કુરઆન મજીદના શબ્દોનું ભાષાંતર - الترجمة السنهالية للمختصر في تفسير القرآن الكريم * - ભાષાંતરોની અનુક્રમણિકા


શબ્દોનું ભાષાંતર આયત: (4) સૂરહ: અલ્ અઅરાફ
وَكَمْ مِّنْ قَرْیَةٍ اَهْلَكْنٰهَا فَجَآءَهَا بَاْسُنَا بَیَاتًا اَوْ هُمْ قَآىِٕلُوْنَ ۟
අපගේ දඬුවමින් අපි විනාශ කළ ප්රදේශය බොහෝමයක් එහි ජනයා දේව ප්රතික්ෂේපයේ හා මුළාවේ හෝ සිටිය අවස්ථාවන්හි නොවේ. නමුත් අපගේ දැඩි දඬුවම රාත්රියෙහි හෝ දහවලෙහි පහළ වූයේ එහි ජනයා ඒ ගැන අනවධානයෙන් පසුවූ අවස්ථාවන්හිය. එවිට ඔවුන්ගෙන් එම දඬුවම වළක්වා ගන්නට ඔවුනට නොහැකිය. ඔවුන් තම දෙවිවරුන් යැයි සිතන අයට පවා ඔවුන්ගෙන් එය වැළැක්විය නොහැක.
અરબી તફસીરો:
આયતોના ફાયદાઓ માંથી:
• من مقاصد إنزال القرآن الإنذار للكافرين والمعاندين، والتذكير للمؤمنين.
දේව ප්රතික්ෂේපකයින් හා මුරණ්ඩුකාරයින්හට අවවාද කිරීම හා දෙවියන් විශ්වාස කරන්නන්හට මෙනෙහි කිරීම අල්කුර්ආනය පහළ කිරීමේ අරමුණු අතරින් වන්නේය.

• أنزل الله القرآن إلى المؤمنين ليتبعوه ويعملوا به، فإن فعلوا ذلك كملت تربيتهم، وتمت عليهم النعمة، وهُدُوا لأحسن الأعمال والأخلاق.
දෙවියන් විශ්වාස කරන්නන්හට අල්ලාහ් අල් කුර්ආනය පහළ කළේ ඔවුන් එය පිළිපදිමින් ඒ අනුව කටයුතු කිරීමටය. එය ඔවුන් ඉටු කළේ නම් ඔවුන්ගේ ක්රියාව සම්පූර්ණ වනු ඇත. ඔවුන් වෙත පිරිනැමූ ආශිර්වාද පූර්ණවත් වනු ඇත. දැහැමි ක්රියාවන් හා දැහැමි චර්යාවන් වෙත මග පෙන්වනු ලබනු ඇත.

• الوزن يوم القيامة لأعمال العباد يكون بالعدل والقسط الذي لا جَوْر فيه ولا ظلم بوجه.
මළවුන් කෙරෙන් නැගිටුවනු ලබන දිනයේ ගැන්තන්ගේ ක්රියාවන් සඳහා වූ ගණන් බැලීම යුක්තිසහගත හා සාධාරණ ව සිදු වනු ඇත. එහි කිසිදු වරදක් හෝ අපරාධයක් හෝ සිදු නොවනු ඇත.

• هَيَّأ الله الأرض لانتفاع البشر بها، بحيث يتمكَّنون من البناء عليها وحَرْثها، واستخراج ما في باطنها للانتفاع به.
මහපොළොව මත ගොඩනැගිලි තැනීම එහි වගා කිරීම එහි තුළ ඇති දැයින් ප්රයෝජන ලබනු පිණිස ඒවා මතු කර ගැනීම යනාදී වශයෙන් මිහිතලයෙන් මිනිසා ප්රයෝජන ලබන අයුරින් අල්ලාහ් එය සකසා ඇත.

 
શબ્દોનું ભાષાંતર આયત: (4) સૂરહ: અલ્ અઅરાફ
સૂરહ માટે અનુક્રમણિકા પેજ નંબર
 
કુરઆન મજીદના શબ્દોનું ભાષાંતર - الترجمة السنهالية للمختصر في تفسير القرآن الكريم - ભાષાંતરોની અનુક્રમણિકા

الترجمة السنهالية للمختصر في تفسير القرآن الكريم، صادر عن مركز تفسير للدراسات القرآنية.

બંધ કરો