින්වරුන් සමග හෝ හැර එමෙන්ම දේව ප්රතික්ෂේපකයින් සමඟ රහසිගත ව මිතුදම් නොපාන අල්ලාහ්ට අවංකව කැපවන ගැත්තන් කවුරුන්දැයි ද, ඔවුන් අතර සාධාරණ ව කටයුතු කරන නිර්මල උදවිය කවුරුන්දැයි ද, අල්ලාහ් ප්රත්යක්ෂ කර ගන්නා තෙක් නුඹලාව පරීක්ෂාවට භාජනය කරනු ඇත. නුඹලා සිදු කරන දෑ පිළිබඳ සියලු තොරතුරු අල්ලාහ් මැනවින් දන්නාය. ඔහුට කිසිවක් සැඟ වී යන්නේ නැත. නුඹලාගේ ක්රියාවන් සඳහා ඔහු නුඹලාට මතු ප්රතිඵල පිරිනමනු ඇත.
تفسیرهای عربی:
مَا كَانَ لِلْمُشْرِكِیْنَ اَنْ یَّعْمُرُوْا مَسٰجِدَ اللّٰهِ شٰهِدِیْنَ عَلٰۤی اَنْفُسِهِمْ بِالْكُفْرِ ؕ— اُولٰٓىِٕكَ حَبِطَتْ اَعْمَالُهُمْ ۖۚ— وَفِی النَّارِ هُمْ خٰلِدُوْنَ ۟
අල්ලාහ්ට ආදේශ තබන්නන්, ඔහු විසින් ඔවුනට හෙළි කරනු ලැබූ දෑ ඔවුන් විසින්ම ප්රතික්ෂේප කිරීම පිළිගෙන සිටින තත්ත්වයේ නැමදුම් හා වෙනත් ඇදිහිලි මගින් අල්ලාහ්ගේ මස්ජිදයන් පරිපාලනය කිරීම ඔවුනට සුදුසු නොවන්නේය. තම ක්රියාවන් නිෂ්ඵල කර ගත්තෝ ඔවුන්මය. එය පිළිගැනීම සඳහා අවශ්ය ඊමාන් නම් කොන්දේසිය ඔවුන් අහිමි කර ගෙන ඇත. නමුත් ඔවුහු ඔවුන්ගේ මරණයට පෙර පාප ක්ෂමාවේ නිරත වූයේ නම් මිස, ඔවුහු මළවුන් කෙරෙන් නැගිටුවනු ලබන දිනයේ නිරා ගින්නේ සදා පිවිසෙනු ඇත.
تفسیرهای عربی:
اِنَّمَا یَعْمُرُ مَسٰجِدَ اللّٰهِ مَنْ اٰمَنَ بِاللّٰهِ وَالْیَوْمِ الْاٰخِرِ وَاَقَامَ الصَّلٰوةَ وَاٰتَی الزَّكٰوةَ وَلَمْ یَخْشَ اِلَّا اللّٰهَ ۫— فَعَسٰۤی اُولٰٓىِٕكَ اَنْ یَّكُوْنُوْا مِنَ الْمُهْتَدِیْنَ ۟
මස්ජිද් පරිපාලනය කිරීමටත්, ඒවායෙහි යුතුකම් ඉටු කිරීමටත් සුදුස්සන් වනුයේ, කිසිවක් අල්ලාහ්ට ආදේශ නොකර, ඔහු ව පමණක් විශ්වාස කරන, මළවුන් කෙරෙන් නැගිටුවනු ලබන දිනය පිළිබඳ විශ්වාස කරන, සලාතය ඉටු කරන, තම ධනයෙන් සකාත් ද පිරිනමන, අල්ලාහ් හැර වෙනත් කිසිවකුට බිය නොවන අය හටය. ඍජු මාර්ගය වෙත මග ලබන්නට අපේක්ෂා කරන්නෝ මොවූහුය. දේව ආදේශකයින් වනාහි එයින් වඩාත් දුරස් ව සිටින්නට බලන්නෝ වෙති.
تفسیرهای عربی:
اَجَعَلْتُمْ سِقَایَةَ الْحَآجِّ وَعِمَارَةَ الْمَسْجِدِ الْحَرَامِ كَمَنْ اٰمَنَ بِاللّٰهِ وَالْیَوْمِ الْاٰخِرِ وَجٰهَدَ فِیْ سَبِیْلِ اللّٰهِ ؕ— لَا یَسْتَوٗنَ عِنْدَ اللّٰهِ ؕ— وَاللّٰهُ لَا یَهْدِی الْقَوْمَ الظّٰلِمِیْنَ ۟ۘ
අහෝ දෙවියන්ට ආදේශ තබන්නනි! කිසිවක් අල්ලාහ්ට ආදේශ නොකර, ඔහු ව පමණක් විශ්වාස කර, මළවුන් කෙරෙන් නැගිටුවනු ලබන දිනය ද විශ්වාස කර, අල්ලාහ්ගේ වදන උසස් වීමට හා දේව ප්රතික්ෂේපකයින්ගේ වදන පහත් කිරීම සඳහා තම ප්රාණය හා වස්තුව පරදුවට තබා කැපවන අය මෙන් මස්ජිදය පරිපාලනය කිරීමේ හා පැමිණෙන හජ් වන්දනාකරුවන්ට ජලය සැපයීමේ කටයුතු මෙහෙයවන්නන් නුඹලා පත් කරන්නෙහු ද? අල්ලාහ් අබියස ඇති මහිමයෙහි නුඹලා ඔවුන් සමාන තත්ත්වයෙහි සලකන්නෙහු ද? කිසිවිටෙක අල්ලාහ් අබියස ඔවුන් සම තත්ත්වයේ පසුවන්නේ නැත. හජ් වන්දනාකරුවන්ට ජලය සැපයීම වැනි යහපත් ක්රියාවන් කළ ද, දේව ආදේශය හේතුවෙන් අපරාධකරුවන්ට අල්ලාහ් ආශිර්වාද කරන්නේ නැත.
تفسیرهای عربی:
اَلَّذِیْنَ اٰمَنُوْا وَهَاجَرُوْا وَجٰهَدُوْا فِیْ سَبِیْلِ اللّٰهِ بِاَمْوَالِهِمْ وَاَنْفُسِهِمْ ۙ— اَعْظَمُ دَرَجَةً عِنْدَ اللّٰهِ ؕ— وَاُولٰٓىِٕكَ هُمُ الْفَآىِٕزُوْنَ ۟
අල්ලාහ් ව විශ්වාස කිරීම, දෙවියන් ප්රතික්ෂේප කරන දේශයකින් නික්ම වී ඉස්ලාමීය දේශය වෙත පියනැගීම, තම වස්තුව හා ජීවිත පරදුවට තබා අල්ලාහ්ගේ මාර්ගයේ කැප වී කටයුතු කිරීම යනාදී කරුණු එකට සිදු කළ අය වනාහි, ඔවුන් සෙසු අයට වඩා අල්ලාහ් ඉදිරියේ තරාතිරමින් උසස් අය වෙති. මෙම ගුණාංග වලින් වර්ණනා කරනු ලැබූ ස්වර්ගයේ ජයග්රාහකයෝ ඔවූහුමය.
تفسیرهای عربی:
از فواید آیات این صفحه:
• في الآيات دلالة على محبة الله لعباده المؤمنين واعتنائه بأحوالهم، حتى إنه جعل من جملة المقاصد الشرعية شفاء ما في صدورهم وذهاب غيظهم.
•සමස්ත ආගමික අපේක්ෂාවන් තුළින් ඔවුන්ගේ සිත් තුළ ඇති දෑ සුවපත් කර, ඔවුන්ගේ ක්රෝධය පහ කරන තෙක් අල්ලාහ් තම ගැත්තන් හට තම ආදරය දක්වන බවත්, ඔවුන්ගේ සියලුම තත්ත්වයන්හි ඔවුන් රැකබලා ගන්නා බවත් මෙම පාඨ වල පෙන්වා දී ඇත.

• شرع الله الجهاد ليحصل به هذا المقصود الأعظم، وهو أن يتميز الصادقون الذين لا يتحيزون إلا لدين الله من الكاذبين الذين يزعمون الإيمان.
•මෙම මහගු අපේක්ෂාව එතුළින් ලබා ගනු පිණිස ජිහාදය අල්ලාහ් ආගමානුගත කළේය. එය දෙවියන් විශ්වාස කරන බව පවසන බොරුකාරයින්ගෙන් අල්ලාහ්ගේ දහම වෙනුවෙන් පමණක් උද්යෝගයෙන් කටයුතු කරන සත්යවාදීන් වෙන් කිරීමය.

• عُمَّار المساجد الحقيقيون هم من وُصِفوا بالإيمان الصادق، وبالقيام بالأعمال الصالحة التي أُمُّها الصلاة والزكاة، وبخشية الله التي هي أصل كل خير.
• දේවස්ථාන පරිපාලනය කිරීමට සැබෑ උරුමක්කරුවන් වනුයේ, සැබෑ දේව විශ්වාසය, දැහැමි ක්රියාවන් ඉටු කිරීම -ඒවා අතරින් සලාතය හා සකාතය මූලික වන්නේය.- හා සියලු දෑ හී මූලය වන අල්ලාහ් ට බියවීම යනාදි කරුණුවලින් විස්තර කරනු ලැබුවෝය.

• الجهاد والإيمان بالله أفضل من سقاية الحاج وعمارة المسجد الحرام بدرجات كثيرة؛ لأن الإيمان أصل الدين، وأما الجهاد في سبيل الله فهو ذروة سنام الدين.
•මස්ජිද් හරාමය පරිපාලය කිරීම, හජ් වන්දනාකරුවන්ට ජලය සැපයීම යනාදියට වඩා අල්ලාහ්ගේ මාර්ගයේ කැපවීම හා ඔහු පිළිබඳ විශ්වාසය තැබීම බොහෝ තරාතිරම් වලින් උසස් වන්නේය. ඊට හේතුව දේව විශ්වාසය යනු දහමේ මූලය වන අතරම ජිහාද් හෙවත් අල්ලාහ්ගේ මාර්ගයේ කැපවීම එහි උච්චතම අවස්ථාව වන බැවිණි.

یُبَشِّرُهُمْ رَبُّهُمْ بِرَحْمَةٍ مِّنْهُ وَرِضْوَانٍ وَّجَنّٰتٍ لَّهُمْ فِیْهَا نَعِیْمٌ مُّقِیْمٌ ۟ۙ
ඔවුන්ගේ ස්වාමීන් වන දෙවියන් වහන්සේ ඔවුන්ගේ දයාව ගැන සතුටු වන දේ සහ උන් වහන්සේගේ සතුට ඔවුන් වෙත ගෙන ඒම පිළිබඳව ඔවුන්ට දන්වයි. එහෙයින් කිසිවිටෙක ඔහු ඔවුන් මත කෝප නොවෙයි. ස්වර්ග උයන් වලට පිවිසීම තුළින් කිසිවිටෙක අවසන් නොවන සදා සැප පහසුකම් ඔවුනට එහි හිමි වනු ඇත.
تفسیرهای عربی:
خٰلِدِیْنَ فِیْهَاۤ اَبَدًا ؕ— اِنَّ اللّٰهَ عِنْدَهٗۤ اَجْرٌ عَظِیْمٌ ۟
අවසානයක් නැති එම ස්වර්ග උයන් වල ඔවුහු සදා රැඳෙති. එය ඔවුන් මෙලොවෙහි සිදු කරමින් ආ ඔවුන්ගේ දැහැමි ක්රියාවන් සඳහා වූ ප්රතිඵලයක් වශයෙනි. අල්ලාහ්ගේ නියෝග පිළිපැද ඔහු වැළැක් වූ දැයින් වැළකී, අවංක ලෙස ඔහුට පමණක් දහම පුද කරන්නන්හට සැබැවින්ම අල්ලාහ් අබියස අතිමහත් කුසල් ඇත.
تفسیرهای عربی:
یٰۤاَیُّهَا الَّذِیْنَ اٰمَنُوْا لَا تَتَّخِذُوْۤا اٰبَآءَكُمْ وَاِخْوَانَكُمْ اَوْلِیَآءَ اِنِ اسْتَحَبُّوا الْكُفْرَ عَلَی الْاِیْمَانِ ؕ— وَمَنْ یَّتَوَلَّهُمْ مِّنْكُمْ فَاُولٰٓىِٕكَ هُمُ الظّٰلِمُوْنَ ۟
අහෝ විශ්වාස කළවුනි! අල්ලාහ් ව විශ්වාස කරනු. ඔහුගේ දූතයාණන් ගෙන ආ දෑ පිළිපදිනු. පරම්පරාවෙන් පැවත එන නුඹලාගේ මුතුන් මිත්තන් නුඹලාගේ සහෝදරයින් හා වෙනත් අය අල්ලාහ්ට පමණක් විශ්වාස කිරීම වෙනුවට ඔවුන් තුළ දේව ප්රතික්ෂේපය බලපෑවේ නම් දේව විශ්වාසීන්ගේ රහස් ඔවුනට පතුරමින් ඔවුන් සමග සාකච්ඡා කරමින් ඔවුන් සමග යහපත් ආශ්රයක් ඇති කර නොගනු.
تفسیرهای عربی:
قُلْ اِنْ كَانَ اٰبَآؤُكُمْ وَاَبْنَآؤُكُمْ وَاِخْوَانُكُمْ وَاَزْوَاجُكُمْ وَعَشِیْرَتُكُمْ وَاَمْوَالُ ١قْتَرَفْتُمُوْهَا وَتِجَارَةٌ تَخْشَوْنَ كَسَادَهَا وَمَسٰكِنُ تَرْضَوْنَهَاۤ اَحَبَّ اِلَیْكُمْ مِّنَ اللّٰهِ وَرَسُوْلِهٖ وَجِهَادٍ فِیْ سَبِیْلِهٖ فَتَرَبَّصُوْا حَتّٰی یَاْتِیَ اللّٰهُ بِاَمْرِهٖ ؕ— وَاللّٰهُ لَا یَهْدِی الْقَوْمَ الْفٰسِقِیْنَ ۟۠
අහෝ දූතය! නුඹ මෙසේ පවසනු. "අහෝ දේව විශ්වාසී ජනයිනි! නුඹලාගේ මුතුන් මිත්තන්, නුඹලාගේ දරුවන්, නුඹලාගේ සහෝදරයින්, නුඹලාගේ බිරියන්, නුඹලාගේ ඥාතීන්, නුඹලා උපයන නුඹලාගේ ධනය, නුඹලා එහි ලාභය ප්රිය කරන එහි අවපාතයට බිය වන නුඹලාගේ ව්යාපාරය, නුඹලා වාසය කිරීමට ප්රිය කරන නුඹලාගේ නිවෙස් යන මේ සියල්ලම අල්ලාහ්ට, ඔහුගේ දූතයාණන්ට හා ඔහුගේ මාර්ගයේ කැපවන්නන්ට වඩා නුඹලාට ප්රිය මනාප නම්, නුඹලාට පහළ වන විනාශය හා දඬුවම නුඹලා බලාපොරොත්තුවෙන් සිටිනු. අල්ලාහ් තෘප්තිමත් වන ක්රියාවන් තුළින් ඔහුට අවනත වීමෙන් බැහැරවූවන් හට ඔහු ආශිර්වාද කරන්නේ නැත.
تفسیرهای عربی:
لَقَدْ نَصَرَكُمُ اللّٰهُ فِیْ مَوَاطِنَ كَثِیْرَةٍ ۙ— وَّیَوْمَ حُنَیْنٍ ۙ— اِذْ اَعْجَبَتْكُمْ كَثْرَتُكُمْ فَلَمْ تُغْنِ عَنْكُمْ شَیْـًٔا وَّضَاقَتْ عَلَیْكُمُ الْاَرْضُ بِمَا رَحُبَتْ ثُمَّ وَلَّیْتُمْ مُّدْبِرِیْنَ ۟ۚ
අහෝ දේවත්වය විශ්වාස කරන්නනි! නුඹලා අල්ලාහ් මත විශ්වාසය තබා, අවශ්ය සාධක සූදානම් කර ගත් අවස්ථාවේ, නුඹලාගේ බලඇණිය දුර්වල හා අඩු සංඛ්යාවකින් පෙනී සිටියදී පවා එවන් බොහෝ යුද්ධ වලදී දෙවියන්ට ආදේශ තැබූ නුඹලාගේ සතුරන්ට එරෙහි ව සැබැවින්ම අල්ලාහ් නුඹලාට උපකාර කළේය. එහෙයින් නුඹලාගේ අධිකත්වය දැක නුඹලා හාස්යයට පත් නොවනු. ඔවුනට එරෙහි ව නුඹලාට අත්වන ජයග්රහණයට අධිකත්වය හේතුවක් වන්නේ නැත. හුනෙය්න් දිනයෙහි නුඹලාගේ අධිකත්වය ගැන පුදුමයට පත් ව, ‘අද දින සුළු පිරිස විසින් අප පරාජය කළ නොහැක’ යැයි නුඹලා පවසා සිටියහ. නමුත් නුඹලා මවිතයට පත් කළ නුඹලාගේ අධිකත්වය නුඹලාට කිසිදු ප්රයෝජනයක් ගෙන දුන්නේ නැත. නුඹලාගේ සතුරන් විසින් නුඹලාව පරාජයට පත් කළේය. මහ පොළොව විශාල වුව ද එය නුඹලාට පටු විය. පසු ව නුඹලා පරාජිතයින් ලෙස නුඹලාගේ සතුරන්ගෙන් නුඹලා පලා ගියෙහුය.
تفسیرهای عربی:
ثُمَّ اَنْزَلَ اللّٰهُ سَكِیْنَتَهٗ عَلٰی رَسُوْلِهٖ وَعَلَی الْمُؤْمِنِیْنَ وَاَنْزَلَ جُنُوْدًا لَّمْ تَرَوْهَا ۚ— وَعَذَّبَ الَّذِیْنَ كَفَرُوْا ؕ— وَذٰلِكَ جَزَآءُ الْكٰفِرِیْنَ ۟
නුඹලාගේ සතුරන්ගෙන් නුඹලා පලා ගිය පසු ව, ඔහුගේ දූතයාණන්ට අල්ලාහ් සැනසුම පහළ කළේය. දෙවියන් විශ්වාස කළ අයට ද පහළ කළේය. එවිට ඔවුහු යුද්ධය ස්ථීර කර ගත්තෝය. ඔවුන් නුදුටු මලක්වරුන් පහළ කළේය. අවසානයේ ප්රතික්ෂේප කළවුන් ඝාතනයට ලක්වීම, සිරගත වීම, වස්තුව අහිමිවී යාම හා තම පරම්පරාවේ අයවලුන් වහල්භාවයට පත්වීම යනාදියට මුහුණ දීමට සිදු විය. මොවුනට අත් වූ එම ප්රතිවිපාකය ඔවුන්ගේ දූතයාණන් ව බොරු කර එතුමාණන් ගෙන ආ දෑ පිටුපාමින් ප්රතික්ෂේප කිරීමේ ප්රතිවිපාකයයි.
تفسیرهای عربی:
از فواید آیات این صفحه:
• مراتب فضل المجاهدين كثيرة، فهم أعظم درجة عند الله من كل ذي درجة، فلهم المزية والمرتبة العلية، وهم الفائزون الظافرون الناجون، وهم الذين يبشرهم ربهم بالنعيم.
•අල්ලාහ්ගේ මාර්ගයේ තම ජීවිත පුදන්නන්ගේ මහිමය සඳහා විවිධ මෙන්ම බොහෝ තරාතිරම් ඇත. අල්ලාහ් අබියස ඇති සියලුම තරාතිරම් අතරින් වඩාත් බලවත්ම තරාතිරම් ඇත්තෝ ඔවුහුය. ඔවුනට ඊටත් වඩා අමතර දෑ ඇති අතර උසස් නිලයන් ද හිමිය. ඔවුහුමය ජය ලැබූ විජයග්රාහකයින් වන්නෝ. ඔවුන්ගේ පරමාධිපති ඔවුනට සැප පහසුකම් ඇති බවට ශුභාරංචි දන්වා ඇත.

• في الآيات أعظم دليل على وجوب محبة الله ورسوله، وتقديم هذه المحبة على محبة كل شيء.
•අල්ලාහ්ට හා ඔහුගේ දූතයාණන්ට ආදරය කිරීම හා සියලු ආදරයන්ට ඉහළින් එම ආදරය ඉදිරිපත් කිරීම අනිවාර්යය බවට වූ බලවත් සාධකයක් මෙම පාඨ වල ඇතුළත් වේ.

• تخصيص يوم حنين بالذكر من بين أيام الحروب؛ لما فيه من العبرة بحصول النصر عند امتثال أمر الله ورسوله صلى الله عليه وسلم وحصول الهزيمة عند إيثار الحظوظ العاجلة على الامتثال.
•යුදමය දින අතරින් මෙහි හුනෙයින් යුද දිනය පිළිබඳ විශේෂයෙන් සඳහන් කෙරී ඇත. එසේ සඳහන් කර ඇත්තේ අල්ලාහ් හා ඔහුගේ දූතයාණන් (සල්ලල්ලාහු අලය්හි වසල්ලම්) තුමාගේ නියෝග පිළිපදින විට ජය හිමි වන බවටත්, එසේ පිළිපැදීමේ දී ලෞකික වස්තූන් කෙරෙහි ප්රමුඛත්වය ලබා දෙන විටෙක පරාජය ඇති වන බවටත් වූ පාඩමක් මෙහි ඇති බැවිණි.

• فضل نزول السكينة، فسكينة الرسول صلى الله عليه وسلم سكينة اطمئنان على المسلمين الذين معه وثقة بالنصر، وسكينة المؤمنين سكينة ثبات وشجاعة بعد الجَزَع والخوف.
•සැනසුම පහළ වීමේ භාග්යය. දූතයාණන් (සල්ලල්ලාහු අලය්හි වසල්ලම්) වෙත සැනසුම පහළ වීම යනු එතුමාණන් සමග සිටි මුස්ලිම්වරුන් මත වන තෘප්තියේ සැනසුම හා ජයග්රහණයේ ස්ථීරභාවයයි. දෙවියන් විශ්වාස කරන්නන් හට සැනසුම පහළ වීම යනු ත්රස්ත බිය ඇති වීමෙන් පසු ඔවුන් දිරිමත්වීමේ හා ස්ථීරභාවයේ සැනසුමයි.

ثُمَّ یَتُوْبُ اللّٰهُ مِنْ بَعْدِ ذٰلِكَ عَلٰی مَنْ یَّشَآءُ ؕ— وَاللّٰهُ غَفُوْرٌ رَّحِیْمٌ ۟
සැබැවින්ම කවරෙකු මෙම දඬුවමට පසු ව තම ප්රතික්ෂේපභාවයෙන් හා මුළාවෙන් මිදී පාප ක්ෂමාව අයැද සිටින්නේ ද, එවිට සැබැවින්ම අල්ලාහ් ඔහුට සමාව දෙනු ඇත. ඔහුගේ තව්බා ව පිළිගනු ඇත. තමාට පසුතැවිලි වී සමාව අයදින තම ගැත්තන් කෙරෙහි අල්ලාහ් අති ක්ෂමාශීලිය. එමෙන්ම ඔවුන් කෙරෙහි මහා කාරුණිකය. එය ප්රතික්ෂේප කිරීමෙන් හා වැරදි සිදු කිරීමෙන් පසු ඔවුන් කළ පාප ක්ෂමාව පිළිගැනීමෙනි.
تفسیرهای عربی:
یٰۤاَیُّهَا الَّذِیْنَ اٰمَنُوْۤا اِنَّمَا الْمُشْرِكُوْنَ نَجَسٌ فَلَا یَقْرَبُوا الْمَسْجِدَ الْحَرَامَ بَعْدَ عَامِهِمْ هٰذَا ۚ— وَاِنْ خِفْتُمْ عَیْلَةً فَسَوْفَ یُغْنِیْكُمُ اللّٰهُ مِنْ فَضْلِهٖۤ اِنْ شَآءَ ؕ— اِنَّ اللّٰهَ عَلِیْمٌ حَكِیْمٌ ۟
අල්ලාහ් හා ඔහුගේ දූතයාණන් විශ්වාස කොට ඔහු විසින් ආගමානුගත කළ කරුණු පිළිපදින්නනි! සැබැවින්ම දෙවියන්ට ආදේශ තබන්නන් කිලිටිය. එය ඔවුන් තුළ දේව ප්රතික්ෂේපය, අපරාධය, පහත් ගුණාංග හා පහත් සිරිත් විරිත් තිබෙන බැවිණි. එහෙයින් මක්කා පාරිශුද්ධ භූමියට ඔවුන් ඇතුළත් නොවිය යුතුය. මස්ජිදුල් හරාම් ද ඒ අතරිනි. මෙම වසරින් පසු (එනම් නව වන හිජ්රි වර්ෂයෙන් පසු) ඔවුන් හජ් හෝ උම්රා වන්දනාකරුවන් ලෙස සිටිය ද ඇතුළත් නොවිය යුතුයි. අහෝ දෙවියන් විශ්වාස කරන්නනි! නුඹලා වෙත ඔවුන් ගෙන එන ආහාර පාන හා විවිධ ව්යාපාරික භාණ්ඩ නැවැත්වීම හේතුවෙන් නුඹලා දිළිඳුභාවය පිළිබඳ ව බියවන්නේ නම්, දැනගනු! අල්ලාහ්ගේ අභිමතය පරිදි ඔහුගේ භාග්යය නුඹලාට ප්රමාණවත් වන්නේය. සැබැවින්ම නුඹලා කවර ස්ථාවරයක සිටින්නේ දැයි අල්ලාහ් මැනවින් දන්නාය. නුඹලා වෙනුවෙන් ඔහු යොදා ඇති සැලසුම ගැන මහා ප්රඥාවන්තය.
تفسیرهای عربی:
قَاتِلُوا الَّذِیْنَ لَا یُؤْمِنُوْنَ بِاللّٰهِ وَلَا بِالْیَوْمِ الْاٰخِرِ وَلَا یُحَرِّمُوْنَ مَا حَرَّمَ اللّٰهُ وَرَسُوْلُهٗ وَلَا یَدِیْنُوْنَ دِیْنَ الْحَقِّ مِنَ الَّذِیْنَ اُوْتُوا الْكِتٰبَ حَتّٰی یُعْطُوا الْجِزْیَةَ عَنْ یَّدٍ وَّهُمْ صٰغِرُوْنَ ۟۠
අල්ලාහ් කිසිදු හවුල්කරුවකු නොමැති දෙවියා බව විශ්වාස නොකරන, මළවුන් කෙරෙන් නැගිටුවනු ලබන දිනය විශ්වාස නොකරන, අල්ලාහ් හා ඔහුගේ දූතයාණන් ඔවුනට තහනම් කළ මිය ගිය සතුන්, සූකර මාංශ, මත් ද්රව්ය, පොළිය යනාදියෙන් වැළකී නොසිටින, අල්ලාහ් ආගමානුගත කළ දෑ ට යටත් නොවන යුදෙව්වන් හා කිතුනුවන් අතරින් අල්ලාහ් ව ප්රතික්ෂේප කරන්නන් සමග ඔවුන් යටහත් පහත්ව බදු ගෙවන තෙක් නුඹලා සටන් කරනු.
تفسیرهای عربی:
وَقَالَتِ الْیَهُوْدُ عُزَیْرُ ١بْنُ اللّٰهِ وَقَالَتِ النَّصٰرَی الْمَسِیْحُ ابْنُ اللّٰهِ ؕ— ذٰلِكَ قَوْلُهُمْ بِاَفْوَاهِهِمْ ۚ— یُضَاهِـُٔوْنَ قَوْلَ الَّذِیْنَ كَفَرُوْا مِنْ قَبْلُ ؕ— قَاتَلَهُمُ اللّٰهُ ۚ— اَنّٰی یُؤْفَكُوْنَ ۟
සැබැවින්ම යුදෙව් හා කිතුනු සෑම සමූහයක්ම දෙවියන්ට ආදේශ තබන්නෝ වෙති. සැබැවින්ම උසෙයිර් අල්ලාහ්ගේ පුතණුවන් බව ඇරයුම් කරමින් යුදෙව්වන් අල්ලාහ්ට අදේශ තබති. සැබැවින්ම මසීහ් ඊසා අල්ලාහ්ගේ පුතණුවන් බව ඇරයුම් කරමින් කිතුනුවන් අල්ලාහ්ට ආදේශ තබති. එය කිසිදු සාධකයක් ඉදිරිපත් කිරීමකින් තොර ව ඔවුන්ගේ කටින් ගොතා පවසන ප්රකාශ පමණි. මොවුහු තමන්ට පෙර, "සැබැවින්ම මලාඉකාවරුන් අල්ලාහ්ගේ දූවරුන්" යැයි පවසා සිටි අයට සමාන අය වෙති. අල්ලාහ් එයට ඉහළය, උත්තරීතරය. අල්ලාහ් ඔවුන් විනාශ කර දැමීය. සැබෑ සත්යයෙන් ව්යාජ දෑ වෙත ඔවුන් හැරෙනුයේ කෙසේද?
تفسیرهای عربی:
اِتَّخَذُوْۤا اَحْبَارَهُمْ وَرُهْبَانَهُمْ اَرْبَابًا مِّنْ دُوْنِ اللّٰهِ وَالْمَسِیْحَ ابْنَ مَرْیَمَ ۚ— وَمَاۤ اُمِرُوْۤا اِلَّا لِیَعْبُدُوْۤا اِلٰهًا وَّاحِدًا ۚ— لَاۤ اِلٰهَ اِلَّا هُوَ ؕ— سُبْحٰنَهٗ عَمَّا یُشْرِكُوْنَ ۟
යුදෙව්වන් තම ආගමික විද්වතුන් ද, කිතුනුවන් තම වන්දනාකරුවන් ද අල්ලාහ් හැර දමා තම දෙවිවරුන් ලෙස ගත්තෝය. ඔවුන්ට අල්ලාහ් තහනම් කළ දෑ ඔවුන් මත අනුමත කර ගනිති. අල්ලාහ් ඔවුනට අනුමත කළ දෑ ඔවුන් මත තහනම් කර ගනිති. කිතුනුවන් අල්ලාහ් සමගම මර්යම්ගේ පුත් ඊසාව දෙවියකු ලෙස ගත්තෝය. යුදෙව් විද්වතුන්ට, කිතුනු වන්දනාකරුවන්ට, උසෙයිර්ට හා මර්යම්ගේ පුත් ඊසාට අල්ලාහ් අණ කර සිටියේ ඔහුට පමණක් හැර වෙනත් කිසිවකුට නොනමදින ලෙසත් කිසිවක් ඔහුට ආදේශ නොකරන ලෙසත්ය. ඔහු සුවිශුද්ධ ඒකීය දෙවියාය. ඔහු හැර නැමදුමට සුදුසු වෙනත් කිසිවෙකු නැත. ඔහු සුපිවිතුරුය. දෙවියන්ට ආදේශ කරන්නන් හෝ වෙනත් අය පවසා සිටින පරිදි ඔහුට කිසිදු හවුල්කරුවකු සිටීමෙන් ඔහු පිවිතුරුය.
تفسیرهای عربی:
از فواید آیات این صفحه:
• في الآيات دليل على أن تعلق القلب بأسباب الرزق جائز، ولا ينافي التوكل.
•පෝෂණ සාධක සමග හදවත බැඳී තිබීම අනුමත බවටත්, තවක්කුල් හෙවත් දෙවියන්ට සියල්ල භාර කිරීම අතහැර නොදැමිය යුතු බවටත් වූ සාධක මෙම පාඨ වල අන්තර්ගත වී ඇත.

• في الآيات دليل على أن الرزق ليس بالاجتهاد، وإنما هو فضل من الله تعالى تولى قسمته.
•සැබැවින්ම පෝෂණය පිහිටන්නේ කැපවීමෙන් පමණක් නොවන බවත් සැබැවින්ම එය අල්ලාහ්ගේ භාග්යයෙන් වන බවත් එහි කොටස ඔහු භාරගෙන ඇති බවත් පෙන්වා දෙන සාධක මෙම පාඨ වල සඳහන් වී ඇත.

• الجزية واحد من خيارات ثلاثة يعرضها الإسلام على الأعداء، يقصد منها أن يكون الأمر كله للمسلمين بنزع شوكة الكافرين.
•ඉස්ලාමය, සතුරන්ට ලබා දෙන විකල්ප තුනෙන් එකක් වන්නේ ජිසියා බදු ය. ඉන් අපේක්ෂා කරනුයේ දෙවියන් ප්රතික්ෂේප කරන්නන් දඬුවමින් ඉවත් කිරීමෙන් සමස්ත කටයුතු මුස්ලිම්වරුන් සතු කිරීමය.

• في اليهود من الخبث والشر ما أوصلهم إلى أن تجرؤوا على الله، وتنقَّصوا من عظمته سبحانه.
•අල්ලාහ් ගැන වැරදි කීමට හා ඔහුගේ ගරුත්වයට අඩුපාඩු කීමට ඔවුන්ව යොමු කරන කිලිටි හා නපුරු ගතිගුණ යුදෙව්වන් තුළ විය.

یُرِیْدُوْنَ اَنْ یُّطْفِـُٔوْا نُوْرَ اللّٰهِ بِاَفْوَاهِهِمْ وَیَاْبَی اللّٰهُ اِلَّاۤ اَنْ یُّتِمَّ نُوْرَهٗ وَلَوْ كَرِهَ الْكٰفِرُوْنَ ۟
දේවත්වය ප්රතික්ෂේප කරන මොවුන් හා දේව ප්රතික්ෂේපයේ පිළිවෙත් මත සිට බොරු ගොතමින් හා මුහම්මද් (සල්ලල්ලාහු අලය්හි වසල්ලම්) තුමා ගෙන ආ දෑ බොරු කරමින් සිටි ජනයා අපේක්ෂා කරනුයේ, ඉස්ලාමය විනාශ කිරීමටත් එය නිෂ්ඵල කිරීමටත්, අල්ලාහ්ගේ ඒකීයත්වය මත ඔහුගේ දූතයාණන් ගෙන ආ සත්යය තහවුරු කරන පැහැදිලි සාක්ෂි හා පහැදිලි සාධක ව්යාජ කිරීමටත් ය. සැබැවින් ඔහුගේ දූතයාණන් ගෙන ආ දෑ සත්යය. දේවත්වය ප්රතික්ෂේප කරන්නන් පිළිකුල් කළ ද අල්ලාහ් තම දහම සම්පූර්ණ කිරීමටත්, එය හෙළි කිරීමටත් සෙසු පිළිවෙත් වලට වඩා එය ඉහළින් තැබීමටත් අපේක්ෂා කරයි. වෙනත් කරුණු ඔහු ප්රතික්ෂේප කරයි. සැබැවින්ම අල්ලාහ් එය සම්පූර්ණ කරන්නාය. එය හෙළි කරන්නාය. එය ඉහළ නංවන්නාය. අල්ලාහ් යමක් අපේක්ෂා කළ විට වෙනත් අයගේ අපේක්ෂාවන් ශුන්ය වී යයි.
تفسیرهای عربی:
هُوَ الَّذِیْۤ اَرْسَلَ رَسُوْلَهٗ بِالْهُدٰی وَدِیْنِ الْحَقِّ لِیُظْهِرَهٗ عَلَی الدِّیْنِ كُلِّهٖ ۙ— وَلَوْ كَرِهَ الْمُشْرِكُوْنَ ۟
මිනිසුනට මාර්ගෝපදේශයක් වූ අල් කුර්ආනය හා සත්ය දහම වන ඉස්ලාම් දහම සමග දූතයකු ලෙස මුහම්මද් (සල්ලල්ලාහු අලය්හි වසල්ලම්) තුමාණන් එව්වේ පිවිතුරු අල්ලාහ්ය. එය දෙවියන් ප්රතික්ෂේප කරන්නන් පිළිකුල් කළ ද සෙසු දහම් වලට වඩා නීති රීති සාක්ෂි හා සාධක තුළින් එය උසස් කරනු පිණිස ය.
تفسیرهای عربی:
یٰۤاَیُّهَا الَّذِیْنَ اٰمَنُوْۤا اِنَّ كَثِیْرًا مِّنَ الْاَحْبَارِ وَالرُّهْبَانِ لَیَاْكُلُوْنَ اَمْوَالَ النَّاسِ بِالْبَاطِلِ وَیَصُدُّوْنَ عَنْ سَبِیْلِ اللّٰهِ ؕ— وَالَّذِیْنَ یَكْنِزُوْنَ الذَّهَبَ وَالْفِضَّةَ وَلَا یُنْفِقُوْنَهَا فِیْ سَبِیْلِ اللّٰهِ ۙ— فَبَشِّرْهُمْ بِعَذَابٍ اَلِیْمٍ ۟ۙ
අහෝ දෙවියන් විශ්වාස කොට අල්ලාහ් ආගමානුගත කළ දෑ ඉටු කරන්නනි! යුදෙව්වන් අතර සිටින විද්වතුන් බොහෝ දෙනා හා කිතුනුවන් අතර සිටින වන්දනාකරුවන් බොහෝ දෙනා කිසිදු ආගමික න්යයකින් තොර ව මිනිසුන්ගේ වස්තුව සූරා කති. ඔවුන් අල්ලස් හා (එවැනි නිත්යානුකූල නොවන) වෙනත් දෑ ගනිති. අල්ලාහ්ගේ දහම තුළට ජනයා පිවිසීමෙන් ඔවුන් වළක්වති. රන් හා රිදී රැස් කර, ඔවුනට අනිවාර්යය වූ සකාතය ඉටු නොකරන්නන් වනාහි අහෝ දූතය! මළවුන් කෙරෙන් නැගිටුවනු ලබන දිනයේ ඔවුන් කළ වැරදි හේතුවෙන් වේදනීය දඬුවමක් ඔවුනට ඇති බව දන්වා සිටිනු.
تفسیرهای عربی:
یَّوْمَ یُحْمٰی عَلَیْهَا فِیْ نَارِ جَهَنَّمَ فَتُكْوٰی بِهَا جِبَاهُهُمْ وَجُنُوْبُهُمْ وَظُهُوْرُهُمْ ؕ— هٰذَا مَا كَنَزْتُمْ لِاَنْفُسِكُمْ فَذُوْقُوْا مَا كُنْتُمْ تَكْنِزُوْنَ ۟
මළවුන් කෙරෙන් නැගිටුවනු ලබන දිනයේ නිරා ගින්නෙහි ඔවුන් එක් රැස් කොට තමන් විසින් නිකුත් කළ යුතු දැයින් වළක්වා ගත් දෑ ඉන්ධන බවට පත් කරයි. එහි උෂ්ණත්වය දැඩි වූ විට ඔවුන්ගේ නළල්, ඔවුන්ගේ ඉලපත් හා ඔවුන්ගේ පිටවල් මත තබනු ලැබේ. ඉතා පිළිකුල් සහගත අයුරින් ඔවුනට මෙසේ පවසනු ලැබේ. “මෙය නුඹලා එක්රැස් කළ මෙන්ම එහි අනිවාර්යය වගකීම ඉටු නොකළා වූ නුඹලාගේ වස්තුව වේ. එහෙයින් නුඹලා රැස් කරමින් හා එහි යුතුකම් ඉටු නොකරමින් සිටි දෑ හි ප්රතිවිපාක හා එහි දඬුවම භුක්ති විඳිනු."
تفسیرهای عربی:
اِنَّ عِدَّةَ الشُّهُوْرِ عِنْدَ اللّٰهِ اثْنَا عَشَرَ شَهْرًا فِیْ كِتٰبِ اللّٰهِ یَوْمَ خَلَقَ السَّمٰوٰتِ وَالْاَرْضَ مِنْهَاۤ اَرْبَعَةٌ حُرُمٌ ؕ— ذٰلِكَ الدِّیْنُ الْقَیِّمُ ۙ۬— فَلَا تَظْلِمُوْا فِیْهِنَّ اَنْفُسَكُمْ ۫— وَقَاتِلُوا الْمُشْرِكِیْنَ كَآفَّةً كَمَا یُقَاتِلُوْنَكُمْ كَآفَّةً ؕ— وَاعْلَمُوْۤا اَنَّ اللّٰهَ مَعَ الْمُتَّقِیْنَ ۟
අහස් හා මහ පොළොව මැවූ දා පටන් සටහන් පුවරුවේ අල්ලාහ් ස්ථීර කර ඇති පරිදි අල්ලාහ්ගේ නියමයේ හා න්යායයේ වසරේ මාස ගණන දොළොසකි. එම මාස දොළොසින් මාස හතරක යුද වැදීම අල්ලාහ් තහනම් කළේය. එය එකිනෙක පර ව එන දුල් කඃදා, දුල් හිජ්ජා සහ මුහර්රම් යන මාස තුන හා වෙනමම එන රජබ් මාසයයි. සඳහන් කරනු ලැබූ මේ මාස ගණන හා ඒ අතරින් තහනම් කරන ලද මාස හතර වනාහි ඍජු ධර්මතාව එයයි. මෙම පිවිතුරු මාස වල යුද්ධ ඇති කරමින් නුඹලා නුඹලාටම අපරාධ නොකරනු. එහි ගෞරවය නොකෙලසනු. ඔවුන් නුඹලා සියල්ලන් සමග සටන් කරන්නාක් මෙන් නුඹලා ද ඔවුන් සියල්ලන් සමග සටන් කරනු. අල්ලාහ්ගේ නියෝග පිළිපදිමින් හා ඔහු තහනම් කළ දැයින් වැළකී ඔහුට භක්තිමත් ව කටයුතු කරන්නන් සමග ජයග්රහණයේ දී හා ජය තහවුරු කිරීමේ දී අල්ලාහ් සිටින බව දැන ගනු. කවරෙකු සමග අල්ලාහ් සිටින්නේ ද එවිට කිසිවකු ඔහු අභිබවා යා නොහැක.
تفسیرهای عربی:
از فواید آیات این صفحه:
• دين الله ظاهر ومنصور مهما سعى أعداؤه للنيل منه حسدًا من عند أنفسهم.
•ඉස්ලාමයේ සතුරන් තමන් තුළ වූ ඊර්ෂ්යාව හේතුවෙන් අල්ලාහ්ගේ දහම යටපත් කිරීමට කෙතරම් උත්සාහ කළත් එම දහම ප්රසිද්ධියට පත්වන්නකි. උදව් ලබන්නකි.

• تحريم أكل أموال الناس بالباطل، والصد عن سبيل الله تعالى.
•අයුතු ලෙස ජනයාගේ සම්පත් සූරා කෑමේ හා අල්ලාහ්ගේ මාර්ගයෙන් ඔවුන් වැළැක්වීමේ තහනම.

• تحريم اكتناز المال دون إنفاقه في سبيل الله.
•අල්ලාහ්ගේ මාර්ගයේ ධනය වියදම් නොකර එය රැස් කර තබා ගැනීමේ තහනම.

• الحرص على تقوى الله في السر والعلن، خصوصًا عند قتال الكفار؛ لأن المؤمن يتقي الله في كل أحواله.
•ප්රසිද්ධියේ මෙන්ම රහසිගත ව අල්ලාහ් පිළිබඳ වූ භක්තිමත්භාවය සහතික කිරීම. විශේෂයෙන් දෙවියන් ප්රතික්ෂේප කරන්නන් සමග යුද වදින අවස්ථාවෙහි සහතික කළ යුත්තක් ව ඇත. ඊට හේතුව සැබැවින්ම මුඃමින්වරයා තමන්ගේ සියලුම කටයුතු වලදී අල්ලාහ් පිළිබඳ ව ශ්රද්ධාවෙන් කටයුතු කරන බැවිණි.

اِنَّمَا النَّسِیْٓءُ زِیَادَةٌ فِی الْكُفْرِ یُضَلُّ بِهِ الَّذِیْنَ كَفَرُوْا یُحِلُّوْنَهٗ عَامًا وَّیُحَرِّمُوْنَهٗ عَامًا لِّیُوَاطِـُٔوْا عِدَّةَ مَا حَرَّمَ اللّٰهُ فَیُحِلُّوْا مَا حَرَّمَ اللّٰهُ ؕ— زُیِّنَ لَهُمْ سُوْٓءُ اَعْمَالِهِمْ ؕ— وَاللّٰهُ لَا یَهْدِی الْقَوْمَ الْكٰفِرِیْنَ ۟۠
(අරාබිවරු අඥාන යුගයේ සිදු කළාක් මෙන්) ශුද්ධ වූ මාසයේ පාරිශුද්ධතාව වෙනුවට ශුද්ධ නොවන මාසය දක්වා ප්රමාද කිරීමත්, එය එම ස්ථානයේ තැබීමත් අල්ලාහ් පිළිබඳ ඔවුන්ගේ ප්රතික්ෂේපය වඩ වඩාත් වර්ධනය කරනු ඇත. එය ශුද්ධ වූ මාසය තුළ පවතින ඔහුගේ ප්රඥාව ඔවුන් විසින් ප්රතික්ෂේප කරන පරිදිය. මෙම නරක වසර ඔවුනට බලාත්මක වන විට ෂෙයිතාන් එමගින් අල්ලාහ් ව ප්රතික්ෂේප කළවුන් නොමග යවනු ඇත. ඔවුන් වසරක් ශුද්ධ මාසය අනුමත මාස වලින් එක් මාසයක් බවට පෙරළමින් අනුමත කර ගනිති. අල්ලාහ් තහනම් කළ මාස ගණනට අනුකූල වනු පිණිස වසරක් එහි තහනම්භාවය මත රැඳී සිටිති. එහි සැලකිය යුතු කරුණකට විරුද්ධවූයේ නම් එක් මාසයක් තවත් මාසයක ස්ථානයේ තබා ඔවුන් එය තහනම් කරනවාක් මිස මාසය අනුමත කරගන්නේ නැත. ඒ අනුව ඔවුන් අල්ලාහ් තහනම් කළ ශුද්ධ මාස අනුමත කර ගනිති. එහි ඇති ප්රඥාවට විරුද්ධ වෙති. ෂෙයිතාන් විසින් නපුරු ක්රියාවන් ඔවුනට අලංකාරවත් කරයි. ඔවුහු එය ඉටු කරති. ඒ අතරින් ප්රමාදය පිළිබඳ නව ක්රමවේදයක් ආරම්භ කිරීමත් ඇතුළත් වේ. තම ප්රතික්ෂේපයේ නිරත ව සිටින ප්රතික්ෂේපකයින් හට අල්ලාහ් ආශිර්වාද නොකරන්නේය.
تفسیرهای عربی:
یٰۤاَیُّهَا الَّذِیْنَ اٰمَنُوْا مَا لَكُمْ اِذَا قِیْلَ لَكُمُ انْفِرُوْا فِیْ سَبِیْلِ اللّٰهِ اثَّاقَلْتُمْ اِلَی الْاَرْضِ ؕ— اَرَضِیْتُمْ بِالْحَیٰوةِ الدُّنْیَا مِنَ الْاٰخِرَةِ ۚ— فَمَا مَتَاعُ الْحَیٰوةِ الدُّنْیَا فِی الْاٰخِرَةِ اِلَّا قَلِیْلٌ ۟
අල්ලාහ් හා ඔහුගේ දූතයාණන් ව විශ්වාස කර තමන් වෙනුවෙන් ආගමානුගත කළ දෑ පිළිපදින්නනි! නුඹලාගේ සතුරන් සමග සටන් කිරීමට අල්ලාහ්ගේ මාර්ගයේ කැපවීම සඳහා නුඹලා ඇරයුම් කරනු ලබන විට, නුඹලා ප්රමාද වී නුඹලාගේ වාසස්ථාන වල රැඳී සිටීමට ගිය කාරණාව කුමක් ද? අල්ලාහ්ගේ මාර්ගයේ අරගල කරන සටන්කාමීන් සඳහා අල්ලාහ් සූදානම් කර ඇති සදාතනික මතු ලොව සැප සම්පත් වෙනුවට ඉතා පහත් මෙන්ම එහි සැප පහසුකම් බිඳී යන මෙලොව ජීවිතයේ සැප පහසුකම් පිළිබඳ නුඹලා තෘප්තියට පත් වන්නෙහු ද? මෙලොව සැප පහසුකම් මතු ලොව පැත්තෙන් බලන විට ඉතා අල්පයක් මිස නැත. සදා පවතින්නක් වෙනුවට විනාශ වී යන්නක් හා අති මහත් දෙයක් වෙනුවට අල්ප දෙයක් තෝරා ගැනීම බුද්ධිමතෙකුට කෙසේ නම් විය හැකි ද?
تفسیرهای عربی:
اِلَّا تَنْفِرُوْا یُعَذِّبْكُمْ عَذَابًا اَلِیْمًا ۙ۬— وَّیَسْتَبْدِلْ قَوْمًا غَیْرَكُمْ وَلَا تَضُرُّوْهُ شَیْـًٔا ؕ— وَاللّٰهُ عَلٰی كُلِّ شَیْءٍ قَدِیْرٌ ۟
අහෝ දේවත්වය විශ්වාස කරන්නනි! නුඹලාගේ සතුරන් සමග සටන් කිරීම සඳහා අල්ලාහ්ගේ මාර්ගයේ නුඹලා පිටත් ව නොයන්නේ නම් අවමානය, පරාජය හා වෙනත් කරුණු තුළින් අල්ලාහ් නුඹලාට දඬුවම් කරනු ඇත. එමෙන්ම ජිහාද් සඳහා පිටත්වන්නට ඇරයුම් කරන විට එසේ පිටත් ව යන අල්ලාහ්ට කීකරු තවත් පිරිසක් නුඹලා වෙනුවට ඔහු පෙරළා බිහි කරනු ඇත. ඔහුගේ නියෝගයට නුඹලා පිටුපෑම හේතුවෙන් ඔහුට කිසිවක් හානි කරන්නේ නැත. ඔහු නුඹලාගේ අවශ්යතාවෙන් තොරය. ඔහු වෙත අවශ්යතාව ඇත්තෝ නුඹලාය. අල්ලාහ් සියලු දෑ කෙරෙහි සර්ව බලධාරීය. ඔහු ඔහුගේ දහමට ඔහුගේ නබිවරයාට නුඹලා නොමැතිවම ජය ලබා දීමට බලය ඇත්තාය.
تفسیرهای عربی:
اِلَّا تَنْصُرُوْهُ فَقَدْ نَصَرَهُ اللّٰهُ اِذْ اَخْرَجَهُ الَّذِیْنَ كَفَرُوْا ثَانِیَ اثْنَیْنِ اِذْ هُمَا فِی الْغَارِ اِذْ یَقُوْلُ لِصَاحِبِهٖ لَا تَحْزَنْ اِنَّ اللّٰهَ مَعَنَا ۚ— فَاَنْزَلَ اللّٰهُ سَكِیْنَتَهٗ عَلَیْهِ وَاَیَّدَهٗ بِجُنُوْدٍ لَّمْ تَرَوْهَا وَجَعَلَ كَلِمَةَ الَّذِیْنَ كَفَرُوا السُّفْلٰی ؕ— وَكَلِمَةُ اللّٰهِ هِیَ الْعُلْیَا ؕ— وَاللّٰهُ عَزِیْزٌ حَكِیْمٌ ۟
අහෝ දේවත්වය විශ්වාස කරන්නනි! නුඹලා අල්ලාහ්ගේ දූතයාණන්හට උදව් නොකළේ නම් හෝ අල්ලාහ්ගේ මාර්ගයේ යුද වදින්නට එතුමාණන් ඇරයුම් කරන විට නුඹලා එයට පිළිතුරු නොදුන්නේ නම් හෝ සැබැවින්ම නුඹලා එතුමාණන් සමග නොවුව ද, අල්ලාහ් එතුමාට උදව් කරනු ඇත. දෙවියන් ආදේශ කරන්නන් විසින් එතුමාණන් ව හා අබූ බක්කර් තුමා ව පිටුවහල් කරන අවස්ථාවේ ඔවුන් දෙදෙනා සොයා ආ දේව ප්රතික්ෂේපකයින්හට බියෙන් සව්ර් ගුහාවේ සිටියදී ඔවුන් දෙදෙනා සමග තුන්වැන්නෙකු නොවීය. දේව ප්රතික්ෂේපකයින්ගේ ග්රහණයට හසුවනු ඇතැයි බිය වූ එතුමාණන්ගේ මිතුරු අබූ බක්කර් තුමාට, "ඔබ දුක් නොවනු. සැබවින් අල්ලාහ් ජය තහවුරු කිරීමට හා උදව් කිරීමට අප සමග සිටින්නේය" යැයි පැවසූ අවස්ථාවේ අල්ලාහ් ඔහුගේ දූතයාණන්ගේ සිතට සැනසුම පහළ කළේය. එතුමාණන් ශක්තිමත් කරන ඔවුන් නොදුටු මලක්වරුන් ද පහළ කළේය. දේවත්වය ප්රතික්ෂේප කරන්නන්ගේ ප්රකාශය පහත් කොට, ඉස්ලාමය උසස් වීමට සලස්වා අල්ලාහ්ගේ වදන උසස් කළේය. අල්ලාහ් ඔහුගේ ස්වභාවයේ හා ඔහුගේ බලයේ හා ඔහුගේ ආධිපත්යයේ සර්ව බලධාරීය. කිසිවකුට ඔහු අබිබවා යා නොහැක. සැලසුම් කිරීමෙහි ද ඔහුගේ නියමයෙහි හා ඔහු ආගමානුගත කිරීමෙහි ද ඔහු මහා ප්රඥාවන්තය.
تفسیرهای عربی:
از فواید آیات این صفحه:
• العادات المخالفة للشرع بالاستمرار عليها دونما إنكار لها يزول قبحها عن النفوس، وربما ظُن أنها عادات حسنة.
•ආගමට පටහැණි සිරිත් විරිත්, ඒවාට විරුද්ධ නොවී ඒ මත දිගටම නියැලි සිටීමෙන් එය අශීලාචාර දෙයක් යන හැඟීම සිත් තුළින් ඉවත් කර දමයි. ඇතැමි විට ඒවා යහපත් සිරිත් විරිත් යැයි සිතන්නට පවා ඉඩ හරියි.

• عدم النفير في حال الاستنفار من كبائر الذنوب الموجبة لأشد العقاب، لما فيها من المضار الشديدة.
•යුක්ති සහගත අරගලයක දී, පිටත් ව යන මෙන් ඉල්ලා සිටින විට ඒ සඳහා පිටත් ව නොයෑම දැඩි දඬුවම අනිවාර්යය කරන මහා පාපයන්ගෙන් එකකි. ඊට හේතුව එම ක්රියාවෙහි දැඩි හිංසාවන් ඇති බැවිණි.

• فضيلة السكينة، وأنها من تمام نعمة الله على العبد في أوقات الشدائد والمخاوف التي تطيش فيها الأفئدة، وأنها تكون على حسب معرفة العبد بربه، وثقته بوعده الصادق، وبحسب إيمانه وشجاعته.
•ශාන්තියේ මහිමය. සැබැවින්ම එය හදවත් නොසැලකිලිමත් ව තිබෙන දුෂ්කර වේලාවන්හි හා බියකරු අවස්ථාවන්හි ගැත්තාට අල්ලාහ් පුදන පූර්ණ ආශිර්වාදයකි. එය ගැත්තා තම පරමාධිපති හඳුනා ගත් ප්රමාණයට හා ඔහුගේ සැබෑ ප්රතිඥාව තහවුරු කරන ප්රමාණයට අනුවත් ඔහුගේ විශ්වාසය හා ඔහුගේ වීරත්වයේ ප්රමාණයට අනුව පිහිටන්නේය.

• أن الحزن قد يعرض لخواص عباد الله الصدِّيقين وخاصة عند الخوف على فوات مصلحة عامة.
•සැබැවින්ම දුක, ඇතැම් විට අල්ලාහ්ගේ සැබෑ ගැත්තන්ට ඇති වේ. විශේෂයෙන්ම පොදු යහපත අහිමි වීම ගැන බියෙන් පසුවන අවස්ථාවන්හි එය ඉස්මතු වේ.

اِنْفِرُوْا خِفَافًا وَّثِقَالًا وَّجَاهِدُوْا بِاَمْوَالِكُمْ وَاَنْفُسِكُمْ فِیْ سَبِیْلِ اللّٰهِ ؕ— ذٰلِكُمْ خَیْرٌ لَّكُمْ اِنْ كُنْتُمْ تَعْلَمُوْنَ ۟
අහෝ දෙවියන් විශ්වාස කරන්නනි! පහසුකම් ඇති තත්ත්වයේ ද පහසුකම් නොමැති තත්ත්වයේ ද තරුණයින් හා මහල්ලන් වශයෙන් අල්ලාහ්ගේ මාර්ගයේ කැපවීමට පිටත් ව යනු. නුඹලාගේ ප්රාණ හා නුඹලාගේ වස්තුව පරදුවට තබා කැපවනු. එසේ යුද්ධය සඳහා පිටත් වීමත්, ප්රාණය හා වස්තුව පරදුවට තැබීමත්, යුද්ධයට සහභාගී නොවී රැඳී සිටීම හෝ වස්තුවට හා ප්රාණයට ඇලී සිටීමට වඩා මෙලොව මෙන්ම මතු ලොවට වඩාත් ප්රයෝජනවත් වන්නේය. ඒ ගැන නුඹලා දැන සිටියෙහු නම් ඒ සඳහා ප්රිය කරනු.
تفسیرهای عربی:
لَوْ كَانَ عَرَضًا قَرِیْبًا وَّسَفَرًا قَاصِدًا لَّاتَّبَعُوْكَ وَلٰكِنْ بَعُدَتْ عَلَیْهِمُ الشُّقَّةُ ؕ— وَسَیَحْلِفُوْنَ بِاللّٰهِ لَوِ اسْتَطَعْنَا لَخَرَجْنَا مَعَكُمْ ۚ— یُهْلِكُوْنَ اَنْفُسَهُمْ ۚ— وَاللّٰهُ یَعْلَمُ اِنَّهُمْ لَكٰذِبُوْنَ ۟۠
කුහකයින් අතරින්, ප්රමාදවීමට නුඹගෙන් අවසර පතන්නන්ව නුඹලා කවර කරුණක් වෙත ඇරයුම් කරන්නේ ද, එය පහසුවෙන් අත්පත් කර ගත හැකි යුද භාණ්ඩයක් හෝ කිසිදු අසීරුතාවක් නොමැති ගමනක් වී නම් ඔවුන් නුඹ පසුපස හඹා එනු ඇත. නමුත් අහෝ නබිවරය! සතුරන් වෙත යෑම සඳහා නුඹ ඔවුන් ඇරයුම් කළ දුර ප්රමණය දිගු විය. කුහකයින් අතරින් ප්රමාද වීමට අවසර පැතූ මොවුන් වෙත නුඹ ගිය කල්හි ඔවුහු අල්ලාහ් මත දිවුරමින් "නුඹලා සමග ජිහාද් කිරීමට පිටත් වීමට අපට හැකියාව ඇත්නම් අප ද පිටත් ව එන්නට තිබුණි." යැයි පවසන්නට වූහ. ඔවුන්ගේ ප්රමාදයට නිදහසට කරුණු ඉදිරිපත් කිරීම හා මෙම බොරු විශ්වාසය හේතුවෙන් අල්ලාහ්ගේ දඬුවමට ඉදිරියේ ඔවුන් ඔවුන්වම විනාශ කර ගත්තෝය. ඔවුන් වාද කරමින් සිටින දෑ හි මෙන්ම ඔවුන්ගේ මෙම විශ්වාසයේ ඔවුන් බොරුකාරයින් බව අල්ලාහ් දනී.
تفسیرهای عربی:
عَفَا اللّٰهُ عَنْكَ ۚ— لِمَ اَذِنْتَ لَهُمْ حَتّٰی یَتَبَیَّنَ لَكَ الَّذِیْنَ صَدَقُوْا وَتَعْلَمَ الْكٰذِبِیْنَ ۟
අහෝ දූතය! ප්රමාද වීමට ඔවුනට අවසර දීමේ ඔබේ උත්සහයට අල්ලාහ් ඔබට සමාව දෙත්වා! ඔබට ඔවුන් ඉදිරිපත් කළ හේතු සාධක වල සත්යවාදීන් කවුරුන්ද බොරුකාරයින් කවුරුන්ද යැයි ඔබට පැහැදිලි වන තෙක් එහිදී ඔවුනට එසේ අනුමැතිය පිරිනැමුවේ කුමක් නිසාවෙන් ද? එසේ වූයේ නම් ඔවුන් අතර සිටි බොරුකාරයින්ට හැර සත්ය පවසන්නන්ට පමණක් අනුමැතිය දෙන්නට තිබිණ.
تفسیرهای عربی:
لَا یَسْتَاْذِنُكَ الَّذِیْنَ یُؤْمِنُوْنَ بِاللّٰهِ وَالْیَوْمِ الْاٰخِرِ اَنْ یُّجَاهِدُوْا بِاَمْوَالِهِمْ وَاَنْفُسِهِمْ ؕ— وَاللّٰهُ عَلِیْمٌۢ بِالْمُتَّقِیْنَ ۟
අහෝ දූතය! සැබෑ විශ්වාසයකින් යුතුව අල්ලාහ් හා මළවුන් කෙරෙන් නැගිටුවනු ලබන දිනය විශ්වාස කරන ජනයා අල්ලාහ්ගේ මාර්ගයේ තම වස්තුව හා තම ජීවිත පරදුවට තබා කැපවීම සඳහා ප්රමාද වීමට ඔබෙන් අනුමැතිය පැතීම ඔවුන්ගේ කටයුත්තක් නොවන්නේය. ඔවුන්ගේ කරුණ වනුයේ ඔබ ඔවුන් කැඳ වූ අවස්ථාවේ එසේ පෙරළා පැමිණ ඔවුන්ගේ ප්රාණය හා වස්තුව පරදුවට තබා සටන් කිරීමය. ඔබ සමග පිටත් වීමට ඔවුන් වැළැක් වූ හේතු සාධක නිසාවෙන් මිස එසේ ඔබෙන් අනුමැතිය නොඉල්ලූ තම බැතිමත් ගැත්තන් පිළිබඳ අල්ලාහ් සර්ව ඥානීය.
تفسیرهای عربی:
اِنَّمَا یَسْتَاْذِنُكَ الَّذِیْنَ لَا یُؤْمِنُوْنَ بِاللّٰهِ وَالْیَوْمِ الْاٰخِرِ وَارْتَابَتْ قُلُوْبُهُمْ فَهُمْ فِیْ رَیْبِهِمْ یَتَرَدَّدُوْنَ ۟
අහෝ දූතය! අල්ලාහ්ගේ මාර්ගයේ කැපවීම සඳහා ප්රමාදවීමේ අනුමැතිය ඔබෙන් පැතූ අය වනාහි, අල්ලාහ් ව විශ්වාස නොකරන මළවුන් කෙරෙන් නැගිටුවනු ලබන දිනය විශ්වාස නොකරන කුහකයෝ වෙති. එමෙන්ම තම හදවත් තුළ අල්ලාහ්ගේ දහම විෂයයෙහි සැක ඇත්තෝ වෙති. ඔවුහු ඔවුන්ගේ සැකයෙහි පැකිළෙමින් සිටිති. සත්ය වෙත මග නොලබති.
تفسیرهای عربی:
وَلَوْ اَرَادُوا الْخُرُوْجَ لَاَعَدُّوْا لَهٗ عُدَّةً وَّلٰكِنْ كَرِهَ اللّٰهُ انْۢبِعَاثَهُمْ فَثَبَّطَهُمْ وَقِیْلَ اقْعُدُوْا مَعَ الْقٰعِدِیْنَ ۟
සැබැවින්ම ඔබ සමග අල්ලාහ්ගේ මාර්ගයේ කැපවීම සඳහා පිටත් වීමට ඔවුන් අපේක්ෂා කරන බවට ඔවුන් තබන වාදයේ ඔවුන් සත්යවාදීහු නම්, ඒ සඳහා අවශ්ය කළමනා සූදානම් කරන්නට තිබුණි. නමුත් ඔබ සමග ඔවුන් පිටත් වීම අල්ලාහ් හෙළා දැක්කේය. ඔවුන්ගේ නිවෙස් වලටම වී රැඳී සිටීමට බලපෑමක් ඇති කරන තරමට එසේ පිටත් වීම ඔවුනට බරක් විය.
تفسیرهای عربی:
لَوْ خَرَجُوْا فِیْكُمْ مَّا زَادُوْكُمْ اِلَّا خَبَالًا وَّلَاۡاَوْضَعُوْا خِلٰلَكُمْ یَبْغُوْنَكُمُ الْفِتْنَةَ ۚ— وَفِیْكُمْ سَمّٰعُوْنَ لَهُمْ ؕ— وَاللّٰهُ عَلِیْمٌۢ بِالظّٰلِمِیْنَ ۟
මෙම කුහකයින් නුඹලා සමග පිටත් ව නොයෑම යහපතකි. ඔවුන් නුඹලා සමග පිටත් ව ගියේ නම් ඔවුන් නුඹලා අතර පහත් කිරීම, සැකය ඇති කිරීම යනාදී කටයුතු වල නිරත වී අර්බුදයක් ඇති කිරීම මිස වෙනත් කිසිවක් වර්ධනය කරන්නේ නැත. නුඹලා අතර විභේද කිරීම සඳහා කේලම් කියමින් නුඹලාගේ බල ඇණියන් අතර සැරිසරනු ඇත. අහෝ දෙවියන් විශ්වාස කරන්නනි! නුඹලා අතර බොරුව ප්රවර්ධනය කරන දෑ ට සවන් දෙන අය ද වෙති. ඔවුන් එය පිළිගෙන පතුරුවාලති. එවිට නුඹලා අතර මතභේද හට ගනියි. දෙවියන් විශ්වාස කරන්නන් අතර සැක ඇති කරන විෂ පොවන කුහකයින් අතර සිටින අපරාධකරුවන් පිළිබඳ අල්ලාහ් සර්ව ඥානීය.
تفسیرهای عربی:
از فواید آیات این صفحه:
• وجوب الجهاد بالنفس والمال كلما دعت الحاجة.
•අවශ්යතා ඇති සෑම අවස්ථාවකම තම ජීවිත හා සම්පත් පුදකරමින් කැපවීමේ අනිවාර්යභාවය.

• الأيمان الكاذبة توجب الهلاك.
•ව්යාජ විශ්වාසය විනාශය අනිවාර්යය කරයි.

• وجوب الاحتراز من العجلة، ووجوب التثبت والتأني، وترك الاغترار بظواهر الأمور، والمبالغة في التفحص والتريث.
•ඉක්මන් වීමෙන් ප්රවේශම් වීමේ අනිවාර්යභාවය, ඉවසිලිවන්තකම හා ස්ථාවරත්වයේ අනිවාර්යභාවය. මතුපිටින් පෙනෙන කටයුතු වලට රැවටීමෙන් සහ විභාග කිරීම හා බලා සිටීම අතිශයෝක්තියට නැංවීමෙන් වැළකී සිටීම.

• من عناية الله بالمؤمنين تثبيطه المنافقين ومنعهم من الخروج مع عباده المؤمنين، رحمة بالمؤمنين ولطفًا من أن يداخلهم من لا ينفعهم بل يضرهم.
•අල්ලාහ් දේව විශ්වාසී ජනයා වෙත තම සැලකිල්ල දක්වනුයේ කුහකයින් අධෛර්යමත් කිරීමෙන් හා තම විශ්වාසී ගැත්තන් සමග පිටත් වීමෙන් ඔවුන් වැළැක්වීමෙනි. එය දේව විශ්වාසී ජනයාට ආශිර්වාදයක් වශයෙන් හා ඔවුන්ට ප්රයෝජනයක් නැති නමුත් ඔවුන්ට හානි කරන කෙනෙකු ඔවුන් තුළට ඇතුළු නොවීමෙන් කෙරෙන සහනයක් වශයෙනි.

لَقَدِ ابْتَغَوُا الْفِتْنَةَ مِنْ قَبْلُ وَقَلَّبُوْا لَكَ الْاُمُوْرَ حَتّٰی جَآءَ الْحَقُّ وَظَهَرَ اَمْرُ اللّٰهِ وَهُمْ كٰرِهُوْنَ ۟
මෙම කුහකයෝ දෙවියන් විශ්වාස කළවුන්ගේ ප්රකාශයේ බෙදීම් ඇති කර තබූක් යුද්ධයට පෙර ම ඔවුන්ගේ අවධානය වෙනතකට යොමු කරමින් කලහකම් කිරීමට ආශා කළෝය. අහෝ දූතය! කුමන්ත්රණශීලී ලෙස සියලු කටයුතු නුඹ වෙත හරවන්නට බලති. එය ඔවුන්ගේ කුමන්ත්රණය හරහා ජිහාද් පිළිබඳ ඇති නුඹගේ අධිෂ්ඨානයට බලපෑමක් ඇති කරනු පිණිසය. අවසානයේ අල්ලාහ්ගේ උපකාරය පැමිණ එය ඔබට තහවුරු විය. අල්ලාහ් ඔහුගේ දහම ගෞරවයට ලක් කළේය. ඔවුන් පිළිකුල් කළ ද ඔහුගේ සතුරන් ඔහු මැඩලීය. එය ඔවුන් සත්යයට එරෙහි ව අසත්ය ජය ගැනීම ඔවුන් ආශා කරමින් සිටි බැවිණි.
تفسیرهای عربی:
وَمِنْهُمْ مَّنْ یَّقُوْلُ ائْذَنْ لِّیْ وَلَا تَفْتِنِّیْ ؕ— اَلَا فِی الْفِتْنَةِ سَقَطُوْا ؕ— وَاِنَّ جَهَنَّمَ لَمُحِیْطَةٌ بِالْكٰفِرِیْنَ ۟
අර්බුදකාරී තත්ත්වයන් හී නිදහසට කරුණු දක්වන අය ද කුහකයින් අතර වෙති. ඔවුහු ‘අල්ලාහ්ගේ දූතයාණනි! ජිහාදයෙන් පසුබෑමට මට අවසර දෙන්න. රෝම සතුරන්ගේ කාන්තාවන් දුටු විට ඔවුන්ගේ අර්බුදය හේතුවෙන් පාපයක් ඇති නොවනු පිණිස ඔබ සමග පිටත් වීමෙන් පාපයේ බර උසුලන්නට මා හට අවකාශය නොදෙන්න’ යැයි පවසති. දැනගන්න. ඔවුන් සිතන දෑ ට වඩා අතිමහත් අර්බුදයකට ඔවුන් වැටී ඇත. එය කුහකත්වයේ හා පසුගාමිත්වයේ අර්බුදයයි. මළවුන් කෙරෙන් නැගිටුවනු ලබන දිනයේ සැබැවින්ම දෙවියන් ප්රතික්ෂේප කළවුන්ව නිරය සර්ව ප්රකාරයෙන් වටලා ගනු ඇත. ඔවුන් අතරින් කිසිවකු එය මග හරින්නේ නැත. ඉන් පලා යන්නට ස්ථානයක් ඔවුන් ලබන්නේ ද නැත.
تفسیرهای عربی:
اِنْ تُصِبْكَ حَسَنَةٌ تَسُؤْهُمْ ۚ— وَاِنْ تُصِبْكَ مُصِیْبَةٌ یَّقُوْلُوْا قَدْ اَخَذْنَاۤ اَمْرَنَا مِنْ قَبْلُ وَیَتَوَلَّوْا وَّهُمْ فَرِحُوْنَ ۟
අහෝ අල්ලාහ්ගේ දූතයාණනි! ඔබට සහනයක් ලෙස යම් උපකාරයක් හෝ යුද පිටියේ වස්තුවක් වැනි අල්ලාහ්ගේ ආශිර්වාදයක් හිමි වූයේ නම් එය ඔවුහු පිළිකුල් කරති. ඒ ගැන දුක් වෙති. යම් දරුණු ව්යසනයක් හෝ සතුරු පාර්ශවයට යම් ජයක් ලැබුණු විට එම කුහකයෝ, "අපි අප ගැන බලා ගත්තෙමු. දෙවියන් විශ්වාස කරන්නන් පිට ව ගියාක් මෙන් අප පිටව නොයෑමෙන් ස්ථාවරත්වය ලැබුවෙමු. ඔවුනට අත්විය යුතු මරණය හා සිරගත වීම ඔවුනට අත් විය." යැයි පවසා එම කුහකයෝ ඔවුන්ගේ පවුල වෙතත් ඉතා සතුටින් සුරක්ෂිත ව හැරී යති.
تفسیرهای عربی:
قُلْ لَّنْ یُّصِیْبَنَاۤ اِلَّا مَا كَتَبَ اللّٰهُ لَنَا ۚ— هُوَ مَوْلٰىنَا ۚ— وَعَلَی اللّٰهِ فَلْیَتَوَكَّلِ الْمُؤْمِنُوْنَ ۟
අහෝ දූතය! එම කුහකයින්ට ඔබ මෙසේ පවසනු. "අල්ලාහ් අපට නියම කළ දෑ මිස වෙන කිසිවක් අප ලබා ගන්නේ නැත. ඔහු අති පිවිතුරුය. අපගේ හිමිකරුය. අප යොමු වන ස්ථානයේ ස්ථානාධිපතිය. අපගේ කටයුතුවලදී ඔහු මත පමණක් සියල්ල භාර කරන්නෙමු. දෙවියන් විශ්වාස කරන්නන් ඔවුන්ගේ සියලු කටයුතු පවරනුයේ ඔහු වෙත පමණය. ඔහු ඔවුනට ප්රමාණවත්ය. එම භාරකරු ඉතා යහපත්ය."
تفسیرهای عربی:
قُلْ هَلْ تَرَبَّصُوْنَ بِنَاۤ اِلَّاۤ اِحْدَی الْحُسْنَیَیْنِ ؕ— وَنَحْنُ نَتَرَبَّصُ بِكُمْ اَنْ یُّصِیْبَكُمُ اللّٰهُ بِعَذَابٍ مِّنْ عِنْدِهٖۤ اَوْ بِاَیْدِیْنَا ۖؗۗ— فَتَرَبَّصُوْۤا اِنَّا مَعَكُمْ مُّتَرَبِّصُوْنَ ۟
"අහෝ දූතය! අපට උපකාරයක් හෝ සාධකයක් හෝ ලැබීම මිස වෙනත් කිසිවක් නුඹලා බලාපොරොත්තු වන්නෙහු ද? අප බලාපොරොත්තු වනුයේ නුඹලා සමග සටන් කිරීමට අල්ලාහ් අපට අවසරය දුන් විට ඔහු වෙතින් නුඹලාට දඬුවමක් පහළ වී නුඹලා විනාශ කර දමා අපගේ අතින්ම නුඹලා ඝාතනයට ලක් වීමෙන් හෝ සිරගත වීමෙන් නුඹලා දඬුවමට ලක්වීමය. එහෙයින් අපගේ දඬුවම නුඹලා බලාපොරොත්තුවෙන් සිටිනු. සැබැවින්ම නුඹලාට අත්වන දඬුවම ගැන අපි අපේක්ෂාවෙන් සිටින්නෙමු." යැයි පවසනු.
تفسیرهای عربی:
قُلْ اَنْفِقُوْا طَوْعًا اَوْ كَرْهًا لَّنْ یُّتَقَبَّلَ مِنْكُمْ ؕ— اِنَّكُمْ كُنْتُمْ قَوْمًا فٰسِقِیْنَ ۟
අහෝ දූතය! නුඹ ඔවුනට මෙසේ පවසනු. ‘කැමැත්තෙන් හෝ අකමැත්තෙන් හෝ නුඹලා වියදම් කරන වස්තුව නුඹලා වියදම් කරනු. නුඹලාගේ ප්රතික්ෂේපය හා අල්ලාහ්ට අවනත වීමෙන් නුඹලා බැහැර වූ හේතුවෙන් නුඹලා වියදම් කරන දෑ නුඹලාගෙන් කිසිවිටෙක පිළිගන්නේ නැත.’
تفسیرهای عربی:
وَمَا مَنَعَهُمْ اَنْ تُقْبَلَ مِنْهُمْ نَفَقٰتُهُمْ اِلَّاۤ اَنَّهُمْ كَفَرُوْا بِاللّٰهِ وَبِرَسُوْلِهٖ وَلَا یَاْتُوْنَ الصَّلٰوةَ اِلَّا وَهُمْ كُسَالٰی وَلَا یُنْفِقُوْنَ اِلَّا وَهُمْ كٰرِهُوْنَ ۟
ඔවුන් කරන වියදම් පිළිගනු ලැබීමෙන් ඔවුන් වළක්වාලනුයේ කරුණු තුනකි. එනම් ඔවුන් අල්ලාහ් හා ඔහුගේ දූතයාණන් ප්රතික්ෂේප කිරීම, ඔවුන් සලාත් ඉටු කරන විට ඔවුනට එය බරක් වීම හා ඔවුන් මැළිකම් දැක්වීම, තම වස්තුව කැමැත්තෙන් වියදම් නොකිරීම යනාදියයි. ඔවුන් ඒවා වියදම් කරනුයේ අකමැත්තෙනි. ඊට හේතුව ඔවුන්ගේ සලාතයේ හෝ ඔවුන් කරන වියදමෙහි ඔවුන් කුසල් අපේක්ෂා නොකරන බැවිණි.
تفسیرهای عربی:
از فواید آیات این صفحه:
• دأب المنافقين السعي إلى إلحاق الأذى بالمسلمين عن طريق الدسائس والتجسس.
•කුහකයන් සැමවිටම උත්සාහ කර ඇත්තේ කුතුහලය ඇති කිරීම හා ඔත්තු බැලීම තුළින් මුස්ලිම්වරුන්ට හානි කිරීමට ය.

• التخلف عن الجهاد مفسدة كبرى وفتنة عظمى محققة، وهي معصية لله ومعصية لرسوله.
•ජිහාද් කිරීමෙන් පසුබැසීම මහත් පාපයකි. එමෙන්ම මහත් අර්බුදයකි. එය අල්ලාහ්ට අකීකරු වීමක් මෙන්ම ඔහුගේ දූතයාණන්ට අකීකරු වීමක් වෙයි.

• في الآيات تعليم للمسلمين ألا يحزنوا لما يصيبهم؛ لئلا يَهِنوا وتذهب قوتهم، وأن يرضوا بما قدَّر الله لهم، ويرجوا رضا ربهم؛ لأنهم واثقون بأن الله يريد نصر دينه.
•මුස්ලිම්වරුන් නින්දාවට පත් නොවනු පිණිසත් ඔවුන්ගේ ශක්තිය හා බලය පහ නොවනු පිණිසත් තමන්ට අත් වූ ඉරණම ගැන දුක් නොවන මෙන් ද, අල්ලාහ් ඔවුන්ට නියම කළ දෑ පිළිගන්නා මෙන් ද සැබවින්ම අල්ලාහ් තම දහමට උපකාර කිරීමට අභිමත කර ඇති බව ඔවුන් දැඩි සේ විශ්වාස කරන බැවින් ඔවුන්ගේ පරමාධිපතිගේ පිළිගැනීම අපේක්ෂා කරන මෙන් ද මෙම පාඨ ඔවුනට උගන්වයි.

• من علامات ضعف الإيمان وقلة التقوى التكاسل في أداء الصلاة والإنفاق عن غير رضا ورجاء للثواب.
•සලාතය ඉටු කිරීමේදී පවතින මැළිකමත්, පිළිගැනීමක් නැති හා කුසල් බලාපොරොත්තු නොවන දෑ ට වියදම් කිරීමත් දේව විශ්වාසයේ හා බැතිමත්භාවයේ පවතින දුර්වලකමේ සලකුණු අතරිණි.

فَلَا تُعْجِبْكَ اَمْوَالُهُمْ وَلَاۤ اَوْلَادُهُمْ ؕ— اِنَّمَا یُرِیْدُ اللّٰهُ لِیُعَذِّبَهُمْ بِهَا فِی الْحَیٰوةِ الدُّنْیَا وَتَزْهَقَ اَنْفُسُهُمْ وَهُمْ كٰفِرُوْنَ ۟
අහෝ දූතය! කුහකයින් සතු වස්තුව, ඔවුන්ගේ දරුවන් පිළිබඳව විමතියට පත් නොවනු. ඒවා ආකර්ෂණීය ලෙස නොගනු. ඔවුන්ගේ වස්තුවේ හා දරුවන්ගේ අවසානය නපුරකි. ඒවා ලබා ගැනීම සඳහා ගන්නා වෙහෙස හා උත්සාහය ඔවුනට වේදනාවක් බවට අල්ලාහ් පත් කරනු ඇත. එමෙන්ම ඔවුන් සත්යය ප්රතික්ෂේප කරමින් සිටියදීම ඔවුන්ගේ ප්රාණය අල්ලාහ් බැහැර කරන තෙක් ඒවායෙහි අර්බුද පහළ කිරීමෙන් ද ඔවුන් දඬුවමට ලක් කරනු ඇත. ඔහු නිරා ගින්නෙහි පහළම තලයේ තනි ව දඬුවම් කරනු ලබනු ඇත.
تفسیرهای عربی:
وَیَحْلِفُوْنَ بِاللّٰهِ اِنَّهُمْ لَمِنْكُمْ ؕ— وَمَا هُمْ مِّنْكُمْ وَلٰكِنَّهُمْ قَوْمٌ یَّفْرَقُوْنَ ۟
අහෝ දේවත්වය විශ්වාස කරන්නනි! බොරුකාර කුහකයෝ සැබැවින්ම ඔවුන් ද නුඹලාගේ කණ්ඩායමේ පිරිසක් වෙතැයි සහතික කොට පවසති. ඔවුන් නුඹලා අතරින් යැයි පෙන්නුම් කළ ද ඔවුන් ඇතුළාන්තයේ නුඹලා අතරින් නොවෙති. ඔවුන්, දෙවියන්ට ආදේශ තැබූවන් අත් වූ මරණය හා සිරගත වීම් වැනි දෑ තමන්ට ද අත්වනු ඇතැයි බිය වූ පිරිසකි. එහෙයින් ආරක්ෂාව පිණිස ඔවුහු තම ඉස්ලාමය පෙන්නුම් කරති.
تفسیرهای عربی:
لَوْ یَجِدُوْنَ مَلْجَاً اَوْ مَغٰرٰتٍ اَوْ مُدَّخَلًا لَّوَلَّوْا اِلَیْهِ وَهُمْ یَجْمَحُوْنَ ۟
මෙම කුහකයෝ තමන් ආරක්ෂා කර ගත හැකි ආරක්ෂිත ස්ථානයක් දුටුවේ නම් හෝ කඳු වල සැඟවිය හැකි ගුහාවන් දුටුවේ නම් හෝ රිංගිය හැකි උමගක් දුටුවේ නම් හෝ ඔවුන් ඒ වෙත පිවිස රැකවරණය ලබන්නට බලති. ඒ වෙත වේගයෙන් පිවිසෙති.
تفسیرهای عربی:
وَمِنْهُمْ مَّنْ یَّلْمِزُكَ فِی الصَّدَقٰتِ ۚ— فَاِنْ اُعْطُوْا مِنْهَا رَضُوْا وَاِنْ لَّمْ یُعْطَوْا مِنْهَاۤ اِذَا هُمْ یَسْخَطُوْنَ ۟
අහෝ දූතය! දානයක් බෙදා දිමේදී තමන් ප්රිය කරන දෑ තමන්ට නොලැබුනු අවස්ථා වලදී ඔබට දොස් පවරන්නන් ද කුහකයින් අතර වෙති. එහෙයින් ඔබ ඒවායින් ඔවුන් පතන දෑ පිරිනැමුවෙහි නම් ඔබෙන් එය පිළිගන්නා අතර ඒවායින් ඔවුන් නොපතන දෑ ඔබ ඔවුනට පිරිනැමුවෙහි නම් ඔවුන් මැසිවිලි නගති.
تفسیرهای عربی:
وَلَوْ اَنَّهُمْ رَضُوْا مَاۤ اٰتٰىهُمُ اللّٰهُ وَرَسُوْلُهٗ ۙ— وَقَالُوْا حَسْبُنَا اللّٰهُ سَیُؤْتِیْنَا اللّٰهُ مِنْ فَضْلِهٖ وَرَسُوْلُهٗۤ ۙ— اِنَّاۤ اِلَی اللّٰهِ رٰغِبُوْنَ ۟۠
දානයන් බෙදා දීමේදී ඔබට දොස් නගන මෙම කුහකයින් ඔවුනට අල්ලාහ් නියම කළ දෑ ද ඒවායින් ඔහුගේ දූතයාණන් ඔවුනට පිරිනැමූ දෑ ද පිළිගෙන "අපට අල්ලාහ් ප්රමාණවත්ය. ඔහුගේ භාග්යයෙන් ඔහු අභිමත කරන දෑ ඔහු අපට පිරිනමනු ඇත. අල්ලාහ් පිරිනැමූ දැයින් ඔහුගේ දූතයාණන්ද අපට පිරිනමනු ඇත. ඔහුගේ භාග්යයෙන් අප වෙත පිරීනැමූ දෑ ප්රිය කරන්නන් ලෙසින් ඔහු වෙත පමණක් අප යොමු වන්නෙමු" යැයි පවසා සිටියේ නම් එසේ සිදු කළේ නම් ඔවුන් ඔබට දොස් නැගීමට වඩා එය ඔවුනට යහපත් වනු ඇත.
تفسیرهای عربی:
اِنَّمَا الصَّدَقٰتُ لِلْفُقَرَآءِ وَالْمَسٰكِیْنِ وَالْعٰمِلِیْنَ عَلَیْهَا وَالْمُؤَلَّفَةِ قُلُوْبُهُمْ وَفِی الرِّقَابِ وَالْغٰرِمِیْنَ وَفِیْ سَبِیْلِ اللّٰهِ وَابْنِ السَّبِیْلِ ؕ— فَرِیْضَةً مِّنَ اللّٰهِ ؕ— وَاللّٰهُ عَلِیْمٌ حَكِیْمٌ ۟
අනිවාර්යයෙන් ලබා දිය යුතු සකාත් වනාහි, එය පිරිනමනු ලැබිය යුත්තේ දිළිඳුන්හටත් (ඔවුන් අවශ්යතාවන්ගෙන් පෙළෙන්නෝ වෙති. යම් වෙළදාමකින් හෝ රැකියාවකින් යම් මුදලක් ඔවුන් ලැබුව ද එය ඔවුනට ප්රමාණවත් නැත. ඔවුන්ගේ තත්ත්වය පිළිබඳ දැනුම්වත් කරන්නේද නැත.) එමෙන්ම දුප්පතුන්හටත් (කිසිවක් අයිති කර ගැනීමේ තත්ත්වයක් ඔවුනට නැත. ඔවුන්ගේ ස්වරූපය හා ඔවුන්ගේ ප්රකාශ හේතුවෙන් ඔවුන්ගේ දුප්පත්කම ජනයාට සැඟවිය නොහැක.) එමෙන්ම සකාත් රැස්කිරීම සඳහා ප්රධානියා විසින් එවනු ලබන ඒ පිළිබඳ ව කටයුතු කරන්නන්හටත්, ඉස්ලාමය වැලඳ ගැනීමට කැමැත්තෙන් සිටින මුස්ලිම් නොවන්නන් හට හෝ තම විශ්වාසය පිළිබඳ දුර්වල අයට ඔවුන්ගේ විශ්වාසය බලවත් කිරීමට හෝ එය ලබා දීමෙන් නපුර වැළක්වීමට හැකි වන අයටත්, නිදහස් කිරීමට නියමිත වහලුන් විෂයෙහි වියදම් කිරීමටත්, එමෙන්ම නාස්තිකාරී හෝ පාපකාරී නොවන කටයුතුත්තක් සඳහා ණය වී එම ණය පියවා ගත නොහැකි තත්ත්වයක් උදා වූ ණයකරුවන්හටත්, අල්ලාහ්ගේ මාර්ගයේ නිරතවීමට සූදානම් කිරීම සඳහා වියදම් කිරීමටත් තම වියදම සඳහා මුදල් අහිමි වූ මගියාහටත් විය යුතුය. අල්ලාහ්ගෙන් වූ නියමයක් වශයෙන් මොවුන් අතර සකාතය සීමා කළ යුතුය. තම ගැත්තන්ගේ යහපත පිළිබඳ අල්ලාහ් මැනවින් දන්නාය. එමෙන්ම ඔහුගේ සැලසුමෙහි හා ආගමානුගත කිරීමෙහි ඔහු මහා ප්රඥාවන්තය.
تفسیرهای عربی:
وَمِنْهُمُ الَّذِیْنَ یُؤْذُوْنَ النَّبِیَّ وَیَقُوْلُوْنَ هُوَ اُذُنٌ ؕ— قُلْ اُذُنُ خَیْرٍ لَّكُمْ یُؤْمِنُ بِاللّٰهِ وَیُؤْمِنُ لِلْمُؤْمِنِیْنَ وَرَحْمَةٌ لِّلَّذِیْنَ اٰمَنُوْا مِنْكُمْ ؕ— وَالَّذِیْنَ یُؤْذُوْنَ رَسُوْلَ اللّٰهِ لَهُمْ عَذَابٌ اَلِیْمٌ ۟
අල්ලාහ්ගේ දූතයාණන් (සල්ලල්ලාහු අලය්හි වසල්ලම්)හට වචනයෙන් හිංසා කරන්නන්ද කුහකයින් අතර වෙති. අල්ලාහ්ගේ දූතයාණන්ගේ ඉවසීම ඔවුන් දුටු කල්හි, සැබැවින්ම ඔහු සෑම කෙනෙකුගෙන්ම අසා දැන ගෙන එය ඔහු තහවුරු කරයි. සත්ය හා අසත්ය අතර වෙන් කර හඳුනා නොගනියි යැයි පවසති. "අහෝ දූතය! ඔබ ඔවුනට මෙසේ පවසනු. සැබැවින්ම දූතයා යහපත මිස වෙනත් කිසිවකට සවන් දෙන්නේ නැත. අල්ලාහ් සත්ය බව තහවුරු කරයි. එමෙන්ම දෙවියන් විශ්වාස කරන්නන් විසින් කවර තොරතුරක් ගෙන එන්නේ ද එය ද සත්ය බව තහවුරු කරයි. අල්ලාහ් ඔවුනට කරුණා කරත්වා! සැබැවින්ම එතුමාණන් ව එවා ඇත්තේ එතුමාණන් විශ්වාස කළ අයට ආශිර්වාදයක් වශයෙනි. කවර වර්ගයක වේදනාවක් කවරෙකු එතුමාණන්ට ගෙන දෙන්නේ ද ඔවුනට වේදනා සහගත දඬුවමක් ඇත." යැයි ඔවුනට පවසනු.
تفسیرهای عربی:
از فواید آیات این صفحه:
• الأموال والأولاد قد تكون سببًا للعذاب في الدنيا، وقد تكون سببًا للعذاب في الآخرة، فليتعامل العبد معهما بما يرضي مولاه، فتتحقق بهما النجاة.
•වස්තුව හා දරුවන් මෙලොවෙහි වේදනාවට හේතුවක් වන්නේය. ඇතැම් විට මතු ලොවෙහි වේදනාවට ද හේතුවක් වන්නේය. එහෙයින් ගැත්තා තම භාරකරුගේ තෘප්තිය අනුව ඒ දෙක සමග කටයුතු කළ යුතු වේ. ඒ දෙකින් ජය තහවුරු කර ගත යුතු වේ.

• توزيع الزكاة موكول لاجتهاد ولاة الأمور يضعونها على حسب حاجة الأصناف وسعة الأموال.
•සකාත් ලැබිය යුතු පාර්ශවයින්ගේ අවශ්යතා සහ සකාත් භාණ්ඩ වල ධාරිතාව අනුව ඒවා ස්ථානගත කරන කටයුතු භාර අයගේ විඥානය මත පවරනු ලැබේ.

• إيذاء الرسول صلى الله عليه وسلم فيما يتعلق برسالته كفر، يترتب عليه العقاب الشديد.
•දූත මෙහෙවර විෂයෙහි දූතයාණන්ට (සල්ලල්ලාහු අලය්හි වසල්ලම්) හිරිහැර කිරීම දේව ප්රතික්ෂේපයකි. ඒ සඳහා දැඩි දඬුවම නියම වේ.

• ينبغي للعبد أن يكون أُذن خير لا أُذن شر، يستمع ما فيه الصلاح والخير، ويُعرض ترفُّعًا وإباءً عن سماع الشر والفساد.
• ගැත්තෙකුට නපුරු ශ්රවණයක් නොව යහපත් ශ්රවණයක් තිබිය යුතු වේ. ඔහු එහි ඇති දැහැමි හා යහපත් දෑට සවන් දෙයි. නපුර හා දුෂ්ඨ දෑට සවන් දීමෙන් වැළකී සිට පාරිශුද්ධභාවයක් පෙන්නුම් කරයි.

یَحْلِفُوْنَ بِاللّٰهِ لَكُمْ لِیُرْضُوْكُمْ ۚ— وَاللّٰهُ وَرَسُوْلُهٗۤ اَحَقُّ اَنْ یُّرْضُوْهُ اِنْ كَانُوْا مُؤْمِنِیْنَ ۟
අහෝ දේවත්වය විශ්වාස කරන්නනි! සැබැවින්ම කුහකයෝ තමන් නබි (සල්ලල්ලාහු අලය්හි වසල්ලම්) තුමාණන්ට වේදනා ගෙන දෙන කිසිවක් ප්රකාශ නොකරන බවට අල්ලාහ් මත දිවුරා නුඹලාට පවසති. එය ඔවුන් ගැන නුඹලා තෘප්තියට පත් කරනු පිණිසය. මොවුහු සැබෑ මුඃමින්වරුන් ලෙස සිටියෙහු නම්, දේව විශ්වාසය දැහැමි ක්රියාවන් පිළිබඳ තෘප්තිමත් වීමට අල්ලාහ් හා ඔහුගේ දූතයාණන් වඩාත් උචිත යැයි වටහා ගනු ඇත.
تفسیرهای عربی:
اَلَمْ یَعْلَمُوْۤا اَنَّهٗ مَنْ یُّحَادِدِ اللّٰهَ وَرَسُوْلَهٗ فَاَنَّ لَهٗ نَارَ جَهَنَّمَ خَالِدًا فِیْهَا ؕ— ذٰلِكَ الْخِزْیُ الْعَظِیْمُ ۟
මෙම කුහකයෝ සැබැවින්ම තමන්ගේ මෙම ක්රියාව හේතුවෙන් අල්ලාහ්ට හා ඔහුගේ දූතයාණන්ට විරෝධීන් වන බවත්, සැබැවින්ම ඒ දෙදෙනාට සතුරුවන්නන් මළවුන් කෙරෙන් නැගිටුවනු ලබන දිනයේ නිරා ගින්නට පිවිස සදාතනික ව එහි රැඳී සිටින බවත් දැන ගත යුතු නොවේ ද? එය මහත් වූ අවමානයක් මෙන්ම අපහාසයකි.
تفسیرهای عربی:
یَحْذَرُ الْمُنٰفِقُوْنَ اَنْ تُنَزَّلَ عَلَیْهِمْ سُوْرَةٌ تُنَبِّئُهُمْ بِمَا فِیْ قُلُوْبِهِمْ ؕ— قُلِ اسْتَهْزِءُوْا ۚ— اِنَّ اللّٰهَ مُخْرِجٌ مَّا تَحْذَرُوْنَ ۟
තමන්ගේ සිත් තුළ සඟවා ගෙන තිබෙන දේව ප්රතික්ෂේපය දෙවියන් විශ්වාස කරන්නන්හට හෙළි කරන සූරතයක් අල්ලාහ්ගේ දූතයාණන් වෙත අල්ලාහ් පහළ කිරීම ගැන කුහකයෝ බිය වූහ. අහෝ දූතය! ඔබ මෙසේ පවසනු. ‘අහෝ කුහකයිනි! දහම තුළ නුඹලා නගන දොස් හා අපහාසය මත ම දිගටම සිටිනු. අල්ලාහ් ඒ පිළිබඳ තම දූතයාණන් දැනුවත් කරන සූරාවක් පහළ කිරීමෙන් නුඹලා කවර කරුණක් පිළිබඳ බියවෙමින් සිටියේ ද එය හෙළි කරන්නාය.'
تفسیرهای عربی:
وَلَىِٕنْ سَاَلْتَهُمْ لَیَقُوْلُنَّ اِنَّمَا كُنَّا نَخُوْضُ وَنَلْعَبُ ؕ— قُلْ اَبِاللّٰهِ وَاٰیٰتِهٖ وَرَسُوْلِهٖ كُنْتُمْ تَسْتَهْزِءُوْنَ ۟
අහෝ දූතය! අල්ලාහ් නුඹට කුහකයින් පිළිබඳ තොරතුරු දැනුම් දීමෙන් පසු ව ඔවුන් දොස් නගමින් හා බැණ වදිමින් සිටි දෑ පිළිබඳ නුඹ ඔවුන්ගෙන් විමසා සිටියේ නම් ‘අපි හාස්ය කතාවන්හි නිරත ව සිටියෙමු. අලුත් දෙයක් කතා නොකළෙමු.’ යැයි පවසති. "අහෝ දූතය! නුඹලා සරදම් කරමින් කතා කළේ අල්ලාහ්, ඔහුගේ වදන් හා ඔහුගේ දූතයාණන් පිළිබඳ ව දැ?"යි විමසනු.
تفسیرهای عربی:
لَا تَعْتَذِرُوْا قَدْ كَفَرْتُمْ بَعْدَ اِیْمَانِكُمْ ؕ— اِنْ نَّعْفُ عَنْ طَآىِٕفَةٍ مِّنْكُمْ نُعَذِّبْ طَآىِٕفَةًۢ بِاَنَّهُمْ كَانُوْا مُجْرِمِیْنَ ۟۠
මෙම ව්යාජ කරුණු නිදහසට ඉදිරිපත් නොකරනු. නුඹලා දේව ප්රතික්ෂේපය සඟවා සිටීමෙන් පසු නුඹලා හාස්ය ලෙස එය හෙළි කළේය. නුඹලා අතරින් පිරිසකට අප සමාව දානය කළ යුතු නම් ඔහු කුහකත්වය අතහැර දමා පාප ක්ෂමාවෙහි නිරත ව අල්ලාහ් වෙනුවෙන් අවංකව කටයුතු කළ යුතුයි. කුහකත්වයේ දිගටම සිටින එයින් මිදී පාප ක්ෂමාව නොඅයදින පිරිසකට අපි දඬුවම් කරන්නෙමු.
تفسیرهای عربی:
اَلْمُنٰفِقُوْنَ وَالْمُنٰفِقٰتُ بَعْضُهُمْ مِّنْ بَعْضٍ ۘ— یَاْمُرُوْنَ بِالْمُنْكَرِ وَیَنْهَوْنَ عَنِ الْمَعْرُوْفِ وَیَقْبِضُوْنَ اَیْدِیَهُمْ ؕ— نَسُوا اللّٰهَ فَنَسِیَهُمْ ؕ— اِنَّ الْمُنٰفِقِیْنَ هُمُ الْفٰسِقُوْنَ ۟
කුහකයෝ පිරිමින් වුවද කාන්තාවන් වුවද කුහකත්වයේදී ඒකමතික අදහස් දරන්නෝ වෙති. ඔවුන් දෙවියන් විශ්වාස කරන්නන්ට වඩා වෙනස්ය. ඔවුහු පිළිකුල් සහගත දෑ නියෝග කරති. යහපත් දැයින් වළක්වති. තම වස්තුව ගැන කෑදර වෙති. අල්ලාහ්ගේ මාර්ගයේ ඒවා වියදම් නොකරති. අල්ලාහ්ට අවනත වීම අතහැර දමති. එහෙයින් අල්ලාහ් ද ඔහුගේ ආශිර්වාදයෙන් ඔවුන් අතහැර දැමීය. සැබැවින්ම කුහකයින් වනාහි අල්ලාහ්ට අවනත නොවීමෙන්, පාපය වෙතටත් සත්ය මාර්ගයෙන් වැරදි මාර්ගය වෙතටත් බැහැර වූවෝ වෙති.
تفسیرهای عربی:
وَعَدَ اللّٰهُ الْمُنٰفِقِیْنَ وَالْمُنٰفِقٰتِ وَالْكُفَّارَ نَارَ جَهَنَّمَ خٰلِدِیْنَ فِیْهَا ؕ— هِیَ حَسْبُهُمْ ۚ— وَلَعَنَهُمُ اللّٰهُ ۚ— وَلَهُمْ عَذَابٌ مُّقِیْمٌ ۟ۙ
පාප ක්ෂමාව නොඅයදින කුහකයින් හා දේව ප්රතික්ෂේපකයින් නිරා ගින්නට ඇතුළත් කරන බවටත්, ඔවුන් එහි සදා රැදෙන බවටත් අල්ලාහ් ප්රතිඥා දුන්නේය. දඬුවමින් එය ඔවුනට ප්රමාණවත්ය. තම කරුණාවෙන් අල්ලාහ් ඔවුන් නෙරපා හැරියේය. ඔවුනට සදා විඳින දඬුවමක් ඇත.
تفسیرهای عربی:
از فواید آیات این صفحه:
• قبائح المنافقين كثيرة، ومنها الإقدام على الأيمان الكاذبة، ومعاداة الله ورسوله، والاستهزاء بالقرآن والنبي والمؤمنين، والتخوف من نزول سورة في القرآن تفضح شأنهم، واعتذارهم بأنهم هازلون لاعبون، وهو إقرار بالذنب، بل هو عذر أقبح من الذنب.
•කුහකයින්ගේ පිළිකුල් සහගත ක්රියාවන් බොහෝය. ඒවා අතුරින්, තම ව්යාජ විශ්වාසය ඉදිරිපත් කිරීම, අල්ලාහ්ට හා ඔහුගේ දූතයාණන්ට විරුද්ධ ව කටයුතු කිරීම, නබිවරයාණන් අල් කුර්ආනය හා දෙවියන් විශ්වාස කළ ජනයා අපහාසයට ලක් කිරීම, ඔවුන්ගේ කටයුතු පැහැදිලි කරන පරිච්ඡේදයක් අල් කුර්ආනයේ පහළ වීම ගැන බිය වීම, පාපයක් ලෙස පිළිගෙනම තමන් සරදමට හා විහිළුවට ලක් කරන බව පවසා නිදහසට කරුණු ඉදිරිපත් කිරීම. එසේ නිදහසට කරුණු ඉදිරිපත් කිරීම පාපකමට වඩා පිළිකුල් සහගතය.

• لا يُقبل الهزل في الدين وأحكامه، ويعد الخوض بالباطل في كتاب الله ورسله وصفاته كفرًا.
•දහම තුළ හා එහි නීතිය තුළ හාස්යය පිළිගනු නොලබන්නකි. අල්ලාහ්ගේ ග්රන්ථය හා ඔහුගේ දූතයාණන් විෂයයෙහි ව්යාජ කරුණු වල නිරත වීම දේව ප්රතික්ෂේපය ලෙස සැලකේ.

• النّفاق: مرض عُضَال متأصّل في البشر، وأصحاب ذلك المرض متشابهون في كل عصر وزمان في الأمر بالمنكر والنّهي عن المعروف، وقَبْض أيديهم وإمساكهم عن الإنفاق في سبيل الله للجهاد، وفيما يجب عليهم من حق.
•කුහකකම මිනිසුන් තුළ බැඳී පවතින සුව කළ නොහැකි රෝගයකි. එම රෝගය වැලඳුණු ජනයා සෑම යුගයකම හා කාලයකම නපුර අණ කිරීම යහපත වැළැක්වීම අල්ලාහ්ගේ මාර්ගයේ අරගල කිරීමෙහි හා තමන් වෙත අනිවාර්යය වූ යුතුකම්හි වියදම් කිරීමෙන් තම අත් වළක්වා ගැනීම හා වැළැක්වීම යන විෂයෙහි එකිනෙකාට සමානය.

• الجزاء من جنس العمل، فالذي يترك أوامر الله ويأتي نواهيه يتركه من رحمته.
•ප්රතිඵල පිහිටනුයේ අදාළ ක්රියා වර්ගයට අනුවය. එහෙයින් කවරෙකු අල්ලාහ්ගේ නියෝග අතහැර ඔහු තහනම් කළ දේ පිළිපදින්නේද අල්ලාහ් ඔහු ව තම කරුණාවෙන් ඉවත් කර දමනු ඇත.

كَالَّذِیْنَ مِنْ قَبْلِكُمْ كَانُوْۤا اَشَدَّ مِنْكُمْ قُوَّةً وَّاَكْثَرَ اَمْوَالًا وَّاَوْلَادًا ؕ— فَاسْتَمْتَعُوْا بِخَلَاقِهِمْ فَاسْتَمْتَعْتُمْ بِخَلَاقِكُمْ كَمَا اسْتَمْتَعَ الَّذِیْنَ مِنْ قَبْلِكُمْ بِخَلَاقِهِمْ وَخُضْتُمْ كَالَّذِیْ خَاضُوْا ؕ— اُولٰٓىِٕكَ حَبِطَتْ اَعْمَالُهُمْ فِی الدُّنْیَا وَالْاٰخِرَةِ ۚ— وَاُولٰٓىِٕكَ هُمُ الْخٰسِرُوْنَ ۟
අහෝ කුහක ජනයිනි! නුඹලාට පෙර සිටි බොරුකාර සමූහයන් මෙන් දේව ප්රතික්ෂේපයේ හා සරදම් කිරීමෙහි නුඹලා නිරත ව සිටින්නෙහුය. ඔවුහු නුඹලාට වඩා බලවත් මෙන්ම ධනයෙන් හා දරුවන්ගෙන් පොහොසත් උදවිය වූහ. එහෙයින් ඔවුනට නියම වූ ඔවුන්ගේ කොටස වශයෙන් මෙලොවෙහි ඇති ආශාවන් හා සැප පහසුකම් ඔවුහු භුක්ති වින්දහ. අහෝ කුහකයිනි! පෙර සිටි බොරුකාර සමූහයන් තම කොටස භුක්ති වින්දාක් මෙන් නුඹලාට නිර්ණය කරන ලද නුඹලාගේ කොටස නුඹලා භුක්ති විඳින්නෙහුය. ඔවුන් තම දූතවරුන්හට දොස් නගා බොරු කිරීමෙහි නිරත වූවාක් මෙන් නුඹලා ද දූතයාණන් විෂයෙහි දොස් නගා සත්ය බොරු කිරීමෙහි නිරත වන්නෙහුය. අල්ලාහ් අබියස දේව ප්රතික්ෂේපය මුල් කර ගනිමින් ඔවුන් කලහකාරී ලෙස හැසිරුනු බැවින් ඔවුන්ගේ ක්රියාවන් නිෂ්ඵල කර ගත්තෝය. එමෙන්ම විනාශයේ කරුණු ගෙනැවින් තමන්ටම විනාශය ඇති කර ගත් අලාභවන්තයෝ මෙම පහත් ගුණාංග සමග විස්තර කරනු ලැබූ මොවුහුය.
تفسیرهای عربی:
اَلَمْ یَاْتِهِمْ نَبَاُ الَّذِیْنَ مِنْ قَبْلِهِمْ قَوْمِ نُوْحٍ وَّعَادٍ وَّثَمُوْدَ ۙ۬— وَقَوْمِ اِبْرٰهِیْمَ وَاَصْحٰبِ مَدْیَنَ وَالْمُؤْتَفِكٰتِ ؕ— اَتَتْهُمْ رُسُلُهُمْ بِالْبَیِّنٰتِ ۚ— فَمَا كَانَ اللّٰهُ لِیَظْلِمَهُمْ وَلٰكِنْ كَانُوْۤا اَنْفُسَهُمْ یَظْلِمُوْنَ ۟
බොරුකාර සමූහයන් කටයුතු කළ ආකාරය හා ඒ හේතුවෙන් ඔවුනට දෙනු ලැබූ දඬුවම පිළිබඳ තොරතුරු මෙම කුහකයින් වෙත නොපැමිණියේ ද? නූහ්ගේ ජනයා, හූද්ගේ ජනයා, සාලිහ්ගේ ජනයා, ඉබ්රාහීම්ගේ ජනයා, මද්යන් වාසීන් ලූත්ගේ ජනයා විසූ ගම්මානය ඒවා අතරින් කිහිපයකි. ඉතා පැහැදිලි සාක්ෂි හා පැහැදිලි සාධක සමග ඔවුන්ගේ දූතවරුන් ඔවුන් වෙත පැමිණියෝය. ඔවුන් නොමග යවන්නට අල්ලාහ්ට නොවීය. ඔවුන්ගේ දූතවරුන් ඔවුනට අවවාද කළෝය. නමුත් ඔවුන් අල්ලාහ් ව ප්රතික්ෂේප කිරීම හේතුවෙන් හා ඔවුන්ගේ දූතවරුන් බොරු කළ හේතුවෙන් ඔවුන් ඔවුන්ටම අපරාධ කර ගත්තෝය.
تفسیرهای عربی:
وَالْمُؤْمِنُوْنَ وَالْمُؤْمِنٰتُ بَعْضُهُمْ اَوْلِیَآءُ بَعْضٍ ۘ— یَاْمُرُوْنَ بِالْمَعْرُوْفِ وَیَنْهَوْنَ عَنِ الْمُنْكَرِ وَیُقِیْمُوْنَ الصَّلٰوةَ وَیُؤْتُوْنَ الزَّكٰوةَ وَیُطِیْعُوْنَ اللّٰهَ وَرَسُوْلَهٗ ؕ— اُولٰٓىِٕكَ سَیَرْحَمُهُمُ اللّٰهُ ؕ— اِنَّ اللّٰهَ عَزِیْزٌ حَكِیْمٌ ۟
දෙවියන් විශ්වාස කරන පිරිමින් හා දෙවියන් විශ්වාස කරන කාන්තාවන් අතරින් ඇතැමෙකු ඇතමෙකුට පිහිට වන්නෝ වෙති. ඔවුනට උපකාර කරන්නෝ වෙති. එය ඔවුන් අතර දේව විශ්වාසය බැඳී ඇති නිසාවෙනි. ඔවුහු යහපත විධානය කරති. එනම් අල්ලාහ්ට අවනත වන පරිදි ඒකදේවත්වය, සලාතය වැනි සියලු ආකාරයේ ඔහුට ප්රියමනාප දෑ ය. එමෙන්ම පිළිකුල් සහගත දැයින් වළක්වති. එනම් දේව ප්රතික්ෂේපය, පොලිය වැනි පාපකම් හේතුවෙන් අල්ලාහ් ඒ ගැන කෝපයට පත් වන සියලු දෑ ය. එමෙන්ම පූර්ණ ස්වරූපයෙන් සලාතය පූර්ණව ඉටු කරති. අල්ලාහ්ට අවනත වෙති. ඔහුගේ දූතයාණන්ටත් අවනත වෙති. මෙම ප්රශංසනීය ගුණාංග තුළින් වර්ණනා කරනු ලැබූවන් අල්ලාහ් තම කරුණාව තුළට ඇතුළත් කරති. සැබැවින්ම අල්ලාහ් සර්ව බලධාරීය. ඔහුගේ මැවීම ඔහුගේ සැලසුම හා ඔහුගේ ආගමානුගත කිරීම යනාදියෙහි ඔහු මහා ප්රඥාවන්තය.
تفسیرهای عربی:
وَعَدَ اللّٰهُ الْمُؤْمِنِیْنَ وَالْمُؤْمِنٰتِ جَنّٰتٍ تَجْرِیْ مِنْ تَحْتِهَا الْاَنْهٰرُ خٰلِدِیْنَ فِیْهَا وَمَسٰكِنَ طَیِّبَةً فِیْ جَنّٰتِ عَدْنٍ ؕ— وَرِضْوَانٌ مِّنَ اللّٰهِ اَكْبَرُ ؕ— ذٰلِكَ هُوَ الْفَوْزُ الْعَظِیْمُ ۟۠
අල්ලාහ් ව විශ්වාස කළ දේව විශ්වාසී පිරිමින් හා කාන්තාවන් මළවුන් කෙරෙන් නැගිටුවනු ලබන දිනයේ ස්වර්ග මාලිගා යටින් ගංගාවන් ගලා බස්නා උයන් වලට ඇතුළත් කරන බවත් ඔවුන් එහි සදා වෙසෙන බවත් ඔවුන් එහි අමරණීය බවත් එහි ඇති ඔවුන් සතු පහසුකම් කිසි විටෙක විසන්ධි නොවන බවත් අල්ලාහ් ඔවුනට ප්රතිඥා දුන්නේය. එමෙන්ම තමන් කැමති සදා ස්ථාපිත උයන්හි අලංකාර නිවහන් වලට ඇතුළත් කරන බවත් ප්රතිඥා දුන්නේය. මේ සියල්ලට වඩා ඉමහත් ලෙස අල්ලාහ් ඔවුනට එය අනුමත කර ඇත. මෙනෙහි කරනු ලැබූ එම ප්රතිඵල කිසිදු ජයග්රහණයට කිට්ටු කළ නොහැකි අතිමහත් ජයග්රහණයකි.
تفسیرهای عربی:
از فواید آیات این صفحه:
• سبب العذاب للكفار والمنافقين واحد في كل العصور، وهو إيثار الدّنيا على الآخرة والاستمتاع بها، وتكذيب الأنبياء والمكر والخديعة والغدر بهم.
•සෑම කාලයකම සිටි, දෙවියන් ප්රතික්ෂේප කරන ජනයාට හා කුහකයිනට දඬුවම් ලැබීමට හේතු වූයේ එකම දෑ ය. එනම් මතු ලොවට වඩා මෙලොවට දැඩි අවධානයක් යොමු කිරීම, ඒ ගැන සවන් දීම, නබිවරුන් බොරු කිරීම, ඔවුනට වංචා කිරීම, කුමන්ත්රණ කිරීම හා කූටකම් කිරීමය.

• إهلاك الأمم والأقوام الغابرة بسبب كفرهم وتكذيبهم الأنبياء فيه عظة وعبرة للمعتبر من العقلاء.
•පෙර විසූ සමූහයින් හා ගෝත්රිකයින් ඔවුන්ගේ ප්රතික්ෂේපය හා ඔවුන් නබිවරුන් බොරු කිරීම හේතුවෙන් විනාශ කර දැමීමෙහි බුද්ධිමත්භාවයෙන් කටයුතු කරන්නන් හට උපදෙසක් හා පාඩමක් ඇත.

• أهل الإيمان رجالًا ونساء أمة واحدة مترابطة متعاونة متناصرة، قلوبهم متحدة في التوادّ والتحابّ والتعاطف.
•දේව විශ්වාසී ජනයා පිරිමින් වුවද, කාන්තාවන් වුවද, එකට බැඳුණු, එකිනෙකාට සහය වන, එකිනෙකාට උපකාර කරන, එකම සමූහයකි. එකිනෙකා ආදරය කිරීම, සෙනෙහස දැක්වීම ප්රේම කිරීම යනාදියෙහි ඔවුන්ගේ හදවත් එකට බැඳී පවතී.

• رضا رب الأرض والسماوات أكبر من نعيم الجنات؛ لأن السعادة الروحانية أفضل من الجسمانية.
•මහ පොළොවේ හා අහස්හි හිමිපාණන්ගේ පිළිගැනීම ස්වර්ගයේ සැප පහසුකම් වලට වඩා අති මහත්ය. මානසික ව ලැබෙන සතුට ශාරීරික ව ලැබෙන සතුටට වඩා උතුම්ය.

یٰۤاَیُّهَا النَّبِیُّ جَاهِدِ الْكُفَّارَ وَالْمُنٰفِقِیْنَ وَاغْلُظْ عَلَیْهِمْ ؕ— وَمَاْوٰىهُمْ جَهَنَّمُ ؕ— وَبِئْسَ الْمَصِیْرُ ۟
අහෝ දූතය! දෙවියන් ප්රතික්ෂේප කරන දැඩි මතධාරීන් සමග අසිපතින් සටන් කරනු. කුහකයින් සමග වචනයෙන් හා පැහැදිලි සාධක තුළින් සටන් කරනු. එම කණ්ඩායම් දෙක මත දැඩි ව සිටිනු. ඔවුන් එයට අදාළ පුද්ගලයෝ වෙති. මළවුන් කෙරෙන් නැගිටුවනු ලබන දිනයේ ඔවුන්ගේ ස්ථානය නිරයයි. ඔවුන් නවාතැන් ගන්නා නවාතැන ඉතා නපුරුය.
تفسیرهای عربی:
یَحْلِفُوْنَ بِاللّٰهِ مَا قَالُوْا ؕ— وَلَقَدْ قَالُوْا كَلِمَةَ الْكُفْرِ وَكَفَرُوْا بَعْدَ اِسْلَامِهِمْ وَهَمُّوْا بِمَا لَمْ یَنَالُوْا ۚ— وَمَا نَقَمُوْۤا اِلَّاۤ اَنْ اَغْنٰىهُمُ اللّٰهُ وَرَسُوْلُهٗ مِنْ فَضْلِهٖ ۚ— فَاِنْ یَّتُوْبُوْا یَكُ خَیْرًا لَّهُمْ ۚ— وَاِنْ یَّتَوَلَّوْا یُعَذِّبْهُمُ اللّٰهُ عَذَابًا اَلِیْمًا فِی الدُّنْیَا وَالْاٰخِرَةِ ۚ— وَمَا لَهُمْ فِی الْاَرْضِ مِنْ وَّلِیٍّ وَّلَا نَصِیْرٍ ۟
ඔවුන් නුඹට දොස් නැගීම හා නුඹේ දහමට අඩුපාඩු කීම පිළිබඳ ඔවුන් ගැන නුඹට දැනගන්නට ලැබූ දෑ ඔවුන් නොපැවසූ බවට කුහකයෝ අල්ලාහ් මත දිවුරා බොරු පවසති. එසේ ඔවුන් ප්රතික්ෂේප කරන දෑ සම්බන්ධයෙන් ඔවුන් ගැන නුඹට දැන ගන්නට ලැබූ දෑ, සැබැවින්ම ඔවුහු පවසා ඇත්තාහ. දේව විශ්වාසය ඔවුන් හෙළි කළ පසු ව දේව ප්රතික්ෂේපය හෙළි කළෝය. නබි (සල්ලල්ලාහු අලය්හි වසල්ලම්) තුමාණන් ගැන පැවසීමෙන් තමන්ට එමගින් සෙතක් නොවන මාරාන්තික කරුණු පවසන්නට ඔවුහු තැත් කළෝය. පිළිකුල් නොකළ යුතු කරුණක් මිස ඔවුන් පිළිකුල් කළේ නැත. ඔහුගේ නබිවරයාට පිරිනැමූ යුද වස්තුවෙන් ඔවුනට ද පිරිනමා තිබීම සැබැවින්ම අල්ලාහ්ගෙන් වූ භාග්යයක් විය. ඔවුන්ගේ කුහකත්වයෙන් මිදී පාප සමාව අයැද අල්ලාහ් වෙත යොමු වූයේ නම් එම වරද මත රැඳී සිටීමට වඩා ඔවුන්ගේ එම පාප ක්ෂමාව උතුම් වන්නේය. ඔවුන් අල්ලාහ්ගෙන් පාපක්මාව අයැද නොසිටියේ නම්, මෙලොව ඝාතනයට ලක් කිරීමෙන් හා සිරගත කිරීමෙන් මෙලොවෙහි ඔහු ඔවුන් දඬුවම් කරනු ඇත. මතු ලොවෙහි ද නිරයේ වේදනීය දඬුවමකින් දඬුවම් කරනු ඇත. එවිට ඔවුන්ව භාර ගෙන එම දඬුවමින් මුදවා ගන්නට කිසිදු භාරකරුවකු නැත. එමෙන්ම එම දඬුවමින් වළක්වන කිසිදු උදව්කරුවකු ද ඔවුනට නැත.
تفسیرهای عربی:
وَمِنْهُمْ مَّنْ عٰهَدَ اللّٰهَ لَىِٕنْ اٰتٰىنَا مِنْ فَضْلِهٖ لَنَصَّدَّقَنَّ وَلَنَكُوْنَنَّ مِنَ الصّٰلِحِیْنَ ۟
අල්ලාහ් අපට තම භාග්යය පිරිමන්නේ නම් අවශ්යතා ඇත්තන්හට අපි ද දන් දෙන්නෙමු. තම ක්රියාවන් දැහැමිභාවයට පත් කර ගත් දැහැමියන් අතරට අපි ද පත් වන්නෙමු' යැයි පවසා අල්ලාහ්ට ප්රතිඥා දුන් අය ද එම කුහකයින් අතර සිටිති.
تفسیرهای عربی:
فَلَمَّاۤ اٰتٰىهُمْ مِّنْ فَضْلِهٖ بَخِلُوْا بِهٖ وَتَوَلَّوْا وَّهُمْ مُّعْرِضُوْنَ ۟
ශුද්ධ වූ අල්ලහ් ඔවුනට ඔහුගේ භාග්යයෙන් යමක් පිරිනැමූ කල්හි ඔවුන් කවර දෙයක් සම්බන්ධයෙන් අල්ලාහ්ට ප්රතිඥා දුන්නේ ද එය ඔවුහු ඉටු නොකළෝය. ඔවුන්ගේ ධනය ඔවුහු වළක්වා ගත්තෝය. කිසිවක් පරිත්යාග කළේ නැත. දේව විශ්වාසය පිටුදකිමින් ඔවුහු හැරී ගියෝය.
تفسیرهای عربی:
فَاَعْقَبَهُمْ نِفَاقًا فِیْ قُلُوْبِهِمْ اِلٰی یَوْمِ یَلْقَوْنَهٗ بِمَاۤ اَخْلَفُوا اللّٰهَ مَا وَعَدُوْهُ وَبِمَا كَانُوْا یَكْذِبُوْنَ ۟
ඔවුනට හිමි දඬුවම වශයෙන් මළවුන් කෙරෙන් නැගිටුවනු ලබන දිනය දක්වා ඔවුන්ගේ හදවත් තුළ කුහකත්වය තැන්පත් කරන ලදී. එය අල්ලාහ්ගේ ප්රතිඥාවට ඔවුන් විරුද්ධවීම හා ඔවුන්ගේ බොරු ප්රකාශය නිසාවෙන් ඔවුනට හිමි ප්රතිවිපාකයක් වශයෙනි.
تفسیرهای عربی:
اَلَمْ یَعْلَمُوْۤا اَنَّ اللّٰهَ یَعْلَمُ سِرَّهُمْ وَنَجْوٰىهُمْ وَاَنَّ اللّٰهَ عَلَّامُ الْغُیُوْبِ ۟ۚ
තම රැස්වීම්හි සඟවමින්, රහසිගත ව මෙහෙයවන කුමන්ත්රණ හා කූටකම් අල්ලාහ් දන්නා බවත්, සැබැවින්ම සියලු මහිමය හිමි අල්ලාහ්, ගුප්ත දෑ සියල්ල පිළිබඳ මැනවින් දන්නා බවත් කුහකයෝ නොදන්නෝද? ඔවුන්ගේ කිසිදු ක්රියාවක් ඔහුට සැඟවෙන්නේ නැත. ඒ සඳහා ඔහු ඔවුනට ප්රතිවිපාක පිරිනමනු ඇත.
تفسیرهای عربی:
اَلَّذِیْنَ یَلْمِزُوْنَ الْمُطَّوِّعِیْنَ مِنَ الْمُؤْمِنِیْنَ فِی الصَّدَقٰتِ وَالَّذِیْنَ لَا یَجِدُوْنَ اِلَّا جُهْدَهُمْ فَیَسْخَرُوْنَ مِنْهُمْ ؕ— سَخِرَ اللّٰهُ مِنْهُمْ ؗ— وَلَهُمْ عَذَابٌ اَلِیْمٌ ۟
තම කැමැත්තෙන් සුළු වශයෙන් දානමාන සඳහා වියදම් කරන, තමන්ට ප්රමාණවත් ස්වල්ප යමක් මිස වෙනත් කිසිවක් නොලබන දේව විශ්වාසීන්හට දොස් නගන්නන් වනාහි, ඔවුහු ඔවුනට සරදම් කරමින්, ‘ඔවුන්ගේ දානයෙන් කුමක් ලැබුවේදැ?’යි විමසති. ඔවුන් දේව විශ්වාසීන්හට සරදම් කිරීමේ ප්රතිවිපාක වශයෙන් අල්ලාහ් ඔවුන් අපහාසයට ලක් කළේය. ඔවුනට වේදනීය දඬුවමක් ඇත.
تفسیرهای عربی:
از فواید آیات این صفحه:
• وجوب جهاد الكفار والمنافقين، فجهاد الكفار باليد وسائر أنواع الأسلحة الحربية، وجهاد المنافقين بالحجة واللسان.
•දෙවියන් ප්රතික්ෂේප කරන්නන් හා කුහකහින් සමග ජිහාද් නම් යුක්තිය සඳහා වූ අරගලයෙහි නිරත වීමේ අනිවාර්යයභාවය. දෙවියන් ප්රතික්ෂේප කරන දැඩි මතධාරීන් සමග අරගලය පිහිටනුයේ දෑතින් හා අනෙකුත් යුධමය ආයුධ මගිනි. කුහකයින් සමග වන අරගලය තර්කය හා වාදය මගිනි.

• المنافقون من شرّ الناس؛ لأنهم غادرون يقابلون الإحسان بالإساءة.
•මිනිසුන් අතර සිටින නපුරෝ කුහකයින් වෙති. ඔවුන් ඉවත් ව ගොස් දැහැමි කටයුතු වලට මුහුණ දෙනුයේ නපුරුකමිනි.

• في الآيات دلالة على أن نقض العهد وإخلاف الوعد يورث النفاق، فيجب على المسلم أن يبالغ في الاحتراز عنه.
•සැබැවින්ම පොරොන්දු කඩ කිරීම, ප්රතිඥාවට විරුද්ධ ව කටයුතු කිරීම කුහකකම උරුම කර දෙන බව මෙම පාඨ වල පෙන්වා දී ඇත. එහෙයින් මුස්ලිම්වරයා එයින් ආරක්ෂා වීම සඳහා දැඩි ලෙස කටයුතු කිරීම අනිවාර්යය වේ.

• في الآيات ثناء على قوة البدن والعمل، وأنها تقوم مقام المال، وهذا أصل عظيم في اعتبار أصول الثروة العامة والتنويه بشأن العامل.
•ශරීර ශක්තිය හා ශ්රමය සඳහා ප්රශංසාවක් ඇති බව මෙම පාඨ වල සඳහන් වේ. සැබැවින්ම ඒවා මුදල්මය ස්ථානය ගනී. පොදු ධනයේ වත්කම් සලකා බැලීමේදී සහ සේවකයා ගැන සඳහන් කිරීමේ දී මෙය විශාල සම්පතකි.

اِسْتَغْفِرْ لَهُمْ اَوْ لَا تَسْتَغْفِرْ لَهُمْ ؕ— اِنْ تَسْتَغْفِرْ لَهُمْ سَبْعِیْنَ مَرَّةً فَلَنْ یَّغْفِرَ اللّٰهُ لَهُمْ ؕ— ذٰلِكَ بِاَنَّهُمْ كَفَرُوْا بِاللّٰهِ وَرَسُوْلِهٖ ؕ— وَاللّٰهُ لَا یَهْدِی الْقَوْمَ الْفٰسِقِیْنَ ۟۠
අහෝ දූතය! ඔබ ඔවුන් වෙනුවෙන් සමාව අයැද සිටින්න, එසේ නැතහොත් ඔවුන් වෙනුවෙන් සමාව අයැද නොසිටින්න. ඔබ හැත්තෑ වාරයක් සමාව අයැද සිටිය ද, සැබැවින්ම එය ඊටත් වඩා වැඩි වුවද, එය ඔවුන් සඳහා අල්ලාහ්ගේ සමාවට සේන්දු වන්නේ නැත. ඊට හේතුව ඔවුන් අල්ලාහ් හා ඔහුගේ දූතයාණන් ප්රතික්ෂේප කළවුන් වන බැවිණි. උවමනාවෙන් හා හිතාමතාම තම පිළිවෙතින් බැහැරවන්නන්හට සත්යය සඳහා අල්ලාහ් ආශිර්වාද කරන්නේ නැත.
تفسیرهای عربی:
فَرِحَ الْمُخَلَّفُوْنَ بِمَقْعَدِهِمْ خِلٰفَ رَسُوْلِ اللّٰهِ وَكَرِهُوْۤا اَنْ یُّجَاهِدُوْا بِاَمْوَالِهِمْ وَاَنْفُسِهِمْ فِیْ سَبِیْلِ اللّٰهِ وَقَالُوْا لَا تَنْفِرُوْا فِی الْحَرِّ ؕ— قُلْ نَارُ جَهَنَّمَ اَشَدُّ حَرًّا ؕ— لَوْ كَانُوْا یَفْقَهُوْنَ ۟
තබූක් යුද්ධයට නොගොස් පසුගාමී වූවෝ අල්ලාහ්ගේ දූතයාණන්ට පිටුපාමින් අල්ලාහ්ගේ මාර්ගයේ සටන් වැදීමෙන් ඉවත් ව ඔවුන් රැඳී සිටීම ගැන සතුටු වූහ. දේව විශ්වාස කරන්නන් ජිහාද් කරන්නාක් මෙන් තම වස්තුව හා තම ප්රාණ පරදුවට තබා අල්ලාහ්ගේ මාර්ගයේ ජිහාද් කිරීම ඔවුහු පිළිකුල් කළෝය. තම සහෝදර කුහකයන් හට, "නුඹලා මේ අව්රශ්නයේ ගමන් නොකරනු." යැයි පැවසූහ. තබූක් යුද්ධය අධික උෂ්ණ කාලයේ සිදුවිය. අහෝ දූතය! කුහකයින් සඳහා අපේක්ෂාවෙන් සිටින නිරා ගින්න ඔවුන් පළා යන මෙම උෂ්ණත්වයට වඩා දරුණුය. ඒ ගැන ඔවුන් දැන ගන්නේ නම් මැනවි.
تفسیرهای عربی:
فَلْیَضْحَكُوْا قَلِیْلًا وَّلْیَبْكُوْا كَثِیْرًا ۚ— جَزَآءً بِمَا كَانُوْا یَكْسِبُوْنَ ۟
ජිහාද් කිරීමට පසුගාමී වූ මෙම කුහකයෝ විනාශ වී යන ඔවුන්ගේ මෙලොව ජීවිතයේ ස්වල්පයක් ගැන සතුටු වෙත්වා! සදා පවතින ඔවුන්ගේ මතු ලොව ජීවිතයේ අධික ව හඬා වැළපෙත්වා! එය ඔවුන් මෙලොවෙහි ඉපැයූ පාපකම් අපරාධ හා දේව ප්රතික්ෂේපය හේතුවෙන් ලැබෙන ප්රතිවිපායන් වශයෙනි.
تفسیرهای عربی:
فَاِنْ رَّجَعَكَ اللّٰهُ اِلٰی طَآىِٕفَةٍ مِّنْهُمْ فَاسْتَاْذَنُوْكَ لِلْخُرُوْجِ فَقُلْ لَّنْ تَخْرُجُوْا مَعِیَ اَبَدًا وَّلَنْ تُقَاتِلُوْا مَعِیَ عَدُوًّا ؕ— اِنَّكُمْ رَضِیْتُمْ بِالْقُعُوْدِ اَوَّلَ مَرَّةٍ فَاقْعُدُوْا مَعَ الْخٰلِفِیْنَ ۟
අහෝ නබිවරය! කුහකත්වයේ රැඳී සිටින මෙම කුහකයින් වෙත නැවත වාරයක් අල්ලාහ් ඔබ එව්වේ නම් තවත් යුද්ධයක දී ඔබ සමග ජිහාද් සඳහා පිටත් වීමට ඔබෙන් අවසර පතති. "අහෝ කුහකයිනි! නුඹලාට දඬුවමක් වශයෙන් කිසිවිටෙක අල්ලාහ්ගේ මාර්ගයේ ජිහාද් කිරීම සඳහා නුඹලා මා සමග පිටත් නොවිය යුතුය" යැයි ඔවුනට ඔබ පවසනු. එය මා සමග නුඹලා වීමෙන් පෙළගැසෙන කලහකාරීත්වයට අනතුරු ඇඟවීමක් වශයෙනි. තබූක් යුද්ධයේදී රැඳී සිටීම හා පසුබෑම නුඹලා පිළිගත්තෙහුය. එහෙයින් රෝගීන්, කාන්තාවන් හා කුඩා දරුවන් යන පසුගාමීන් සමගම නුඹලා ද වාඩි වී රැඳී සිටිනු.
تفسیرهای عربی:
وَلَا تُصَلِّ عَلٰۤی اَحَدٍ مِّنْهُمْ مَّاتَ اَبَدًا وَّلَا تَقُمْ عَلٰی قَبْرِهٖ ؕ— اِنَّهُمْ كَفَرُوْا بِاللّٰهِ وَرَسُوْلِهٖ وَمَاتُوْا وَهُمْ فٰسِقُوْنَ ۟
අහෝ දූතය! කුහකයින් අතරින් මිය ගිය කිසිවකු වෙනුවෙන් කිසිවිටෙක සලාතය මෙහෙය නොවනු. ඔහු වෙනුවෙන් පාප ක්ෂමාව අයැදීම සඳහා ඔහුගේ මිනී වළ අසල සිට නොගනු. එය ඔවුන් අල්ලාහ් ව ප්රතික්ෂේප කොට ඔහුගේ දූතයාණන් ව ප්රතික්ෂේප කළ බැවින් හා අල්ලාහ්ට අවනත වීමෙන් බැහැර වූ බැවිණි. කවරෙකු එසේ සිටින්නේ ද, ඔහු වෙනුවෙන් සලාතය මෙහෙයවනු නොලැබේ. එමෙන්ම ඔහු වෙනුවෙන් ප්රාර්ථනා කරනු ද නොලැබේ.
تفسیرهای عربی:
وَلَا تُعْجِبْكَ اَمْوَالُهُمْ وَاَوْلَادُهُمْ ؕ— اِنَّمَا یُرِیْدُ اللّٰهُ اَنْ یُّعَذِّبَهُمْ بِهَا فِی الدُّنْیَا وَتَزْهَقَ اَنْفُسُهُمْ وَهُمْ كٰفِرُوْنَ ۟
අහෝ දූතය! මෙම කුහකයින්ගේ ධනය හෝ ඔවුන්ගේ දරුවන් ගැන ඔබ පුදුමයට පත් නොවනු. අල්ලාහ් ඒවායින් අපේක්ෂා කරනුයේ මෙලොව ජීවිතයේ ඒවා මගින් ඔවුට දඬුවම් කිරීමටය. එය ඔවුන් මුහුණ දෙන දුෂ්කරතා සහ ඔවුන් අත්විඳින අවාසනාවන් මගිනි. එමෙන්ම ඔවුන් ප්රතික්ෂේපය මත සිටිය දීම ඔවුන්ගේ ශරීර වලින් ඔවුන්ගේ ප්රාණය බැහැර කිරීමට ද ඔහු අපේක්ෂා කරයි.
تفسیرهای عربی:
وَاِذَاۤ اُنْزِلَتْ سُوْرَةٌ اَنْ اٰمِنُوْا بِاللّٰهِ وَجَاهِدُوْا مَعَ رَسُوْلِهِ اسْتَاْذَنَكَ اُولُوا الطَّوْلِ مِنْهُمْ وَقَالُوْا ذَرْنَا نَكُنْ مَّعَ الْقٰعِدِیْنَ ۟
අල්ලාහ් තම නබිවරයාණන් වන මුහම්මද් (සල්ලල්ලාහු අලය්හි වසල්ලම්) තුමාණන්හට අල්ලාහ් කෙරෙහි විශ්වාස කරන මෙන් ද ඔහුගේ මාර්ගයේ ජිහාද් කරන මෙන් ද වූ නියෝගය ඇතුළත් පරිච්ඡේදයක් පහළ කළ විට ඔවුන් අතර සිටින පොහොසත් ජනයා රැඳී සිටින්නට ඔබෙන් අවසර පතති. ඔවුහු, "ඔබ අප අතහැර දමන්න. දුර්වලයින් හා වයෝවෘද්ධයින් මෙන් නිදහසට කරනු සහිත ජනයා සමග අපි ද පසුබසින්නෙමු." යැයි පැවසුවෝය.
تفسیرهای عربی:
از فواید آیات این صفحه:
• الكافر لا ينفعه الاستغفار ولا العمل ما دام كافرًا.
•දේව ප්රතික්ෂේපකයා දේව ප්රතික්ෂේපකයෙකු ලෙස සිටින තාක් කල් ඔහුගේ පව්සමාව අයැදීම හෝ ඔහු සිදු කරන දැහැමි ක්රියාවන් ඔහුට ඵලක් වන්නේ නැත.

• الآيات تدل على قصر نظر الإنسان، فهو ينظر غالبًا إلى الحال والواقع الذي هو فيه، ولا ينظر إلى المستقبل وما يتَمَخَّض عنه من أحداث.
•මිනිසාගේ දැක්මෙහි සීමාව මෙම පාඨ පෙන්වා දෙයි. ඔහු බොහෝ විට තමා සිටින තත්ත්වය හා වර්තමානය දෙස බලන අතර අනාගතය සහ එයින් පැන නගින සිදුවීම් දෙස නොබලයි.

• التهاون بالطاعة إذا حضر وقتها سبب لعقوبة الله وتثبيطه للعبد عن فعلها وفضلها.
•අවනත වීම සඳහා වූ වේලාව පැමිණි විට, ඒ ගැන නොසැළකිලිමත් වීම අල්ලාහ්ගේ දඬුවමට හා එය පිළිපැදීමට හා එහි මහිමය ගැන ඇති උනන්දු වීම අධෛර්යමත් කිරීමට හේතුවක් වන්නේය.

• في الآيات دليل على مشروعية الصلاة على المؤمنين، وزيارة قبورهم والدعاء لهم بعد موتهم، كما كان النبي صلى الله عليه وسلم يفعل ذلك في المؤمنين.
•නබි (සල්ලල්ලාහු අලය්හි වසල්ලම්) තුමාණන් දේවත්වය විශ්වාස කරන්නන් අතර කටයුතු කර තිබුණාක් මෙන් දේවත්වය විශ්වාස කරන්නන් මිය ගිය පසු ඔවුන් මත සලාතය මෙහෙය වීමත් ඔවුන්ගේ මිණීවලවල් බැහැ දැකීමත් ඔවුන් වෙනුවෙන් ප්රාර්ථනා කිරීමත් ආගමානුගත කර ඇති බව මෙම පාඨ පෙන්වා දෙයි.

رَضُوْا بِاَنْ یَّكُوْنُوْا مَعَ الْخَوَالِفِ وَطُبِعَ عَلٰی قُلُوْبِهِمْ فَهُمْ لَا یَفْقَهُوْنَ ۟
මෙම කුහකයින් නිදහසට කරුණු දක්වන ජනයා සමගම තමන් ද ප්රමාද වීම ගැන තෘප්තියට පත් අවස්ථාවේ තමන්ට අත්වන අවමානය හා අපහාසය ද පිළිගත්තෝය. ඔවුන්ගේ ප්රතික්ෂේපය හා කුහකත්වය හේතුවෙන් ඔවුන්ගේ හදවත් මත අල්ලාහ් මුද්රා තැබුවේය. එබැවින් ඔවුනට එහි ඇති යහපත පිළිබඳ කිසිවක් ඔවුහු නොහඳුනති.
تفسیرهای عربی:
لٰكِنِ الرَّسُوْلُ وَالَّذِیْنَ اٰمَنُوْا مَعَهٗ جٰهَدُوْا بِاَمْوَالِهِمْ وَاَنْفُسِهِمْ ؕ— وَاُولٰٓىِٕكَ لَهُمُ الْخَیْرٰتُ ؗ— وَاُولٰٓىِٕكَ هُمُ الْمُفْلِحُوْنَ ۟
සැබැවින්ම දූතයාණන් හා එතුමාණන් සමග සිටි දෙවියන් විශ්වාස කරන්නන් වනාහි, ඔවුහු කුහකයින් මෙන් අල්ලාහ්ගේ මාර්ගයේ ජිහාද් කිරීමට පසුබට නොවූහ. ඔවුන් ජිහාද් කළේ ඔවුන්ගේ ධනය හා ප්රාණය පරදුවට තබමිනි. අල්ලාහ් අබියසින් ඔවුන්ගේ ප්රතිඵල වශයෙන් ජය හා යුද භාණ්ඩ මෙන් මෙලොව යහපත හිමි විය. මතුලොව යහපත ද හිමි වනු ඇත. ඒ අතරින් ස්වර්ගයට පිවිසීම ද ඉන් එකකි. එමෙන්ම අපේක්ෂා කළ ජය හා බියෙන් තොර ආරක්ෂාව ද හිමි වනු ඇත.
تفسیرهای عربی:
اَعَدَّ اللّٰهُ لَهُمْ جَنّٰتٍ تَجْرِیْ مِنْ تَحْتِهَا الْاَنْهٰرُ خٰلِدِیْنَ فِیْهَا ؕ— ذٰلِكَ الْفَوْزُ الْعَظِیْمُ ۟۠
ස්වර්ග මාලිගා යටින් ගංගාවන් ගලා බස්නා ස්වර්ග උයන් ඔවුන් සඳහා අල්ලාහ් සූදානම් කර ඇත්තේය. ඔවුහු එහි සදා වාසය කරති. ඔවුනට විනාශය අත් වන්නේ නැත. එම ප්රතිඵලය වනුයේ කිසිදු ජයග්රහණයකට ළඟා කළ නොහැකි අතිමහත් ජයග්රහණයකි.
تفسیرهای عربی:
وَجَآءَ الْمُعَذِّرُوْنَ مِنَ الْاَعْرَابِ لِیُؤْذَنَ لَهُمْ وَقَعَدَ الَّذِیْنَ كَذَبُوا اللّٰهَ وَرَسُوْلَهٗ ؕ— سَیُصِیْبُ الَّذِیْنَ كَفَرُوْا مِنْهُمْ عَذَابٌ اَلِیْمٌ ۟
මදීනා නගරවාසීන් හා ඒ අවට විසූ අරාබිවරුන් අතරින් පිරිසක් අල්ලාහ්ගේ මාර්ගයේ සටන් කිරීම සඳහා පිටත් නොවී පසුබසින්නට අවසර පතා නිදහසට කරුණු දක්වමින් අල්ලාහ්ගේ දූතයාණන් (සල්ලල්ලාහු අලය්හි වසල්ලම්) තුමාණන් වෙත පැමිණියෝය. පිටත් නොවීම සඳහා නිදහසට කිසිදු කරුණක් නොදැක්වූ තවත් පිරිසක් ද පසුබැස්සෝය. එය ඔවුන් නබිවරයාණන් ලෙස එතුමාව පිළිනොගැනීම හා අල්ලාහ්ගේ ප්රතිඥාව පිළිබඳ ඔවුන්ගේ විශ්වාසය නොමැති බැවිණි. ඔවුන්ගේ ප්රතික්ෂේපය හේතුවෙන් වේදනා සහගත දඬුවමක් ඔවුන් අත් කර ගනු ඇත.
تفسیرهای عربی:
لَیْسَ عَلَی الضُّعَفَآءِ وَلَا عَلَی الْمَرْضٰی وَلَا عَلَی الَّذِیْنَ لَا یَجِدُوْنَ مَا یُنْفِقُوْنَ حَرَجٌ اِذَا نَصَحُوْا لِلّٰهِ وَرَسُوْلِهٖ ؕ— مَا عَلَی الْمُحْسِنِیْنَ مِنْ سَبِیْلٍ ؕ— وَاللّٰهُ غَفُوْرٌ رَّحِیْمٌ ۟ۙ
කාන්තාවන්, දරුවන්, රෝගීන්, වයෝවෘධයින්, අන්ධයින්, වියදම් කිරීමට ධනය නොමැති දිළින්දන් යනාදී නිදහසට කරුණු ඇත්තන්හට යුද්ධය සඳහා සූදානම් වීමේ අවශ්යතාවක් නැත. ඒ සියලු දෙනාටම යුද්ධයට නොයා පසුබැසීමට සාධාරණ හේතුවක් ඇති බැවින් ඔවුනට පවක් අත් වන්නේ නැත. ඊට හේතුව ඔවුන් නිදහසට කරුණු ඇති උදවිය වීමය. අල්ලාහ් හා ඔහුගේ දූතයාණන් වෙනුවෙන් අවංකව කටයුතු කොට, ඔහුගේ පිළිවෙත ක්රියාවට නැංවූ විට නිදහසට කරුණු ඇති එවන් ජනයා අතරින් දැහැමියන් හට දඬුවම අත්වීම සඳහා කිසිදු මාර්ගයක් නැත. දැහැමියන්ගේ පාපකම්වලට අල්ලාහ් සමාව දෙන්නාය. ඔවුන් පිළිබඳ මහා කාරුණිකය.
تفسیرهای عربی:
وَّلَا عَلَی الَّذِیْنَ اِذَا مَاۤ اَتَوْكَ لِتَحْمِلَهُمْ قُلْتَ لَاۤ اَجِدُ مَاۤ اَحْمِلُكُمْ عَلَیْهِ ۪— تَوَلَّوْا وَّاَعْیُنُهُمْ تَفِیْضُ مِنَ الدَّمْعِ حَزَنًا اَلَّا یَجِدُوْا مَا یُنْفِقُوْنَ ۟ؕ
එමෙන්ම අහෝ දූතය! යුද්ධය සඳහා තමන් නැග යාමට සතෙකු (ප්රවාහන පහසුකම්) ඉල්ලා නුඹ වෙත පැමිණ, නුඹලා නැග යන්නට අවශ්ය සතුන් මා සතු ව නොමැතැයි ඔවුනට නුඹ පවසා පසු ව ඔවුන් විසින් හෝ නුඹ වෙතින් හෝ වියදම් කිරීමට යමක් නොලැබීම හේතුවෙන් කනස්සල්ලට පත් වී තම ඇස් වලින් කඳුළු සලා නුඹෙන් වෙන් ව හැරී ගියවුන් කෙරෙහි ද පාපයක් නැත.
تفسیرهای عربی:
اِنَّمَا السَّبِیْلُ عَلَی الَّذِیْنَ یَسْتَاْذِنُوْنَكَ وَهُمْ اَغْنِیَآءُ ۚ— رَضُوْا بِاَنْ یَّكُوْنُوْا مَعَ الْخَوَالِفِ ۙ— وَطَبَعَ اللّٰهُ عَلٰی قُلُوْبِهِمْ فَهُمْ لَا یَعْلَمُوْنَ ۟
නිදහසට කරුණු ඇති උදවියට කිසිදු ක්රියා මාර්ගක් නැතැයි පැහැදිළි කළ පසුව දඬුවමට හා ග්රහණයට සුදුසුකම් ඇත්තෝ කවුරුන්දැයි මතක් කර සිටියි. අල්ලාහ් මෙසේ ප්රකාශ කරයි: "අහෝ දූතය! දඬුවම් කිරීමේ හා ග්රහණය කිරීමේ ක්රියාමාර්ග ගනු ලබනුයේ යුද්ධය සඳහා සූදානම් වීමට පහසුකම් තිබියදීත් ඒ සඳහා හැකියාව තිබියදීත් ඉන් පසුබට වීම සඳහා ඔබෙන් අවසර පැතූවන් හටය. පසුබාමින් නිවෙස්වල රැඳී සිටියවුන් සමග තමන් ද රැඳී සිටීම හේතුවෙන් ඔවුහු අවමානය හා අපහාසය පිළිගත්තෝය. ඔවුන්ගේ සිත් මත අල්ලාහ් මුද්රා තැබුවේය. උපදෙස ඔවුනට කිසිදු බලපෑමක් සිදු නොකළේය. මෙසේ මුද්රා තැබීම හේතුවෙන් ඔවුනට එහි ඇති යහපත කුමක් ද යන්න තෝරා ගැනීමටත් ඔවුනට එහි ඇති අයහපත කුමක් ද යන්න හඳුනාගෙන ඉන් වැළකී සිටීමටත් නොහැකි වීමය."
تفسیرهای عربی:
از فواید آیات این صفحه:
• المجاهدون سيحصِّلون الخيرات في الدنيا، وإن فاتهم هذا فلهم الفوز بالجنة والنجاة من العذاب في الآخرة.
දෙවියන්ගේ මාර්ගයේ සටන් කරන මුජාහිද්වරුන් මෙලොවෙහි යහපත හිමිකර ගනු ඇත. එය මෙලොවෙහි ඔවුනට මග හැරුණේ නම් මතුලොවෙහි ස්වර්ගයේ ජය හා දඬුවමින් මිදීම ඔවුනට ඇත.

• الأصل أن المحسن إلى الناس تكرمًا منه لا يؤاخَذ إن وقع منه تقصير.
ධර්මයෙහි පදනම වනුයේ මිනිසුනට උපකාර කරමින් යහපත කරන්නා, ඔහුට යම් අඩුවක් සිදු වුවද එය ඔහු විසින් ගණන් ගනු නොලැබීමය.

• أن من نوى الخير، واقترن بنيته الجازمة سَعْيٌ فيما يقدر عليه، ثم لم يقدر- فإنه يُنَزَّل مَنْزِلة الفاعل له.
කිසිවකු යහපත කිරීමට අදිටන් කර ඒ සමගම තමන්ට හැකි උපරිමයෙන් එය ඉටු කිරීමේ අධිෂ්ඨානය ද එයට එකතු කර, පසුව ඒ සඳහා හැකියාව නොදැරුවේ නම්, සැබැවින්ම ඔහු එය ඉටු කළ පුද්ගලයාගේ නිලයට පත් වන්නේය.

• الإسلام دين عدل ومنطق؛ لذلك أوجب العقوبة والمأثم على المنافقين المستأذنين وهم أغنياء ذوو قدرة على الجهاد بالمال والنفس.
ඉස්ලාමය තර්කාන්විත හා සාධාරණනීය දහමයි. තම ධනය හා ජීවිත පරදුවට තබා ජිහාද් කිරීමට හැකියාව ඇති පොහොසතුන් ලෙස කුහකයින් සිටියදීත් ඔවුන් යුද්ධයෙන් පසුබෑමේ අවසරය පැතූවෝය. ඔවුන්හට පාපකම හා දඬුවම අනිවාර්යය වී ඇත්තේ එබැවිනි.

یَعْتَذِرُوْنَ اِلَیْكُمْ اِذَا رَجَعْتُمْ اِلَیْهِمْ ؕ— قُلْ لَّا تَعْتَذِرُوْا لَنْ نُّؤْمِنَ لَكُمْ قَدْ نَبَّاَنَا اللّٰهُ مِنْ اَخْبَارِكُمْ ؕ— وَسَیَرَی اللّٰهُ عَمَلَكُمْ وَرَسُوْلُهٗ ثُمَّ تُرَدُّوْنَ اِلٰی عٰلِمِ الْغَیْبِ وَالشَّهَادَةِ فَیُنَبِّئُكُمْ بِمَا كُنْتُمْ تَعْمَلُوْنَ ۟
ජිහාදයට නොගොස් පසුබැස්සා වූ කුහකයින්, මුස්ලිම්වරුන් ජිහාද්හි නිරත වී හැරී පැමිණි විට ඔවුනට දැඩි සේ නිදහසට කරුණු ඉදිරිපත් කරනු ඇත. ‘නුඹලා ව්යාජ හේතු ඉදිරිපත් කරමින් නිදහසට කරුණු නොදක්වනු. ඒවා ගැන කවර තොරතුරක් නුඹලා අපට පවසා සිටිය ද අපි එය සැබෑ ලෙස පිළි නොගනිමු. නුඹලාගේ සිත් තුළ ඇති දෑ අල්ලාහ් අපට දන්වා ඇත. නුඹලා පශ්චාත්තාප වී නුඹලාගේ පශ්චාත්තාපය අල්ලාහ් පිළිගැනීම හෝ නුඹලාගේ කුහකත්වයේම නුඹලා දිගටම රැඳී සිටිම හෝ සම්බන්ධයෙන් අල්ලාහ් හා ඔහුගේ දූතයාණන් ක්රියාමාර්ගයක් ගනු ඇත. පසු ව සියලු දෑ දන්නා අල්ලාහ් වෙත නුඹලා යොමු කරනු ලැබේ. එවිට නුඹලා සිදු කරමින් සිටි දෑ පිළිබඳ ඔහු නුඹලාට දන්වනු ඇත. ඒ සඳහා ඔහු නුඹලාට ප්රතිඵල දෙනු ඇත. එහෙයින් පාප ක්ෂමාව හා දැහැමි ක්රියාවන් සඳහා යුහුසුලු වනු’ යැයි ඔවුනට පිළිතුරු දෙන මෙන් අල්ලාහ් ඔහුගේ නබිවරයාට හා දේවත්වය විශ්වාස කරන්නන්ට මග පෙන්වීය.
تفسیرهای عربی:
سَیَحْلِفُوْنَ بِاللّٰهِ لَكُمْ اِذَا انْقَلَبْتُمْ اِلَیْهِمْ لِتُعْرِضُوْا عَنْهُمْ ؕ— فَاَعْرِضُوْا عَنْهُمْ ؕ— اِنَّهُمْ رِجْسٌ ؗ— وَّمَاْوٰىهُمْ جَهَنَّمُ ۚ— جَزَآءً بِمَا كَانُوْا یَكْسِبُوْنَ ۟
අහෝ දේවත්වය විශ්වාස කරන්නනි! පසුබැස්සා වූ මෙම ජනයා වෙත නුඹලා නැවත හැරී ආ විට ඔවුනට දොස් නැගීමෙන් හා ඔවුන් ගැන පිළිකුල් කිරීමෙන් නුඹලාව වැළැක්වීම සඳහා ඔවුහු නිදහසට බොරු කරණු අල්ලාහ් මත දිවුරා සහතික කොට පවසා සිටිති. එහෙයින් නුඹලා කෝපයෙන් යුතුව ඔවුන් අතහැර දමනු. ඔවුන් ව දුරස් කරනු. සැබැවින්ම ඔවුන් අභ්යන්තරයෙහි කිලිටි ඇත්තෝ වෙති. ඔවුන් පිවිසෙන ඔවුන්ගේ නවාතැන නිරයයි. එය ඔවුන් උපයා ගත් කුහකත්වය හා පාපය හේතුවෙන් ඔවුනට හිමි විපාකයයි.
تفسیرهای عربی:
یَحْلِفُوْنَ لَكُمْ لِتَرْضَوْا عَنْهُمْ ۚ— فَاِنْ تَرْضَوْا عَنْهُمْ فَاِنَّ اللّٰهَ لَا یَرْضٰی عَنِ الْقَوْمِ الْفٰسِقِیْنَ ۟
අහෝ දේවත්වය විශ්වාස කරන්නනි! පසු බැස්සා වූ ජනයා ගැන නුඹලා තෘප්තිමත් වනු පිණිස ඔවුන් නුඹලාට දිවුරා පවසති. නිදහසට කරනු පෙරළා ඉදිරිපත් කරති. නමුත් නුඹලා ඔවුන් ගැන තෘප්තියට පත් නොවනු. නුඹලා ඔවුන් ගැන තෘප්තියට පත් වූයෙහු නම්, නුඹලාගේ පරමාධිපතිට විරුද්ධ ව නුඹලා කටයුතු කරන්නෙහුය. දේව ප්රතික්ෂේපය හා කුහකත්වය හේතුවෙන් ඔහුට අවනත වීමෙන් ඉවත් වූ ජනයා පිළිබඳ ඔහු තෘප්තියට පත් වන්නේ නැත. එබැවින් අහෝ මුස්ලිම්වරුනි! අල්ලාහ් තෘප්තියට පත් නොවන අය ගැන නුඹලා තෘප්තියට පත්වීමෙන් වැළකෙනු.
تفسیرهای عربی:
اَلْاَعْرَابُ اَشَدُّ كُفْرًا وَّنِفَاقًا وَّاَجْدَرُ اَلَّا یَعْلَمُوْا حُدُوْدَ مَاۤ اَنْزَلَ اللّٰهُ عَلٰی رَسُوْلِهٖ ؕ— وَاللّٰهُ عَلِیْمٌ حَكِیْمٌ ۟
ගම්බද ජනයා ප්රතික්ෂේප කළේ නම් හෝ කුහක වූයේ නම් හෝ ඔවුන්ගේ ප්රතික්ෂේපය නගරයේ පදිංචි ජනයාට වඩා ඉතා දැඩි ව පිහිටයි. එමෙන්ම ඔවුන්ගේ කුහකත්වය ද මොවුනට වඩා ඉතා දරුණු වේ. ඔවුන් දහම පිළිබඳ මහත් සේ අඥානකමින් පසු වන්නේය. තම දහම් දූතයාණන්ට පහළ කර ඇති ආගමික නීති සීමාවන් සම්ප්රදායන් හා අනිවාර්යය වගකීම් පිළිබඳව නොදැන සිටීමට වඩාත් සුදුස්සන් වන්නේය. ඊට හේතුව ඔවුන්ගේ දැඩි බව, රළු බව හා අඩු ආශ්රයයි. ඔවුන්ගේ තත්ත්වය පිළිබඳ අල්ලාහ් මැනවින් දන්නාය. ඒවායින් කිසිවක් ඔහුට සැඟවෙන්නේ නැත. ඔහු සැලසුම් කිරීමේ හා ආගමානුගත කිරීමෙහි මහා ප්රඥාවන්තය.
تفسیرهای عربی:
وَمِنَ الْاَعْرَابِ مَنْ یَّتَّخِذُ مَا یُنْفِقُ مَغْرَمًا وَّیَتَرَبَّصُ بِكُمُ الدَّوَآىِٕرَ ؕ— عَلَیْهِمْ دَآىِٕرَةُ السَّوْءِ ؕ— وَاللّٰهُ سَمِیْعٌ عَلِیْمٌ ۟
කුහක ගම්බද වාසීන් අතරින් අල්ලාහ්ගේ මාර්ගයේ මුදල් වියදම් කිරීම අලාභයක් හා පාඩුවක් යැයි විශ්වාස කරන අය ද වෙති. 'එය තමන් වියදම් කළේ නම් ඒ සඳහා කුලියක් නොලැබෙයි. එය රඳවා ගත්තේ නම් අල්ලාහ් ඔහුට දඬුවම් නොකරයි' යනුවෙන් ඒ ගැන සැක කළ බැවිනි. නමුත් ඇතැම් විට මුනිච්චාවට හා රැකවරණය පැතීමට ඔවුන් එසේ වියදම් කරති. අහෝ දේවත්වය විශ්වාස කරන්නනි! නුඹලාට යම් විපත්තියක් පහළ වී නුඹලාගෙන් ඔවුන් වෙන් වන්නට අපේක්ෂා කරයි. නමුත් ඔවුන් ප්රිය කරන පරිදි දේවත්වය විශ්වාස කරන්නන්හට නපුරක් හා නපුරු කාලයේ අවෑමක් සිදු වීම වෙනුවට අල්ලාහ් ඔවුන් දඬුවමට ලක් වන අයුරින් එය පත් කළේය. ඔවුන් පවසන දෑ පිළිබඳ අල්ලාහ් සර්ව ශ්රාවකය. ඔවුන් සගවන දෑ පිළිබඳ ව මැනවින් දන්නාය.
تفسیرهای عربی:
وَمِنَ الْاَعْرَابِ مَنْ یُّؤْمِنُ بِاللّٰهِ وَالْیَوْمِ الْاٰخِرِ وَیَتَّخِذُ مَا یُنْفِقُ قُرُبٰتٍ عِنْدَ اللّٰهِ وَصَلَوٰتِ الرَّسُوْلِ ؕ— اَلَاۤ اِنَّهَا قُرْبَةٌ لَّهُمْ ؕ— سَیُدْخِلُهُمُ اللّٰهُ فِیْ رَحْمَتِهٖ ؕ— اِنَّ اللّٰهَ غَفُوْرٌ رَّحِیْمٌ ۟۠
ගම්බද වාසීන් අතරින් අල්ලාහ්ව විශ්වාස කර මළවුන් කෙරෙන් නැගිටුවනු ලබන දිනය විශ්වාස කරන්නන් ද වෙති. එමෙන්ම අල්ලාහ්ගේ මාර්ගයේ තම ධනය වියදම් කිරීම අල්ලාහ් වෙත සමීප කරවීමක් ලෙස ද ඔවුන් සලකති. අල්ලාහ්ගේ දූතයාණන්ගේ ප්රාර්ථනාව හා තමන් වෙනුවෙන් ඔහු ඉල්ලා සිටින පාපක්ෂමාව ජයග්රහණයේ මාධ්යයක් බවට පත් කර ගනිති. දැනගන්න. සැබැවින්ම අල්ලාහ්ගේ මාර්ගයේ ඔහු වියදම් කිරීමත් දහම් දූතයාණන් ඔහු වෙනුවෙන් ප්රාර්ථනා කිරීමත් අල්ලාහ් අබියස ඔහුට සමීපතා ඇති කරවන්නකි. එමෙන්ම ඒ සඳහා ඔහු අබියස ඔහුට කුසල් ඇත. එය ඔහුගේ සමාව හා ඔහුගේ ස්වර්ග උයන ආවරණය කර ඇති, අති මහත් ඔහුගේ දයාව තුළට ඔහුව ඇතුළත් කිරීමෙනි. සැබැවින්ම තම ගැත්තන් අතරින් පාපක්ෂමාව අයැදින්නන්හට අල්ලාහ් අති ක්ෂමාශීලීය. ඔවුන් පිළිබඳ මහා කාරුණිකය.
تفسیرهای عربی:
از فواید آیات این صفحه:
• ميدان العمل والتكاليف خير شاهد على إظهار كذب المنافقين من صدقهم.
•දැහැමි ක්රියාවන් හා වියදම් කිරීම යන න්යාය කුහකයින්ගේ බොරුව සත්යයෙන් වෙන් කර හඳුනා ගැනීම සඳහා වූ හොදම සාක්ෂියකි.

• أهل البادية إن كفروا فهم أشد كفرًا ونفاقًا من أهل الحضر؛ لتأثير البيئة.
•ගම්බද ජනයා ප්රතික්ෂේප කළේ නම්, පාරිසරික බලපෑම මත නාගරික ජනයාට වඩා කුහකත්වයෙන් හා ප්රතික්ෂේප කිරීමෙන් වඩාත් දරුණු වෙති.

• الحض على النفقة في سبيل الله مع إخلاص النية، وعظم أجر من فعل ذلك.
•අවංක චේතනාවෙන් යුතුව අල්ලාහ්ගේ මාර්ගයේ වියදම් කිරීමට දිරි ගැන්වීම. එසේ සිදු කළ තැනැත්තාට හිමි ප්රතිඵලයේ විශිෂ්ඨත්වය.

• فضيلة العلم، وأن فاقده أقرب إلى الخطأ.
•දැනුමේ මහිමය. සැබැවින්ම එය නොමැති වීම වැරදි කිරීමට සමීප කරවන්නකි.

وَالسّٰبِقُوْنَ الْاَوَّلُوْنَ مِنَ الْمُهٰجِرِیْنَ وَالْاَنْصَارِ وَالَّذِیْنَ اتَّبَعُوْهُمْ بِاِحْسَانٍ ۙ— رَّضِیَ اللّٰهُ عَنْهُمْ وَرَضُوْا عَنْهُ وَاَعَدَّ لَهُمْ جَنّٰتٍ تَجْرِیْ تَحْتَهَا الْاَنْهٰرُ خٰلِدِیْنَ فِیْهَاۤ اَبَدًا ؕ— ذٰلِكَ الْفَوْزُ الْعَظِیْمُ ۟
තම නිවෙස් හා තම දේශය අතහැර අල්ලාහ් වෙත නික්ම ගිය මුහාජිරීන්වරුන් අතරින් හා තම නබි (සල්ලල්ලාහු අලය්හි වසල්ලම්) තුමාණන් හට උපකාර කළ අන්සාරිවරුන් අතරින් දේවත්වයේ විශ්වාසය වෙත නැඹුරු වූ ප්රාරම්භක පුරෝගාමීන් හා මුහාජිර් වරුන් හා අන්සාර්වරුන් පිළිපදිමින් ඔවුන්ගේ ප්රතිපත්තිය ඔවුන්ගේ ප්රකාශ හා ඔවුන්ගේ ක්රියාව තුළ දැහැමි ලෙස ක්රියා කොට දේව විශ්වාසය පිළිගත් ප්රමුකයෝ වනාහි, අල්ලාහ් ඔවුන් ගැන තෘප්තියට පත් විය. ඔවුන්ගේ අවනත වීම පිළිගත්තේය. ඔවුනට පිරිනැමූ ඔහුගේ අතිමහත් කුසල් සම්බන්ධයෙන් ඔවුහු ද ඔහු ගැන තෘප්තියට පත් වූවෝය. ස්වර්ග මාලිගා යටින් ගංගාවන් ගලා බස්නා උයන් ඔවුනට ඔහු සූදානම් කළේය. ඔවුහු එහි සදාතනිකව රැඳී සිටිති. එම ප්රතිඵලය අතිමහත් ජයග්රහණයකි.
تفسیرهای عربی:
وَمِمَّنْ حَوْلَكُمْ مِّنَ الْاَعْرَابِ مُنٰفِقُوْنَ ۛؕ— وَمِنْ اَهْلِ الْمَدِیْنَةِ ؔۛ۫— مَرَدُوْا عَلَی النِّفَاقِ ۫— لَا تَعْلَمُهُمْ ؕ— نَحْنُ نَعْلَمُهُمْ ؕ— سَنُعَذِّبُهُمْ مَّرَّتَیْنِ ثُمَّ یُرَدُّوْنَ اِلٰی عَذَابٍ عَظِیْمٍ ۟ۚ
මදීනා ව අසල වෙසෙන ගම්බදවාසීන් අතර කුහකයෝ ද වෙති. එමෙන්ම මදීනා වාසීන් අතර ද කුහකයෝ වෙති. ඔවුන් කුහකත්වය මත රැඳී ස්ථාවර ව සිටිති. අහෝ දූතය! ඔබ ඔවුන් ගැන නොදනියි. අල්ලාහ් ඔවුන් ගැන දනී. අල්ලාහ් දෙවතාවක්ම ඔවුනට දඬුවම් කරනු ඇත. වරක් ඔවුන්ගේ කුහකත්වය හෙළි කරමින් ඔවුන් ඝාතනයට ලක් කරමින් හා ඔවුන් සිරගත කරමින් මෙලොවෙහි දඬුවමට ලක් කරයි. තවත් වරක් කබ්ර් හි වේදනාව තුළින් දඬුවමට ලක් කරයි. පසුව මළවුන් කෙරෙන් නැගිටුවනු ලබන දිනයේ නිරා ගින්නේ අඩියේ ඇති දැඩි දඬුවම වෙත යොමු කරනු ලබති.
تفسیرهای عربی:
وَاٰخَرُوْنَ اعْتَرَفُوْا بِذُنُوْبِهِمْ خَلَطُوْا عَمَلًا صَالِحًا وَّاٰخَرَ سَیِّئًا ؕ— عَسَی اللّٰهُ اَنْ یَّتُوْبَ عَلَیْهِمْ ؕ— اِنَّ اللّٰهَ غَفُوْرٌ رَّحِیْمٌ ۟
කිසිදු සාධාරණ හේතුවකින් තොර ව යුද්ධ කිරීමෙන් පසුබට වන තවත් පිරිසක් ද මදීනා වාසීන් අතර වූහ. සැබැවින්ම ඔවුහු තමන්ට කිසිදු සාධාරණ හේතුවක් නොතිබූ බව පිළිගත් අතරම ව්යාජ හේතූන් කිසිවක් ඉදිරිපත් කළේ නැත. අල්ලාහ්ට අවනත වීමෙන් ඔහුගේ ආගමික පිළිවෙත් පිළිපදිමින් හා ඔහුගේ මාර්ගයේ සටන් කරමින් ඔවුන් පෙර කළ ඔවුන්ගේ දැහැමි ක්රියාවන් සමග පාපක්රියාවන් ද මුසු කර ගත්තෝය. ඔවුන් වෙත අල්ලාහ් සමාව දෙනු ඇතැයි ඔවුහු අපේක්ෂා කරති. තම ගැත්තන් අතරින් සමාව අයැද සිටින්නන් හට අල්ලාහ් අති ක්ෂමාශීලීය. ඔවුන් පිළිබඳ මහා කාරුණිකය.
تفسیرهای عربی:
خُذْ مِنْ اَمْوَالِهِمْ صَدَقَةً تُطَهِّرُهُمْ وَتُزَكِّیْهِمْ بِهَا وَصَلِّ عَلَیْهِمْ ؕ— اِنَّ صَلٰوتَكَ سَكَنٌ لَّهُمْ ؕ— وَاللّٰهُ سَمِیْعٌ عَلِیْمٌ ۟
අහෝ දූතය, ඔවුන්ගේ ධනයෙන් පාපකම් හා අකුසල් පිරිසිදු කරන සකාත් බද්ධ ගනු. එමගින් ඔවුනට යහපත වර්ධනය කරනු ලැබේ. ඔවුන්ගෙන් එය ගත් පසු ඔවුන් නිදහස් කරනු. සැබැවින්ම ඔබේ ප්රාර්ථනාව ඔවුනට ආශිර්වාදයකි. එමෙන්ම සැනසුමකි. ඔබේ ප්රාර්ථනාවට අල්ලාහ් මැනවින් සවන් දෙන්නාය. ඔවුන්ගේ ක්රියාවන් හා ඔවුන්ගේ චේතනාවන් පිළිබඳ මැනවින් දන්නාය.
تفسیرهای عربی:
اَلَمْ یَعْلَمُوْۤا اَنَّ اللّٰهَ هُوَ یَقْبَلُ التَّوْبَةَ عَنْ عِبَادِهٖ وَیَاْخُذُ الصَّدَقٰتِ وَاَنَّ اللّٰهَ هُوَ التَّوَّابُ الرَّحِیْمُ ۟
සටන් කිරීමෙන් පසුබට වූවන් හා අල්ලාහ් වෙත පාපක්ෂමාව අයැද සිටින්නන් සැබැවින්ම අල්ලාහ් තමන් වෙත පාපක්ෂමාව අයැද සිටින්නන්හට සමාව දානය කරන බවත්, සැබැවින්ම දානයන් ඔහු පිළිගන්නා බවත්, ඒ ගැන ඔහුට කිසිදු අවශ්යතාවක් නොමැති බවත්, දානය පිරිනමන්නාහට ඔහුගේ දානය වෙනුවෙන් කුසල් පිරිනමන බවත්, සැබැවින්ම තම ගැත්තන් ඔහුගෙන් පාපක්ෂමාව ඇයැද සිටින විට පාපක්ෂමාව පිරිනමන බවත්, ඔවුන් කෙරෙහි මහා කාරුණික බවත් දැන ගනු ඇත.
تفسیرهای عربی:
وَقُلِ اعْمَلُوْا فَسَیَرَی اللّٰهُ عَمَلَكُمْ وَرَسُوْلُهٗ وَالْمُؤْمِنُوْنَ ؕ— وَسَتُرَدُّوْنَ اِلٰی عٰلِمِ الْغَیْبِ وَالشَّهَادَةِ فَیُنَبِّئُكُمْ بِمَا كُنْتُمْ تَعْمَلُوْنَ ۟ۚ
අහෝ දූතය! දෙවියන්ගේ මාර්ගයේ සටන් කිරීමට පසුබටවූවන්ට හා තම පාපකම් සඳහා පාපක්ෂමාව අයැද සිටින්නන්හට නුඹ මෙසේ පවසනු: නුඹලාට අතපසු වූ අඩුපාඩු පුරවාලනු. නුඹලාගේ ක්රියාවන් අල්ලාහ් වෙනුවෙන් අවංක ලෙස ඉටු කරනු. ඔහු තෘප්තිමත් වන දෑ අනුව ක්රියා කරනු. එවිට අල්ලාහ්, ඔහුගේ දූතයාණන් හා දේව විශ්වාසීන් නුඹලාගේ ක්රියාවන් දකිනු ඇත. මළවුන් කෙරෙන් නැගිටුවනු ලබන දිනයේ සියලු දෑ දන්නා නුඹලාගේ පරමාධිපති වෙත නුඹලා හැරී යනු ඇත. නුඹලා සඟවන දෑ ද ප්රසිද්ධියේ සිදු කරන දෑ ද ඔහු දනී. මෙලොවෙහි නුඹලා සිදු කරමින් සිටි දෑ පිළිබඳ තොරතුරු ඔහු නුඹලාට දන්වා සිටියි. එමෙන්ම ඒ සඳහා ඔහු නුඹලාට කුසල් පිරිනමනු ඇත.
تفسیرهای عربی:
وَاٰخَرُوْنَ مُرْجَوْنَ لِاَمْرِ اللّٰهِ اِمَّا یُعَذِّبُهُمْ وَاِمَّا یَتُوْبُ عَلَیْهِمْ ؕ— وَاللّٰهُ عَلِیْمٌ حَكِیْمٌ ۟
තබූක් යුද්ධයෙන් පසුබට වූවන් අතර කිසිදු සාධාරණ හේතුවක් නොවූ තවත් පිරිසක් ද වූහ. ඔවුහු තම විෂයයෙහි අල්ලාහ්ගේ තීන්දුව හා තීරණය ප්රමාද වූවන් වූහ. ඔහු අභිමත කරන දෑ ඔවුන් විෂයයෙහි ඔහු තීන්දු කරයි. ඔහු වෙත පාපක්ෂමාවෙහි නිරත නොවූයේ නම් ඔහු ඔවුනට දඬුවම් කිරීම හෝ ඔවුන් පාපක්ෂමාවේ නිරත වූයේ නම් ඔවුනට සමාව දීම හෝ ඔහුගේ අභිමතය අනුව සිදුවන්නකි. ඔහුගේ දඬුවමට භාජනය වීමට සුදුස්සන් කවුරුන් දැයි ද තම සමාවට සුදුස්සන් කවුරුන් දැයි ද ඔහු මැනවින් දන්නාය. ඔහු ආගමානුගත කළ කරුණු වලදී හා ඔහුගේ සැලසුමෙහි ඔහු මහා ප්රඥාවන්තය. ඔවුන් වනාහි: මුරාරා ඉබ්නු අර්-රබීඃ, කඃබ් ඉබ්නු මාලික් හා හිලාල් ඉබ්නු උමෙය්යා.
تفسیرهای عربی:
از فواید آیات این صفحه:
• فضل المسارعة إلى الإيمان، والهجرة في سبيل الله، ونصرة الدين، واتباع طريق السلف الصالح.
•දේව විශ්වාසය, අල්ලාහ්ගේ මාර්ගයේ නික්ම යාම, දහමට උපකාර කිරීම, දැහැමි මුතුන් මිත්තන්ගේ මාර්ගය අනුගමනය කිරීම යනාදිය වෙත යුහුසුළු වීමේ මහිමය.

• استئثار الله عز وجل بعلم الغيب، فلا يعلم أحد ما في القلوب إلا الله.
•ගුප්ත දෑ පිළිබඳ දැනුම ඇත්තේ කීර්තිමත් අල්ලාහ්ට පමණ යැයි ඒකාධිකාරී කිරීම. එබැවින් හදවත් තුළ ඇති දෑ අල්ලාහ් හැර වෙනත් කිසිවෙකු නොදනී.

• الرجاء لأهل المعاصي من المؤمنين بتوبة الله عليهم ومغفرته لهم إن تابوا وأصلحوا عملهم.
•දෙවියන් විශ්වාස කරන්නන් අතරින් පාපකම් සිදු කරන්නන් වනාහි ඔවුන් සමාව අයැද ඔවුන්ගේ ක්රියාවන් විධිමත් කර ගත්තේ නම් ඔවුන් වෙත පාපක්ෂමාව පිරිනැමීමටත් සමාව දානය කිරීමටත් කැමැත්තක් ඇති කිරීම.

• وجوب الزكاة وبيان فضلها وأثرها في تنمية المال وتطهير النفوس من البخل وغيره من الآفات.
•සකාත්හි අනිවාර්යභාවය, එහි මහිමය හා ධනය වර්ධනය වීමේ හා මසුරුකම වැනි අනතුරුදායක ගුණාංග වලින් සිත් පිරිසිදු කිරීම පිළිබඳ එහි බලපෑම් විස්තර කිරීම.

وَالَّذِیْنَ اتَّخَذُوْا مَسْجِدًا ضِرَارًا وَّكُفْرًا وَّتَفْرِیْقًا بَیْنَ الْمُؤْمِنِیْنَ وَاِرْصَادًا لِّمَنْ حَارَبَ اللّٰهَ وَرَسُوْلَهٗ مِنْ قَبْلُ ؕ— وَلَیَحْلِفُنَّ اِنْ اَرَدْنَاۤ اِلَّا الْحُسْنٰی ؕ— وَاللّٰهُ یَشْهَدُ اِنَّهُمْ لَكٰذِبُوْنَ ۟
අල්ලාහ්ට අවනත වීම සඳහා නොව මුස්ලිම්වරුන්ට හානි පමුණුවීමටත් කුහකවාසීන්ගේ බලාධිකාරිය තුළින් දේව ප්රතික්ෂේප හෙළි කිරීමටත් දෙවියන් විශ්වාස කරන්නන් අතර බෙඳුම් ඇති කිරීමටත් මස්ජිදය ගොඩනැගිල්ල ඉදිරියේ අල්ලාහ් හා ඔහුගේ දූතයාණන් සමග සටන් කරන්නන් වෙනුවෙන් බලාපොරොත්තු වන හා ඔවුන් සූදානම් කරන ස්ථානයක් ලෙසටත් මස්ජිද් තනන අයද කුහකයින් අතර වෙති. එවන් කුහකයෝ නුඹලා වෙත දිවුරමින්, "සැබැවින්ම අපි මුස්ලිම්වරුන් සමග මෘදු ලෙස කටයුතු කිරීමට මිස වෙනත් කිසිවක් බලාපොරොත්තු නොවන්නෙමු." යැයි පවසති. ඔවුන් කරන මෙම වාදයේ සැබැවින්ම ඔවුන් බොරුකාරයින් බව අල්ලාහ්ම සාක්ෂි දරයි.
تفسیرهای عربی:
لَا تَقُمْ فِیْهِ اَبَدًا ؕ— لَمَسْجِدٌ اُسِّسَ عَلَی التَّقْوٰی مِنْ اَوَّلِ یَوْمٍ اَحَقُّ اَنْ تَقُوْمَ فِیْهِ ؕ— فِیْهِ رِجَالٌ یُّحِبُّوْنَ اَنْ یَّتَطَهَّرُوْا ؕ— وَاللّٰهُ یُحِبُّ الْمُطَّهِّرِیْنَ ۟
මෙවන් ලක්ෂණ සහිත මස්ජිදයන්හි සලාතය සඳහා එම කුහකයින් නුඹට කරන ඇරයුමට නුඹ ප්රතිචාර නොදක්වන්න. සැබැවින්ම දේව භක්තිය මත පදනම් ව ඉදි කරන ලද කුබා මස්ජිදය දේව ප්රතික්ෂේපය මත පදනම් ව ඉදි කරන ලද මෙම මස්ජිදයට වඩා උසස්ය. මස්ජිද් කුබාහි ජනයා ජලයෙන් කිලිටි හා අපවිත්ර දෑ පිරිසිදු කිරීමටත් පසුතැවිලි වීම හා පාපක්ෂමාව තුළින් පාපයන්ගෙන් පිරිසිදු වීමටත් ප්රිය කරති. පාපකම් කිලිටි හා අපවිත්ර දැයින් පිරිසිදු වන්නන්හට අල්ලාහ් ප්රිය කරයි.
تفسیرهای عربی:
اَفَمَنْ اَسَّسَ بُنْیَانَهٗ عَلٰی تَقْوٰی مِنَ اللّٰهِ وَرِضْوَانٍ خَیْرٌ اَمْ مَّنْ اَسَّسَ بُنْیَانَهٗ عَلٰی شَفَا جُرُفٍ هَارٍ فَانْهَارَ بِهٖ فِیْ نَارِ جَهَنَّمَ ؕ— وَاللّٰهُ لَا یَهْدِی الْقَوْمَ الظّٰلِمِیْنَ ۟
අල්ලාහ්ගේ නියෝග පිළිපැද, ඔහු තහනම් කළ දැයින් වැළකී, තම ක්රියාවන් හි අල්ලාහ්ගේ තෘප්තිය විශාල වශයෙන් බලාපොරොත්තුවෙන් මස්ජිදයක් ඉදිකරන්නා සමග දේව විශ්වාසීන් අතර බෙඳුම් ඇති කිරීමටත්, දේව ප්රතික්ෂේපය ශක්තිමත් කිරීමටත්, මුස්ලිම්වරුන්හට හිරිහැර කිරීමටත්, මස්ජිදයක් ඉදි කරන තැනැත්තකු සමාන වන්නේ ද? කිසිවිටෙක සමාන වන්නේ නැත. ඉදි කරන ලද පළමුවැන්න වඩාත් ශක්තිමත් හා බලවත් ගොඩනැගිල්ලකි. එය බිද වැටීම ගැන බියක් නැත. නමුත් මෙය සිදුරක් අසළ ඉදි කරනු ලැබ කඩා වැටුණු ගොඩනැගිල්ලක් බඳුය. එමගින් එම ගොඩ නැගිල්ල නිරයේ අඩියටම ගරා වැටෙනු අත. දේව ප්රතික්ෂේපය කුහකත්වය වැනි දුෂ්චරිත ඇති අපාරාධකාරී ජනයාට අල්ලාහ් ආශිර්වාද කරන්නේ නැත.
تفسیرهای عربی:
لَا یَزَالُ بُنْیَانُهُمُ الَّذِیْ بَنَوْا رِیْبَةً فِیْ قُلُوْبِهِمْ اِلَّاۤ اَنْ تَقَطَّعَ قُلُوْبُهُمْ ؕ— وَاللّٰهُ عَلِیْمٌ حَكِیْمٌ ۟۠
ඔවුන්ගේ හදවත් මරණයට පත්වීමෙන් හෝ අසිපතින් ඝාතනය කරනු ලැබීමෙන් වෙන් ව යන තරමට ඔවුන් ඉදි කළ ඔවුන්ගේ මස්ජිදය ඔවුන්ගේ හදවත් තුළ වේදනීය හිංසාවන් හා ස්ථාවර කුහකත්වය අඛණ්ඩ ව ඇති කළේය. අල්ලාහ් ඔහුගේ ගැත්තන්ගේ ක්රියාකාරකම් ගැන මැනවින් දන්නාය. යහපත හෝ අයහපත මත පිරිනමන දෑ තීරණය කිරීමේ දී ඔහු මහා ප්රඥාවන්තය.
تفسیرهای عربی:
اِنَّ اللّٰهَ اشْتَرٰی مِنَ الْمُؤْمِنِیْنَ اَنْفُسَهُمْ وَاَمْوَالَهُمْ بِاَنَّ لَهُمُ الْجَنَّةَ ؕ— یُقَاتِلُوْنَ فِیْ سَبِیْلِ اللّٰهِ فَیَقْتُلُوْنَ وَیُقْتَلُوْنَ ۫— وَعْدًا عَلَیْهِ حَقًّا فِی التَّوْرٰىةِ وَالْاِنْجِیْلِ وَالْقُرْاٰنِ ؕ— وَمَنْ اَوْفٰی بِعَهْدِهٖ مِنَ اللّٰهِ فَاسْتَبْشِرُوْا بِبَیْعِكُمُ الَّذِیْ بَایَعْتُمْ بِهٖ ؕ— وَذٰلِكَ هُوَ الْفَوْزُ الْعَظِیْمُ ۟
නියත වශයෙන්ම දේවත්වය විශ්වාස කරන්නන්ගේ ආත්මාවන් අල්ලාහ් සතු වුව ද එයට ගෞරව කිරීමක් වශයෙන් ඉතා වටිනා මිලකින් ඔහු ඔවුන්ගේ ආත්මාවන් මිලට ගෙන ඇත. එය ස්වර්ගයයි. එය අල්ලාහ්ගේ වදන උසස් වීමට දේවත්වය ප්රතික්ෂේප කරන්නන් සමග සටන් වැද දේවත්වය ප්රතික්ෂේප කරන්නන් ඝාතනය කොට දේවත්වය ප්රතික්ෂේප කරන්නන් විසින් ඔවුන් ද ඝාතනය වන පරිදිය. ඒ ගැන මූසා අලයිහිස් සලාම් තුමා ට හිමි තව්රාතයේ ද ඊසා (අලයිහිස් සලාම්) තුමාට හිමි ඉන්ජීලයේ ද මුහම්මද් (සල්ලල්ලාහු අලය්හි වසල්ලම්) තුමාට හිමි කුර්ආනයේ ද අල්ලාහ් සත්ය ප්රතිඥාවක් දී ඇත. ශුද්ධ වූ අල්ලාහ්ගෙන් වූ ප්රතිඥත ගිවිසුම මෙන් වඩාත් පූර්ණවත් වෙනත් කිසිවෙකුගෙන් නැත. එහෙයින් දේවත්වය විශ්වාස කරන්නනි! නුඹලා කවර කරුණක් අල්ලාහ් සමග ගිවිස ගත්තේ ද නුඹලාගේ එම ගිවිසුම ගැන නුඹලා ප්රීති වනු. සතුටු වනු. නුඹලා එහි අතිමහත් ලාභයක් ලබා ඇත්තෙහුය. එම ව්යාපාරය අතිමහත් ජයග්රහණයයි.
تفسیرهای عربی:
از فواید آیات این صفحه:
• محبة الله ثابتة للمتطهرين من الأنجاس البدنية والروحية.
•ශරීරික හා ආධ්යාත්මික කිලිටිවලින් පිරිසිදු වන්නන්හට අල්ලාහ්ගේ ආදරය ස්ථීරය.

• لا يستوي من عمل عملًا قصد به وجه الله؛ فهذا العمل هو الذي سيبقى ويسعد به صاحبه، مع من قصد بعمله نصرة الكفر ومحاربة المسلمين؛ وهذا العمل هو الذي سيفنى ويشقى به صاحبه.
•අල්ලාහ්ගේ තෘප්තිය අපේක්ෂාවෙන් දැහැමි ක්රියාවක් සිදු කරන්නා හා තම ක්රියාවෙන් දේව ප්රතික්ෂේපයට උදව් වීමේ හා මුස්ලිම්වරුන්ට විරුද්ධ වීමේ අපේක්ෂාවෙන් කටයුතු කරන්නා යන දෙදෙනා සමාන වන්නේ නැත. දැහැමි අරමුණින් කරන ක්රියාවන් ශේෂව පවතින අතර එමගින් අදාළ පුද්ගලයා සතුටට පත් වන්නේය. දේව ප්රතික්ෂේපයට උදව් වන පරිදි හා මුස්ලිම්වරුන්ට එරෙහි වන පරිදි සිදු කරන ක්රියාවන් විනාශ වී යන අතර අදාළ පුද්ගලයා එමගින් අභාග්ය තත්ත්වයට පත් වන්නේය.

• مشروعية الجهاد والحض عليه كانت في الأديان التي قبل الإسلام أيضًا.
•ජිහාද් නම් දේව මාර්ගයේ කැපවීම ආගමානුගත කිරීම හා ඒ සඳහා දිරිමත් කිරීම ඉස්ලාමයට පෙර පැවති දිව්යමය ග්රන්ථවල පවසා සඳහන් ව තිබේ.

• كل حالة يحصل بها التفريق بين المؤمنين فإنها من المعاصي التي يتعين تركها وإزالتها، كما أن كل حالة يحصل بها جمع المؤمنين وائتلافهم يتعين اتباعها والأمر بها والحث عليها.
•දේව විශ්වාසීන් අතර බෙඳුම් ඇති කරන කවර තත්ත්වයක් හෝ වේවා සැබැවින්ම එය අතහැර දැමීමට හා ඉවත් කිරීමට නියම කරන ලද පාපකම් අතුරින් වන්නේය. එය දේව විශ්වාසීන් එක් රැස් කරන හා ඔවුන් සමග ආදරයක් ඇති කරන කවර තත්ත්වයක් වුව ද එය අනුගමනය කිරීමට, ඒ ගැන නියෝග කිරීමට හා ඒ සඳහා දිරි ගැන්වීමට නියම කරන්නාක් මෙන්මය.

اَلتَّآىِٕبُوْنَ الْعٰبِدُوْنَ الْحٰمِدُوْنَ السَّآىِٕحُوْنَ الرّٰكِعُوْنَ السّٰجِدُوْنَ الْاٰمِرُوْنَ بِالْمَعْرُوْفِ وَالنَّاهُوْنَ عَنِ الْمُنْكَرِ وَالْحٰفِظُوْنَ لِحُدُوْدِ اللّٰهِ ؕ— وَبَشِّرِ الْمُؤْمِنِیْنَ ۟
මෙම ප්රතිඵල නෙළා ගන්නන් වන මොවූහු අල්ලාහ් පිළිකුල් කරන හා ඔහු කෝප වන දැයින් ඉවත් ව ඔහු ප්රිය කරන ඔහු තෘප්තියට පත්වන දෑ වෙත යොමවන්නෝ වෙති. අල්ලාහ්ට බියෙන් ඔහුට යටහත් පහත් ව අවනත වන්නට වෙර දරන්නෝ වෙති. සෑම තත්ත්වයකම ඔවුන්ගේ පරමාධිපතිට ප්රශංසා කරන්නෝ වෙති. උපවාසයේ නිරත වන්නෝ වෙති. සලාත් නැමදුම් ඉටු කරන්නෝ වෙති. අල්ලාහ් හා ඔහුගේ දූතයාණන් කවර දෙයක් නියෝග කර ඇත්තේ ද ඒවා නියෝග කරන, අල්ලාහ් හා ඔහුගේ දූතයාණන් කවර දෙයක් තහනම් කළේද එයින් වැළකී සිටින්නෝ ද වෙති. අල්ලාහ්ගේ නියෝගවලට යටත් වෙමින් හා ඔහු තහනම් කළ දැයින් වැළකෙමින් ඒවා සුරක්ෂිත ව පිළිපදින්නෝ වෙති. අහෝ දූතය! මෙම ගුණාංගවලින් සපිරුණු දෙවියන් විශ්වාස කරන්නන් හට මෙලොවෙහි මෙන්ම මතු ලොවෙහි ඔවුනට සතුට ඇති කරන දෑ ගැන තොරතුරු දන්වා සිටිනු.
تفسیرهای عربی:
مَا كَانَ لِلنَّبِیِّ وَالَّذِیْنَ اٰمَنُوْۤا اَنْ یَّسْتَغْفِرُوْا لِلْمُشْرِكِیْنَ وَلَوْ كَانُوْۤا اُولِیْ قُرْبٰی مِنْ بَعْدِ مَا تَبَیَّنَ لَهُمْ اَنَّهُمْ اَصْحٰبُ الْجَحِیْمِ ۟
සැබැවින්ම දෙවියන් ප්රතික්ෂේප කරන්නන් නිරා ගින්නේ සගයින් බව පැහැදිලි වූවායින් පසු ව ඔවුන් සමීපතයින් වුව ද ඔවුන් ආදේශ තැබීම මත ම මිය ගිය බැවින් ඔවුන් වෙනුවෙන් සමාව ඉල්ලා සිටීම නබිවරයාණන්ට හෝ මුඃමින්වරුන්ට හෝ යුතු නොවන්නේය.
تفسیرهای عربی:
وَمَا كَانَ اسْتِغْفَارُ اِبْرٰهِیْمَ لِاَبِیْهِ اِلَّا عَنْ مَّوْعِدَةٍ وَّعَدَهَاۤ اِیَّاهُ ۚ— فَلَمَّا تَبَیَّنَ لَهٗۤ اَنَّهٗ عَدُوٌّ لِّلّٰهِ تَبَرَّاَ مِنْهُ ؕ— اِنَّ اِبْرٰهِیْمَ لَاَوَّاهٌ حَلِیْمٌ ۟
ඉබ්රාහීම් තුමා තම පියාණන් වෙනුවෙන් සමාව අයැද සිටියේ ඔහු ඉස්ලාමය පිළිගනු ඇතැයි යන බලාපොරොත්තුවෙන් තමන් එය ඉල්ලා සිටින බවට පොරොන්දු වූ නිසාවෙන් මිස නොවීය. තම පියාණන්ට කළ උපදෙස් ප්රයෝජනවත් නොවූ බැවින් සැබැවින්ම ඔහු අල්ලාහ්ගේ සතුරෙකු බව දැන ගැනීම හේතුවෙන් හෝ සැබැවින්ම ඔහු දේව ප්රතික්ෂේපකයෙකු ලෙස මිය යන බවට දේව පණිවිඩ ලැබීම හේතුවෙන් හෝ එතුමා ඔහුගෙන් ඉවත් විය. ඔහු වෙනුවෙන් එතුමා සමාව අයැද සිටීම ඔහුගේ උත්සාහය මත සිදු වූවකි. අල්ලාහ් ඔහු වෙත එවූ දේව පණිවිඩයේ නීතියට විරුද්ධව කළ දෙයක් නොවන්නේය. සැබැවින්ම ඉබ්රාහීම් (අලය්හිස් සලාම්) තුමා අල්ලාහ් වෙත අධික ලෙස යටහත්භාවයට පත්වූ අයෙකි. ඔහුගේ අපරාධකාරී ජනයාට සමාව දී නොසලකා අත්හැර දැමූ අයෙකි.
تفسیرهای عربی:
وَمَا كَانَ اللّٰهُ لِیُضِلَّ قَوْمًا بَعْدَ اِذْ هَدٰىهُمْ حَتّٰی یُبَیِّنَ لَهُمْ مَّا یَتَّقُوْنَ ؕ— اِنَّ اللّٰهَ بِكُلِّ شَیْءٍ عَلِیْمٌ ۟
පිරිසකට යහමග සඳහා අල්ලාහ් ආශිර්වාද කළ පසුව ඔවුන් වැළකී සිටිය යුතු තහනම් දෑ ඔවුනට ඔහු පැහැදිලි කරන තෙක් ඔවුන් නොමග යවමින් ඔවුනට එරෙහි ව තීන්දු ගැනීම අල්ලාහ්ට නොවීය. ඔහු තහනම් කළ දෑ පැහැදිලි කිරීමෙන් පසු ව ඔවුන් වැරදි කරන්නේ නම් ඔවුනට මුළාව තීන්දු කරනු ඇත. සැබැවින්ම අල්ලාහ් සියලු දෑ පිළිබඳ ව මැනවින් දන්නාය. ඔහුට කිසිවක් සැඟවී යන්නේ නැත. නුඹලා නොදැන සිටි දෑ සැබැවින්ම ඔහු නුඹලාට ඉගැන්නුවේය.
تفسیرهای عربی:
اِنَّ اللّٰهَ لَهٗ مُلْكُ السَّمٰوٰتِ وَالْاَرْضِ ؕ— یُحْیٖ وَیُمِیْتُ ؕ— وَمَا لَكُمْ مِّنْ دُوْنِ اللّٰهِ مِنْ وَّلِیٍّ وَّلَا نَصِیْرٍ ۟
අහස් හි ආධිපත්යය හා මහපොළොවේ ආධිපත්යය සැබැවින්ම අල්ලාහ් සතුය. ඒ දෙකෙහි ඔහුට කිසිදු හවුල්කරුවෙකු නොමැත. ඒ දෙකෙහි කිසිදු රහසිගත දෙයක් ඔහුට සැඟවෙන්නේ ද නැත. ජීවත් කිරීමට ඔහු අභිමත කරන අය ජීවත් කරවයි. මරණයට පත් කිරීමට ඔහු අභිමත කරන අය මරණයට පත් කරවයි. නුඹලාගේ කටයුතු භාර ව කටයුතු කරන්නට අල්ලාහ්ගෙන් තොර ව වෙනත් භාර කරුවෙකු නුඹලාට නැත. එමෙන්ම නපුර නුඹලාගෙන් වළක්වන්නට හෝ නුඹලාගේ සතුරන්ට එරෙහිව නුඹලාට උදව් කරන්නට හෝ කිසිදු උදව්කරුවෙකු නුඹලාට නැත.
تفسیرهای عربی:
لَقَدْ تَّابَ اللّٰهُ عَلَی النَّبِیِّ وَالْمُهٰجِرِیْنَ وَالْاَنْصَارِ الَّذِیْنَ اتَّبَعُوْهُ فِیْ سَاعَةِ الْعُسْرَةِ مِنْ بَعْدِ مَا كَادَ یَزِیْغُ قُلُوْبُ فَرِیْقٍ مِّنْهُمْ ثُمَّ تَابَ عَلَیْهِمْ ؕ— اِنَّهٗ بِهِمْ رَءُوْفٌ رَّحِیْمٌ ۟ۙ
තබූක් යුද්ධයෙන් පසුබැසීම සඳහා මුහම්මද් (සල්ලල්ලාහු අලය්හි වසල්ලම්) තුමාණන් කුහකයින්ට අවසර දුන් අවස්ථාවේ අල්ලාහ් එතුමාණන්ට සමාව දානය කළේය. එමෙන්ම යුද්ධ කිරීමට පසු නොබැස්සා වූ මක්කාවෙන් නික්ම ගිය මුහාජිර්වරුන්ටත් මදීනාවේ ඔවුනට උපකාර කළ අන්සාර්වරුන්ටත් අල්ලාහ් සමාව දානය කළේය. සතුරන් බලවත් ව සිටියදී තමන් සතු යුධ ආම්පන්න හා සේනා බලය අඩුවෙන් තිබිය දී දැඩි අව් රෂ්ණ කාලයක පැවැති තබූක් යුද්ධයේ දී එහි පවතින දැඩි දුෂ්කරතා හේතුවෙන් යුද්ධය අතහැර දැමීමට ඔවුන් අතරින් පිරිසකගේ හදවත් නැඹුරු වීමෙන් පසු ව පවා ඔවුහු එතුමාණන් පිළිපැද්දෝය. පසුව අල්ලාහ් ඔවුනට ස්ථාවරත්වය සහ සතුරා වෙත පිටත්ව යෑම සඳහා ආශිර්වාද කළේය. ඔවුනට සමාව දුන්නේය. සැබැවින්ම සුවි ශුද්ධවූ අල්ලාහ් ඔවුනට මහා කාරුණිකය. සෙනෙහෙවන්තය. පාපක්ෂමාව ඔවුනට ආශිර්වාද කිරීමත් එය ඔවුන්ගෙන් පිළිගැනීමත් ඔහුගේ කරුණාවෙන් වූවකි.
تفسیرهای عربی:
از فواید آیات این صفحه:
• بطلان الاحتجاج على جواز الاستغفار للمشركين بفعل إبراهيم عليه السلام.
•ඉබ්රාහීම් අලෙය්හිස් සලාම් තුමාගේ ක්රියාවලිය ආධාරකයක් ලෙස ගෙන දෙවියන්ට ආදේශ තැබූවන් සඳහා පාපක්ෂමාව අයැද සිටීමට හැකි යැයි ඉදිරිපත් කරන සාධකය නිෂ්ඵල කිරීම.

• أن الذنوب والمعاصي هي سبب المصائب والخذلان وعدم التوفيق.
•සැබැවින්ම පාපකම් හා අකුසල් අභාග්යයට, බලාපොරොත්තු සුන් වීමට හා ආශිර්වාද නොලැබීමට හේතු වන්නේය.

• أن الله هو مالك الملك، وهو ولينا، ولا ولي ولا نصير لنا من دونه.
•සැබැවින්ම අල්ලාහ් සියලු රාජ්යයන් හි පාලකයාය. ඔහු අපගේ භාරකරුය. ඔහුගෙන් තොර ව කිසිදු භාරකරුවෙකු හෝ උදව් කරුවෙකු හෝ නැත.

• بيان فضل أصحاب النبي صلى الله عليه وسلم على سائر الناس.
•සෙසු ජනයාට වඩා නබි (සල්ලල්ලාහු අලය්හි වසල්ලම්) තුමාණන් අනුගමනය කළ එතුමාණන්ගේ මිතුරන් සතු ව පවතින මහිමය විස්තර කිරීම.

وَّعَلَی الثَّلٰثَةِ الَّذِیْنَ خُلِّفُوْا ؕ— حَتّٰۤی اِذَا ضَاقَتْ عَلَیْهِمُ الْاَرْضُ بِمَا رَحُبَتْ وَضَاقَتْ عَلَیْهِمْ اَنْفُسُهُمْ وَظَنُّوْۤا اَنْ لَّا مَلْجَاَ مِنَ اللّٰهِ اِلَّاۤ اِلَیْهِ ؕ— ثُمَّ تَابَ عَلَیْهِمْ لِیَتُوْبُوْا ؕ— اِنَّ اللّٰهَ هُوَ التَّوَّابُ الرَّحِیْمُ ۟۠
ප්රමාද වූ කඃබ් ඉබ්නු මාලික්, මුරාරා ඉබ්නු අර් රබීඃ හා හිලාල් ඉබ්නු උමෙය්යා යන තිදෙනාගේ පශ්චාත්තාපය පිළිගෙන අල්ලාහ් ඔවුනට සමාව දානය කළේය. අල්ලාහ්ගේ දූතයාණන් සමග තබූක් යුද්ධය සඳහා පිටත් වීමෙන් ඔවුන් පසුබැස්සායින් පසු ඔවුන්ගේ පශ්චාත්තාපය භාර ගැනීම ප්රමාද කරනු ලැබීය. එහෙයින් ඔවුන්ගෙන් ඈත් ව කටයුතු කරන මෙන් නබි (සල්ලල්ලාහු අලය්හි වසල්ලම්) තුමා ජනයාට නියෝග කළේය. මහපොළොවේ විශාලත්වය ඔවුනට පටුවන තරමට එම කරුණ ඔවුනට දුක හා වේදනාව ගෙන දුන්නේය. ඔවුනට අත් වූ තනිකම හේතුවෙන් ඔවුන්ගේ හදවත් පීඩනයට පත් විය. අල්ලාහ් වෙත පමණක් යොමු වීමෙන් මිස යොමුවන්නට වෙනත් තැනක් නොමැති බව ඔවුන් වටහා ගත්තෝය. පසුව අල්ලාහ් පාප ක්ෂමාව සඳහා ඔවුනට ආශිර්වාද කිරීමෙන් ඔවුනට කරුණාව දැක්වීය. පසුව ඔවුන්ගේ පශ්චාත්තාය පිළිගත්තේය. සැබැවින් ඔහු තම ගැත්තන් හට අති ක්ෂමාශීලීය. ඔවුන් කෙරෙහි මහා කාරුණිකය.
تفسیرهای عربی:
یٰۤاَیُّهَا الَّذِیْنَ اٰمَنُوا اتَّقُوا اللّٰهَ وَكُوْنُوْا مَعَ الصّٰدِقِیْنَ ۟
අහෝ අල්ලාහ් ව විශ්වාස කොට ඔහුගේ දූතයාණන් පිළිපැද ඔහු ආගමානුගත කළ අයුරින් ක්රියා කරන්නනි! අල්ලාහ්ගේ නියෝග පිළිපදිමින් හා ඔහු තහනම් කළ දැයින් වැළකෙමින් ඔහු පිළිබඳ සවිඥානකත්වයෙන් යුතු ව කටයුතු කරනු. සත්යවාදීන්ගේ දේව විශ්වාසය, ඔවුන්ගේ ප්රකාශ හා ඔවුන්ගේ ක්රියාවන් අතර නුඹලා ද ඔවුන් සමගම වනු. සත්යයෙහි මිස වෙනත් ගැලවීමක් නුඹලාට නැත.
تفسیرهای عربی:
مَا كَانَ لِاَهْلِ الْمَدِیْنَةِ وَمَنْ حَوْلَهُمْ مِّنَ الْاَعْرَابِ اَنْ یَّتَخَلَّفُوْا عَنْ رَّسُوْلِ اللّٰهِ وَلَا یَرْغَبُوْا بِاَنْفُسِهِمْ عَنْ نَّفْسِهٖ ؕ— ذٰلِكَ بِاَنَّهُمْ لَا یُصِیْبُهُمْ ظَمَاٌ وَّلَا نَصَبٌ وَّلَا مَخْمَصَةٌ فِیْ سَبِیْلِ اللّٰهِ وَلَا یَطَـُٔوْنَ مَوْطِئًا یَّغِیْظُ الْكُفَّارَ وَلَا یَنَالُوْنَ مِنْ عَدُوٍّ نَّیْلًا اِلَّا كُتِبَ لَهُمْ بِهٖ عَمَلٌ صَالِحٌ ؕ— اِنَّ اللّٰهَ لَا یُضِیْعُ اَجْرَ الْمُحْسِنِیْنَ ۟ۙ
අල්ලාහ්ගේ දූතයාණන් (සල්ලල්ලාහු අලය්හි වසල්ලම්) සටන් කිරීම සඳහා පිටත් ව යන විට මදීනා වාසීන් හෝ ඔවුන් අවට වෙසෙන ගම්බද ජනයා එතුමාණන්ගෙන් ඉවත් ව ඉන් පසුබෑම ඔවුනට සුදුසු නොවීය. නබි (සල්ලල්ලාහු අලය්හි වසල්ලම්) තුමාණන්ගේ ජීවිතයෙන් ඈත් වී තම ආත්මයන් හිරකර ආරක්ෂා කර තබා ගැනීම ද ඔවුනට සුදුසු නොවීය. නමුත් එතුමාණන් නොමැති ව හෝ තමන් ව කැප කිරීම අනිවාර්යය වන්නේය. ඊට හේතුව අල්ලාහ්ගේ මාර්ගයේ ඔවුන් කිසිදු තිබහක් හෝ වෙහෙසක් හෝ කුසගින්නක් හෝ අත් විඳින්නේ නම් හෝ දේව ප්රතික්ෂේපකයින්ගේ කෝපය ඔවුන් හමුවේ උසිගන්වන ස්ථානයකට ඔවුන් ගොඩ බැස්සේ නම් හෝ එමෙන්ම සතුරෙකු විසින් ඝාතනය කරනු ලැබීමක්, සිරගත වීමක්, යුද පිටියේ දමා ගිය වස්තුව අත්පත් කර ගැනීමක් පරාජයක් වැනි යමක් ඔවුනට අත් වන්නේ නම් හෝ එමගින් දැහැමි ක්රියාවක කුසල් අල්ලාහ් ඔවුනට නියම කරනු මිස නැත. ඔවුන්ගෙන් ඔහු එය පිළිගනියි. සැබැවින්ම අල්ලාහ් දැහැමියන්ගේ ප්රතිඵල නිෂ්ඵල කරන්නේ නැත. ඔවුනට පූර්ණ වශයෙන් ඔහු ආශිර්වාද කරයි. එය ඔවුනට වර්ධනය කරයි.
تفسیرهای عربی:
وَلَا یُنْفِقُوْنَ نَفَقَةً صَغِیْرَةً وَّلَا كَبِیْرَةً وَّلَا یَقْطَعُوْنَ وَادِیًا اِلَّا كُتِبَ لَهُمْ لِیَجْزِیَهُمُ اللّٰهُ اَحْسَنَ مَا كَانُوْا یَعْمَلُوْنَ ۟
ඔවුන් සුඵ පරිමාණයෙන් හෝ මහා පරිමාණයෙන් යමක් වියදම් කළ ද යම් මිටියාවතක් තරණය කළ ද එසේ වියදම් කිරීම හා ගමන් කිරීම හේතුවෙන් අල්ලාහ් ඔවුනට ප්රමාණවත් තරමට ඔවුන් සිදු කළ ක්රියාවන් ඔවුන් වෙනුවෙන් සටහන් කර ගනු මිස නැත. පසු ව ඔවුන් සිදු කරමින් ආ දෑට වඩා යහපත් ප්රතිඵලයක් මතු ලොවෙහි ඔහු ඔවුනට පිරිනමනු ඇත.
تفسیرهای عربی:
وَمَا كَانَ الْمُؤْمِنُوْنَ لِیَنْفِرُوْا كَآفَّةً ؕ— فَلَوْلَا نَفَرَ مِنْ كُلِّ فِرْقَةٍ مِّنْهُمْ طَآىِٕفَةٌ لِّیَتَفَقَّهُوْا فِی الدِّیْنِ وَلِیُنْذِرُوْا قَوْمَهُمْ اِذَا رَجَعُوْۤا اِلَیْهِمْ لَعَلَّهُمْ یَحْذَرُوْنَ ۟۠
සතුරන් දේවත්වය විශ්වාස කරන්නන් සමග සටන් කිරීමට එළැඹෙන විට දේවත්වය විශ්වාස කරන්නන් මුළුමණින්ම තුරන් කරනු නොලැබීම පිණිස ඔවුන් සියල්ලෝම එක් වී යුද්ධය සඳහා පිටත් වීම ඔවුනට අවශ්ය වන්නේ නැත. එවන් තත්ත්වයක ඔවුන් අතරින් පිරිසක් ජිහාද් සඳහා පිටත් ව යා යුතු අතර තවත් පිරිසක් අල්ලාහ්ගේ දූතයාණන් සමග සිට එතුමාණන් උගන්වන අල් කුර්ආනීය ඉගැන්වීම් හා ආගමික නීතීන්ට සවන් දී දහම පිළිබඳ අවබෝධය ලැබිය යුතුය. පසු ව ආපසු හැරී එන පිරිසට අල්ලාහ්ගේ දඬුවමින් ඔවුන් ප්රවේශම් වන පරිදි තමන් ඉගෙන ගත් දෑ ඔවුනට පවසා අවවාද කළ යුතුය. එවිට ඔවුන් අල්ලාහ්ගේ නියෝගය පිළිපදිනු ඇත. ඔහු තහනම් කළ දැයින් වැළකී සිටිනු ඇත. මෙවන් වාතාවරණයක් අල්ලාහ්ගේ දූතයාණන් විසින් ප්රදේශවලට යවන ලද කණ්ඩායම් අතර විය. ඒ සඳහා ඔහුගේ මිතුරන් අතරින් පිරිසක් ඔහු තෝරා ගත්තේය.
تفسیرهای عربی:
از فواید آیات این صفحه:
• وجوب تقوى الله والصدق وأنهما سبب للنجاة من الهلاك.
•අල්ලාහ් පිළිබඳ සවිඥානකත්වය හා සත්ය කතා කිරීම අනිවාර්යය වන්නේය. සැබැවින්ම මෙවා දෙකම විනාශයෙන් ආරක්ෂා ව ලබන්නට හේතුවක් වන්නේය.

• عظم فضل النفقة في سبيل الله.
•අල්ලාහ්ගේ මාර්ගයේ වියදම් කිරීමේ මහිමය.

• وجوب التفقُّه في الدين مثله مثل الجهاد، وأنه لا قيام للدين إلا بهما معًا.
•ජිහාද් මෙන් ම දහම පිළිබඳ අවබෝධය ලැබීමේ අනිවාර්යය භාවය. මේ දෙකම එකට මිස දහම පිහිටන්නේ නැත.

یٰۤاَیُّهَا الَّذِیْنَ اٰمَنُوْا قَاتِلُوا الَّذِیْنَ یَلُوْنَكُمْ مِّنَ الْكُفَّارِ وَلْیَجِدُوْا فِیْكُمْ غِلْظَةً ؕ— وَاعْلَمُوْۤا اَنَّ اللّٰهَ مَعَ الْمُتَّقِیْنَ ۟
දෙවියන් විශ්වාස කරන්නන් අසළ සිටින දෙවියන් ප්රතික්ෂේප කරන දැඩි මතදාරීන් සමග යුද වදින මෙන් අල්ලාහ් නියෝග කර ඇත. එය ඔවුන්ගේ සමීපකම හේතුවෙන් දෙවියන් විශ්වාස කරන්නන් හට අනතුරක් වන්නට ඉඩ ඇති බැවිණි. ඔවුන්ගේ නපුරුකම් වළක්වන හා ඔවුන් බිය වද්දන පරිදි බලවත්කම හා දරුණුකම නිරූපණය කරන මෙන් ද ඔහු ඔවුනට අණ කළේය. අල්ලාහ්, ඔහු පිළිබඳ මතකයෙන් කටයුතු කරන විශ්වාසීන්හට ඔහුගේ උපකාරය හා ඔහුගේ ස්ථාවරත්වය සමග ඔහු සිටිනු ඇත.
تفسیرهای عربی:
وَاِذَا مَاۤ اُنْزِلَتْ سُوْرَةٌ فَمِنْهُمْ مَّنْ یَّقُوْلُ اَیُّكُمْ زَادَتْهُ هٰذِهٖۤ اِیْمَانًا ۚ— فَاَمَّا الَّذِیْنَ اٰمَنُوْا فَزَادَتْهُمْ اِیْمَانًا وَّهُمْ یَسْتَبْشِرُوْنَ ۟
අල්ලාහ්ගේ දූතයාණන් (සල්ලල්ලාහු අලය්හි වසල්ලම්) තුමාණන් වෙත අල්ලාහ් පරිච්ඡේදයක් පහළ කරන විට කුහකයින් අතර සිටි ඇතැමෙක් එය සරදමට හා හාස්යට ලක් කරමින්, "මුහම්මද් ගෙන ආ දැයින් පහළ වූ මෙම සූරාව කවර කරුණක් දේව විශ්වාසයෙන් වර්ධනය කර ඇත්දැ"යි විමසා සිටියේය. නමුත් අල්ලාහ්ව විශ්වාස කොට ඔහුගේ දූතයාණන් සත්ය බව පිළිගත් අය වනාහි, ඔවුන්ගේ විශ්වාසය පෙර පැවති විශ්වාසයට වඩා වැඩි විශ්වාසයක් මෙම සූරාව ඔවුනට වර්ධනය කළේය. දිව්යමය වාක්ය පහළ වීමෙන් එහි ඇති මෙලොව හා මතුලොව යහපත හා ප්රයෝජන හේතුවෙන් ඔවුහු සතුටට පත් වූවෝය.
تفسیرهای عربی:
وَاَمَّا الَّذِیْنَ فِیْ قُلُوْبِهِمْ مَّرَضٌ فَزَادَتْهُمْ رِجْسًا اِلٰی رِجْسِهِمْ وَمَاتُوْا وَهُمْ كٰفِرُوْنَ ۟
කුහකයින් වනාහි, අල් කුර්ආනයේ ඇති නීති රීති හා කතා සමග එය පහළ වීම ඔවුන්ගේ ව්යාධිය හා කිලිටිකම ඔවුනට වර්ධනය කරනු ඇත. එය පහළ කරනු ලැබූ දෑ ඔවුන් බොරු කරමින් සිටි හේතුවෙනි. අල් කුර්ආනය අධික ලෙස පහළ වීම තුළින් ඔවුන්ගේ හදවත් ද ව්යාධී බවින් වැඩි විය. ඊට හේතුව සැබැවින්ම ඔවුනට යම් කිසි දෙයක් පහළ වන සෑම කල්හිම එහි ඇති දෑ ගැන පැමිණිලි කරමින් සිටි අතර දේව ප්රතික්ෂේපය මත ම මිය ගිය බැවිණි.
تفسیرهای عربی:
اَوَلَا یَرَوْنَ اَنَّهُمْ یُفْتَنُوْنَ فِیْ كُلِّ عَامٍ مَّرَّةً اَوْ مَرَّتَیْنِ ثُمَّ لَا یَتُوْبُوْنَ وَلَا هُمْ یَذَّكَّرُوْنَ ۟
කුහකයින්ගේ තත්ත්වය හෙළි කරමින් ඔවුන්ගේ කුහකත්වය ප්රසිද්ධියට පත් කරමින් සෑම වසරකම වරක් හෝ දෙවරක් අල්ලාහ් ඔවුන් පරීක්ෂාවට ලක් කිරීම ඔවුන් සැලකිල්ලෙන් නොබැලුවෝ ද? පසු ව සැබැවින්ම අල්ලාහ් ඔවුනට එසේ සිදු කර ඇතැයි ඔවුන් දැන ගැනීමත් සමගම ඔවුන්ගේ ප්රතික්ෂේපයෙන් ඔවුන් මිදුණේ නැත. ඔවුන්ගේ කුහකත්වයෙන් ඔවුන් ඉවත් වූයේ නැත. ඔවුනට අත් වූ දෑ සැබැවින් එය අල්ලාහ්ගෙන් වූවක් බව ඔවුන් මෙනෙහි කරන්නේ ද නැත.
تفسیرهای عربی:
وَاِذَا مَاۤ اُنْزِلَتْ سُوْرَةٌ نَّظَرَ بَعْضُهُمْ اِلٰی بَعْضٍ ؕ— هَلْ یَرٰىكُمْ مِّنْ اَحَدٍ ثُمَّ انْصَرَفُوْا ؕ— صَرَفَ اللّٰهُ قُلُوْبَهُمْ بِاَنَّهُمْ قَوْمٌ لَّا یَفْقَهُوْنَ ۟
අල්ලාහ් තම දූතයාණන් (සල්ලල්ලාහු අලය්හි වසල්ලම්) වෙත අල් කුර්ආනීය පරිච්ඡේදයක් පහළ කරන විට එහි සඳහන් කුහකයින්ගේ තත්ත්වයන් මෙනෙහි කිරීම දැක ඔවුන්ගෙන් ඇතැමෙක් ඇතැමෙකු දෙස බලා "කිසිවකු හෝ ඔබ දකින්නේ දැ?"යි විමසා සිටියි. එවිට කිසිවෙකු ඔවුන් නුදුටුවේ නම් සභාවෙන් ඔවුන් හැරී යති. දැනගනු. අල්ලාහ් ඔවුන්ගේ හදවත් යහමග හා යහකමින් වෙනතකට යොමු කළේය. ඔවුන් වටහා නොගන්නා පිරිසක් බැවින් ඔවුන් පහත් තත්ත්වයට පත් විය.
تفسیرهای عربی:
لَقَدْ جَآءَكُمْ رَسُوْلٌ مِّنْ اَنْفُسِكُمْ عَزِیْزٌ عَلَیْهِ مَا عَنِتُّمْ حَرِیْصٌ عَلَیْكُمْ بِالْمُؤْمِنِیْنَ رَءُوْفٌ رَّحِیْمٌ ۟
අහෝ අරාබි ජනයිනි! නුඹලාගෙන්ම වූ දූතයෙකු සැබැවින්ම නුඹලා වෙත පැමිණ ඇත. ඔහු නුඹලා මෙන්ම අරාබි ජාතිකයෙකි. නුඹලාට පීඩා ගෙන දෙන දෑ ඔහුට ද පීඩා ගෙන දෙනු ඇත. නුඹලා යහමගට යොමුවීම ගැන දැඩි ආශාවෙන් පසුවන්නෙකි. නුඹලා ගැන සැලකිලිමත් වන්නෙකි. විශේෂයෙන්ම දෙවියන් විශ්වාස කරන්නන් කෙරෙහි හිතවත් මෙන්ම කාරුණිකය.
تفسیرهای عربی:
فَاِنْ تَوَلَّوْا فَقُلْ حَسْبِیَ اللّٰهُ ۖؗ— لَاۤ اِلٰهَ اِلَّا هُوَ ؕ— عَلَیْهِ تَوَكَّلْتُ وَهُوَ رَبُّ الْعَرْشِ الْعَظِیْمِ ۟۠
එහෙයින් ඔවුන් නුඹට පිටුපා නුඹ ගෙන ආ දෑ ඔවුන් නොකළේ නම්, අහෝ දූතය! “මට අල්ලාහ් ප්රමාණවත්ය. සැබෑ ලෙස නැමදුම් ලබන්නට ඔහු මිස වෙනත් කිසිවෙකු නැත. ඔහු මත ම රැඳී සිටිමි. ඔහු ශුද්ධ වූ අති මහත් අර්ෂ් හෙවත් රාජධානියේ හිමිපාණන්ය.” යැයි පවසනු.
تفسیرهای عربی:
از فواید آیات این صفحه:
• وجوب ابتداء القتال بالأقرب من الكفار إذا اتسعت رقعة الإسلام، ودعت إليه حاجة.
•ඉස්ලාමයේ ප්රදේශ පුළුල් වී, යුද්ධයේ අවශ්යතාවක් ඇති වූ විට දෙවියන් ප්රතික්ෂේප කරන දැඩි මතධාරීන් අතරින් වඩාත් සමීප අය සමග යුද්ධය ආරම්භ කිරීමේ අනිවාර්යභාවය.

• بيان حال المنافقين حين نزول القرآن عليهم وهي الترقُّب والاضطراب.
•අල් කුර්ආනය පහළ වන විට පැවති කුහකයින්ගේ තත්ත්වය විස්තර කිරීම. එය අපේක්ෂා සහගත මෙන්ම ව්යාකූල තත්ත්වයකි.

• بيان رحمة النبي صلى الله عليه وسلم بالمؤمنين وحرصه عليهم.
• දේවත්වය විශ්වාස කරන්නන් කෙරෙහි වූ නබි (සල්ලල්ලාහු අලය්හි වසල්ලම්) තුමාණන්ගේ කරුණාව හා ඔවුන් කෙරෙහි වූ සැලකිල්ල විස්තර කිරීම.

• في الآيات دليل على أن الإيمان يزيد وينقص، وأنه ينبغي للمؤمن أن يتفقد إيمانه ويتعاهده فيجدده وينميه؛ ليكون دائمًا في صعود.
•සැබැවින්ම දේව විශ්වාසය විටෙක වර්ධනය වන බවත් විටෙක එය හීන වන බවත් මෙම පාඨවල සාක්ෂි සාධක පැමිණ ඇත. සැබැවින්ම මුඃමින්වරයාගේ විශ්වාසය ඔහු විසින් පරීක්ෂා කළ යුතුය. එය නිරීක්ෂණය කළ යුතුය. එය අලුත් කර ගත යුතුය. වර්ධනය කළ යුතුය. එමෙන්ම එය ඉහළ නැංවීමට කටයුතු කළ යුතුය.

 
ترجمهٔ معانی سوره: سوره توبه
فهرست سوره ها شماره صفحه
 
ترجمهٔ معانی قرآن کریم - الترجمة السنهالية للمختصر في تفسير القرآن الكريم - لیست ترجمه ها

الترجمة السنهالية للمختصر في تفسير القرآن الكريم، صادر عن مركز تفسير للدراسات القرآنية.

بستن