Check out the new design

કુરઆન મજીદના શબ્દોનું ભાષાંતર - સન્હાલી ભાષામાં અલ્ મુખતસર ફી તફસીરિલ્ કુરઆનીલ્ કરીમ કિતાબનું અનુવાદ * - ભાષાંતરોની અનુક્રમણિકા


શબ્દોનું ભાષાંતર સૂરહ: અશ્ શુઅરાઅ   આયત:
قَالَ وَمَا عِلْمِیْ بِمَا كَانُوْا یَعْمَلُوْنَ ۟ۚ
“මෙම දේව විශ්වාසීන් සිදුකරමින් ආ දෑ පිළිබඳ මට දැනුමක් නැත. ඔවුන්ගේ ක්රියාවන් ගණන් කිරීම සඳහා මාව ඔවුන් මත පවරා නැත” යැයි නූහ් (අලයිහිස් සලාම්) තුමා ඔවුනට පැවසුවේය.
અરબી તફસીરો:
اِنْ حِسَابُهُمْ اِلَّا عَلٰی رَبِّیْ لَوْ تَشْعُرُوْنَ ۟ۚ
ඔවුන්ගේ විනිශ්චය වනාහි, එය ඔවුන්ගේ රහස් හා ඔවුන්ගේ විවෘතභාවය දන්නා අල්ලාහ් මත මිස නැත. මා වෙත පැවරී නැත. නුඹලා පවසන දෑ පිළිබඳ නුඹලා වටහා ගන්නේ නම්, නුඹලා එසේ නොපවසනු ඇත.
અરબી તફસીરો:
وَمَاۤ اَنَا بِطَارِدِ الْمُؤْمِنِیْنَ ۟ۚ
"නුඹලා දෙවියන් විශ්වාස කරනු වස් නුඹලා කළ ඉල්ලීමට ප්රතිචාර දක්වමින් මාගේ සභාවෙන් මම දේව විශ්වාසීන් නෙරපා හරින්නෙකු නොවමි."
અરબી તફસીરો:
اِنْ اَنَا اِلَّا نَذِیْرٌ مُّبِیْنٌ ۟ؕ
ඇත්තෙන්ම මා අල්ලාහ්ගේ දඬුවම ගැන නුඹලාට අවවාද කරන පැහැදිලි අවවාද කරන්නෙකු මිස නැත.
અરબી તફસીરો:
قَالُوْا لَىِٕنْ لَّمْ تَنْتَهِ یٰنُوْحُ لَتَكُوْنَنَّ مِنَ الْمَرْجُوْمِیْنَ ۟ؕ
“නුඹ අප කවර කරුණක් වෙත ඇරයුම් කරන්නෙහි ද එයින් නුඹ වැළකී නොසිටියෙහි නම් දොස් නගනු ලබා ගල් ගසා මරා දමනු ලබන්නන් අතරින් කෙනෙකු බව නුඹ පත් වනු ඇතැ”යි ඔහුගේ ජනයා ඔහුට පවසා සිටියේය.
અરબી તફસીરો:
قَالَ رَبِّ اِنَّ قَوْمِیْ كَذَّبُوْنِ ۟ۚۖ
නූහ් තම පරමාධිපති අමතා “මාගේ පරමාධිපතියාණනි! සැබැවින්ම මාගේ ජනයා වනාහි, මා කවර දෙයක් නුඹ වෙතින් ගෙන ආවෙම් ද එම විෂයයෙහි ඔවුන් මා සත්ය නොකළෝය. මා බොරු කාරයකු බවට පත් කළෝය."
અરબી તફસીરો:
فَافْتَحْ بَیْنِیْ وَبَیْنَهُمْ فَتْحًا وَّنَجِّنِیْ وَمَنْ مَّعِیَ مِنَ الْمُؤْمِنِیْنَ ۟
"ඔවුන් අසත්යය මත දිගටම සිටින බැවින්, ඔවුන් විනාශ කර දමන තීන්දුවක් මා අතර හා ඔවුන් අතර නියම කරනු මැනව! මාගේ ජනයා අතර වූ දේව ප්රතික්ෂේපකයින් නුඹ කවර දඬුවමකින් විනාශ කරන්නෙහි ද එයින් මා හා මා සමග සිටින දේව විශ්වාසීන් මුදවනු කරනු මැනව!"
અરબી તફસીરો:
فَاَنْجَیْنٰهُ وَمَنْ مَّعَهٗ فِی الْفُلْكِ الْمَشْحُوْنِ ۟ۚ
ඔහුගේ ප්රාර්ථනාවට අපි ඔහුට පිළිතුරු දුනිමු. මිනිසුන්ගෙන් ද සත්වයින්ගෙන් ද පිරුණු නැවෙහි නංවාගෙන ඔහු හා ඔහු සමග සිටි දේව විශ්වාසීන් අපි මුදවා ගත්තෙමු.
અરબી તફસીરો:
ثُمَّ اَغْرَقْنَا بَعْدُ الْبٰقِیْنَ ۟ؕ
ඔවුන්ගෙන් පසු ඉතිරි වූ අය දියෙහි ගිල්වූයෙමු. ඔවුන් ද නූහ්ගේ ජනයා විය.
અરબી તફસીરો:
اِنَّ فِیْ ذٰلِكَ لَاٰیَةً ؕ— وَمَا كَانَ اَكْثَرُهُمْ مُّؤْمِنِیْنَ ۟
මෙනෙහි කරනු ලැබූ නූහ් හා ඔහුගේ ජනයාගේ කතා වස්තුව, නූහ් තුමා හා ඔහු සමග සිටි දේව විශ්වාසීන් මුදවා ගැනීම, ඔහුගේ සමූහයා අතරින් වූ දේව ප්රතික්ෂේපකයින් විනාශ කර දැමීම යනාදියෙහි පාඩම් ලබන්නන්හට පාඩමක් ඇත.
અરબી તફસીરો:
وَاِنَّ رَبَّكَ لَهُوَ الْعَزِیْزُ الرَّحِیْمُ ۟۠
අහෝ දූතය! සැබවින් ඔබේ පරමාධිපති වනාහි, තම සතුරන්ට ප්රතිචාර දක්වන සර්ව බලධාරියාණන්. ඔවුන් අතරින් කවරෙකු පාප ක්ෂමා ඇයද සිටින්නේ ද ඔහු ඔවුනට මහා කරුණාන්විතය.
અરબી તફસીરો:
كَذَّبَتْ عَادُ ١لْمُرْسَلِیْنَ ۟ۚۖ
ආද් සමූහයා ඔවුන්ගේ දූත හූද් (අලයිහිස් සලාම්)ව බොර කළ අවස්ථාවේ, "දහම් දූතවරුන් බොරු" යැයි ඔවුහු පවසා සිටියහ.
અરબી તફસીરો:
اِذْ قَالَ لَهُمْ اَخُوْهُمْ هُوْدٌ اَلَا تَتَّقُوْنَ ۟ۚ
"අල්ලාහ්ට බියවෙමින් ඔහු හැර වෙනත් දෑ අතහැර දමා ඔහුට බැතිමත් ව කටයුතු කළ යුතු නොවේදැ?"යි ඔවුන්ගේ පරම්පරාවෙන් වූ ඔවුන්ගේ සහෝදර හූද් ඔවුන්ගෙන් විමසා සිටි අවස්ථාව මෙනෙහි කරනු.
અરબી તફસીરો:
اِنِّیْ لَكُمْ رَسُوْلٌ اَمِیْنٌ ۟ۙ
සැබවින්ම මම නුඹලා වෙත අල්ලාහ් විසින් එවන ලද විශ්වසනීය දූතයකු වෙමි. දන්වා සිටින මෙන් අල්ලාහ් මට නියෝග කළ දෑ ට අමතර යමක් එකතු නොකරමි. ඉන් කිසිවක් අඩු නොකරමි.
અરબી તફસીરો:
فَاتَّقُوا اللّٰهَ وَاَطِیْعُوْنِ ۟ۚ
"අල්ලාහ්ගේ නියෝග පිළිපදිමින් හා ඔහු තහනම් කළ දැයින් වැළකෙමින් ඔහු පිළිබඳ මතකයෙන් පසු වනු. නුඹලාට කවර කරුණක් මා අණ කළේ ද එමෙන්ම කවර කරුණකින් මා නුඹලා ව වැළැක්වූයේ ද එම විෂයයෙහි නුඹලා මට අවනත වනු."
અરબી તફસીરો:
وَمَاۤ اَسْـَٔلُكُمْ عَلَیْهِ مِنْ اَجْرٍ ۚ— اِنْ اَجْرِیَ اِلَّا عَلٰی رَبِّ الْعٰلَمِیْنَ ۟ؕ
"මාගේ පරමාධිපති විසින් මා නුඹලාට දැනුම් දුන් දෑ වෙනුවෙන් මම කිසිදු කුලියක් නුඹලාගෙන් නොපතමි. සියලු මැවීම්හි පරමාධිපති වන අල්ලාහ් මත හැර වෙනත් කිසිවකු මත මාගේ තිළිණය නොමැත."
અરબી તફસીરો:
اَتَبْنُوْنَ بِكُلِّ رِیْعٍ اٰیَةً تَعْبَثُوْنَ ۟ۙ
සෑම ප්රචලිත උස් ස්ථානයකම නුඹලාගේ මෙලොව ජීවිතයේ මෙන්ම මතු ලොව ජීවිතයේ කිසිදු ප්රයෝජනයක් නොදෙන පුහු සිහිවටනයන් ඉදි කරන්නෙහු ද?
અરબી તફસીરો:
وَتَتَّخِذُوْنَ مَصَانِعَ لَعَلَّكُمْ تَخْلُدُوْنَ ۟ۚ
මෙලොව ජීවිතයේ නුඹලා වෙන් නොවී සදාකල් එහි වාසය කරන්නට යනවාක් මෙන් බලකොටු හා මාලිගාවන් තනන්නෙහු ද?
અરબી તફસીરો:
وَاِذَا بَطَشْتُمْ بَطَشْتُمْ جَبَّارِیْنَ ۟ۚ
ඝාතනය කිරීමෙන් හෝ පහර දීමකින් හෝ නුඹලා ඩැහැ ගන්නා විට කිසිදු කරුණාවක් හෝ දයාවක් හෝ නොමැති දැඩි පාලකයින් ලෙසින් නුඹලා ඩැහැ ගනු ඇත.
અરબી તફસીરો:
فَاتَّقُوا اللّٰهَ وَاَطِیْعُوْنِ ۟ۚ
අල්ලාහ්ගේ නියෝග පිළිපදිමින් හා ඔහු තහනම් කළ දැයින් වැළකෙමින් ඔහු පිළිබඳ මතක සහිතන පසු වනු. නුඹලාට කවර කරුණක් මා අණ කළේ ද එමෙන්ම කවර කරුණකින් මා නුඹලා ව වැළැක්වූයේ ද එම විෂයයෙහි නුඹලා මා අනුගමනය කරනු.
અરબી તફસીરો:
وَاتَّقُوا الَّذِیْۤ اَمَدَّكُمْ بِمَا تَعْلَمُوْنَ ۟ۚ
ඔහුගේ ආශිර්වාදය තුළින් නුඹලා දන්නා දෑ නුඹලාට පිරිනැමූ අල්ලාහ්ගේ කෝපය ගැන නුඹලා බිය වනු.
અરબી તફસીરો:
اَمَدَّكُمْ بِاَنْعَامٍ وَّبَنِیْنَ ۟ۚۙ
ඔහු නුඹලාට ගොවිපළ සතුන් පිරිනැමුවේය. එමෙන්ම දරුවන් ද පිරිනැමුවේය.
અરબી તફસીરો:
وَجَنّٰتٍ وَّعُیُوْنٍ ۟ۚ
වතුයායන් හා ගලා යන දිය උල්පත් ද ඔහු නුඹලාට පිරිනැමුවේය.
અરબી તફસીરો:
اِنِّیْۤ اَخَافُ عَلَیْكُمْ عَذَابَ یَوْمٍ عَظِیْمٍ ۟ؕ
අහෝ මාගේ ජනයිනි! නුඹලාට එරෙහි ව පවතින බිහිසුණු දිනයක දඬුවම ගැන සැබවින්ම මම බිය වෙමි. එය මළවුන් කෙරෙන් නැගිටුවනු ලබන දිනයයි.
અરબી તફસીરો:
قَالُوْا سَوَآءٌ عَلَیْنَاۤ اَوَعَظْتَ اَمْ لَمْ تَكُنْ مِّنَ الْوٰعِظِیْنَ ۟ۙ
ඔහුගේ ජනයා ඔහුට “නුඹ අපට මෙනෙහි කර සිටිය ද එසේ නුඹ මෙනෙහි නොකර සිටිය ද අප ඉදිරියේ එය එක සමානය. එහෙයින් කිසිවිටෙක අපි නුඹ ව විශ්වාස නොකරන්නෙමු. අප කවර කරුණක් මත සිටින්නේ ද කිසිවිටෙක අපි එයින් නොහැරෙමු.” යැයි පැවසූහ.
અરબી તફસીરો:
આયતોના ફાયદાઓ માંથી:
• أفضلية أهل السبق للإيمان حتى لو كانوا فقراء أو ضعفاء.
•දිළිඳුන් හෝ දුර්වලයින් හෝ වේවා දේව විශ්වාසය වෙත පෙරටුගාමී වූවන්ගේ උසස් මහිමය.

• إهلاك الظالمين، وإنجاء المؤمنين سُنَّة إلهية.
•අපරාධකරුවන් විනාශ කර දමා දේව විශ්වාසීන් මුදවා ගැනීම දේව න්යායකි.

• خطر الركونِ إلى الدنيا.
•මෙලොවට වැටී ඇලී සිටීමේ අවදානම.

• تعنت أهل الباطل، وإصرارهم عليه.
•අසත්යවාදීන්ගේ මුරණ්ඩුකම හා ඔවුන් එහි නිරත ව සිටීම.

 
શબ્દોનું ભાષાંતર સૂરહ: અશ્ શુઅરાઅ
સૂરહ માટે અનુક્રમણિકા પેજ નંબર
 
કુરઆન મજીદના શબ્દોનું ભાષાંતર - સન્હાલી ભાષામાં અલ્ મુખતસર ફી તફસીરિલ્ કુરઆનીલ્ કરીમ કિતાબનું અનુવાદ - ભાષાંતરોની અનુક્રમણિકા

તફસીર લિદ્ દિરાસતીલ્ કુરઆનિયહ કેન્દ્ર દ્વારા પ્રકાશિત.

બંધ કરો