Fassarar Ma'anonin Alqura'ni - الترجمة السنهالية للمختصر في تفسير القرآن الكريم * - Teburin Bayani kan wasu Fassarori


Fassarar Ma'anoni Sura: Suratu Algashiyah   Aya:

සූරා අල් ඝාෂියා

daga cikin abunda Surar ta kunsa:
التذكير بالآخرة وما فيها من الثواب والعقاب، والنظر في براهين قدرة الله.
මතුලොව මෙන්ම එහි ඇති ප්රතිඵල හා දඬුවම් පිළිබඳ මෙනෙහි කිරීම. අල්ලාහ්ගේ බලය පෙන්වා දෙන සාධක දෙස අවධානය යොමු කිරීම.

هَلْ اَتٰىكَ حَدِیْثُ الْغَاشِیَةِ ۟ؕ
අහෝ දූතය! භයානක අර්බුදවලින් මිනිසා ආවරණය කරන කියාමත් හෙවත් විනාශය සිදුවන දිනය පිළිබඳ පුවත ඔබ වෙත පැමිණියේ ද?
Tafsiran larabci:
وُجُوْهٌ یَّوْمَىِٕذٍ خَاشِعَةٌ ۟ۙ
කියාමත් දිනයෙහි මිනිසා භාග්යවන්තයින් ලෙස ද අභාග්යවන්තයින් ලෙස ද වෙන්ව සිටිති. අභාග්යවන්තයින්ගේ මුහුණු මැලවී පහත්ව අවමානයෙන් යුතුව පෙළෙනු ඇත.
Tafsiran larabci:
عَامِلَةٌ نَّاصِبَةٌ ۟ۙ
විලංගු දමන ලද විලංගුවල සහ බැද දමන ලද දංවැල්වල හිර වී මහත් විඩාවට පත්ව වෙහෙසව සිටිනු ඇත.
Tafsiran larabci:
تَصْلٰی نَارًا حَامِیَةً ۟ۙ
දැඩි තාපය සහිත ගින්නට පිවිස එම මුහුණු දැවෙනු ඇත.
Tafsiran larabci:
تُسْقٰی مِنْ عَیْنٍ اٰنِیَةٍ ۟ؕ
නටන දැඩි උණුසුම් සහිත ජල උල්පතින් ඔවුන්ට පොවනු ලබයි.
Tafsiran larabci:
لَیْسَ لَهُمْ طَعَامٌ اِلَّا مِنْ ضَرِیْعٍ ۟ۙ
පෝෂණය දෙන තරමටවූ කිසිදු ආහාරයක් එහි ඔවුනට නොතිබෙනු ඇත. වියැළුණු විට විස බවට පත් වන ‘අෂ්-ෂිබ්රික්’ හෙවත් දුගඳ හමන පිළිකුල් පැලෑටි වර්ගයක් පමණක් ආහාරය සඳහා ඔවුනට එහිදී පිරිනමනු ලැබේ.
Tafsiran larabci:
لَّا یُسْمِنُ وَلَا یُغْنِیْ مِنْ جُوْعٍ ۟ؕ
එය අනුභව කරන්නාගේ ශරීරය නොවඩන අතර ඔහුගේ කුසගින්න ද එමගින් නිවෙන්නේ නැත.
Tafsiran larabci:
وُجُوْهٌ یَّوْمَىِٕذٍ نَّاعِمَةٌ ۟ۙ
එදිනදී භාග්යවතුන්ගේ මුහුණුවල සතුට සොම්නස හා ප්රීතිය පිරී පවතිනු ඇත. එය ඔවුන් එහිදී අත්විදින සැපත හේතුවෙනි.
Tafsiran larabci:
لِّسَعْیِهَا رَاضِیَةٌ ۟ۙ
මෙලොව දැහැමියා කළ යහපත් කටයුතු පිළිගනු ලැබ, එම ක්රියාවන් සඳහා රැස් කර ඇති පින් සමඟ තවත් කිහිප ගුණයකින් යුතුව ඔහු ලබනු ඇත.
Tafsiran larabci:
فِیْ جَنَّةٍ عَالِیَةٍ ۟ۙ
පිහිටීමෙන් උසස් මෙන්ම තරාතිරමින් උසස් වූ ස්වර්ගයේ ඔහු වෙසෙනු ඇත.
Tafsiran larabci:
لَّا تَسْمَعُ فِیْهَا لَاغِیَةً ۟ؕ
තහනම් ප්රකාශයකට සවන් නොදෙන්නා සේම ස්වර්ගයේ පුහු හෝ විහිළු කිසිදු වදනකට ඔවුන් සවන් දෙන්නේ නැත.
Tafsiran larabci:
فِیْهَا عَیْنٌ جَارِیَةٌ ۟ۘ
පැළී ගලා යන දිය උල්පත් ද එම ස්වර්ගයේ දක්නට ඇත. තමන් කැමති පරිදි ඒවා තමන් වෙත හරවා ගනිති.
Tafsiran larabci:
فِیْهَا سُرُرٌ مَّرْفُوْعَةٌ ۟ۙ
එහි උස් කවිච්චි ද ඇත.
Tafsiran larabci:
وَّاَكْوَابٌ مَّوْضُوْعَةٌ ۟ۙ
බීමට සූදානම් කොට තබන ලද බඳුන් ද විසිරී පවතී.
Tafsiran larabci:
وَّنَمَارِقُ مَصْفُوْفَةٌ ۟ۙ
එකිනෙකට ළඟ තබන ලද කොට්ට ද ඇත.
Tafsiran larabci:
وَّزَرَابِیُّ مَبْثُوْثَةٌ ۟ؕ
එහා මෙහා එළන ලද බුමුතුරුණු ද එහි ඇත.
Tafsiran larabci:
اَفَلَا یَنْظُرُوْنَ اِلَی الْاِبِلِ كَیْفَ خُلِقَتْ ۟ۥ
ඔටුවා මවා ඇති අයුරු හා එය මිනිසාට හීලෑ කර දී ඇති අයුරු පිළිබඳ බුද්ධිමත් ලෙසින් ඔවුන් සිතා බැලිය යුතු නොවේද?
Tafsiran larabci:
وَاِلَی السَّمَآءِ كَیْفَ رُفِعَتْ ۟ۥ
එමෙන්ම ඔවුනට ඉහළින් අහස ඔසවා, එය ඔවුන් මත නොවැටෙන සේ ආරක්ෂිත වියනක් ලෙස සකසා තිබෙන අයුරු ඔවුන් සිතා බැලිය යුතු නොවේ ද?
Tafsiran larabci:
وَاِلَی الْجِبَالِ كَیْفَ نُصِبَتْ ۟ۥ
තවද කඳු සිටුවා, එමගින් මිනිසා ජීවත්වීමට පහසු ලෙස පොළව චලනය නොවන පරිදි ශක්තිමත් කර තිබෙන අයුරු ඔවුන් සිතා බැලිය යුතු නොවේ ද?
Tafsiran larabci:
وَاِلَی الْاَرْضِ كَیْفَ سُطِحَتْ ۟
පොළොව මත මිනිසා පදිංචිවීමට සුදුසු අයුරින් එය ව්යාප්ත කර ඇත්තේ කෙසේ දැයි ඔවුන් සිතා බැලිය යුතු නොවේ ද?
Tafsiran larabci:
فَذَكِّرْ ۫— اِنَّمَاۤ اَنْتَ مُذَكِّرٌ ۟ؕ
අහෝ දූතය! ඔබ මොවුනට උපදෙස් දෙන්න. අල්ලාහ්ගේ දඬුවම පිළිබඳ බිය ඇති කරවන්න. ඔබ මතක් කර දෙන්නෙකු පමණය. ඔබ ඔවුන්ට මතක් කර දීම පමණක් මිස වෙනකක් ඔබෙන් ඔහු (අල්ලාහ්) බලාපොරොත්තු නොවෙයි. ඔවුනට දේව විශ්වාසයේ භාග්යය පිරිනැමීම අල්ලාහ්ට පමණක් අයත් කාර්යයකි.
Tafsiran larabci:
لَسْتَ عَلَیْهِمْ بِمُصَۜیْطِرٍ ۟ۙ
ඔවුන් දේව විශ්වාසය පිළිකුල් කරන තරමට ඔබ ඔවුන් කෙරෙහි බලය යෙදවීම ඔබට සුදුසු නැත.
Tafsiran larabci:
daga cikin fa'idodin Ayoyin wannan shafi:
• أهمية تطهير النفس من الخبائث الظاهرة والباطنة.
• බාහිර හා අභ්යන්තර කිලිටිවලින් ආත්මය පිවිතුරු කර ගැනීමේ වැදගත්කම.

• الاستدلال بالمخلوقات على وجود الخالق وعظمته.
• මැවීම් සියල්ල, ඒවා මැවූ මැවුම්කරුගේ පැවැත්ම හා ඔහුගේ බලය විදහා පාන සාධක වෙති.

• مهمة الداعية الدعوة، لا حمل الناس على الهداية؛ لأن الهداية بيد الله.
• යහමඟ පිරිනැමීම අල්ලාහ් සතු කාර්යයක් වන බැවින් එය ලබා ගැනීමේ වගකීම මිනිසා මත පැටවී ඇත.

اِلَّا مَنْ تَوَلّٰی وَكَفَرَ ۟ۙ
නමුත් ඔවුන් අතර දේව විශ්වාසය අතහැර යන එමෙන්ම අල්ලාහ් හා ඔහුගේ දූතයාණන්ව ප්රතික්ෂේප කරන අය (අන්තවාදීන්) .
Tafsiran larabci:
فَیُعَذِّبُهُ اللّٰهُ الْعَذَابَ الْاَكْبَرَ ۟ؕ
මළවුන් කෙරෙන් නැගිටුවනු ලබන දිනයේදී සත්යය පිටු පා ප්රතික්ෂේප කරන්නන් සදා නිරයට හෙළමින් ඔවුන්ට මහත් සේ අල්ලාහ් දඬුවම් කරනු ඇත.
Tafsiran larabci:
اِنَّ اِلَیْنَاۤ اِیَابَهُمْ ۟ۙ
ඔවුන්ගේ මරණයෙන් පසුව ඔවුන් නැවත ආ යුත්තේ අප වෙත පමණකි.
Tafsiran larabci:
ثُمَّ اِنَّ عَلَیْنَا حِسَابَهُمْ ۟۠
පසුව ඔවුන්ගේ ක්රියාකාරකම්වල ගණනය හා විනිශ්චයේ අයිතිය ඇත්තේද අප හට පමණකි. එම අයිතිය ඔබට හෝ වෙනත් කිසිවකුට හෝ නොමැත.
Tafsiran larabci:
daga cikin fa'idodin Ayoyin wannan shafi:
• فضل عشر ذي الحجة على أيام السنة.
• වසරේ දින අතුරින් දුල් හජ් මාසයේ දින දහය පිළිබඳ වූ මහිමය.

• ثبوت المجيء لله تعالى يوم القيامة وفق ما يليق به؛ من غير تشبيه ولا تمثيل ولا تعطيل.
• කිසිදු ආදේශයකින් තොරව උපමා කිරීමකින් තොරව මළවුන් කෙරෙන් නැගිටුවනු ලබන දිනයේදී අල්ලාහ් තම නියම ස්වරූපයෙන් ඔහුට ආවේනික වූ පරිදි පැමිණෙන බව තහවුරු කිරීම.

• المؤمن إذا ابتلي صبر وإن أعطي شكر.
• දෙවියන් කෙරෙහි විශ්වාසය තබන්නා තමන්ට යම් අභාග්යයක් සිදු වූ විට ඉවසිලිවන්තව කටයුතු කරයි. තමන්ට යමක් පිරිනමනු ලැබූ විට ඒ සඳහා කෘතවේදය පළ කරයි.

 
Fassarar Ma'anoni Sura: Suratu Algashiyah
Teburin Jerin Sunayen Surori Lambar shafi
 
Fassarar Ma'anonin Alqura'ni - الترجمة السنهالية للمختصر في تفسير القرآن الكريم - Teburin Bayani kan wasu Fassarori

الترجمة السنهالية للمختصر في تفسير القرآن الكريم، صادر عن مركز تفسير للدراسات القرآنية.

Rufewa