Check out the new design

કુરઆન મજીદના શબ્દોનું ભાષાંતર - સન્હાલી અનુવાદ - રવ્વાદ ભાષાંતર કેન્દ્ર * - ભાષાંતરોની અનુક્રમણિકા

PDF XML CSV Excel API
Please review the Terms and Policies

શબ્દોનું ભાષાંતર સૂરહ: અલ્ કસસ   આયત:
فَلَمَّا قَضٰی مُوْسَی الْاَجَلَ وَسَارَ بِاَهْلِهٖۤ اٰنَسَ مِنْ جَانِبِ الطُّوْرِ نَارًا ۚ— قَالَ لِاَهْلِهِ امْكُثُوْۤا اِنِّیْۤ اٰنَسْتُ نَارًا لَّعَلِّیْۤ اٰتِیْكُمْ مِّنْهَا بِخَبَرٍ اَوْ جَذْوَةٍ مِّنَ النَّارِ لَعَلَّكُمْ تَصْطَلُوْنَ ۟
මූසා කාලවකවානුව අවසන් කොට තම පවුල සමඟ ගමන් ගත් කල්හි තූර් කන්ඳ අසලින් ගින්නක් දුටුවේ ය. ‘නුඹලා මෙහි රැඳී සිටිනු. නියත වශයෙන් ම මම ගින්නක් දුටිමි. ඉන් යම් තොරතුරක් හෝ නුඹලා උණුසුම ලබනු පිණිස ගිනි පෙනෙල්ලක් හෝ නුඹලා වෙත ගෙන එන්නට මට හැකි වනු ඇත යැයි පැවසී ය.
અરબી તફસીરો:
فَلَمَّاۤ اَتٰىهَا نُوْدِیَ مِنْ شَاطِئِ الْوَادِ الْاَیْمَنِ فِی الْبُقْعَةِ الْمُبٰرَكَةِ مِنَ الشَّجَرَةِ اَنْ یّٰمُوْسٰۤی اِنِّیْۤ اَنَا اللّٰهُ رَبُّ الْعٰلَمِیْنَ ۟ۙ
එවිට ඒ වෙත ඔහු පැමිණි කල්හි ආශිර්වාද කරනු ලැබූ භූමියේ දකුණු පස නිම්නය දෙසින් පිහිටි ගසින් ‘අහෝ මූසා! සර්ව ලෝකයන්හි පරමාධිපති වූ අල්ලාහ් මම වෙමි යැයි අමතනු ලැබී ය.
અરબી તફસીરો:
وَاَنْ اَلْقِ عَصَاكَ ؕ— فَلَمَّا رَاٰهَا تَهْتَزُّ كَاَنَّهَا جَآنٌّ وَّلّٰی مُدْبِرًا وَّلَمْ یُعَقِّبْ ؕ— یٰمُوْسٰۤی اَقْبِلْ وَلَا تَخَفْ ۫— اِنَّكَ مِنَ الْاٰمِنِیْنَ ۟
තවද ඔබ ඔබේ සැරයටිය හෙළනු. එය සර්පයකු මෙන් නලියනු ඔහු දුටු කල්හි පසුපස හැරී ගියේ ය. තවද ඔහු (නැවත) හැරී නො බැලුවේ ය. අහෝ මූසා! ඔබ ඉදිරියට එනු. තවද ඔබ බිය නො වනු. නියත වශයෙන් ම ඔබ ආරක්ෂා කරනු ලැබූවන් අතරිනි. (යැයි පවසනු ලැබී ය.)
અરબી તફસીરો:
اُسْلُكْ یَدَكَ فِیْ جَیْبِكَ تَخْرُجْ بَیْضَآءَ مِنْ غَیْرِ سُوْٓءٍ ؗ— وَّاضْمُمْ اِلَیْكَ جَنَاحَكَ مِنَ الرَّهْبِ فَذٰنِكَ بُرْهَانٰنِ مِنْ رَّبِّكَ اِلٰی فِرْعَوْنَ وَمَلَاۡىِٕهٖ ؕ— اِنَّهُمْ كَانُوْا قَوْمًا فٰسِقِیْنَ ۟
ඔබේ අත ඔබේ සාක්කුව තුළට දමනු. එය කිසිදු හානියකින් තොරව සුදුවන් ලෙසින් (බැබළෙමින්) හෙළිවනු ඇත. බිය දැනුණු විට ඔබේ (ඇළපත වෙතට) බාහුව ළං කර ගනු. ඒ දෙක ෆිර්අවුන් හා ඔහුගේ ප්‍රධානීන් වෙත ඔබේ පරමාධිපති වෙතින් වූ සාධක දෙකකි. නියත වශයෙන් ම ඔවුහු පාපතර පිරිසක් වූහ.
અરબી તફસીરો:
قَالَ رَبِّ اِنِّیْ قَتَلْتُ مِنْهُمْ نَفْسًا فَاَخَافُ اَنْ یَّقْتُلُوْنِ ۟
මාගේ පරමාධිපතියාණනි! ඔවුන් අතරින් කෙනෙකුව මම මරා දැමුවෙමි. එහෙයින් ඔවුන් මා මරා දමනු ඇතැයි මම බිය වෙමි යැයි ඔහු පැවසී ය.
અરબી તફસીરો:
وَاَخِیْ هٰرُوْنُ هُوَ اَفْصَحُ مِنِّیْ لِسَانًا فَاَرْسِلْهُ مَعِیَ رِدْاً یُّصَدِّقُنِیْۤ ؗ— اِنِّیْۤ اَخَافُ اَنْ یُّكَذِّبُوْنِ ۟
තවද මාගේ සහෝදර හාරූන් වන ඔහු මට වඩා කතාවෙන් චතුර ය. එහෙයින් මා තහවුරු කරන උදව්කරුවකු වශයෙන් ඔබ ඔහු මා සමඟ එවනු. ඔවුන් මා බොරු කරනු ඇතැයි නියත වශයෙන් ම මම බිය වෙමි (යැයි මූසා පැවසී ය.)
અરબી તફસીરો:
قَالَ سَنَشُدُّ عَضُدَكَ بِاَخِیْكَ وَنَجْعَلُ لَكُمَا سُلْطٰنًا فَلَا یَصِلُوْنَ اِلَیْكُمَا ۚۛ— بِاٰیٰتِنَا ۚۛ— اَنْتُمَا وَمَنِ اتَّبَعَكُمَا الْغٰلِبُوْنَ ۟
(එයට අල්ලාහ්) ඔබේ උර ඔබේ සහෝදරයා මඟින් අපි ශක්තිමත් කරන්නෙමු. තවද ඔබ දෙදෙනාට බලයක් ඇති කරන්නෙමු. එහෙයින් ඔවුහු ඔබ දෙදෙනා වෙත සමීප නො වනු ඇත. අපගේ සංඥා මඟින් ඔබ දෙදෙනා හා ඔබ දෙදෙනා අනුගමනය කළවුන් (ජය ලබා) අබිබවා යන්නෝ වෙති.
અરબી તફસીરો:
 
શબ્દોનું ભાષાંતર સૂરહ: અલ્ કસસ
સૂરહ માટે અનુક્રમણિકા પેજ નંબર
 
કુરઆન મજીદના શબ્દોનું ભાષાંતર - સન્હાલી અનુવાદ - રવ્વાદ ભાષાંતર કેન્દ્ર - ભાષાંતરોની અનુક્રમણિકા

રુવાદ ભાષાંતર કેન્દ્રની ટીમ દ્વારા અને રબ્વાહ ઇસ્લામિક પ્રચાર કાર્યાલય અને વિવિધ ભાષાઓમાં ઇસ્લામની સામગ્રી પ્રસ્તુત કરતું સંગઠનના સહયોગથી

બંધ કરો