Check out the new design

Fassarar Ma'anonin Alqura'ni - Fassara da yaren Sinhaliyya - Cibiyar fassara ta Ruwwad * - Teburin Bayani kan wasu Fassarori

PDF XML CSV Excel API
Please review the Terms and Policies

Fassarar Ma'anoni Sura: Al'anbiyaa   Aya:
وَجَعَلْنٰهُمْ اَىِٕمَّةً یَّهْدُوْنَ بِاَمْرِنَا وَاَوْحَیْنَاۤ اِلَیْهِمْ فِعْلَ الْخَیْرٰتِ وَاِقَامَ الصَّلٰوةِ وَاِیْتَآءَ الزَّكٰوةِ ۚ— وَكَانُوْا لَنَا عٰبِدِیْنَ ۟ۙ
තවද අපගේ නියෝගය පරිදි මග පෙන්වන නායකයින් බවට අපි ඔවුන් පත් කළෙමු. තවද යහ ක්‍රියා සිදු කිරීමටත්, සලාතය විධිමත්ව ඉටු කිරීමටත්, zසකාත් පිරිනැමීමටත් ඔවුන් වෙත අපි දේව පණිවිඩ එව්වෙමු. තවද ඔවුහු අපට නැමදුම් කරන්නන් වූහ.
Tafsiran larabci:
وَلُوْطًا اٰتَیْنٰهُ حُكْمًا وَّعِلْمًا وَّنَجَّیْنٰهُ مِنَ الْقَرْیَةِ الَّتِیْ كَانَتْ تَّعْمَلُ الْخَبٰٓىِٕثَ ؕ— اِنَّهُمْ كَانُوْا قَوْمَ سَوْءٍ فٰسِقِیْنَ ۟ۙ
තවද ලූත්ට ප්‍රඥාව හා ඥානය අපි පිරිනැමුවෙමු. තවද අශීලාචාරකම් සිදු කරමින් තිබූ ගම්මානයෙන් අපි ඔහුව මුදවා ගත්තෙමු. නියත වශයෙන් ම ඔවුහු පාපතර නපුරු පිරිසක් වූහ.
Tafsiran larabci:
وَاَدْخَلْنٰهُ فِیْ رَحْمَتِنَا ؕ— اِنَّهٗ مِنَ الصّٰلِحِیْنَ ۟۠
තවද අපි ඔහුව අපගේ ආශිර්වාදය තුළට ඇතුළත් කළෙමු. නියත වශයෙන් ම ඔහු දැහැමියන් අතරින් විය.
Tafsiran larabci:
وَنُوْحًا اِذْ نَادٰی مِنْ قَبْلُ فَاسْتَجَبْنَا لَهٗ فَنَجَّیْنٰهُ وَاَهْلَهٗ مِنَ الْكَرْبِ الْعَظِیْمِ ۟ۚ
තවද නූහ්, මීට පෙර ඔහු ඇමතූ අවස්ථාවේ අපි ඔහුට පිළිතුරු දුනිමු. තවද අපි ඔහු හා ඔහුගේ පවුල මහත් වූ විනාශයෙන් මුදවා ගත්තෙමු.
Tafsiran larabci:
وَنَصَرْنٰهُ مِنَ الْقَوْمِ الَّذِیْنَ كَذَّبُوْا بِاٰیٰتِنَا ؕ— اِنَّهُمْ كَانُوْا قَوْمَ سَوْءٍ فَاَغْرَقْنٰهُمْ اَجْمَعِیْنَ ۟
තවද අපගේ වදන් බොරු කළ ජනයාගෙන් (මුදවා) අපි ඔහුට උදව් කළෙමු. නියත වශයෙන් ම ඔවුහු දුෂ්ඨ පිරිසක් වූහ. එහෙයින් ඔවුන් සියලු දෙනා අපි (ජලයේ) ගිල්වූයෙමු.
Tafsiran larabci:
وَدَاوٗدَ وَسُلَیْمٰنَ اِذْ یَحْكُمٰنِ فِی الْحَرْثِ اِذْ نَفَشَتْ فِیْهِ غَنَمُ الْقَوْمِ ۚ— وَكُنَّا لِحُكْمِهِمْ شٰهِدِیْنَ ۟ۙ
තවද දාවූද් හා සුලෙයිමාන්, පිරිසකගේ එළුවන් (රාත්‍රියෙහි අයාලෙ) එහි කඩා වැදුණු ගොවිබිමක් සම්බන්ධ (නඩු)ව ඔවුන් දෙදෙනා විනිශ්චය කළ අවස්ථාව මෙනෙහි කර බලනු. තවද ඔවුන්ගේ විනිශ්චය සඳහා අපි සාක්ෂිකරුවන් ලෙස සිටියෙමු.
Tafsiran larabci:
فَفَهَّمْنٰهَا سُلَیْمٰنَ ۚ— وَكُلًّا اٰتَیْنَا حُكْمًا وَّعِلْمًا ؗ— وَّسَخَّرْنَا مَعَ دَاوٗدَ الْجِبَالَ یُسَبِّحْنَ وَالطَّیْرَ ؕ— وَكُنَّا فٰعِلِیْنَ ۟
සුලෙයිමාන්ට අපි එය අවබෝධ කර දුන්නෙමු. තවද ඒ සෑම කෙනෙකුට ම අපි ප්‍රඥාව හා ඥානය පිරිනැමුවෙමු. තවද දාවූද් සමඟ (අල්ලාහ් ව) සුවිශුද්ධ කරන කඳු හා පක්ෂීන් වසඟ කර දුන්නෙමු. තවද අපි එය සිදු කරන්නන් ලෙස සිටියෙමු.
Tafsiran larabci:
وَعَلَّمْنٰهُ صَنْعَةَ لَبُوْسٍ لَّكُمْ لِتُحْصِنَكُمْ مِّنْ بَاْسِكُمْ ۚ— فَهَلْ اَنْتُمْ شٰكِرُوْنَ ۟
තවද නුඹලාගේ යුද ගැටුමින් නුඹලාව ආරක්ෂා කරනු පිණිස නුඹලා වෙනුවෙන් යුද ඇඳුම් නිපදවීමේ කලාව අපි ඔහුට ඉගැන්වූයෙමු. (මෙසේ තිබිය දී) නුඹලා තුති පුදන්නන් වන්නෙහු ද?
Tafsiran larabci:
وَلِسُلَیْمٰنَ الرِّیْحَ عَاصِفَةً تَجْرِیْ بِاَمْرِهٖۤ اِلَی الْاَرْضِ الَّتِیْ بٰرَكْنَا فِیْهَا ؕ— وَكُنَّا بِكُلِّ شَیْءٍ عٰلِمِیْنَ ۟
තවද සුලෙයිමාන්ට සැඩ සුළඟ ද පිරිනැමුවෙමු. ඔහුගේ අණින් අපි සමෘද්ධිමත් කළ භූමිය වෙත එය ගමන් කරයි. තවද සියලු දෑ පිළිබඳව අපි දැනුමැත්තන් ලෙස සිටියෙමු.
Tafsiran larabci:
 
Fassarar Ma'anoni Sura: Al'anbiyaa
Teburin Jerin Sunayen Surori Lambar shafi
 
Fassarar Ma'anonin Alqura'ni - Fassara da yaren Sinhaliyya - Cibiyar fassara ta Ruwwad - Teburin Bayani kan wasu Fassarori

Wani gungu na cibiyar fassara ta Ruwad ne suka fassarasu tare da haɗin gwiwar Ƙungiyar Da'awa ta Rabwah da Kungiyar hidimtawa abinda Musulunci ya kunsa da yaruka

Rufewa