Fassarar Ma'anonin Alqura'ni - الترجمة السنهالية للمختصر في تفسير القرآن الكريم * - Teburin Bayani kan wasu Fassarori


Fassarar Ma'anoni Sura: Suratu Al'zukhruf   Aya:

සූරා අස් සුක්රුෆ්

daga cikin abunda Surar ta kunsa:
التحذير من الافتتان بزخرف الحياة الدنيا؛ لئلا يكون وسيلة للشرك.
දේව ආදේශයට මාධ්යයක් නොවන පරිදි මෙලොව ජීවිතයේ අලංකරණයේ අර්බුදයට පත්වීම පිළිබඳ අවවාදය.

حٰمٓ ۟ۚۛ
(හා, මීම්) සූරා බකරා ආරම්භයේදී මෙවැනි පාඨ පිළිබඳ විස්තර සඳහන් කර ඇත.
Tafsiran larabci:
وَالْكِتٰبِ الْمُبِیْنِ ۟ۙۛ
සත්ය වෙත මඟ පෙන්වන මාර්ගය පැහැදිලි කරන අල් කුර්ආනය මත අල්ලාහ් දිවුරා පවසයි.
Tafsiran larabci:
اِنَّا جَعَلْنٰهُ قُرْءٰنًا عَرَبِیًّا لَّعَلَّكُمْ تَعْقِلُوْنَ ۟ۚ
අහෝ නුඹලාගේ බසින් අල් කුර්ආනය පහළ කරනු ලැබූ ජනයිනි! නුඹලා එහි තේරුම වටහා ගෙන එය අවබෝධකර ගෙන එය තවත් සමූහයකට දන්වා සිටීමේ යහපත් බලාපොරොත්තුවෙන් සැබැවින්ම අපි එය අරාබි බසින් වූ කුර්ආනයක් බවට පත් කළෙමු.
Tafsiran larabci:
وَاِنَّهٗ فِیْۤ اُمِّ الْكِتٰبِ لَدَیْنَا لَعَلِیٌّ حَكِیْمٌ ۟ؕ
සැබැවින්ම මෙම අල් කුර්ආනය ලව්හූල් මහ්ෆූල් හෙවෙත් ආරක්ෂක පුවරුවේ උසස් හා ඉහළ ස්ථානයක විය. එහි නියෝග හා තහනම් නියෝග තුළ ඔහුගේ පාඨ තීන්දු කරන ලද්දකි.
Tafsiran larabci:
اَفَنَضْرِبُ عَنْكُمُ الذِّكْرَ صَفْحًا اَنْ كُنْتُمْ قَوْمًا مُّسْرِفِیْنَ ۟
නුඹලා අධික වශයෙන් ආදේශ කිරීම හා පාපකම් සිදු කිරීම හේතුවෙන් නුඹලා මත අල් කුර්ආනය පහළ කිරීම ප්රතික්ෂේප කරමින් අපි අතහැර දමන්නෙමු ද? එසේ අපි සිදු නොකරන්නෙමු. ඊට පටහැනි ව නුඹලා වෙත කරුණාව තීන්දු කරනු ලැබ ඇත.
Tafsiran larabci:
وَكَمْ اَرْسَلْنَا مِنْ نَّبِیٍّ فِی الْاَوَّلِیْنَ ۟
පෙර සමූහයන් අතරට අපි කොපමණ නබිවරුන් එවා ඇත්තෙමු ද?
Tafsiran larabci:
وَمَا یَاْتِیْهِمْ مِّنْ نَّبِیٍّ اِلَّا كَانُوْا بِهٖ یَسْتَهْزِءُوْنَ ۟
අල්ලාහ් වෙතින් යම් නබිවරයකු පෙර සිටි එම සමූහයන් අතරට පැමිණියේ නම්, ඔවුහු ඔහුව සරදමක් කරමින් සිටියා මිස නැත.
Tafsiran larabci:
فَاَهْلَكْنَاۤ اَشَدَّ مِنْهُمْ بَطْشًا وَّمَضٰی مَثَلُ الْاَوَّلِیْنَ ۟
එම සමූහයා අතරින් වඩාත් බලවත් අය අපි ග්රහණය කොට විනාශ කළෙමු. එහෙයින් ඔවුනට වඩා දුර්වලයින් විනාශ කිරීමට අපි අපොහොසත් නොවෙමු. ආද්, සමූද්, ලූත්ගේ ජනයා හා මද්යන් වාසීන් මෙන් පෙර විසූ සමූහයන් විනාශ කළ ආකරය අල් කුර්ආනයේ සඳහන් වී ඇත.
Tafsiran larabci:
وَلَىِٕنْ سَاَلْتَهُمْ مَّنْ خَلَقَ السَّمٰوٰتِ وَالْاَرْضَ لَیَقُوْلُنَّ خَلَقَهُنَّ الْعَزِیْزُ الْعَلِیْمُ ۟ۙ
අහෝ දූතය! ‘අහස් මැව්වේ කවුරුන්ද? මහපොළොව මැව්වේ කවුරුන්ද?’ යැයි නුඹ මෙම දේව ප්රතික්ෂේපිත බොරුකාරයින්ගෙන් විමසූ විට, ඔවුහු නුඹගේ ප්රශ්නයට පිළිතුරු දෙමින්, ‘කිසිවකු විසින් පරාජය කළ නොහැකි සර්වබලධාරියාණන් සියලු දෑ පිළිබඳ දන්නා සර්වඥායාණන් ඒවා මවා ඇතැ’යි පවසති.
Tafsiran larabci:
الَّذِیْ جَعَلَ لَكُمُ الْاَرْضَ مَهْدًا وَّجَعَلَ لَكُمْ فِیْهَا سُبُلًا لَّعَلَّكُمْ تَهْتَدُوْنَ ۟ۚ
නුඹලා වෙනුවෙන් මහපොළොව ඇතිරිල්ලක් බවට පත් කළේ අල්ලාහ්ය. නුඹලාගේ පාද තබමින් ඇවිද යන්නට පහසු වන පරිදි ඔහු නුඹලාට එය මැව්වේය. නුඹලා ගමන් බිමන් යාමේදී මඟ සොයා ගැනීමේ දැහැමි අපේක්ෂාවෙන් එහි ඇති කඳු හා මිටියාවත්හි මංමාවත් ඇති කළේය.
Tafsiran larabci:
daga cikin fa'idodin Ayoyin wannan shafi:
• سمي الوحي روحًا لأهمية الوحي في هداية الناس، فهو بمنزلة الروح للجسد.
•වහී හෙවත් දේව පණිවිඩයට රූහ් - ප්රාණය යනුවෙන් නම් තබන ලද්දේ මිනිසාට මඟ පෙන්වීමේදී දේව පණිවිඩය වඩාත් වැදගත් වන බැවිණි. එය ශරීරය සතු ප්රාණයේ නිලයේ පවතින්නකි.

• الهداية المسندة إلى الرسول صلى الله عليه وسلم هي هداية الإرشاد لا هداية التوفيق.
•අල්ලාහ්ගේ දූතයාණන් වෙත සම්බන්ධ කෙරුනු මඟ පෙන්වීම වනාහි එය ආශිර්වාද කිරීමේ මඟ පෙන්වීමක් නොව නිවැරදි මාර්ගය පෙන්වා දෙන මඟ පෙන්වීමකි.

• ما عند المشركين من توحيد الربوبية لا ينفعهم يوم القيامة.
•දේව ආදේශකයින් තුළ පවතින පරිපාලනයේ ඒකීයත්වය මළවුන් කෙරෙන් නැගිටුවනු ලබන දිනයේ ඔවුනට ප්රයෝජනවත් නොවනු ඇත.

وَالَّذِیْ نَزَّلَ مِنَ السَّمَآءِ مَآءً بِقَدَرٍ ۚ— فَاَنْشَرْنَا بِهٖ بَلْدَةً مَّیْتًا ۚ— كَذٰلِكَ تُخْرَجُوْنَ ۟
ඔහු වනාහි, නුඹලාටත් නුඹලාගේ ගොවිපළ සතුන්ටත් නුඹලාගේ ගොවිතැන් කටයුතුවලටත් ප්රමාණවත් වන පරිදි අහසින් ජලය ප්රමාණ කොට පහළ කළේය. එමගින් අපි පැලෑටි නොමැති වඳ වී ගිය භූමියක් අපි ජීවමාන කළෙමු. පැලෑටි තුළින් වඳ වී ගිය එම භූමිය අල්ලාහ් ප්රාණවත් කළාක් මෙන්ම නැවත නැගිටුවනු ලැබීම සඳහා ඔහු නුඹලාට ප්රාණය දෙනු ඇත.
Tafsiran larabci:
وَالَّذِیْ خَلَقَ الْاَزْوَاجَ كُلَّهَا وَجَعَلَ لَكُمْ مِّنَ الْفُلْكِ وَالْاَنْعَامِ مَا تَرْكَبُوْنَ ۟ۙ
ඔහු වනාහි, රාත්රිය හා දහවල ද පිරිමියා හා කාන්තාව ද ඒවා හැර වෙනත් දෑ ද යනාදී සියලු වර්ග මැව්වේ ඔහුය. නුඹලා ගමන් බිමන් යෑමේදී ප්රවාහන පහසුකම් සඳහා නැව් හා සතුන් ද ඔහු නුඹලා වෙනුවෙන් ඇති කළේය. ඒ අනුව නුඹලා සාගරයේ නැව් මත ප්රවාහනය කරන්නෙහුය. ගොඩබිමෙහි නුඹලාගේ සතුන් මත ප්රවාහනය කරන්නෙහුය.
Tafsiran larabci:
لِتَسْتَوٗا عَلٰی ظُهُوْرِهٖ ثُمَّ تَذْكُرُوْا نِعْمَةَ رَبِّكُمْ اِذَا اسْتَوَیْتُمْ عَلَیْهِ وَتَقُوْلُوْا سُبْحٰنَ الَّذِیْ سَخَّرَ لَنَا هٰذَا وَمَا كُنَّا لَهٗ مُقْرِنِیْنَ ۟ۙ
ඒ සියලු දෑ අපි නුඹලාට ඇති කළේ නුඹලාගේ ගමන් බිමන් වලදී නුඹලා ප්රවාහනය කරන වාහන මත නුඹලා ස්ථාවරව සිටීමේ යහපත් බලාපොරොත්තුවෙන් හා නුඹලාගේ පරමාධිපති නුඹලාට ඒවා වසඟ කර දෙමින් පිරිනැමූ ආශිර්වාදය මෙනෙහි කරමින්, නුඹලාගේ දිවෙන් ‘මෙම වාහනය මත ගමන් ගන්නට එය අපට පහසු කර දුන්, යටත් කර දුන් ඔහු සුවිශුද්ධය, පිවිතුරුය. එය අප පාලනය කිරීමේ හැකියාව ඔහු අපට ඇති කළේය. එය අපට අල්ලාහ් වසඟ කර නොදුන්නේ නම් ඒ සඳහා අපි ශක්තිය ඇත්තන් නොවන්නෙමු’ යැයි පවසනු ඇතැයි යන යහපත් අපේක්ෂාවෙනි.
Tafsiran larabci:
وَاِنَّاۤ اِلٰی رَبِّنَا لَمُنْقَلِبُوْنَ ۟
අපගේ මරණින් පසු අපගේ විනිශ්චය හා ප්රතිඵල සඳහා සැබැවින්ම අපි අපගේ පරමාධිපති වෙත පමණක් යොමුවන්නෝ වෙමු.
Tafsiran larabci:
وَجَعَلُوْا لَهٗ مِنْ عِبَادِهٖ جُزْءًا ؕ— اِنَّ الْاِنْسَانَ لَكَفُوْرٌ مُّبِیْنٌ ۟ؕ۠
සැබැවින්ම ඇතැම් මැවීම්, මැවුම්කරු විසින් බිහි කරන ලද්දක් බව දේව ආදේශකයින් විශ්වාස කරමින්, ‘මලක්වරුන් අල්ලාහ්ගේ දූවරුන් වෙති’ යැයි පවසා සිටියහ. මෙවන් ප්රකාශයක් ප්රකාශ කරන මිනිසා, දේව ප්රතික්ෂේපය හා මුළාව පැහැදිළි වූ ගුණමකුවෙකි.
Tafsiran larabci:
اَمِ اتَّخَذَ مِمَّا یَخْلُقُ بَنٰتٍ وَّاَصْفٰىكُمْ بِالْبَنِیْنَ ۟
අහෝ දෙවියන්ට ආදේශ තබන්නනි! අල්ලාහ් මවන දැයින් ගැහැණු දරුවන් ඔහු වෙනුවෙන් ද, නුඹලා වෙනුවෙන් පිරිමි දරුවන් විශේෂයෙන් තෝරා දී ඇතැයි නුඹලා පවසන්නෙහු ද? නුඹලා විශ්වාස කරන මෙම බෙදීම කවරාකාරයේ බෙදීමක් ද?
Tafsiran larabci:
وَاِذَا بُشِّرَ اَحَدُهُمْ بِمَا ضَرَبَ لِلرَّحْمٰنِ مَثَلًا ظَلَّ وَجْهُهٗ مُسْوَدًّا وَّهُوَ كَظِیْمٌ ۟
අල්ලාහ්ට සම්බන්ධ කළ ගැහැණු දරුවකු පිළිබඳ ආරංචියක් ඔවුන්ගෙන් කිසිවෙකු වෙත දෙනු ලැබූ විට, දැඩි දුකින් හා දොම්නසින් ඔහුගේ මුහුණු කළු පැහැ ගන්වනු ඇත. එය කෝපයෙන් පිරී යයි. කවර දෙයක් ඔහුට ශුභාරංචි වශයෙන් දෙනු ලබන විට වැරැද්දක් ලෙස සිතන්නේ ද එවැන්නක් ඔහුගේ පරමාධිපතිට ඔහු කෙසේ නම් ආරෝපණය කරන්නේද?
Tafsiran larabci:
اَوَمَنْ یُّنَشَّؤُا فِی الْحِلْیَةِ وَهُوَ فِی الْخِصَامِ غَیْرُ مُبِیْنٍ ۟
ඔහුගේ ස්ත්රීත්වය පිළිබඳ පැහැදිලි ප්රකාශයකින් තොරව වාද කරමින් අලංකාරයේ වැඩෙන්නට සැලැස්වූවන් ඔවුන්ගේ පරමාධිපතිට ඔවුහු ආරෝපණය කරන්නෝ ද?
Tafsiran larabci:
وَجَعَلُوا الْمَلٰٓىِٕكَةَ الَّذِیْنَ هُمْ عِبٰدُ الرَّحْمٰنِ اِنَاثًا ؕ— اَشَهِدُوْا خَلْقَهُمْ ؕ— سَتُكْتَبُ شَهَادَتُهُمْ وَیُسْـَٔلُوْنَ ۟
මලක්වරුන්, මහා කරුණික සුවිශුද්ධයාණන් (වන අල්ලාහ්)ගේ ගැත්තන් ලෙස සිටියදී ඔවුනට ගැහැණු නාමයෙන් ඔවුහු නම් තැබුවෝය. අල්ලාහ් ඔවුන් මවන අවස්ථාවේ ඔවුන් එහි පෙනී සිට, සැබැවින්ම ඔවුන් ගැහැණුන් යැයි ඔවුන් දැන ගත්තෝ ද? ඔවුන්ගේ මෙම සාක්ෂිය මලක්වරුන් විසින් ලියනු ඇත. මළවුන් කෙරෙන් නැගිටුවනු ලබන දිනයේ ඒ ගැන ඔවුන්ගෙන් විමසනු ලැබේ. ඔවුන්ගේ බොරුව හේතුවෙන් ඔවුන් දඬුවමට ලක් කරනු ලැබේ.
Tafsiran larabci:
وَقَالُوْا لَوْ شَآءَ الرَّحْمٰنُ مَا عَبَدْنٰهُمْ ؕ— مَا لَهُمْ بِذٰلِكَ مِنْ عِلْمٍ ۗ— اِنْ هُمْ اِلَّا یَخْرُصُوْنَ ۟ؕ
ඔවුන් පෙර නියමය සාධක ලෙස පෙන්වමින්, ‘අප මලක්වරුන් නොනැමද සිටින්නට අල්ලාහ් අභිමත කළේ නම් අපි ඔවුන් නොනැමද සිටින්නට තිබුණි. නමුත් ඔහුගේ තෘප්තිය පෙන්වා දෙන පරිදි එය ඔහුගේ අභිමතය අනුව පිහිටා ඇත.' යැයි පවසති. ඔවුන් කළ ඔවුන්ගේ ප්රකාශය පිළිබඳ ඔවුනට කිසිදු දැනුමක් නැත. ඔවුන් බොරු ව මිස වෙනත් කිසිවක් පවසන්නේ නැත.
Tafsiran larabci:
اَمْ اٰتَیْنٰهُمْ كِتٰبًا مِّنْ قَبْلِهٖ فَهُمْ بِهٖ مُسْتَمْسِكُوْنَ ۟
එසේ නැතහොත් අල්ලාහ් හැර වෙනත් දෑ නමදින්නට අනුමත කර; කිසියම් ලේඛනයක් අල් කුර්ආනයට පෙර මෙම දේව ආදේශකයින්ට අප පිරිනමා එම ලේඛනය ඔවුන් පිළිපැද එය සාධක වශයෙන් ගෙන ඇත්තෝ ද?
Tafsiran larabci:
بَلْ قَالُوْۤا اِنَّا وَجَدْنَاۤ اٰبَآءَنَا عَلٰۤی اُمَّةٍ وَّاِنَّا عَلٰۤی اٰثٰرِهِمْ مُّهْتَدُوْنَ ۟
නැත, එය එසේ සිදු වූයේ නැත. නමුත් ඔවුන් සම්ප්රදාය සාධක කර ගනිමින් මෙසේ ප්රකාශ කර සිටිති. ‘සැබැවින්ම අපට පෙර අපගේ මුතුන් මිත්තන් යම් දහමක, යම් පිළිවෙතක සිටිනු අප දැක ඇත්තෙමු. සැබැවින්ම ඔවුන් පිළිම වන්දනාවේ නිරත වූවෝය. ඒවාට වැඳුම් පිඳුම් කිරීමෙහිදී අපද ඔවුන්ගේ පියවරවල් අනුගමනය කරන්නෝ වෙමු.’
Tafsiran larabci:
daga cikin fa'idodin Ayoyin wannan shafi:
• كل نعمة تقتضي شكرًا.
•සෑම ආශිර්වාදයක් සඳහාම කෘතඥවීම අවශ්යය වන්නේය.

• جور المشركين في تصوراتهم عن ربهم حين نسبوا الإناث إليه، وكَرِهوهنّ لأنفسهم.
•දේව ආදේශකයින් ඔවුන්ගේ පරමාධිපති වෙත ගැහැණුන් ආරෝපණය කොට ඔවුන් වෙනුවෙන් ඒවා පිළිකුල් කරගත් අවස්ථාවේ ඔවුන්ගේ හැඟීම්වල පැවති ඔවුන්ගේ වැරදි.

• بطلان الاحتجاج على المعاصي بالقدر.
•පාපකම් සඳහා පෙර නියමය සාධක කර ගැනීම නිෂ්ක්රීය කිරීම.

• المشاهدة أحد الأسس لإثبات الحقائق.
•දෑසින් දැකීම යනු සැබෑ යථාර්ථය තහවුරු කිරීම සඳහා අවශ්ය මූලිකාංග අතරින් එකකි.

وَكَذٰلِكَ مَاۤ اَرْسَلْنَا مِنْ قَبْلِكَ فِیْ قَرْیَةٍ مِّنْ نَّذِیْرٍ اِلَّا قَالَ مُتْرَفُوْهَاۤ ۙ— اِنَّا وَجَدْنَاۤ اٰبَآءَنَا عَلٰۤی اُمَّةٍ وَّاِنَّا عَلٰۤی اٰثٰرِهِمْ مُّقْتَدُوْنَ ۟
මොවුන් බොරු කොට; මොවුන්ගේ මුතුන්මිත්තන් සතු සම්ප්රදායන් සාධක වශයෙන් ගත්තාක් මෙන්ම, අහෝ දූතය! නුඹට පෙර කිසියම් ගම්මානයකට එහි වැසියන්ට අවවාද කරන දූතයකු අපි එවූ විට ඔවුන් අතර සිටි ධනවත් ඔවුන්ගේ නායකයින් හා ප්රභූවරුන්, ‘සැබැවින්ම අපි අපගේ මුතුන්මිත්තන් යම් දහමක, යම් පිළිවෙතක සිටිනු අපි දැක ඇත්තෙමු. ඔවුන්ගේ පියවර අපි අනුගමනය කරමු. නුඹේ ජනයා ඒ විෂයෙහි වෙනස් නොවේ.’ යැයි පවසා සිටියා මිස නැත.
Tafsiran larabci:
قٰلَ اَوَلَوْ جِئْتُكُمْ بِاَهْدٰی مِمَّا وَجَدْتُّمْ عَلَیْهِ اٰبَآءَكُمْ ؕ— قَالُوْۤا اِنَّا بِمَاۤ اُرْسِلْتُمْ بِهٖ كٰفِرُوْنَ ۟
ඔවුන්ගේ දූතයා, "නුඹලාගේ මුතුන් මිත්තන් කවර පිළිවෙතක් මත සිටියේ ද ඊට වඩා උතුම් දෙයක් මම නුඹලා වෙත ගෙන ආ විට ද නුඹලා නුඹලාගේ මුතුන් මිත්තන් අනුගමනය කරනුයේ?’ යැයි ඔවුන්ගෙන් විමසූ විට ඔවුහු: ‘නුඹ හා නුඹට පෙර පැමිණි දූතවරුන් කවර කරුණක් සමග එවනු ලැබුවේ ද සැබැවින්ම අප එය ප්රතික්ෂේප කරන්නන් වෙමු.’ යැයි පැවසූහ.
Tafsiran larabci:
فَانْتَقَمْنَا مِنْهُمْ فَانْظُرْ كَیْفَ كَانَ عَاقِبَةُ الْمُكَذِّبِیْنَ ۟۠
නුඹට පෙර විසූ දූතවරුන් බොරු කළ සමූහයන්ගෙන් අපි පළිගත්තෙමු. ඔවුන් අපි විනාශ කළෙමු. ඔවුන්ගේ දූතවරුන් බොරුකළවුන්ගේ විනාශය කෙසේ වී දැ?යි සිතා බලනු. එය ඉතා වේදනීය අවසානයක් විය.
Tafsiran larabci:
وَاِذْ قَالَ اِبْرٰهِیْمُ لِاَبِیْهِ وَقَوْمِهٖۤ اِنَّنِیْ بَرَآءٌ مِّمَّا تَعْبُدُوْنَ ۟ۙ
අහෝ දූතය! ‘නුඹලා අල්ලාහ් හැර නමදිමින් සිටින පිළිමවලින් සැබැවින්ම මම ඉවත් වෙමි’ යැයි ඉබ්රාහීම් තම පියා හා තම ප්රජාව අමතා පැවසූ අවස්ථාව මෙනෙහි කර බලනු.
Tafsiran larabci:
اِلَّا الَّذِیْ فَطَرَنِیْ فَاِنَّهٗ سَیَهْدِیْنِ ۟
"මා මැවූ අල්ලාහ් හැරය. සැබැවින්ම ඔහුගේ ඍජු දහම අනුගමනය කිරීම තුළින් එහි ඇති යහපත වෙත ඔහු මට මඟ පෙන්වනු ඇත."
Tafsiran larabci:
وَجَعَلَهَا كَلِمَةً بَاقِیَةً فِیْ عَقِبِهٖ لَعَلَّهُمْ یَرْجِعُوْنَ ۟
ඉබ්රාහීම් (අලයිහිස් සලාම්) තුමා එතුමාගෙන් පසුව පැවත එන එතුමාගේ පරම්පරාව අතර (ලා ඉලාහ ඉල්ලල්ලාහ් නම්) ඒකදේව වාදයේ ප්රකාශය පැවතීමට කටයුතු කළේය. එහෙයින් අල්ලාහ්ට කිසිවක් ආදේශ නො තබා ඔහු ව ඒකීයත්වයට පත් කරන අය ඔවුන් අතර නිරන්තරයෙන්ම සිටියහ. එතුමා එසේ කටයුතු කළේ දේව ආදේශය හා පාපකම් සඳහා පාපක්ෂමාවේ නිරත වී අල්ලාහ් වෙත ඔවුන් හැරීමේ බලාපොරොත්තුවෙනි.
Tafsiran larabci:
بَلْ مَتَّعْتُ هٰۤؤُلَآءِ وَاٰبَآءَهُمْ حَتّٰی جَآءَهُمُ الْحَقُّ وَرَسُوْلٌ مُّبِیْنٌ ۟
මෙම බොරුකාර ආදේශකයින්හට මම විනාශය ඉක්මන් නොකළෙමි. ඔවුනට මෙලොවෙහි රැඳී සිට භුක්ති විඳින්නට ඉඩ හැරියෙමි. එමෙන්ම ඔවුන් වෙත කුර්ආනය හා පැහැදිළි දූතයාණන් මුහම්මද් (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමා පැමිණෙන තෙක්ම ඔවුනට පෙර සිටි ඔවුන්ගේ මුතුන්මිත්තන්හට ද භුක්ති විඳින්නට ඉඩ හැරියෙමි.
Tafsiran larabci:
وَلَمَّا جَآءَهُمُ الْحَقُّ قَالُوْا هٰذَا سِحْرٌ وَّاِنَّا بِهٖ كٰفِرُوْنَ ۟
කිසිදු සැකයක් නැති අල් කුර්ආනය ඔවුන් වෙත පැමිණි කල්හි, ඔවුහු ‘මෙය මුහම්මද් අපට කළ හූනියමකි. සැබැවින්ම අපි එය ප්රතික්ෂේප කරන්නන් වෙමු. එහෙයින් කිසිවිටෙක අපි එය විශ්වාස නොකරන්නෙමු’ යැයි පැවසුවෝය.
Tafsiran larabci:
وَقَالُوْا لَوْلَا نُزِّلَ هٰذَا الْقُرْاٰنُ عَلٰی رَجُلٍ مِّنَ الْقَرْیَتَیْنِ عَظِیْمٍ ۟
මෙම බොරුකාර ප්රතික්ෂේපකයෝ, ‘මෙම අල් කුර්ආනය අනාථ දිළිඳු මුහම්මද් වෙත පහළ කිරීම වෙනුවට මක්කාවේ හෝ තාඉෆයේ හෝ සිටින ප්රබල මිනිසුන් දෙදෙනකුගෙන් එක් අයකු වෙත පහළ විය යුතු නොවේදැ?’යි විමසා සිටියෝය.
Tafsiran larabci:
اَهُمْ یَقْسِمُوْنَ رَحْمَتَ رَبِّكَ ؕ— نَحْنُ قَسَمْنَا بَیْنَهُمْ مَّعِیْشَتَهُمْ فِی الْحَیٰوةِ الدُّنْیَا وَرَفَعْنَا بَعْضَهُمْ فَوْقَ بَعْضٍ دَرَجٰتٍ لِّیَتَّخِذَ بَعْضُهُمْ بَعْضًا سُخْرِیًّا ؕ— وَرَحْمَتُ رَبِّكَ خَیْرٌ مِّمَّا یَجْمَعُوْنَ ۟
අහෝ දූතය! නුඹේ පරමාධිපතිගේ ආශිර්වාදය බෙදා හරිමින් ඔවුන් අභිමත කරන අයට ඒවා පිරිනමා තවද ඔවුන් අභිමත කරන අයට ඒවා වළක්වනුයේ ඔවුහු ද එසේ නැතිනම් අල්ලාහ් ද? මෙලොවෙහි ඔවුන් අතර ඔවුන්ගේ පෝෂණ සම්පත් බෙදා හරිනුයේ අපමය. ඔවුන් අතර ඇතැමෙකු ඇතැමෙකුට වසඟ කරන පරිදි පොහොසතුන් හා දුප්පතුන් අපි ඇති කළෙමු. විනාශ වී යන මෙලොවෙහි ඔවුන් එක්රැස් කරන අල්ප වස්තුවට වඩා මතුලොවෙහි තම ගැත්තන් වෙනුවෙන් නුඹේ පරමාධිපති පිරිනමන ආශිර්වාදය වඩාත් උතුම්ය.
Tafsiran larabci:
وَلَوْلَاۤ اَنْ یَّكُوْنَ النَّاسُ اُمَّةً وَّاحِدَةً لَّجَعَلْنَا لِمَنْ یَّكْفُرُ بِالرَّحْمٰنِ لِبُیُوْتِهِمْ سُقُفًا مِّنْ فِضَّةٍ وَّمَعَارِجَ عَلَیْهَا یَظْهَرُوْنَ ۟ۙ
දේව ප්රතික්ෂේපකයන්ට (අප විසින් දෙන ලද සැප සම්පත් දකින ඉතිරි) ජනයා එකම සමූහයක් විය හැකි නොවන්නේ නම් අල්ලාහ්ව ප්රතික්ෂේප කරන්නන්ගේ නිවෙස් හි වියන් රිදියෙන් තනා දෙන්නට තිබුණි. ඔවුන් නැග යන්නට පියගැට පෙළ ද ඔවුන් වෙනුවෙන් තනා දෙන්නට තිබුණි.
Tafsiran larabci:
daga cikin fa'idodin Ayoyin wannan shafi:
• التقليد من أسباب ضلال الأمم السابقة.
•අනුකරණය පෙර සිටි සමූහයන් නොමග යෑමට හේතු වූ සාධක අතරින් එකකි.

• البراءة من الكفر والكافرين لازمة.
•දේව ප්රතික්ෂේපයෙන් හා ප්රතික්ෂේප කරන ජනයාගෙන් දුරස් වීම අනිවාර්යය වන්නේය.

• تقسيم الأرزاق خاضع لحكمة الله.
•පෝෂණ සම්පත් බෙදා හැරීමේ කටයුත්ත අල්ලාහ්ගේ ප්රඥාවට යටත් වූවකි.

• حقارة الدنيا عند الله، فلو كانت تزن عنده جناح بعوضة ما سقى منها كافرًا شربة ماء.
•අල්ලාහ් අබියස මෙලොවෙහි පහත්භාවය. ඔහු අබියස කෝඳුරුවකුගේ පියාපතක තරම් වටිනාකමක් එයට ඇත්නම් දේවත්වය ප්රතික්ෂේප කරන්නාහට වතුර උගුරක් හෝ නොදෙනු ඇත.

وَلِبُیُوْتِهِمْ اَبْوَابًا وَّسُرُرًا عَلَیْهَا یَتَّكِـُٔوْنَ ۟ۙ
තවද ඔවුන්ගේ නිවෙස්වලට දොරටු (රිදියෙන්) තනා දෙන්නට තිබුණි. උසස් තරාතිරමින් හා පරීක්ෂාවෙන් යුතුව ඔවුන් හාන්සි වන කවිච්චි (රිදියෙන්) තනා දෙන්නට තිබුණි.
Tafsiran larabci:
وَزُخْرُفًا ؕ— وَاِنْ كُلُّ ذٰلِكَ لَمَّا مَتَاعُ الْحَیٰوةِ الدُّنْیَا ؕ— وَالْاٰخِرَةُ عِنْدَ رَبِّكَ لِلْمُتَّقِیْنَ ۟۠
ඔවුනට රනින් ද තනා දෙන්නට තිබුණි. නමුත් මේ සියල්ල මෙලොව ජීවිතයේ භුක්ති විදීමක් පමණි. එහි ප්රයෝජන අල්පය. සදා පවතින්නක් නොවේ. අහෝ දූතය! අල්ලාහ්ගේ නියෝග පිළිපදිමින් හා ඔහු තහනම් කළ දැයින් වැළකෙමින් ඔහුට භක්තිමත්ව කටයුතු කරන්නන්හට මතුලොවෙහි නුඹේ පරමාධිපති අබියස ඇති සැප පහසුකම් අති උතුම්ය.
Tafsiran larabci:
وَمَنْ یَّعْشُ عَنْ ذِكْرِ الرَّحْمٰنِ نُقَیِّضْ لَهٗ شَیْطٰنًا فَهُوَ لَهٗ قَرِیْنٌ ۟
කවරෙකු අල් කුර්ආනය දෙස අකාර්යක්ෂම බැල්මෙන් එය පිටු දකින තරමට බලන්නේ ද ඔහුට ෂෙයිතානුවකු ආධිපත්යය දරන්නට සලස්වා දඬුවම් කරනු ලැබේ. ඔහු ඔහුව අධික ලෙස පොළඹවාලනු ඇත.
Tafsiran larabci:
وَاِنَّهُمْ لَیَصُدُّوْنَهُمْ عَنِ السَّبِیْلِ وَیَحْسَبُوْنَ اَنَّهُمْ مُّهْتَدُوْنَ ۟
අල් කුර්ආනය හෙළා දකින්නන් මත ආධිපත්යය දරන්නට සලස්වනු ලැබූ මොවූහු (ෂෙයිතාන්) අල්ලාහ්ගේ දහමින් ඔවුන් වළක්වාලනු ඇත. එහෙයින් ඔවුහු ඔහුගේ නියෝග නොපිළිපදිති. ඔහු තහනම් කළ දැයින් වැළකී නොසිටිති. සැබැවින්ම තමන් සත්ය වෙත මඟපෙන්වනු ලැබූවෝ වෙතැයි ඔවුන් සිතති. ඉන් පසු ඔවුන්ගේ නොමඟ යෑම වෙනුවෙන් ඔවුන් පාපක්ෂමාවේ නිරත නොවෙති.
Tafsiran larabci:
حَتّٰۤی اِذَا جَآءَنَا قَالَ یٰلَیْتَ بَیْنِیْ وَبَیْنَكَ بُعْدَ الْمَشْرِقَیْنِ فَبِئْسَ الْقَرِیْنُ ۟
අල්ලාහ්ව මෙනෙහි කිරීමට ප්රතික්ෂේප කළ තැනැත්තා මළවුන් කෙරෙන් නැගිටුවනු ලබන දිනයේ අප වෙත පැමිණ බැගෑපත්ව, ‘අහෝ මා වෙත පවරනු ලැබූවනි! මා අතර හා නුඹ අතර නැගෙනහිර හා බටහිර අතර පවතින දුරසක් තිබුණා නම්!' යැයි පවසති. නමුත් එම සගයා විසින් ඔහු අපයෝජනයට ලක් විය.
Tafsiran larabci:
وَلَنْ یَّنْفَعَكُمُ الْیَوْمَ اِذْ ظَّلَمْتُمْ اَنَّكُمْ فِی الْعَذَابِ مُشْتَرِكُوْنَ ۟
මළවුන් කෙරෙන් නැගිටුවනු ලබන දිනයේ අල්ලාහ් දේව ප්රතික්ෂේපකයින් දෙස බලා, ‘අද දින නුඹලාට ප්රයෝජනවත් නොවන්නේය. දේව ආදේශය හා පාපකම් හේතුවෙන් නුඹලා නුඹලාටම අපරාධ කර ගත්තෙහුය. දඬුවම නුඹලා හවුලේ විඳවනු. නුඹලාගේ දඬුවමින් කිසිවක් නුඹලාගේ හවුල්කරුවන් උසුලන්නේ නැත.' යැයි පවසයි.
Tafsiran larabci:
اَفَاَنْتَ تُسْمِعُ الصُّمَّ اَوْ تَهْدِی الْعُمْیَ وَمَنْ كَانَ فِیْ ضَلٰلٍ مُّبِیْنٍ ۟
සැබැවින්ම මොවුන් සත්යයට සවන් දීමට නොහැකි බිහිරන්ය. එය බැලීමට නොහැකි අන්ධයින්ය. එහෙයින් අහෝ ධර්ම දූතය! බිහිරාට සවන් වැකෙන්නට සැලැස්වීමට හෝ අන්ධයාට මග පෙන්වීමට හෝ ඍජු මාර්ගයෙන් පැහැදිළි මුළාවෙහි සිටින්නාට මග පෙන්වීමට හෝ නුඹට හැකියාවක් ඇත්තෙහි ද?
Tafsiran larabci:
فَاِمَّا نَذْهَبَنَّ بِكَ فَاِنَّا مِنْهُمْ مُّنْتَقِمُوْنَ ۟ۙ
අප ඔවුනට දඬුවම් කිරීමට පෙර නුඹ ව මරණයට පත් කරමින් නුඹව ඉවත් කළ ද මෙලොවෙහි හා මතුලොවෙහි ඔවුන් දඬුවමට ලක් කරමින් සැබැවින්ම අපි ඔවුන්ගෙන් පළිගන්නන් වෙමු.
Tafsiran larabci:
اَوْ نُرِیَنَّكَ الَّذِیْ وَعَدْنٰهُمْ فَاِنَّا عَلَیْهِمْ مُّقْتَدِرُوْنَ ۟
එසේ නැතහොත්, ඔවුන් වෙනුවෙන් අප සූදානම් කර ඇති දඬුවමින් සමහරක් අපි නුඹට පෙන්වන්නෙමු. එහෙයින් සැබැවින්ම අපි ඔවුන් මත බලය දරන්නන් වෙමු. කිසිදු කරුණක අපව අබිබවා යාමට ඔවුනට හැකියාවක් නැත.
Tafsiran larabci:
فَاسْتَمْسِكْ بِالَّذِیْۤ اُوْحِیَ اِلَیْكَ ۚ— اِنَّكَ عَلٰی صِرَاطٍ مُّسْتَقِیْمٍ ۟
අහෝ දූතය! නුඹේ පරමාධිපති නුඹ වෙත කවර කරුණක් දන්වා සිටියේ ද එය නුඹ පිළිපදිනු. ඒ අනුව කටයුතු කරනු. සැබැවින්ම නුඹ කිසිදු ව්යාකූලත්වයක් නොමැති සත්ය දහම මත සිටින්නෙහිය.
Tafsiran larabci:
وَاِنَّهٗ لَذِكْرٌ لَّكَ وَلِقَوْمِكَ ۚ— وَسَوْفَ تُسْـَٔلُوْنَ ۟
සැබැවින්ම මෙම අල් කුර්ආනය නුඹට ගෞරවයකි. නුඹේ සමූහයාටද ගෞරවයකි. මළවුන් කෙරෙන් නැගිටුවනු ලබන දිනයේ ඒ ගැන විශ්වාස කිරීම, එහි ඇති මඟපෙන්වීම් පිළිපැදීම හා ඒ වෙත ජනයා ඇරයුම් කිරීම යනාදිය ගැන ඔවුන් විමසනු ලබති.
Tafsiran larabci:
وَسْـَٔلْ مَنْ اَرْسَلْنَا مِنْ قَبْلِكَ مِنْ رُّسُلِنَاۤ اَجَعَلْنَا مِنْ دُوْنِ الرَّحْمٰنِ اٰلِهَةً یُّعْبَدُوْنَ ۟۠
අහෝ ධර්ම දූතය! නුඹට පෙර අප දූතවරුන් එවූ අයගෙන් ‘නැමදුම් ලබන්නට මහා කරුණාන්විතයාණන් හැර නමදිනු ලබන වෙනත් දෑ අපි ඇති කර තිබුනේ ද?' යැයි විමසනු.
Tafsiran larabci:
وَلَقَدْ اَرْسَلْنَا مُوْسٰی بِاٰیٰتِنَاۤ اِلٰی فِرْعَوْنَ وَمَلَاۡىِٕهٖ فَقَالَ اِنِّیْ رَسُوْلُ رَبِّ الْعٰلَمِیْنَ ۟
සැබැවින්ම අපගේ ප්රාතිහාර්යයන් සමග ෆිර්අවුන් හා ඔහුගේ සමාජයේ ප්රභූවරුන් අතරට අපි මූසාව යැව්වෙමු. එවිට ඔහු ඔවුනට, ‘සැබැවින්ම මම සියලු මැවීම්හි පරමාධිපතියාණන්ගේ දූතයෙකු වෙමි’ යැයි පවසා සිටියේය.
Tafsiran larabci:
فَلَمَّا جَآءَهُمْ بِاٰیٰتِنَاۤ اِذَا هُمْ مِّنْهَا یَضْحَكُوْنَ ۟
අපගේ ප්රාතිහාර්යයන් සමග ඔහු ඔවුන් වෙත පැමිණි කල්හි, ඔවුන් එය අපහාසයට හා සමච්චලයට ගෙන සිනහසෙන්නට පටන් ගත්තෝය.
Tafsiran larabci:
daga cikin fa'idodin Ayoyin wannan shafi:
• خطر الإعراض عن القرآن.
•අල් කුර්ආනය හෙළා දැකීමේ අනතුර.

• القرآن شرف لرسول الله صلى الله عليه وسلم ولأمته.
•අල් කුර්ආනය ධර්ම දූතයාණන්ට හා ඔහුගේ සමූහයාට ගෞරවයකි.

• اتفاق الرسالات كلها على نبذ الشرك.
•බහු දේව වාදය හෙළා දැකීමේදී සියලුම දේව පණිවිඩවල එකඟතාව.

• السخرية من الحق صفة من صفات الكفر.
•සත්යය සරදමට ලක් කිරීම දේව ප්රතික්ෂේපයේ ගුණාංගයකි.

وَمَا نُرِیْهِمْ مِّنْ اٰیَةٍ اِلَّا هِیَ اَكْبَرُ مِنْ اُخْتِهَا ؗ— وَاَخَذْنٰهُمْ بِالْعَذَابِ لَعَلَّهُمْ یَرْجِعُوْنَ ۟
මූසා (අලයිහිස් සලාම්) තුමා කවර කරුණක් ගෙන ආවේ ද එහි නිවැරදි භාවය සහතික කරන සාධකයක් ෆිර්අවුන් හා ඔහුගේ ජනයාගේ ප්රධාණීන්හට පෙන්වන විට ඊට පෙර තිබූ සාධකයට වඩා බලවත් සාධකයක් මිස අපි ඔවුනට නොපෙන්වුයෙමු. කවරෙකු දේව ප්රතික්ෂේප ය මත සිටින්නේ ද එයින් ඔවුන් හැරෙනු ඇතැයි යන බලාපොරොත්තුවෙන් අපි ඔවුන්ව මෙලොවෙහිම දඬුවමට හසු කළෙමු. නමුත් එය නිෂ්ඵල විය.
Tafsiran larabci:
وَقَالُوْا یٰۤاَیُّهَ السّٰحِرُ ادْعُ لَنَا رَبَّكَ بِمَا عَهِدَ عِنْدَكَ ۚ— اِنَّنَا لَمُهْتَدُوْنَ ۟
මූසා (අලයිහිස් සලාම්) සතු ඇතැම් දඬුවම් ඔවුනට අත් වූ කල්හි ඔවුහු, ‘අහෝ හූනියම් කරුව! අප විශ්වාස කළේ නම්, දඬුවම ඉවත් කරන බවට නුඹේ පරමාධිපති මෙනෙහි කර සිටි පරිදි නුඹ අප වෙනුවෙන් ප්රාර්ථනා කරනු මැනව. සැබැවින්ම ඔහු එය අපෙන් ඉවත් කළේ නම් අපි ඔහු වෙත මඟ ලබන්නන් වෙමු.’ යැයි පැවසූහ.
Tafsiran larabci:
فَلَمَّا كَشَفْنَا عَنْهُمُ الْعَذَابَ اِذَا هُمْ یَنْكُثُوْنَ ۟
ඔවුන්ගෙන් අපි දඬුවම ඉවත් කළ කල්හි එවිට ඔවුහු ඔවුන්ගේ ගිවිසුම කඩ කරති. ඔවුහු එය ඉටු නොකරති.
Tafsiran larabci:
وَنَادٰی فِرْعَوْنُ فِیْ قَوْمِهٖ قَالَ یٰقَوْمِ اَلَیْسَ لِیْ مُلْكُ مِصْرَ وَهٰذِهِ الْاَنْهٰرُ تَجْرِیْ مِنْ تَحْتِیْ ۚ— اَفَلَا تُبْصِرُوْنَ ۟ؕ
ෆිර්අවුන් තම සමූහයා අතර සිටි තම රාජ්ය බලය ගැන පුරසාරම් දොඩන කෙනෙකු අමතා, ‘මම මිසර දේශයේ රජු නොවේ ද? මෙම නයිල් ගංගා ගලා බසින්නේ මාගේ මාලිගා යටිනි. එමෙන්ම නුඹලා මාගේ රාජ්යය නොදුටුවෙහු ද? එහි බලබමහිමය නුඹලා නොහඳුනන්නෙහු ද?’ යැයි පැවසීය.
Tafsiran larabci:
اَمْ اَنَا خَیْرٌ مِّنْ هٰذَا الَّذِیْ هُوَ مَهِیْنٌ ۙ۬— وَّلَا یَكَادُ یُبِیْنُ ۟
අලංකාර ලෙස කතා කළ නොහැකි දුර්වල නින්දිත මෙම මූසාට වඩා මම උතුම් වෙමි.
Tafsiran larabci:
فَلَوْلَاۤ اُلْقِیَ عَلَیْهِ اَسْوِرَةٌ مِّنْ ذَهَبٍ اَوْ جَآءَ مَعَهُ الْمَلٰٓىِٕكَةُ مُقْتَرِنِیْنَ ۟
"එසේ නම්, සැබැවින්ම ඔහු දූතයකු බව පැහැදිලි කරනු පිණිස ඔහු ව දූතයකු ලෙස එවූ අල්ලාහ් ඔහුට රනින් වූ වළලු පැළඳවිය යුතු නොවේ ද? එසේ නැතහොත් ඔවුන් එකිනෙකා පිරිවරාගත් මලක්වරුන් ඔහු සමග පැමිණිය යුතු නොවේ ද?"
Tafsiran larabci:
فَاسْتَخَفَّ قَوْمَهٗ فَاَطَاعُوْهُ ؕ— اِنَّهُمْ كَانُوْا قَوْمًا فٰسِقِیْنَ ۟
ෆිර්අවුන් ඔහුගේ ජනයා පොළඹවීය. එහෙයින් ඔහුගේ මුළාව තුළ ඔවුහු ඔහුට අවනත වූවෝය. සැබැවින්ම ඔවුන් අල්ලාහ් අවනත වීමෙන් බැහැර වූ පිරිසක් වූහ.
Tafsiran larabci:
فَلَمَّاۤ اٰسَفُوْنَا انْتَقَمْنَا مِنْهُمْ فَاَغْرَقْنٰهُمْ اَجْمَعِیْنَ ۟ۙ
ඔවුන් දේව ප්රතික්ෂේපය මත නිරන්තරයෙන්ම සිටිමින් අපව කෝපයට පත් කළෝය. අපි ඔවුන්ගෙන් පළිගත්තෙමු. ඒ අනුව අපි ඔවුන් සියලු දෙනා දියේ ගිල්වා දැමුවෙමු.
Tafsiran larabci:
فَجَعَلْنٰهُمْ سَلَفًا وَّمَثَلًا لِّلْاٰخِرِیْنَ ۟۠
ෆිර්අවුන් හා ඔහුගේ පිරිස ජනයාට පෙර නිදසුනක් බවට අපි පත් කළෙමු. නුඹේ ජනයා අතර සිටින දේව ප්රතික්ෂේපකයින්හට එහි බලපෑමක් ඇත. එමෙන්ම පාඩම් ලබන්නන් හට පාඩමක් බවට ද අපි ඔවුන් පත් කළෙමු. එය ඔවුන් ඔවුන්ගේ ක්රියාවන් සිදු නොකරනු පිණිසත් ඔවුනට අත් වූ දඬුවම ඔවුනට අත් නොවනු පිණිසත්ය.
Tafsiran larabci:
وَلَمَّا ضُرِبَ ابْنُ مَرْیَمَ مَثَلًا اِذَا قَوْمُكَ مِنْهُ یَصِدُّوْنَ ۟
"සැබැවින්ම නුඹලා ද අල්ලාහ් හැර නුඹලා නමදිමින් සිටින දෑ ද නිරයට ඉන්ධන වී ඇත. සැබැවින්ම නුඹලා ඒ සඳහා පැමිණෙන්නෝමය." (අල් අන්බියා: 98) යන උත්තරීතර අල්ලාහ්ගේ පොදු ප්රකාශය තුළට කිතුනුවන් නැමදුම් කරන ඊසා ද ඇතුළත් වන බව දේව ආදේශකයින් සිතුවෝය. එකල්හි පිළිම වන්දනාව තහනම් කළාක් මෙන්ම ඊසාට වන්දනාමාන කිරීමද අල්ලාහ් වළක්වා ඇත. එවිට ද අහෝ දර්ම දූතය! නුඹේ ජනයා, ‘අපගේ දෙවියන් ඊසාගේ ස්ථානයේ සිටීම අපි තෘප්තියට පත්වෙමු’ යැයි පවසා තර්කයේ නිරතව කෑකෝ ගසමින් සිටිති. එවිට අල්ලාහ් ඔවුනට පිළිතුරු වශයෙන් මෙසේ පහළ කළේය. "සැබැවින්ම ඔවුනට පෙර ඉකුත්ව ගියවුන්හට අපගෙන් වූ යහපත ඇත. ඔවුහු එයින් දුරස්වූවෝ වෙති." (අල් අන්බියා: 101)
Tafsiran larabci:
وَقَالُوْۤا ءَاٰلِهَتُنَا خَیْرٌ اَمْ هُوَ ؕ— مَا ضَرَبُوْهُ لَكَ اِلَّا جَدَلًا ؕ— بَلْ هُمْ قَوْمٌ خَصِمُوْنَ ۟
තවද, ‘ශ්රේෂ්ඨ වනුයේ අප නමදින දෑ ද එසේ නැතහොත් ඊසා ද?’ යැයි ඔවුහු විමසුවෝය. ඉබ්නු සබඃරා හා එවැන්නන් මෙම උදාහරණය ගෙන හැර පෑවේ සත්යය වෙත පිවිසීමට කැමැත්තෙන් නොවේ. කෙසේ වෙතත් ඔවුන් තර්කයට වඩාත් කැමැත්තක් දැක්විය. ඔවුහු තර්ක කිරීමෙහි බලවතුන් වූහ.
Tafsiran larabci:
اِنْ هُوَ اِلَّا عَبْدٌ اَنْعَمْنَا عَلَیْهِ وَجَعَلْنٰهُ مَثَلًا لِّبَنِیْۤ اِسْرَآءِیْلَ ۟ؕ
මර්යම්ගේ පුත් ඊසා නබිත්වය හා දූත මෙහෙවර දී ආශිර්වාද කළ අල්ලාහ්ගේ ගැත්තන් අතරින් වූ ගැත්තෙකු මිස නැත. දෙමාපියන් නොමැතිව ආදම්ව මැව්වාක් සේ පියකු නොමැතිව අපි ඔහුව මැව්වෙමු. ඉස්රාඊල් දරුවන් අල්ලාහ්ගේ ශක්තියේ සාධක දැන ගැනීම පිණිස උදාහරණ පුරුෂයකු සේ අපි ඔහු ඔවුනට පත් කළෙමු.
Tafsiran larabci:
وَلَوْ نَشَآءُ لَجَعَلْنَا مِنْكُمْ مَّلٰٓىِٕكَةً فِی الْاَرْضِ یَخْلُفُوْنَ ۟
අහෝ ආදම්ගේ දරුවනි! නුඹලාව විනාශ කිරීමට අපි අභිමත කරන්නේ නම්, සැබැවින්ම අපි නුඹලාව විනාශ කොට, නුඹලා වෙනුවට මහපොළොවේ මලක්වරුන් පත් කරන්න්නට තිබුණි. ඔවුහු අල්ලාහ්ට කිසිවක් ආදේශ නොකරන අතර අල්ලාහ්ට පමණක් නැමදුම් කරති.
Tafsiran larabci:
daga cikin fa'idodin Ayoyin wannan shafi:
• نَكْث العهود من صفات الكفار.
•ගිවිසුම් කඩ කිරීම දේව ප්රතික්ෂේපකයින්ගේ ගුණාංග අතරිනි.

• الفاسق خفيف العقل يستخفّه من أراد استخفافه.
•දුෂ්ඨයා යනු පහත් බුද්ධියක් ඇති තැනැත්තාය. ඔහු කවරෙකු පහත් කරන්නට අපේක්ෂා කරන්නේ ද ඔහු ව පහත් කරන්නට බලයි.

• غضب الله يوجب الخسران.
•අල්ලාහ්ගේ කෝපය පරාජය අනිවාර්යය කරනු ඇත.

• أهل الضلال يسعون إلى تحريف دلالات النص القرآني حسب أهوائهم.
•නොමග ගිය ජනයා ඔවුන්ගේ ආශාවන්ට අනුව අල් කුර්ආනයේ මූල ධර්මයන් විකෘති කරන්නට උත්සාහ කරති.

وَاِنَّهٗ لَعِلْمٌ لِّلسَّاعَةِ فَلَا تَمْتَرُنَّ بِهَا وَاتَّبِعُوْنِ ؕ— هٰذَا صِرَاطٌ مُّسْتَقِیْمٌ ۟
සැබැවින්ම ඊසා (අලයිහිස් සලාම්) තුමා අවසන් කාලයේ පහළවන අවස්ථාව ලෝක විනාශයේ මහා සංඥාවන් අතරින් එකකි. එහෙයින් සැබැවින්ම එම අවසන් හෝරාව එළැඹීම ගැන නුඹලා සැක නොකරනු. අල්ලාහ් වෙතින් මා කවර කරුණක් ගෙන ආවේ ද ඒ සම්බන්ධයෙන් නුඹලා මට අවනත වනු. මා කවර කරුණක් නුඹලා වෙත ගෙන ආවේ ද එය කිසිදු ඇදයක් නැති ඍජු මාර්ගයයි.
Tafsiran larabci:
وَلَا یَصُدَّنَّكُمُ الشَّیْطٰنُ ۚ— اِنَّهٗ لَكُمْ عَدُوٌّ مُّبِیْنٌ ۟
ෂෙයිතාන් ඔහුගේ පොළඹවීමෙන් හා ඔහුගේ රැවටීමෙන් නුඹලාව ඍජු මාර්ගයෙන් වෙනතකට යොමු නොකළ යුතුය. සැබැවින්ම ඔහු නුඹලාට සතුරුකම පැහැදිළි වූ ප්රකට සතුරෙකි.
Tafsiran larabci:
وَلَمَّا جَآءَ عِیْسٰی بِالْبَیِّنٰتِ قَالَ قَدْ جِئْتُكُمْ بِالْحِكْمَةِ وَلِاُبَیِّنَ لَكُمْ بَعْضَ الَّذِیْ تَخْتَلِفُوْنَ فِیْهِ ۚ— فَاتَّقُوا اللّٰهَ وَاَطِیْعُوْنِ ۟
සැබැවින්ම තමන් අල්ලාහ්ගේ දූතයකු බවට වූ පැහැදිලි සාධක සමග ඊසා (අලයිහිස් සලාම්) තුමා තම සමූහයා වෙත පැමිණි කල්හි, ඔහු ඔවුනට, ‘සැබැවින්ම මම නුඹලා වෙත අල්ලාහ්ගෙන් ප්රඥාව ගෙනැවිත් ඇත්තෙමි. නුඹලාගේ ආගමික කටයුතුවල නුඹලා මතභේද ඇති කරගත් ඇතැම් දෑ මම නුඹලාට පැහැදිළි කරන්නෙමි. එහෙයින් නුඹලා ඔහුගේ නියෝග පිළිපඳිනු. ඔහු තහනම් කළ දැයින් වැළකී සිටිනු. මම කවර කරුණක් නුඹලාට අවවාද කළේ ද එමෙන්ම කවර කරුණක් නුඹලාට තහනම් කළේ ද එම විෂයයන්හි නුඹලා මට අවනත වනු.' යැයි පැවසීය.
Tafsiran larabci:
اِنَّ اللّٰهَ هُوَ رَبِّیْ وَرَبُّكُمْ فَاعْبُدُوْهُ ؕ— هٰذَا صِرَاطٌ مُّسْتَقِیْمٌ ۟
සැබැවින්ම අල්ලාහ් මාගේ පරමාධිපතිය. නුඹලාගේද පරමාධිපතිය. ඔහු හැර අපට වෙනත් පරමාධිපතියෙකු නැත. එහෙයින් නුඹලා නැමදුම ඔහුට පමණක් අවංකව ඉටු කරනු. මෙම ඒකීයකරණය වනාහි කිසිදු සැකයක් නැති ඍජු මාර්ගය වේ.
Tafsiran larabci:
فَاخْتَلَفَ الْاَحْزَابُ مِنْ بَیْنِهِمْ ۚ— فَوَیْلٌ لِّلَّذِیْنَ ظَلَمُوْا مِنْ عَذَابِ یَوْمٍ اَلِیْمٍ ۟
කිතුනු කණ්ඩායම් ඊසා (අලයිහිස් සලාම්) තුමාගේ විෂයයෙහි මතභේද ඇති කර ගත්තෝය. ඔවුන් අතරින්: ‘ඔහු දෙවියෙකි’ යැයි පවසන ඇතැමුන්ද ‘ඔහු අල්ලාහ්ගේ පුතණුවන්’ යැයි පවසන ඇතැමුන්ද, ‘ඔහු හා ඔහුගේ මව දෙවිවරුන් දෙදෙනෙකි’ යැයි පවසන ඇතැමුන් ද සිටිති. දේවත්වය පුත්රත්වය හා ත්රිත්වය ආරූඪ කරමින් ඊසා අලයිහිස් සලාම් තුමාණන් ව ඔවුහු විස්තර කිරීම හේතුවෙන් ඔවුහු ඔවුන්ටම අපරාධකරගත්තෝය. ඔවුනට මළවුන් කෙරෙන් නැගිටුවනු ලබන දිනයේ ඔවුන් බලාපොරොත්තුවෙන් සිටින වේදනීය දඬුවමින් විනාශයට පත්වේවා!
Tafsiran larabci:
هَلْ یَنْظُرُوْنَ اِلَّا السَّاعَةَ اَنْ تَاْتِیَهُمْ بَغْتَةً وَّهُمْ لَا یَشْعُرُوْنَ ۟
ඊසා (අලයිහිස් සලාම්) තුමා සම්බන්ධයෙන් මතභේද ඇති කරගත් ජනයා අවසන් හෝරාව පැමිණීම ගැන නොසිතමින් සිටින අවස්ථාවක එය ක්ෂණික ව ඔවුන් වෙත පැමිණීම මිස වෙනකක් බලාපොරොත්තු වන්නෝ ද? ඔවුන් දේව ප්රතික්ෂේපයේ සිටියදී එය ඔවුන් වෙත පැමිණියේ නම්, සැබැවින්ම ඔවුන්ගේ නවාතැන වේදනීය දඬුවම වනු ඇත.
Tafsiran larabci:
اَلْاَخِلَّآءُ یَوْمَىِٕذٍ بَعْضُهُمْ لِبَعْضٍ عَدُوٌّ اِلَّا الْمُتَّقِیْنَ ۟ؕ۠
අල්ලාහ්ගේ නියෝග පිළිපදිමින් ඔහු තහනම් කළ දැයින් වැළකී සිටිමින් දේවියන් කෙරෙහි බැතිමත්ව කටයුතු කළවුන් හැර දේව ප්රතික්ෂේපය හා මුළාව මත එකිනෙකා සත්ය බව ප්රකාශ කරමින් හා මිතුදම්පාමින් සිටින්නන් වනාහි, මළවුන් කෙරෙන් නැගිටුවනු ලබන දිනයේ ඔවුන් එකිනෙකාට සතුරෝ වෙති. (බැතිමතුන් වන) ඔවුන්ගේ මිතුරුකම කඩා නොවැටෙන සදාතනිකය.
Tafsiran larabci:
یٰعِبَادِ لَا خَوْفٌ عَلَیْكُمُ الْیَوْمَ وَلَاۤ اَنْتُمْ تَحْزَنُوْنَ ۟ۚ
අල්ලාහ් තම බැතිමත් ගැත්තන් දෙස බලා, ‘මාගේ ගැත්තනි! අද දින නුඹලා කවර කරුණකට මුහුණ දී ඇත්තේ ද ඒ ගැන බියක් නුඹලාට නැත. මෙලොවෙහි මග හරුණු සම්පත් පිළිබඳ නුඹලා දුක්විය යුතු වන්නේ ද නැත.’යැයි පවසනු ඇත.
Tafsiran larabci:
اَلَّذِیْنَ اٰمَنُوْا بِاٰیٰتِنَا وَكَانُوْا مُسْلِمِیْنَ ۟ۚ
දූතයා වෙත පහළ කරනු ලැබූ අල් කුර්ආනය ගැන විශ්වාස කළවුන් වනාහි, ඔවුහු අල් කුර්ආනයට අවනත වී කටයුතු කළෝය. එහි ඇති නියෝග අණ කර සිටි අතර එහි ඇති තහනම් දැයින් වැළැක්වූවෝය.
Tafsiran larabci:
اُدْخُلُوا الْجَنَّةَ اَنْتُمْ وَاَزْوَاجُكُمْ تُحْبَرُوْنَ ۟
නුඹලා හා දේව විශ්වාසයේ නුඹලාට සමාන වූවන් ස්වර්ගයට ප්රවේශ වනු. කිසිවිටෙක කප්පාදු කරනු නොලබන, නැති වී නොයන, එහි නුඹලා සදා අත්විදින සැප සම්පත් තුළින් නුඹලා සතුටු වනු ඇත.
Tafsiran larabci:
یُطَافُ عَلَیْهِمْ بِصِحَافٍ مِّنْ ذَهَبٍ وَّاَكْوَابٍ ۚ— وَفِیْهَا مَا تَشْتَهِیْهِ الْاَنْفُسُ وَتَلَذُّ الْاَعْیُنُ ۚ— وَاَنْتُمْ فِیْهَا خٰلِدُوْنَ ۟ۚ
ඔවුන්ගේ සේවකයින් රනින් වූ භාජන හා විනිවිද පෙනෙන කෝප්ප සහිත ව ඔවුන් වටා ගමන් කරති. ඔවුන් කැමැති දෑ ද ඔවුන්ගේ ඇස් එය දැක වින්දනය ලබන දෑ ද ඔවුනට ස්වර්ගයේ ඇත. නුඹලා එහි සදා කල් වෙසෙනු ඇත. කිසිවිටෙක නුඹලා එයින් බැහැර නොවෙති.
Tafsiran larabci:
وَتِلْكَ الْجَنَّةُ الَّتِیْۤ اُوْرِثْتُمُوْهَا بِمَا كُنْتُمْ تَعْمَلُوْنَ ۟
නුඹලාට මෙසේ විස්තර කරන එම ස්වර්ග උයන වනාහි අල්ලාහ් ඔහුගේ භාග්යයෙන් නුඹලාගේ ක්රියාවන් සඳහා නුඹලාටම උරුම කර දුන් දැයකි.
Tafsiran larabci:
لَكُمْ فِیْهَا فَاكِهَةٌ كَثِیْرَةٌ مِّنْهَا تَاْكُلُوْنَ ۟
එහි නුඹලාට කිසිදු කප්පාදුවකින් තොර ව අධික වශයෙන් පලතුරු ඇත. නුඹලා එයින් අනුභව කරනු ඇත.
Tafsiran larabci:
daga cikin fa'idodin Ayoyin wannan shafi:
• نزول عيسى من علامات الساعة الكبرى.
•ඊසා (අලයිහිස් සලාම්) තුමාගේ පහළ වීම අවසන් හෝරාවේ මහා සංඥා අතරින් එකකි.

• انقطاع خُلَّة الفساق يوم القيامة، ودوام خُلَّة المتقين.
•මළවුන් කෙරෙන් නැගිටුවනු ලබන දිනයේ දුෂ්ඨයින්ගේ සම්බන්ධතා විසන්ධි වී යනු ඇත. දේව බැතිමතුන්ගේ සම්බන්ධතා දිගටම පවතිනු ඇත.

• بشارة الله للمؤمنين وتطمينه لهم عما خلفوا وراءهم من الدنيا وعما يستقبلونه في الآخرة.
•දේව විශ්වාසීන් සඳහා අල්ලාහ්ගේ සුභාරංචිය. මෙලොව ඔවුන්ගේ පසුපසින් ඔවුන් හැරදමා ආ දෑ ගැන හා මතුලොවෙහි ඔවුන් මුහුණ දෙන්නට යන දෑ ගැන ඔහුගේ සහතිකය.

اِنَّ الْمُجْرِمِیْنَ فِیْ عَذَابِ جَهَنَّمَ خٰلِدُوْنَ ۟ۚ
මළවුන් කෙරෙන් නැගිටුවනු ලබන දිනයේ දේව ප්රතික්ෂේපය හා පාපකම් හේතුවෙන් අරපාධ කළවුන් නිරයේ දඬුවම තුළ සදා රැඳෙන්නෝ වෙති.
Tafsiran larabci:
لَا یُفَتَّرُ عَنْهُمْ وَهُمْ فِیْهِ مُبْلِسُوْنَ ۟ۚ
ඔවුන්ගෙන් දඬුවම සැහැල්ලු කරනු නොලැබේ. අල්ලාහ්ගේ කරුණාව ගැන ඔවුහු බලාපොරොත්තු සුන්වූවෝ වෙති.
Tafsiran larabci:
وَمَا ظَلَمْنٰهُمْ وَلٰكِنْ كَانُوْا هُمُ الظّٰلِمِیْنَ ۟
ඔවුන් නිරයට ඇතුළත් කරන අවස්ථාවේ අපි ඔවුනට අපරාධ නොකළෙමු. නමුත් දේව ප්රතික්ෂේපය හේතුවෙන් ඔවුන් අපරාධකරුවන් බවට පත් වූයේ ඔවුන් විසින්මය.
Tafsiran larabci:
وَنَادَوْا یٰمٰلِكُ لِیَقْضِ عَلَیْنَا رَبُّكَ ؕ— قَالَ اِنَّكُمْ مّٰكِثُوْنَ ۟
ඔවුහු නිරයේ භාරකාර මාලික් අමතා, ‘අහෝ මාලික්! නුඹේ පරමාධිපති අපව මරණයට පත් කරත්වා! එවිට අපි දඬුවමෙන් නිදහස් වන්නෙමු’ යැයි පවසති. එවිට මාලික් ඔවුනට පිළිතුරු දෙමින්, ‘නුඹලා මෙම දඬුවමේ සදා රැඳෙන්නෝ වෙති. නුඹලා මරණයට පත් නොවෙති. නුඹලාගේ දඬුවම විසන්ධි කරනු නොලැබේ.' යැයි පවසයි.
Tafsiran larabci:
لَقَدْ جِئْنٰكُمْ بِالْحَقِّ وَلٰكِنَّ اَكْثَرَكُمْ لِلْحَقِّ كٰرِهُوْنَ ۟
මෙලොවෙහි කිසිදු සැකයක් නැති සත්යය සමගම අපි නුඹලා වෙත පැමිණියෙමු. නමුත් නුඹලාගෙන් බහුතරයක් දෙනා සත්යය හෙළා දකින්නන් වූහ.
Tafsiran larabci:
اَمْ اَبْرَمُوْۤا اَمْرًا فَاِنَّا مُبْرِمُوْنَ ۟ۚ
එසේ ඔවුන් නබි (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමාට වංචා කොට එතුමාට කුමන්ත්රණයක් සැලැසුම් කළේ නම්, සැබැවින්ම අපි ද ඔවුන්ගේ කුමන්ත්රණයට වඩා ඉහළින් සැලසුමක් ඔවුන් හට තීන්දු කරන්නන් වෙමු.
Tafsiran larabci:
اَمْ یَحْسَبُوْنَ اَنَّا لَا نَسْمَعُ سِرَّهُمْ وَنَجْوٰىهُمْ ؕ— بَلٰی وَرُسُلُنَا لَدَیْهِمْ یَكْتُبُوْنَ ۟
ඔවුන්ගේ සිත් තුළ සඟවාගෙන සිටින ඔවුන්ගේ රහස් හා ඔවුන් රහසින් සාකච්ඡා කරමින් සිටින ඔවුන්ගේ රහස්වලට සැබැවින් අප සවන් නොදෙනු ඇතැයි ඔවුන් සිතන්නෝ ද? එසේ නොව, සැබැවින්ම ඒ සියල්ලට අපි සවන් දෙන්නෙමු. මලක්වරුන් ඔවුන් ඉදිරියේ සිට ඔවුන් සිදු කරන දෑ සටහන් කරති.
Tafsiran larabci:
قُلْ اِنْ كَانَ لِلرَّحْمٰنِ وَلَدٌ ۖۗ— فَاَنَا اَوَّلُ الْعٰبِدِیْنَ ۟
අහෝ ධර්ම දූතය! අල්ලාහ්ට ගැහැණු දරුවන් ආරෝපණය කරන්නන් හට නුඹ මෙසේ පවසනු. 'ඔවුන් පවසන දැයින් උත්තරීතර අල්ලාහ් ඉතා උසස්ය. අල්ලාහ්ට කිසිදු දරුවෙකු නොවීය. එයින් ඔහු පිවිතුරුය. සුවිශුද්ධය. එහෙයින් උත්තරීතර අල්ලාහ්ව පිවිතුරු කරමින් ඔහුට නැමදුම් කරන පළමු වැන්නා මම වෙමි.'
Tafsiran larabci:
سُبْحٰنَ رَبِّ السَّمٰوٰتِ وَالْاَرْضِ رَبِّ الْعَرْشِ عَمَّا یَصِفُوْنَ ۟
අහස්හි හා මහපොළොවේ පරමාධිපති වූද, අර්ෂ්හි පරමාධිපති වූද, අල්ලාහ්ට හවුල්කරුවකු බිරියකු හා දරවකු ආරෝපණය කර දේව ආදේශකයින් පවසා සිටින දැයින් ඔහු පිවිතුරුය.
Tafsiran larabci:
فَذَرْهُمْ یَخُوْضُوْا وَیَلْعَبُوْا حَتّٰی یُلٰقُوْا یَوْمَهُمُ الَّذِیْ یُوْعَدُوْنَ ۟
අහෝ දූතය! ඔවුනට ප්රතිඥා දුන් දිනය ඔවුන් හමුවන තුරු - එනම් මළවුන් කෙරෙන් නැගිටුවනු ලබන දිනය තෙක් - ඔවුන් කවර ව්යාජත්වයක ධාවනය වෙමින් සිටින්නේ ද එහි ධාවනය වන්නටත් සෙල්ලම් කරන්නටත් ඔවුනට ඉඩ හරිනු.
Tafsiran larabci:
وَهُوَ الَّذِیْ فِی السَّمَآءِ اِلٰهٌ وَّفِی الْاَرْضِ اِلٰهٌ ؕ— وَهُوَ الْحَكِیْمُ الْعَلِیْمُ ۟
සුවිශුද්ධයාණන් වන ඔහු සැබෑ ලෙසින් අහස්හි නැමදුමට පාත්ර වන්නාය. එමෙන්ම මහපොළොවේ ද සැබෑ ලෙසින් නැමදුමට ලක් වන්නාය. ඔහුගේ මැවීමෙහි, ඔහුගේ නියමයෙහි හා ඔහුගේ සැලසුමෙහි ඔහු මහා ප්රඥාවන්තය. තම ගැත්තන්ගේ තත්ත්වයන් පිළිබඳ මැනවින් දන්නාය. ඔහුට කිසිවක් සැඟවෙන්නේ නැත.
Tafsiran larabci:
وَتَبٰرَكَ الَّذِیْ لَهٗ مُلْكُ السَّمٰوٰتِ وَالْاَرْضِ وَمَا بَیْنَهُمَا ۚ— وَعِنْدَهٗ عِلْمُ السَّاعَةِ ۚ— وَاِلَیْهِ تُرْجَعُوْنَ ۟
අහස්හි හිමාපාණන්වූද මහපොළොවේ හිමාපාණන්වූද ඒ දෙක අතර ඇති දෑහි හිමිපාණන්වූද අල්ලාහ්ගේ ශ්රේෂ්ඨත්ව හා ඔහුගේ සමෘද්ධිය අති උත්කෘෂ්ට විය. මළවුන් කෙරෙන් නැගිටුවනු ලබන දිනය සිදුවන මොහොත පිළිබඳ දැනුම ඔහු සතුව පමණක් ඇත. වෙනත් කිසිවෙකු එය නොදනී. විනිශ්චය හා ප්රතිඵල සඳහා නුඹලා මතුලොවෙහි යොමු කරනු ලබනුයේ ඔහු වෙත පමණය.
Tafsiran larabci:
وَلَا یَمْلِكُ الَّذِیْنَ یَدْعُوْنَ مِنْ دُوْنِهِ الشَّفَاعَةَ اِلَّا مَنْ شَهِدَ بِالْحَقِّ وَهُمْ یَعْلَمُوْنَ ۟
අල්ලාහ් හැර වෙනත් දෙවිඳෙකු නැතැයි සාක්ෂි දැරූ අයට හැර, අල්ලාහ් හැරදමා දේව ආදේශකයින් නමදිමින් සිටින සෙසු අයට අල්ලාහ් අබියස මැදිහත් වීම සඳහා කිසිදු අයිතියක් හිමි නැත. ඊසා තුමා, උසෙයිර් තුමා හා මලක්වරුන් පිළිබඳ ඔවුන් කවර සාක්ෂියක් දරන්නේ ද ඒ ගැන ඔහු දනී.
Tafsiran larabci:
وَلَىِٕنْ سَاَلْتَهُمْ مَّنْ خَلَقَهُمْ لَیَقُوْلُنَّ اللّٰهُ فَاَنّٰی یُؤْفَكُوْنَ ۟ۙ
ඔවුන් මැව්වේ කව්දැ?යි නුඹලා ඔවුන්ගෙන් විමසා සිටියේ නම්, ඔවුහු, ‘අප මැව්වේ අල්ලාහ් වේ’ යැයි පවසති. මෙම පිළිගැනීමෙන් පසු ව ඔහුට ගැතිකම් කිරීමෙන් ඔවුන් වෙනතකට යොමු කරනු ලබනුයේ කෙසේද?
Tafsiran larabci:
وَقِیْلِهٖ یٰرَبِّ اِنَّ هٰۤؤُلَآءِ قَوْمٌ لَّا یُؤْمِنُوْنَ ۟ۘ
ඔහුගේ දූතයාව ඔහුගේ ජනයා බොරු කරමින් සිටින බවට ඔහු පැමිණිලි කර සිටීමේ දැනුමද ශුද්ධවන්තයාණන් අබියස ඇත. එහි වූ එතුමාගේ ප්රකාශයක් වනුයේ, ‘අහෝ මාගේ පරමාධිපතියාණනි! සැබැවින්ම මෙම පිරිස වෙත මා කවර කරුණක් සමග නුඹ මා දූතයෙකු සේ යැව්වේ ද එය ඔවුන් විශ්වාස නොකරන පිරිසකි’ යන්නයි.
Tafsiran larabci:
فَاصْفَحْ عَنْهُمْ وَقُلْ سَلٰمٌ ؕ— فَسَوْفَ یَعْلَمُوْنَ ۟۠
එහෙයින් නුඹ ඔවුන්ගෙන් ඈත්ව සිටිනු. නුඹ කවර කරුණකින් ඔවුන්ගේ නපුර වලක්වන්නේ ද එය ඔවුනට පවසා සිටිනු. -එය මක්කාවේ සිටි අවදියේය- ඔවුන් මුහුණ දෙන්නට යන දඬුවම පිළිබඳ ඔවුන් මතු දැනගනු ඇත.
Tafsiran larabci:
daga cikin fa'idodin Ayoyin wannan shafi:
• كراهة الحق خطر عظيم.
•සත්යය පිළිකුල් කිරීම බරපතල වරදකි.

• مكر الكافرين يعود عليهم ولو بعد حين.
•දේව ආදේශකයින්ගේ කුමන්ත්රණ ටික කලක් ගත වීමෙන් පසු හෝ ඔවුන් වෙත නැවත හැරී එනු ඇත.

• كلما ازداد علم العبد بربه، ازداد ثقة بربه وتسليمًا لشرعه.
•තම පරමාධිපති ගැන වූ ගැත්තාගේ දැනුම වර්ධනය වන සෑම අවස්ථාවකම ඔහුගේ පරමාධිපති ගැන විශ්වාසය හා ඔහුගේ පිළිවෙතට යටත් වීම වර්ධනය වනු ඇත.

• اختصاص الله بعلم وقت الساعة.
•අවසන් හෝරාව පිළිබඳ දැනුම අල්ලාහ්ට පමණක් විශේෂ වූවකි.

 
Fassarar Ma'anoni Sura: Suratu Al'zukhruf
Teburin Jerin Sunayen Surori Lambar shafi
 
Fassarar Ma'anonin Alqura'ni - الترجمة السنهالية للمختصر في تفسير القرآن الكريم - Teburin Bayani kan wasu Fassarori

الترجمة السنهالية للمختصر في تفسير القرآن الكريم، صادر عن مركز تفسير للدراسات القرآنية.

Rufewa