የቅዱስ ቁርዓን ይዘት ትርጉም - الترجمة السنهالية للمختصر في تفسير القرآن الكريم * - የትርጉሞች ማዉጫ


የይዘት ትርጉም ምዕራፍ: ሱረቱ አል ጋሺያህ   አንቀጽ:

සූරා අල් ඝාෂියා

ከመዕራፉ ዓላማዎች:
التذكير بالآخرة وما فيها من الثواب والعقاب، والنظر في براهين قدرة الله.
මතුලොව මෙන්ම එහි ඇති ප්රතිඵල හා දඬුවම් පිළිබඳ මෙනෙහි කිරීම. අල්ලාහ්ගේ බලය පෙන්වා දෙන සාධක දෙස අවධානය යොමු කිරීම.

هَلْ اَتٰىكَ حَدِیْثُ الْغَاشِیَةِ ۟ؕ
අහෝ දූතය! භයානක අර්බුදවලින් මිනිසා ආවරණය කරන කියාමත් හෙවත් විනාශය සිදුවන දිනය පිළිබඳ පුවත ඔබ වෙත පැමිණියේ ද?
የአረብኛ ቁርኣን ማብራሪያ:
وُجُوْهٌ یَّوْمَىِٕذٍ خَاشِعَةٌ ۟ۙ
කියාමත් දිනයෙහි මිනිසා භාග්යවන්තයින් ලෙස ද අභාග්යවන්තයින් ලෙස ද වෙන්ව සිටිති. අභාග්යවන්තයින්ගේ මුහුණු මැලවී පහත්ව අවමානයෙන් යුතුව පෙළෙනු ඇත.
የአረብኛ ቁርኣን ማብራሪያ:
عَامِلَةٌ نَّاصِبَةٌ ۟ۙ
විලංගු දමන ලද විලංගුවල සහ බැද දමන ලද දංවැල්වල හිර වී මහත් විඩාවට පත්ව වෙහෙසව සිටිනු ඇත.
የአረብኛ ቁርኣን ማብራሪያ:
تَصْلٰی نَارًا حَامِیَةً ۟ۙ
දැඩි තාපය සහිත ගින්නට පිවිස එම මුහුණු දැවෙනු ඇත.
የአረብኛ ቁርኣን ማብራሪያ:
تُسْقٰی مِنْ عَیْنٍ اٰنِیَةٍ ۟ؕ
නටන දැඩි උණුසුම් සහිත ජල උල්පතින් ඔවුන්ට පොවනු ලබයි.
የአረብኛ ቁርኣን ማብራሪያ:
لَیْسَ لَهُمْ طَعَامٌ اِلَّا مِنْ ضَرِیْعٍ ۟ۙ
පෝෂණය දෙන තරමටවූ කිසිදු ආහාරයක් එහි ඔවුනට නොතිබෙනු ඇත. වියැළුණු විට විස බවට පත් වන ‘අෂ්-ෂිබ්රික්’ හෙවත් දුගඳ හමන පිළිකුල් පැලෑටි වර්ගයක් පමණක් ආහාරය සඳහා ඔවුනට එහිදී පිරිනමනු ලැබේ.
የአረብኛ ቁርኣን ማብራሪያ:
لَّا یُسْمِنُ وَلَا یُغْنِیْ مِنْ جُوْعٍ ۟ؕ
එය අනුභව කරන්නාගේ ශරීරය නොවඩන අතර ඔහුගේ කුසගින්න ද එමගින් නිවෙන්නේ නැත.
የአረብኛ ቁርኣን ማብራሪያ:
وُجُوْهٌ یَّوْمَىِٕذٍ نَّاعِمَةٌ ۟ۙ
එදිනදී භාග්යවතුන්ගේ මුහුණුවල සතුට සොම්නස හා ප්රීතිය පිරී පවතිනු ඇත. එය ඔවුන් එහිදී අත්විදින සැපත හේතුවෙනි.
የአረብኛ ቁርኣን ማብራሪያ:
لِّسَعْیِهَا رَاضِیَةٌ ۟ۙ
මෙලොව දැහැමියා කළ යහපත් කටයුතු පිළිගනු ලැබ, එම ක්රියාවන් සඳහා රැස් කර ඇති පින් සමඟ තවත් කිහිප ගුණයකින් යුතුව ඔහු ලබනු ඇත.
የአረብኛ ቁርኣን ማብራሪያ:
فِیْ جَنَّةٍ عَالِیَةٍ ۟ۙ
පිහිටීමෙන් උසස් මෙන්ම තරාතිරමින් උසස් වූ ස්වර්ගයේ ඔහු වෙසෙනු ඇත.
የአረብኛ ቁርኣን ማብራሪያ:
لَّا تَسْمَعُ فِیْهَا لَاغِیَةً ۟ؕ
තහනම් ප්රකාශයකට සවන් නොදෙන්නා සේම ස්වර්ගයේ පුහු හෝ විහිළු කිසිදු වදනකට ඔවුන් සවන් දෙන්නේ නැත.
የአረብኛ ቁርኣን ማብራሪያ:
فِیْهَا عَیْنٌ جَارِیَةٌ ۟ۘ
පැළී ගලා යන දිය උල්පත් ද එම ස්වර්ගයේ දක්නට ඇත. තමන් කැමති පරිදි ඒවා තමන් වෙත හරවා ගනිති.
የአረብኛ ቁርኣን ማብራሪያ:
فِیْهَا سُرُرٌ مَّرْفُوْعَةٌ ۟ۙ
එහි උස් කවිච්චි ද ඇත.
የአረብኛ ቁርኣን ማብራሪያ:
وَّاَكْوَابٌ مَّوْضُوْعَةٌ ۟ۙ
බීමට සූදානම් කොට තබන ලද බඳුන් ද විසිරී පවතී.
የአረብኛ ቁርኣን ማብራሪያ:
وَّنَمَارِقُ مَصْفُوْفَةٌ ۟ۙ
එකිනෙකට ළඟ තබන ලද කොට්ට ද ඇත.
የአረብኛ ቁርኣን ማብራሪያ:
وَّزَرَابِیُّ مَبْثُوْثَةٌ ۟ؕ
එහා මෙහා එළන ලද බුමුතුරුණු ද එහි ඇත.
የአረብኛ ቁርኣን ማብራሪያ:
اَفَلَا یَنْظُرُوْنَ اِلَی الْاِبِلِ كَیْفَ خُلِقَتْ ۟ۥ
ඔටුවා මවා ඇති අයුරු හා එය මිනිසාට හීලෑ කර දී ඇති අයුරු පිළිබඳ බුද්ධිමත් ලෙසින් ඔවුන් සිතා බැලිය යුතු නොවේද?
የአረብኛ ቁርኣን ማብራሪያ:
وَاِلَی السَّمَآءِ كَیْفَ رُفِعَتْ ۟ۥ
එමෙන්ම ඔවුනට ඉහළින් අහස ඔසවා, එය ඔවුන් මත නොවැටෙන සේ ආරක්ෂිත වියනක් ලෙස සකසා තිබෙන අයුරු ඔවුන් සිතා බැලිය යුතු නොවේ ද?
የአረብኛ ቁርኣን ማብራሪያ:
وَاِلَی الْجِبَالِ كَیْفَ نُصِبَتْ ۟ۥ
තවද කඳු සිටුවා, එමගින් මිනිසා ජීවත්වීමට පහසු ලෙස පොළව චලනය නොවන පරිදි ශක්තිමත් කර තිබෙන අයුරු ඔවුන් සිතා බැලිය යුතු නොවේ ද?
የአረብኛ ቁርኣን ማብራሪያ:
وَاِلَی الْاَرْضِ كَیْفَ سُطِحَتْ ۟
පොළොව මත මිනිසා පදිංචිවීමට සුදුසු අයුරින් එය ව්යාප්ත කර ඇත්තේ කෙසේ දැයි ඔවුන් සිතා බැලිය යුතු නොවේ ද?
የአረብኛ ቁርኣን ማብራሪያ:
فَذَكِّرْ ۫— اِنَّمَاۤ اَنْتَ مُذَكِّرٌ ۟ؕ
අහෝ දූතය! ඔබ මොවුනට උපදෙස් දෙන්න. අල්ලාහ්ගේ දඬුවම පිළිබඳ බිය ඇති කරවන්න. ඔබ මතක් කර දෙන්නෙකු පමණය. ඔබ ඔවුන්ට මතක් කර දීම පමණක් මිස වෙනකක් ඔබෙන් ඔහු (අල්ලාහ්) බලාපොරොත්තු නොවෙයි. ඔවුනට දේව විශ්වාසයේ භාග්යය පිරිනැමීම අල්ලාහ්ට පමණක් අයත් කාර්යයකි.
የአረብኛ ቁርኣን ማብራሪያ:
لَسْتَ عَلَیْهِمْ بِمُصَۜیْطِرٍ ۟ۙ
ඔවුන් දේව විශ්වාසය පිළිකුල් කරන තරමට ඔබ ඔවුන් කෙරෙහි බලය යෙදවීම ඔබට සුදුසු නැත.
የአረብኛ ቁርኣን ማብራሪያ:
ከአንቀጾቹ የምንማራቸዉ ቁም ነገሮች:
• أهمية تطهير النفس من الخبائث الظاهرة والباطنة.
• බාහිර හා අභ්යන්තර කිලිටිවලින් ආත්මය පිවිතුරු කර ගැනීමේ වැදගත්කම.

• الاستدلال بالمخلوقات على وجود الخالق وعظمته.
• මැවීම් සියල්ල, ඒවා මැවූ මැවුම්කරුගේ පැවැත්ම හා ඔහුගේ බලය විදහා පාන සාධක වෙති.

• مهمة الداعية الدعوة، لا حمل الناس على الهداية؛ لأن الهداية بيد الله.
• යහමඟ පිරිනැමීම අල්ලාහ් සතු කාර්යයක් වන බැවින් එය ලබා ගැනීමේ වගකීම මිනිසා මත පැටවී ඇත.

اِلَّا مَنْ تَوَلّٰی وَكَفَرَ ۟ۙ
නමුත් ඔවුන් අතර දේව විශ්වාසය අතහැර යන එමෙන්ම අල්ලාහ් හා ඔහුගේ දූතයාණන්ව ප්රතික්ෂේප කරන අය (අන්තවාදීන්) .
የአረብኛ ቁርኣን ማብራሪያ:
فَیُعَذِّبُهُ اللّٰهُ الْعَذَابَ الْاَكْبَرَ ۟ؕ
මළවුන් කෙරෙන් නැගිටුවනු ලබන දිනයේදී සත්යය පිටු පා ප්රතික්ෂේප කරන්නන් සදා නිරයට හෙළමින් ඔවුන්ට මහත් සේ අල්ලාහ් දඬුවම් කරනු ඇත.
የአረብኛ ቁርኣን ማብራሪያ:
اِنَّ اِلَیْنَاۤ اِیَابَهُمْ ۟ۙ
ඔවුන්ගේ මරණයෙන් පසුව ඔවුන් නැවත ආ යුත්තේ අප වෙත පමණකි.
የአረብኛ ቁርኣን ማብራሪያ:
ثُمَّ اِنَّ عَلَیْنَا حِسَابَهُمْ ۟۠
පසුව ඔවුන්ගේ ක්රියාකාරකම්වල ගණනය හා විනිශ්චයේ අයිතිය ඇත්තේද අප හට පමණකි. එම අයිතිය ඔබට හෝ වෙනත් කිසිවකුට හෝ නොමැත.
የአረብኛ ቁርኣን ማብራሪያ:
ከአንቀጾቹ የምንማራቸዉ ቁም ነገሮች:
• فضل عشر ذي الحجة على أيام السنة.
• වසරේ දින අතුරින් දුල් හජ් මාසයේ දින දහය පිළිබඳ වූ මහිමය.

• ثبوت المجيء لله تعالى يوم القيامة وفق ما يليق به؛ من غير تشبيه ولا تمثيل ولا تعطيل.
• කිසිදු ආදේශයකින් තොරව උපමා කිරීමකින් තොරව මළවුන් කෙරෙන් නැගිටුවනු ලබන දිනයේදී අල්ලාහ් තම නියම ස්වරූපයෙන් ඔහුට ආවේනික වූ පරිදි පැමිණෙන බව තහවුරු කිරීම.

• المؤمن إذا ابتلي صبر وإن أعطي شكر.
• දෙවියන් කෙරෙහි විශ්වාසය තබන්නා තමන්ට යම් අභාග්යයක් සිදු වූ විට ඉවසිලිවන්තව කටයුතු කරයි. තමන්ට යමක් පිරිනමනු ලැබූ විට ඒ සඳහා කෘතවේදය පළ කරයි.

 
የይዘት ትርጉም ምዕራፍ: ሱረቱ አል ጋሺያህ
የምዕራፎች ማውጫ የገፅ ቁጥር
 
የቅዱስ ቁርዓን ይዘት ትርጉም - الترجمة السنهالية للمختصر في تفسير القرآن الكريم - የትርጉሞች ማዉጫ

الترجمة السنهالية للمختصر في تفسير القرآن الكريم، صادر عن مركز تفسير للدراسات القرآنية.

መዝጋት