Check out the new design

કુરઆન મજીદના શબ્દોનું ભાષાંતર - સન્હાલી ભાષામાં અલ્ મુખતસર ફી તફસીરિલ્ કુરઆનીલ્ કરીમ કિતાબનું અનુવાદ * - ભાષાંતરોની અનુક્રમણિકા


શબ્દોનું ભાષાંતર આયત: (4) સૂરહ: અલ્ ઇસ્રા
وَقَضَیْنَاۤ اِلٰی بَنِیْۤ اِسْرَآءِیْلَ فِی الْكِتٰبِ لَتُفْسِدُنَّ فِی الْاَرْضِ مَرَّتَیْنِ وَلَتَعْلُنَّ عُلُوًّا كَبِیْرًا ۟
සැබැවින්ම උඩඟුකම හා පාපක්රියා හේතුවෙන් මහපොළොවෙහි ඉස්රාඊල් දරුවන් අතර කලහකාරී තත්ත්වයන් දෙවතාවක් ඇති වන බවත්, ඔවුහු ජනයා අතර අපරාධ හා අසාධාරණකම් කොට ඔවුන් මත උදම් පෑමෙන් ඉක්මවා යමින් උසස් වන බවත් තව්රාතයේ අපි ඔවුනට තොරතුරු දන්වා දැනුම්වත් කළෙමු.
અરબી તફસીરો:
આયતોના ફાયદાઓ માંથી:
• في قوله: ﴿الْمَسْجِدِ الْأَقْصَا﴾: إشارة لدخوله في حكم الإسلام؛ لأن المسجد موطن عبادةِ المسلمين.
•දේව ප්රකාශය තුළ ‘අල් මස්ජිදුල් අක්සා’ යනුවෙන් සඳහන්ව ඇත්තේ ඉස්ලාමීය නීතිය යටතට එය පිවිසෙන බව සංඛේතවත් කරමිනි. ඊට හේතුව සැබැවින්ම එම දේවස්ථානය මුස්ලිම්වරුන් නැමදුම් කළ දේශයේ වූ බැවිනි.

• بيان فضيلة الشكر، والاقتداء بالشاكرين من الأنبياء والمرسلين.
•කෘතඥතාවයේ මහිමය හා කෘතවේදී ව කටයුතු කළ නබිවරුන් හා දූතවරුන් පිළිපැදීමේ මහිමය පැහැදිලි කිරීම.

• من حكمة الله وسُنَّته أن يبعث على المفسدين من يمنعهم من الفساد؛ لتتحقق حكمة الله في الإصلاح.
• හැඩගැස්වීමෙහි අල්ලාහ්ගේ ප්රඥාව සහතික කරමින් කලහකාරීන් වෙත ඔවුන්ගේ කලහකම් වළක්වන අය එවීම අල්ලාහ්ගේ ප්රඥාව හා න්යායකි.

• التحذير لهذه الأمة من العمل بالمعاصي؛ لئلا يصيبهم ما أصاب بني إسرائيل، فسُنَّة الله واحدة لا تتبدل ولا تتحول.
•ඉස්රාඊල් දරුවන්ට අත් වූ ඉරණම මෙම සමූහයාටත් අත් නොවනු පිණිස පාපකාරී කටයුතු පිළිබඳ ඔවුනට අනතුරු ඇඟවීම. අල්ලාහ්ගේ න්යායය එකමය. එහි කිසිදු වෙනස්වීමක් හෝ විකෘති කිරීමක් නැත.

 
શબ્દોનું ભાષાંતર આયત: (4) સૂરહ: અલ્ ઇસ્રા
સૂરહ માટે અનુક્રમણિકા પેજ નંબર
 
કુરઆન મજીદના શબ્દોનું ભાષાંતર - સન્હાલી ભાષામાં અલ્ મુખતસર ફી તફસીરિલ્ કુરઆનીલ્ કરીમ કિતાબનું અનુવાદ - ભાષાંતરોની અનુક્રમણિકા

તફસીર લિદ્ દિરાસતીલ્ કુરઆનિયહ કેન્દ્ર દ્વારા પ્રકાશિત.

બંધ કરો