Check out the new design

કુરઆન મજીદના શબ્દોનું ભાષાંતર - સન્હાલી ભાષામાં અલ્ મુખતસર ફી તફસીરિલ્ કુરઆનીલ્ કરીમ કિતાબનું અનુવાદ * - ભાષાંતરોની અનુક્રમણિકા


શબ્દોનું ભાષાંતર આયત: (4) સૂરહ: અલ્ ફાતિહા
مٰلِكِ یَوْمِ الدِّیْنِ ۟ؕ
මළවුන් කෙරෙන් නැගිටුවනු ලබන දිනයේ, කිසිවෙක් කිසිවකුට අයිති නැති, සියලු දෑට හිමිකම් කියන එකම අධිපති අල්ලාහ් වන බව පවසා ඔහු කීර්තියට පත් කිරීම. ‘යව්මුද් දීන්’ යනු ප්රතිඵල ලබා දෙන විනිශ්චය දිනයයි.
અરબી તફસીરો:
આયતોના ફાયદાઓ માંથી:
• افتتح الله تعالى كتابه بالبسملة؛ ليرشد عباده أن يبدؤوا أعمالهم وأقوالهم بها طلبًا لعونه وتوفيقه.
•අල්ලාහ් තම ග්රන්ථය බිස්මිල්ලාහ් යන ප්රකාශයෙන් ආරම්භ කරයි. එය තම ගැත්තැන් ඔවුන්ගේ ක්රියා හා ප්රකාශ ඔහුගේ උදව් උපකාර හා භාග්යය පතමින් ආරම්භ කරන්නට මග පෙන්වමිනි.

• من هدي عباد الله الصالحين في الدعاء البدء بتمجيد الله والثناء عليه سبحانه، ثم الشروع في الطلب.
•අල්ලාහ්ගේ දැහැමි ගැත්තන් ප්රාර්ථනාව කළ යුතු ආකාරය පෙන්වා දී ඇත. එනම් අල්ලාහ් කීර්තියට පත් කරමින් ඔහුට ප්රශංසා කරමින් පසුව ප්රාර්ථනාවෙහි නිරත වීමය.

• تحذير المسلمين من التقصير في طلب الحق كالنصارى الضالين، أو عدم العمل بالحق الذي عرفوه كاليهود المغضوب عليهم.
•සත්ය සෙවීමේදී මුළා වී ගිය කිතුනුවන් මෙන් නොසැලකිලිමත් වීම ගැන හා යුදෙව්වන් හා කෝපයට භාජනය වූවන් මෙන් සත්යය දැනගත් පසුත් එය ක්රියා නොකර සිටීම ගැන මුස්ලිම්වරුන් වෙත කෙරෙන අවවාදය.

• دلَّت السورة على أن كمال الإيمان يكون بإخلاص العبادة لله تعالى وطلب العون منه وحده دون سواه.
•අල්ලාහ්ට පමණක් නැමදුම් කිරීමෙන් හා වෙනත් කිසිවකුගෙන් තොරව ඔහුගෙන් පමණක් උපකාර පතමින් පමණක් ඊමානයේ පරිපූර්ණත්වය ලැබිය හැකි යැයි මෙම සූරාව පෙන්වා දෙයි.

 
શબ્દોનું ભાષાંતર આયત: (4) સૂરહ: અલ્ ફાતિહા
સૂરહ માટે અનુક્રમણિકા પેજ નંબર
 
કુરઆન મજીદના શબ્દોનું ભાષાંતર - સન્હાલી ભાષામાં અલ્ મુખતસર ફી તફસીરિલ્ કુરઆનીલ્ કરીમ કિતાબનું અનુવાદ - ભાષાંતરોની અનુક્રમણિકા

તફસીર લિદ્ દિરાસતીલ્ કુરઆનિયહ કેન્દ્ર દ્વારા પ્રકાશિત.

બંધ કરો