Check out the new design

કુરઆન મજીદના શબ્દોનું ભાષાંતર - સન્હાલી અનુવાદ - રવ્વાદ ભાષાંતર કેન્દ્ર * - ભાષાંતરોની અનુક્રમણિકા

PDF XML CSV Excel API
Please review the Terms and Policies

શબ્દોનું ભાષાંતર સૂરહ: અલ્ બકરહ   આયત:
وَاتَّبَعُوْا مَا تَتْلُوا الشَّیٰطِیْنُ عَلٰی مُلْكِ سُلَیْمٰنَ ۚ— وَمَا كَفَرَ سُلَیْمٰنُ وَلٰكِنَّ الشَّیٰطِیْنَ كَفَرُوْا یُعَلِّمُوْنَ النَّاسَ السِّحْرَ ۗ— وَمَاۤ اُنْزِلَ عَلَی الْمَلَكَیْنِ بِبَابِلَ هَارُوْتَ وَمَارُوْتَ ؕ— وَمَا یُعَلِّمٰنِ مِنْ اَحَدٍ حَتّٰی یَقُوْلَاۤ اِنَّمَا نَحْنُ فِتْنَةٌ فَلَا تَكْفُرْ ؕ— فَیَتَعَلَّمُوْنَ مِنْهُمَا مَا یُفَرِّقُوْنَ بِهٖ بَیْنَ الْمَرْءِ وَزَوْجِهٖ ؕ— وَمَا هُمْ بِضَآرِّیْنَ بِهٖ مِنْ اَحَدٍ اِلَّا بِاِذْنِ اللّٰهِ ؕ— وَیَتَعَلَّمُوْنَ مَا یَضُرُّهُمْ وَلَا یَنْفَعُهُمْ ؕ— وَلَقَدْ عَلِمُوْا لَمَنِ اشْتَرٰىهُ مَا لَهٗ فِی الْاٰخِرَةِ مِنْ خَلَاقٍ ۫ؕ— وَلَبِئْسَ مَا شَرَوْا بِهٖۤ اَنْفُسَهُمْ ؕ— لَوْ كَانُوْا یَعْلَمُوْنَ ۟
ඔවුහු සුලෙයිමාන්ගේ පාලන සමයේ ෂෙයිතානුන් පාරායනා කළ දෑ අනුගමනය කළෝ ය. සුලෙයිමාන් ප්‍රතික්ෂේප නො කළේ ය. එහෙත් ප්‍රතික්ෂේප කළේ ෂෙයිතානුන් ය. ඔවුහු ජනයාට හූනියම ද, බැබිලෝනියාවේ හාරූත් මාරූත් යන මලක්වරුන් දෙදෙනාට පහළ කරනු ලැබූ දෑ ද ජනයාට ඉගැන් වූහ. එහෙත් ඔවුන් දෙදෙනා සැබැවින් ම “අපි පරීක්ෂණයකි. එබැවින් නුඹ ප්‍රතික්ෂේප නො කරනු”යි පවසා සිටීමෙන් මිස කිසිවෙකුට ඉගැන්නුවේ නැත. එවිට ඔවුන් දෙදෙනාගෙන් සැමියා හා තම බිරිය අතර වෙන් කර වන දෑ ඔවුහු ඉගෙන ගනිති. අල්ලාහ්ගේ අනුබලයෙන් මිස කිසිවෙකුට කිසි වකින් හානි පමුණුවන්නන් ලෙස ඔවුහු නො වූහ. තවද ඔවුනට හානි පමුණු වන ඔවුනට ප්‍රයෝජනවත් නො වන දෑ ඉගෙන ගනිති. තවද එය මිලට ගත් අයට පර ලොවෙහි කිසිදු කොටසක් නොමැති බව සැබැවින් ම ඔවුහු දැන සිටියහ. ඔවුහු කවර දෙයක් ඒ වෙනුවට තමන්ව විකුණා දැමුවේ ද සැබැවින් ම එය නපුරු විය. ඔවුහු (මේ ගැන) දැන සිටියාහු නම්.
અરબી તફસીરો:
وَلَوْ اَنَّهُمْ اٰمَنُوْا وَاتَّقَوْا لَمَثُوْبَةٌ مِّنْ عِنْدِ اللّٰهِ خَیْرٌ ؕ— لَوْ كَانُوْا یَعْلَمُوْنَ ۟۠
නියත වශයෙන් ම ඔවුන් විශ්වාස කොට බිය බැතිමත් වූයේ නම් අල්ලාහ් අබියසින් ලැබෙන කුසල්
ශ්‍රේෂ්ඨ ය. ඔවුහු (ඒ බව) දැන සිටියාහු නම්.
અરબી તફસીરો:
یٰۤاَیُّهَا الَّذِیْنَ اٰمَنُوْا لَا تَقُوْلُوْا رَاعِنَا وَقُوْلُوا انْظُرْنَا وَاسْمَعُوْا ؕ— وَلِلْكٰفِرِیْنَ عَذَابٌ اَلِیْمٌ ۟
අහෝ විශ්වාස කළවුනි! නුඹලා (විකෘති අදහසක් ගෙන දෙන) රාඉනා (යන යෙදුම) නො පවසනු. උන්ළුර්නා (අප ගැන සැලකිලිමත් වනු) යැයි පවසනු. තවද නුඹලා (ඔවුන්ගේ ප්‍රකාශය ට) සවන් දෙනු. ප්‍රතික්ෂේපකයින්ට වේදනා සහගත දඬුවමක් ඇත.
અરબી તફસીરો:
مَا یَوَدُّ الَّذِیْنَ كَفَرُوْا مِنْ اَهْلِ الْكِتٰبِ وَلَا الْمُشْرِكِیْنَ اَنْ یُّنَزَّلَ عَلَیْكُمْ مِّنْ خَیْرٍ مِّنْ رَّبِّكُمْ ؕ— وَاللّٰهُ یَخْتَصُّ بِرَحْمَتِهٖ مَنْ یَّشَآءُ ؕ— وَاللّٰهُ ذُو الْفَضْلِ الْعَظِیْمِ ۟
නුඹලාගේ පරමාධිපතිගෙන් යම් යහපතක් නුඹලා වෙත පහළ කරනු ලැබීම ගැන, දේව ග්‍රන්ථය ලත් ජනයා අතුරින් ප්‍රතික්ෂේප කළ අය ද දේව ආදේශකයෝ ද ප්‍රිය නො කරති. අල්ලාහ් තමන් අභිමත කරන අයට ඔහුගේ කරුණාව නියම කරයි. තවද අල්ලාහ් අතිමහත් භාග්‍යයේ හිමිකරු ය.
અરબી તફસીરો:
 
શબ્દોનું ભાષાંતર સૂરહ: અલ્ બકરહ
સૂરહ માટે અનુક્રમણિકા પેજ નંબર
 
કુરઆન મજીદના શબ્દોનું ભાષાંતર - સન્હાલી અનુવાદ - રવ્વાદ ભાષાંતર કેન્દ્ર - ભાષાંતરોની અનુક્રમણિકા

રુવાદ ભાષાંતર કેન્દ્રની ટીમ દ્વારા અને રબ્વાહ ઇસ્લામિક પ્રચાર કાર્યાલય અને વિવિધ ભાષાઓમાં ઇસ્લામની સામગ્રી પ્રસ્તુત કરતું સંગઠનના સહયોગથી

બંધ કરો