Check out the new design

Terjemahan makna Alquran Alkarim - Terjemahan Berbahasa Sinhala - Markaz Ruwād At-Tarjamah * - Daftar isi terjemahan

PDF XML CSV Excel API
Please review the Terms and Policies

Terjemahan makna Surah: Al-Baqarah   Ayah:
لَا یُؤَاخِذُكُمُ اللّٰهُ بِاللَّغْوِ فِیْۤ اَیْمَانِكُمْ وَلٰكِنْ یُّؤَاخِذُكُمْ بِمَا كَسَبَتْ قُلُوْبُكُمْ ؕ— وَاللّٰهُ غَفُوْرٌ حَلِیْمٌ ۟
පුහු ලෙස නුඹලා දෙන නුඹලාගේ දිවුරුම්වලදී අල්ලාහ් නුඹලාව (වරදකරුවන් ලෙස) ග්‍රහනය කරන්නේ නැත. එහෙත් නුඹලාව ග්‍රහනය කරනුයේ නුඹලාගේ හදවත් ඉපැයූ දෑ අනුව ය. තවද අල්ලාහ් අතික්ෂමාශීලී ය; ඉවසිලිවන්ත ය.
Tafsir berbahasa Arab:
لِلَّذِیْنَ یُؤْلُوْنَ مِنْ نِّسَآىِٕهِمْ تَرَبُّصُ اَرْبَعَةِ اَشْهُرٍ ۚ— فَاِنْ فَآءُوْ فَاِنَّ اللّٰهَ غَفُوْرٌ رَّحِیْمٌ ۟
(ලිංගික ඇසුරෙන්) තම බිරියන්ගෙන් තමන් ඉවත්ව සිටින බවට දිවුරා සිටින්නවුනට මාස හතරක අවකාශ පොරොත්තු කාලයක් ඇත. එසේ ඔවුන් (එම කාලය තුළ) නැවත හැරුණේ නම් එවිට නියත වශයෙන් ම අල්ලාහ් අතික්ෂමාශීලී ය; අසමසම කරුණාන්විත ය.
Tafsir berbahasa Arab:
وَاِنْ عَزَمُوا الطَّلَاقَ فَاِنَّ اللّٰهَ سَمِیْعٌ عَلِیْمٌ ۟
(එම කාලය තුළ) ඔවුන් දික්කසාද වීම ස්ථීර කර ගත්තේ නම් එවිට නියත වශයෙන් ම අල්ලාහ් සර්ව ශ්‍රාවක ය. සර්ව ඥානී ය.
Tafsir berbahasa Arab:
وَالْمُطَلَّقٰتُ یَتَرَبَّصْنَ بِاَنْفُسِهِنَّ ثَلٰثَةَ قُرُوْٓءٍ ؕ— وَلَا یَحِلُّ لَهُنَّ اَنْ یَّكْتُمْنَ مَا خَلَقَ اللّٰهُ فِیْۤ اَرْحَامِهِنَّ اِنْ كُنَّ یُؤْمِنَّ بِاللّٰهِ وَالْیَوْمِ الْاٰخِرِ ؕ— وَبُعُوْلَتُهُنَّ اَحَقُّ بِرَدِّهِنَّ فِیْ ذٰلِكَ اِنْ اَرَادُوْۤا اِصْلَاحًا ؕ— وَلَهُنَّ مِثْلُ الَّذِیْ عَلَیْهِنَّ بِالْمَعْرُوْفِ ۪— وَلِلرِّجَالِ عَلَیْهِنَّ دَرَجَةٌ ؕ— وَاللّٰهُ عَزِیْزٌ حَكِیْمٌ ۟۠
දික්කසාද කරනු ලැබූ තැනැත්තියන් තමන් විසින් (මාස් ශුද්ධි) වාර තුනක් බලාපොරොත්තුවෙන් සිටිය යුතු ය. ඔවුන් අල්ලාහ් හා පරමාන්ත දිනය විශ්වාස කරන්නේ නම් ඔවුන්ගේ ගර්භාෂයන් තුළ අල්ලාහ් මැවූ දෑ සැඟවීම ඔවුන්ට අනුමත නොමැත. එම විෂයෙහි ඔවුන් දෙදෙනා සමාදානය අපේක්ෂා කරන්නේ නම් ඔවුන්ව නැවත (එක්කර) ගැනීමට වඩාත් උචිත වන්නෝ ඔවුන්ගේ ස්වාමි පුරුෂයෝ ය. ඔවුන් මත (ස්වාමි පුරුෂයා) යහ අයුරින් කටයුතු කරන සේම ඔවුනටත් අයිතීන් ඇත. එහෙත් ඔවුනට වඩා පිරිමින්ට නිලයක් ඇත. තවද අල්ලාහ් සර්ව බලධාරී ය. සර්ව ප්‍රඥාවන්ත ය.
Tafsir berbahasa Arab:
اَلطَّلَاقُ مَرَّتٰنِ ۪— فَاِمْسَاكٌ بِمَعْرُوْفٍ اَوْ تَسْرِیْحٌ بِاِحْسَانٍ ؕ— وَلَا یَحِلُّ لَكُمْ اَنْ تَاْخُذُوْا مِمَّاۤ اٰتَیْتُمُوْهُنَّ شَیْـًٔا اِلَّاۤ اَنْ یَّخَافَاۤ اَلَّا یُقِیْمَا حُدُوْدَ اللّٰهِ ؕ— فَاِنْ خِفْتُمْ اَلَّا یُقِیْمَا حُدُوْدَ اللّٰهِ ۙ— فَلَا جُنَاحَ عَلَیْهِمَا فِیْمَا افْتَدَتْ بِهٖ ؕ— تِلْكَ حُدُوْدُ اللّٰهِ فَلَا تَعْتَدُوْهَا ۚ— وَمَنْ یَّتَعَدَّ حُدُوْدَ اللّٰهِ فَاُولٰٓىِٕكَ هُمُ الظّٰلِمُوْنَ ۟
දික්කසාදය දෙමුරයකි. ඉන් පසුව යහපත් අයුරින් රඳවා ගැනීම හෝ කාරුණික අයුරින් මුදවා හැරිය යුතු ය. අල්ලාහ්ගේ සීමාවන් ඉටු කළ නොහැකි වේවි යැයි දෙදෙනා ම බිය වෙතොත් මිස ඔවුනට පිරිනැමූ කිසිවකින් නුඹලා නැවත ගැනීම නුඹලාට අනුමත නො වේ. එසේ අල්ලාහ්ගේ සීමාවන් ඉටු කළ නොහැකි වේවි යැයි නුඹලා බිය වෙතොත් එවිට ඇය ඔහුට යමක් වන්දි වශයෙන් ලබා දී (වෙන් වීම) නුඹලා කෙරෙහි වරදක් නො වන්නේ ය. මේවා අල්ලාහ්ගේ සීමාවන් ය. ඒවා ඉක්මවා නො යනු. එවිට ඔවුහු මය අපරාධකරුවෝ වන්නෝ.
Tafsir berbahasa Arab:
فَاِنْ طَلَّقَهَا فَلَا تَحِلُّ لَهٗ مِنْ بَعْدُ حَتّٰی تَنْكِحَ زَوْجًا غَیْرَهٗ ؕ— فَاِنْ طَلَّقَهَا فَلَا جُنَاحَ عَلَیْهِمَاۤ اَنْ یَّتَرَاجَعَاۤ اِنْ ظَنَّاۤ اَنْ یُّقِیْمَا حُدُوْدَ اللّٰهِ ؕ— وَتِلْكَ حُدُوْدُ اللّٰهِ یُبَیِّنُهَا لِقَوْمٍ یَّعْلَمُوْنَ ۟
එසේ ඔහු ඇයව දික්කසාද කළේ නම් ඇය වෙනත් සැමියෙකු හා විවාහ වී පසුව ඔහු ඇයව දික්කසාද කරන තෙක් ඇය ඔහුට (පළමු සැමියාට) අනුමත නො වන්නී ය. ඔවුන් දෙදෙනාට අල්ලාහ්ගේ සීමාවන් ඉටු කළ හැකි යැයි දෙදෙනා ම සිතන්නේ නම් ඔවුන් දෙදෙනා නැවත එක් වීම ඔවුන් දෙදෙනා කෙරෙහි වරදක් නැත. තවද මෙය අල්ලාහ්ගේ සීමාවන් ය. වටහා ගන්නා ජනයාට ඒවා ඔහු පැහැදිලි කරන්නේ ය.
Tafsir berbahasa Arab:
 
Terjemahan makna Surah: Al-Baqarah
Daftar surah Nomor Halaman
 
Terjemahan makna Alquran Alkarim - Terjemahan Berbahasa Sinhala - Markaz Ruwād At-Tarjamah - Daftar isi terjemahan

Terjemahannya oleh Tim Markaz Ruwwād Terjemah bekerjasama dengan Perkumpulan Dakwah di Rabwah dan Perkumpulan Pelayanan Konten Islami dalam Bahasa.

Tutup