Check out the new design

Terjemahan makna Alquran Alkarim - Terjemahan Berbahasa Sinhala - Markaz Ruwād At-Tarjamah * - Daftar isi terjemahan

PDF XML CSV Excel API
Please review the Terms and Policies

Terjemahan makna Surah: Maryam   Ayah:
وَنَادَیْنٰهُ مِنْ جَانِبِ الطُّوْرِ الْاَیْمَنِ وَقَرَّبْنٰهُ نَجِیًّا ۟
තවද තූර් (කන්දේ) දකුණු දෙසින් අපි ඔහු ඇමතුවෙමු. තවද කතා කිරීම සඳහා අපි ඔහුව සමීප කළෙමු.
Tafsir berbahasa Arab:
وَوَهَبْنَا لَهٗ مِنْ رَّحْمَتِنَاۤ اَخَاهُ هٰرُوْنَ نَبِیًّا ۟
තවද අපගේ ආශිර්වාදයෙන් අපි ඔහුට ඔහුගේ සහෝදර හාරූන්ව නබිවරයකු ලෙස පිරිනැමුවෙමු.
Tafsir berbahasa Arab:
وَاذْكُرْ فِی الْكِتٰبِ اِسْمٰعِیْلَ ؗ— اِنَّهٗ كَانَ صَادِقَ الْوَعْدِ وَكَانَ رَسُوْلًا نَّبِیًّا ۟ۚ
ධර්ම ග්‍රන්ථයේ ඉස්මාඊල්ව ද මෙනෙහි කරනු. නියත වශයෙන් ම ඔහු ප්‍රතිඥාව සැබෑ ලෙස ඉටු කරන්නෙකු විය. තවද ඔහු ධර්ම දූතයෙකු හා නබිවරයකු විය.
Tafsir berbahasa Arab:
وَكَانَ یَاْمُرُ اَهْلَهٗ بِالصَّلٰوةِ وَالزَّكٰوةِ ۪— وَكَانَ عِنْدَ رَبِّهٖ مَرْضِیًّا ۟
තවද ඔහු සලාතය හා zසකාතය පිළිබඳ ඔහුගේ පවුලේ අයට නියෝග කරන්නෙකු විය. තවද ඔහු ඔහුගේ පරමාධිපති අබියස පිළිගනු ලැබූ කෙනෙකු ද විය.
Tafsir berbahasa Arab:
وَاذْكُرْ فِی الْكِتٰبِ اِدْرِیْسَ ؗ— اِنَّهٗ كَانَ صِدِّیْقًا نَّبِیًّا ۟ۗۙ
තවද ධර්ම ග්‍රන්ථයේ ඉද්රීස් ගැන ද මෙනෙහි කරනු. නියත වශයෙන් ම ඔහු සත්‍යවාදී නබිවරයකු විය.
Tafsir berbahasa Arab:
وَّرَفَعْنٰهُ مَكَانًا عَلِیًّا ۟
තවද අපි උසස් ස්ථානයකට ඔහුව උසස් කළෙමු.
Tafsir berbahasa Arab:
اُولٰٓىِٕكَ الَّذِیْنَ اَنْعَمَ اللّٰهُ عَلَیْهِمْ مِّنَ النَّبِیّٖنَ مِنْ ذُرِّیَّةِ اٰدَمَ ۗ— وَمِمَّنْ حَمَلْنَا مَعَ نُوْحٍ ؗ— وَّمِنْ ذُرِّیَّةِ اِبْرٰهِیْمَ وَاِسْرَآءِیْلَ ؗ— وَمِمَّنْ هَدَیْنَا وَاجْتَبَیْنَا ؕ— اِذَا تُتْلٰی عَلَیْهِمْ اٰیٰتُ الرَّحْمٰنِ خَرُّوْا سُجَّدًا وَّبُكِیًّا ۟
ඔවුහු ආදම්ගේ පරපුරින් ද නූහ් සමඟ අපි ඉසිලූ අයගෙන් ද ඉබ්රාහීම්ගේ හා ඉස්රාඊල්ගේ පරපුරින් ද අපි යහමඟ පෙන්වා තෝරා ගත් අයගෙන් ද වූ නබිවරුන් අතරින් අල්ලාහ් කවරෙකු වෙත ආශිර්වාද කළේ ද එවැනි අය වෙති. ඔවුන් වෙත මහා කරුණාන්විතයාණන්ගේ වදන් පාරායනා කරනු ලබන විට අඬමින් සුජූද්හි වැටෙති.
Tafsir berbahasa Arab:
فَخَلَفَ مِنْ بَعْدِهِمْ خَلْفٌ اَضَاعُوا الصَّلٰوةَ وَاتَّبَعُوا الشَّهَوٰتِ فَسَوْفَ یَلْقَوْنَ غَیًّا ۟ۙ
ඔවුනට පසුව පසුපරම්පරාවක් පැමිණියේ ය. ඔවුහු සලාතය පැහැර හැරියෝ ය. තවද ආශාවන් අනුගමනය කළෝ ය. එහෙයින් ඔවුහු නපුරු විපාකයට මතු මුහුණ දෙනු ඇත.
Tafsir berbahasa Arab:
اِلَّا مَنْ تَابَ وَاٰمَنَ وَعَمِلَ صَالِحًا فَاُولٰٓىِٕكَ یَدْخُلُوْنَ الْجَنَّةَ وَلَا یُظْلَمُوْنَ شَیْـًٔا ۟ۙ
එහෙත් පසුතැවිලි වී දේවත්වය විශ්වාස කොට යහකම් කළවුන් හැර. ඔවුහු වනාහි (ස්වර්ග) උයනට පිවිසෙන්නන් වෙති. තවද කිසිවකින් ඔවුහු අපරාධ කරනු නො ලබති.
Tafsir berbahasa Arab:
جَنّٰتِ عَدْنِ ١لَّتِیْ وَعَدَ الرَّحْمٰنُ عِبَادَهٗ بِالْغَیْبِ ؕ— اِنَّهٗ كَانَ وَعْدُهٗ مَاْتِیًّا ۟
(ඒවා) මහා කරුණාන්විතයාණන් තම ගැත්තන්හට පොරොන්දු වූ අදෘශ්‍යමාන සදාතනික (ස්වර්ග) උයන් ය. නියත වශයෙන් ම ඔහුගේ පොරොන්දුව ගෙන එනු ලබන්නකි.
Tafsir berbahasa Arab:
لَا یَسْمَعُوْنَ فِیْهَا لَغْوًا اِلَّا سَلٰمًا ؕ— وَلَهُمْ رِزْقُهُمْ فِیْهَا بُكْرَةً وَّعَشِیًّا ۟
තවද ඔවුහු සලාම් හෙවත් ශාන්තිය මිස කිසිදු නිෂ්ඵල දෙයකට එහි සවන් නො දෙති. තවද ඔවුන්ගේ පෝෂණය උදේ හා හවස ඔවුනට එහි ඇත.
Tafsir berbahasa Arab:
تِلْكَ الْجَنَّةُ الَّتِیْ نُوْرِثُ مِنْ عِبَادِنَا مَنْ كَانَ تَقِیًّا ۟
එය අපගේ ගැත්තන් අතරින් බිය බැතිමත් වූ අයට අපි උරුම කර දෙන (ස්වර්ග) උයනයි.
Tafsir berbahasa Arab:
وَمَا نَتَنَزَّلُ اِلَّا بِاَمْرِ رَبِّكَ ۚ— لَهٗ مَا بَیْنَ اَیْدِیْنَا وَمَا خَلْفَنَا وَمَا بَیْنَ ذٰلِكَ ۚ— وَمَا كَانَ رَبُّكَ نَسِیًّا ۟ۚ
තවද නුඹගේ පරමාධිපතිගේ නියෝගයෙන් මිස අපි පහළ නො වන්නෙමු. තවද අප ඉදිරියේ ඇති දෑ ද අපට පසුපසින් ඇති දෑ ද ඒ අතර ඇති දෑ ද ඔහු සතු ය. තවද නුඹගේ පරමාධිපති අමතක කරන්නෙකු නො වීය. (යැයි ජිබ්රීල් පැවසී ය.)
Tafsir berbahasa Arab:
 
Terjemahan makna Surah: Maryam
Daftar surah Nomor Halaman
 
Terjemahan makna Alquran Alkarim - Terjemahan Berbahasa Sinhala - Markaz Ruwād At-Tarjamah - Daftar isi terjemahan

Terjemahannya oleh Tim Markaz Ruwwād Terjemah bekerjasama dengan Perkumpulan Dakwah di Rabwah dan Perkumpulan Pelayanan Konten Islami dalam Bahasa.

Tutup