Check out the new design

Fassarar Ma'anonin Alqura'ni - Fassara da yaren Sinhaliyya - Cibiyar fassara ta Ruwwad * - Teburin Bayani kan wasu Fassarori

PDF XML CSV Excel API
Please review the Terms and Policies

Fassarar Ma'anoni Sura: Al'anbiyaa   Aya:
قُلْ اِنَّمَاۤ اُنْذِرُكُمْ بِالْوَحْیِ ۖؗ— وَلَا یَسْمَعُ الصُّمُّ الدُّعَآءَ اِذَا مَا یُنْذَرُوْنَ ۟
සැබැවින් ම මම නුඹලාට අවවාද කරනුයේ දේව පණිවිඩය අනුවය යැයි (නබිවරය!) නුඹ පවසනු. එහෙත් ඔවුනට අවවාද කරනු ලබන විට එම අයැදුමට බිහිරන් සවන් නො දෙති.
Tafsiran larabci:
وَلَىِٕنْ مَّسَّتْهُمْ نَفْحَةٌ مِّنْ عَذَابِ رَبِّكَ لَیَقُوْلُنَّ یٰوَیْلَنَاۤ اِنَّا كُنَّا ظٰلِمِیْنَ ۟
තවද නුඹගේ පරමාධිපතිගේ දඬුවමින් ස්වල්ප කොටසක් ඔවුනට ස්පර්ශ වූයේ නම්, අහෝ අපගේ විනාශය! නියත වශයෙන් ම අපි අපරාධකරුවන් ලෙස සිටියෙමු යැයි ඔවුහු නිසැකවම පවසනු ඇත.
Tafsiran larabci:
وَنَضَعُ الْمَوَازِیْنَ الْقِسْطَ لِیَوْمِ الْقِیٰمَةِ فَلَا تُظْلَمُ نَفْسٌ شَیْـًٔا ؕ— وَاِنْ كَانَ مِثْقَالَ حَبَّةٍ مِّنْ خَرْدَلٍ اَتَیْنَا بِهَا ؕ— وَكَفٰی بِنَا حٰسِبِیْنَ ۟
තවද අපි මළවුන් කෙරෙන් නැගිටු වනු ලබන දින සාධාරණ තුලාවන් තබමු. එහෙයින් කිසිදු ආත්මයක් කිසිවකින් හෝ අපරාධ කරනු නො ලබනු ඇත. එය අබ ඇටයක තරම් ප්‍රමාණයක් වුවද අපි එය ගෙන එන්නෙමු. ගණන් ගන්නන් වශයෙන් අප ම ප්‍රමාණවත් ය.
Tafsiran larabci:
وَلَقَدْ اٰتَیْنَا مُوْسٰی وَهٰرُوْنَ الْفُرْقَانَ وَضِیَآءً وَّذِكْرًا لِّلْمُتَّقِیْنَ ۟ۙ
තවද (සත්‍යය හා අසත්‍යය වෙන් කර දක්වන) මිණුම් දණ්ඩය ද, ආලෝකය ද, බිය බැතිමතුන්හට වූ උපදෙස් ද අපි මූසාට හා හාරූන්ට පිරිනැමුවෙමු.
Tafsiran larabci:
الَّذِیْنَ یَخْشَوْنَ رَبَّهُمْ بِالْغَیْبِ وَهُمْ مِّنَ السَّاعَةِ مُشْفِقُوْنَ ۟
ඔවුහු වනාහි ඔවුන්ගේ පරමාධිපතිට අදෘශ්‍යමානව සිටිය දී බිය වෙති. තවද අවසන් හෝරාව පිළිබඳ බියෙන් පසුවන්නන් ද වෙති.
Tafsiran larabci:
وَهٰذَا ذِكْرٌ مُّبٰرَكٌ اَنْزَلْنٰهُ ؕ— اَفَاَنْتُمْ لَهٗ مُنْكِرُوْنَ ۟۠
තවද මෙය අපි පහළ කළා වූ සමෘද්ධිමත් උපදෙසකි. එහෙයින් නුඹලා එය පිටුදකින්නෝ වෙත් ද?
Tafsiran larabci:
وَلَقَدْ اٰتَیْنَاۤ اِبْرٰهِیْمَ رُشْدَهٗ مِنْ قَبْلُ وَكُنَّا بِهٖ عٰلِمِیْنَ ۟ۚ
තවද මීට පෙර ඉබ්රාහීම්ට ඔහුට හිමි යහ මග අපි පිරිනැමුවෙමු. තවද ඔහු පිළිබඳ අපි දැන සිටින්නන් වූයෙමු.
Tafsiran larabci:
اِذْ قَالَ لِاَبِیْهِ وَقَوْمِهٖ مَا هٰذِهِ التَّمَاثِیْلُ الَّتِیْۤ اَنْتُمْ لَهَا عٰكِفُوْنَ ۟
‘නුඹලා මෙහි (ඇලුම් කරමින්) රැඳී සිටින මෙම ප්‍රතිමාවන් කුමක් දැ? යි ඔහුගේ පියාණන්ගෙන් හා ඔහුගේ ජනයාගෙන් ඔහු විමසූ අවස්ථාව සිහිපත් කරනු.
Tafsiran larabci:
قَالُوْا وَجَدْنَاۤ اٰبَآءَنَا لَهَا عٰبِدِیْنَ ۟
‘අපගේ මුතුන්මිත්තන් ඒවාට නැමදුම් කරන්නන් ලෙසින් සිටිනු අපි දුටුවෙමු යැ’යි ඔවුහු පැවසූහ.
Tafsiran larabci:
قَالَ لَقَدْ كُنْتُمْ اَنْتُمْ وَاٰبَآؤُكُمْ فِیْ ضَلٰلٍ مُّبِیْنٍ ۟
‘නුඹලා හා නුඹලාගේ මුතුන්මිත්තන් පැහැදිලි මුළාවෙහි සැබැවින් ම සිටියෙහු යැ’යි ඔහු පැවසුවේ ය.
Tafsiran larabci:
قَالُوْۤا اَجِئْتَنَا بِالْحَقِّ اَمْ اَنْتَ مِنَ اللّٰعِبِیْنَ ۟
‘නුඹ අප වෙත සත්‍යය ගෙන ආවෙහි ද? එසේ නැතහොත් නුඹ හාස්‍ය ලෙස කටයුතු කරන්නන් අතරින් කෙනෙකු දැ?’ යි ඔවුහු විමසූහ.
Tafsiran larabci:
قَالَ بَلْ رَّبُّكُمْ رَبُّ السَّمٰوٰتِ وَالْاَرْضِ الَّذِیْ فَطَرَهُنَّ ۖؗ— وَاَنَا عَلٰی ذٰلِكُمْ مِّنَ الشّٰهِدِیْنَ ۟
එසේ නො ව, නුඹලාගේ පරමාධිපති අහස් හා මහපොළොවෙහි හිමිපාණන් වේ. ඔහු වනාහි ඒවා මැව්වේ ය. ඒ සඳහා මම සාක්ෂිකරුවන් අතරින් වෙමි යැයි ඔහු පැවසුවේ ය.
Tafsiran larabci:
وَتَاللّٰهِ لَاَكِیْدَنَّ اَصْنَامَكُمْ بَعْدَ اَنْ تُوَلُّوْا مُدْبِرِیْنَ ۟
තවද අල්ලාහ් මත දිවුරමින්. නුඹලා හැරී ගිය පසු නුඹලාගේ පිළිමවලට මම (උපාය මාර්ගික) සැලැස්මක් යොදමි.
Tafsiran larabci:
 
Fassarar Ma'anoni Sura: Al'anbiyaa
Teburin Jerin Sunayen Surori Lambar shafi
 
Fassarar Ma'anonin Alqura'ni - Fassara da yaren Sinhaliyya - Cibiyar fassara ta Ruwwad - Teburin Bayani kan wasu Fassarori

Wani gungu na cibiyar fassara ta Ruwad ne suka fassarasu tare da haɗin gwiwar Ƙungiyar Da'awa ta Rabwah da Kungiyar hidimtawa abinda Musulunci ya kunsa da yaruka

Rufewa