Terjemahan makna Alquran Alkarim - Terjemahan Berbahasa Sinhala * - Daftar isi terjemahan

PDF XML CSV Excel API
Please review the Terms and Policies

Terjemahan makna Surah: Surah Aṣ-Ṣaf   Ayah:

සූරා අස් සෆ්

سَبَّحَ لِلّٰهِ مَا فِی السَّمٰوٰتِ وَمَا فِی الْاَرْضِ ۚ— وَهُوَ الْعَزِیْزُ الْحَكِیْمُ ۟
අහස්හි ඇති දෑ හා මහපොළොවෙහි ඇති දෑ අල්ලාහ්ව සුවිශුද්ධ කරයි. තවද ඔහු සර්ව බලධාරී ය; මහා ප්‍රඥාවන්ත ය.
Tafsir berbahasa Arab:
یٰۤاَیُّهَا الَّذِیْنَ اٰمَنُوْا لِمَ تَقُوْلُوْنَ مَا لَا تَفْعَلُوْنَ ۟
අහෝ දේවත්වය විශ්වාස කළවුනි! නුඹලා සිදු නො කරන දෙයක් නුඹලා පවසනුයේ ඇයි?
Tafsir berbahasa Arab:
كَبُرَ مَقْتًا عِنْدَ اللّٰهِ اَنْ تَقُوْلُوْا مَا لَا تَفْعَلُوْنَ ۟
නුඹලා සිදු නො කරන දෙයක් ගැන පැවසීම අල්ලාහ් අබියස කෝපයෙන් ඉමහත් විය.
Tafsir berbahasa Arab:
اِنَّ اللّٰهَ یُحِبُّ الَّذِیْنَ یُقَاتِلُوْنَ فِیْ سَبِیْلِهٖ صَفًّا كَاَنَّهُمْ بُنْیَانٌ مَّرْصُوْصٌ ۟
ශක්තිමත් ලෙස ඉඳි කරන ලද ගොඩනැගිල්ලක් සේ පෙළ ගැසී ඔහුගේ මාර්ගයේ සටන් කරන්නන් නියත වශයෙන් ම අල්ලාහ් ප්‍රිය කරයි.
Tafsir berbahasa Arab:
وَاِذْ قَالَ مُوْسٰی لِقَوْمِهٖ یٰقَوْمِ لِمَ تُؤْذُوْنَنِیْ وَقَدْ تَّعْلَمُوْنَ اَنِّیْ رَسُوْلُ اللّٰهِ اِلَیْكُمْ ؕ— فَلَمَّا زَاغُوْۤا اَزَاغَ اللّٰهُ قُلُوْبَهُمْ ؕ— وَاللّٰهُ لَا یَهْدِی الْقَوْمَ الْفٰسِقِیْنَ ۟
තවද “අහෝ මාගේ ජනයිනි! නියත වශයෙන් ම මම නුඹලා වෙත පැමිණි අල්ලාහ්ගේ දූතයා බව නුඹලා දැන දැනම නුඹලා මට හිංසා කරනුයේ ඇයි දැ?”යි මූසා ඔහුගේ ජනයාගෙන් විමසූ අවස්ථාව සිහිපත් කරනු. එහෙයින් ඔවුන් (සත්‍ය මාර්ගයෙන්) ඉවත්ව ගිය කල්හි, අල්ලාහ් ඔවුන්ගේ හදවත් ද (සත්‍ය මාර්ගයෙන්) ඉවත්ව යන්නට සැලසුවේ ය. තවද අල්ලාහ් දුෂ්ඨ ජනයාට මග නො පෙන්වයි.
Tafsir berbahasa Arab:
وَاِذْ قَالَ عِیْسَی ابْنُ مَرْیَمَ یٰبَنِیْۤ اِسْرَآءِیْلَ اِنِّیْ رَسُوْلُ اللّٰهِ اِلَیْكُمْ مُّصَدِّقًا لِّمَا بَیْنَ یَدَیَّ مِنَ التَّوْرٰىةِ وَمُبَشِّرًا بِرَسُوْلٍ یَّاْتِیْ مِنْ بَعْدِی اسْمُهٗۤ اَحْمَدُ ؕ— فَلَمَّا جَآءَهُمْ بِالْبَیِّنٰتِ قَالُوْا هٰذَا سِحْرٌ مُّبِیْنٌ ۟
තවද “ඉස්රාඊල් දරුවනි! මා ඉදිරියේ ඇති තව්රාතය තහවුරු කරන්නෙකු ලෙසින් ද මගෙන් පසුව පැමිණෙන තම නාමය අහ්මද් නමැති (මුහම්මද් නම්) දූතයෙකු ගැන ශුභාරංචි දන්වන්නෙකු ලෙසින් ද මම නුඹලා වෙත පැමිණ ඇති අල්ලාහ්ගේ දූතයෙකු වෙමි” යැයි, මර්යම්ගේ පුත් ඊසා පැවසූ අවස්ථාව සිහියට නගනු. එහෙත් ඔවුන් වෙත පැහැදිලි සාධක සමඟ ඔහු පැමිණි කල්හි මෙය පැහැදිලි හූනියමකි යැයි ඔවුහු පැවසුවෝ ය.
Tafsir berbahasa Arab:
وَمَنْ اَظْلَمُ مِمَّنِ افْتَرٰی عَلَی اللّٰهِ الْكَذِبَ وَهُوَ یُدْعٰۤی اِلَی الْاِسْلَامِ ؕ— وَاللّٰهُ لَا یَهْدِی الْقَوْمَ الظّٰلِمِیْنَ ۟ۚ
තවද ඉස්ලාමය වෙත ඇරයුම් කරනු ලබමින් සිටිය දී අල්ලාහ් වෙත බොරු ගොතන්නාට වඩා මහා අපරාධකරු කවරෙකු ද? තවද අල්ලාහ් අපරාධකාරී ජනයාට මග පෙන්වන්නේ නැත.
Tafsir berbahasa Arab:
یُرِیْدُوْنَ لِیُطْفِـُٔوْا نُوْرَ اللّٰهِ بِاَفْوَاهِهِمْ ؕ— وَاللّٰهُ مُتِمُّ نُوْرِهٖ وَلَوْ كَرِهَ الْكٰفِرُوْنَ ۟
අල්ලාහ්ගේ ආලෝකය ඔවුන් ඔවුන්ගේ මුඛවලින් (පිඹ) නිවා දැමීමට අපේක්ෂා කරති. තවද දේවත්වය ප්‍රතික්ෂේප කරන්නන් පිළිකුල් කළ ද අල්ලාහ් තම ආලෝකය පූර්ණවත් කරන්නා ය.
Tafsir berbahasa Arab:
هُوَ الَّذِیْۤ اَرْسَلَ رَسُوْلَهٗ بِالْهُدٰی وَدِیْنِ الْحَقِّ لِیُظْهِرَهٗ عَلَی الدِّیْنِ كُلِّهٖ ۙ— وَلَوْ كَرِهَ الْمُشْرِكُوْنَ ۟۠
දේව ආදේශකයින් පිළිකුල් කළ ද යහමග හා සත්‍යය දහම සමඟ එය සියලු දහම්වලට වඩා ප්‍රකට කරනු පිණිස තම දූතයාණන් (මුහම්මද්) එවා සිටියේ ඔහු ය.
Tafsir berbahasa Arab:
یٰۤاَیُّهَا الَّذِیْنَ اٰمَنُوْا هَلْ اَدُلُّكُمْ عَلٰی تِجَارَةٍ تُنْجِیْكُمْ مِّنْ عَذَابٍ اَلِیْمٍ ۟
අහෝ දේවත්වය විශ්වාස කළවුනි! වේදනීය දඬුවමකින් නුඹලාව ආරක්ෂා කරන ව්‍යාපාරයක් මම නුඹලාට පෙන්වා දෙන්න ද?
Tafsir berbahasa Arab:
تُؤْمِنُوْنَ بِاللّٰهِ وَرَسُوْلِهٖ وَتُجَاهِدُوْنَ فِیْ سَبِیْلِ اللّٰهِ بِاَمْوَالِكُمْ وَاَنْفُسِكُمْ ؕ— ذٰلِكُمْ خَیْرٌ لَّكُمْ اِنْ كُنْتُمْ تَعْلَمُوْنَ ۟ۙ
(එය) නුඹලා අල්ලාහ් හා ඔහුගේ දූතයාණන්ව විශ්වාස කිරීම ය. නුඹලාගේ ධනය හා නුඹලාගේ ජීවිත අල්ලාහ්ගේ මාර්ගයෙහි කැප කිරීම ය. නුඹලා දැන සිටින්නෙහු නම් එය නුඹලාට ශ්‍රේෂ්ඨ ය.
Tafsir berbahasa Arab:
یَغْفِرْ لَكُمْ ذُنُوْبَكُمْ وَیُدْخِلْكُمْ جَنّٰتٍ تَجْرِیْ مِنْ تَحْتِهَا الْاَنْهٰرُ وَمَسٰكِنَ طَیِّبَةً فِیْ جَنّٰتِ عَدْنٍ ؕ— ذٰلِكَ الْفَوْزُ الْعَظِیْمُ ۟ۙ
නුඹලාගේ පාපයන්වලට ඔහු නුඹලාට සමාව දෙයි. තවද ඔහු නුඹලා (ස්වර්ග) උයන්වලට ඇතුළත් කරයි. ඒවාට යටින් ගංගාවෝ ගලා බසිති. (අද්න් නම්) සදා ස්වර්ග උයන්හි යහපත් වාසස්ථාන ඇත. එයයි අතිමහත් ජයග්‍රහණ ය.
Tafsir berbahasa Arab:
وَاُخْرٰی تُحِبُّوْنَهَا ؕ— نَصْرٌ مِّنَ اللّٰهِ وَفَتْحٌ قَرِیْبٌ ؕ— وَبَشِّرِ الْمُؤْمِنِیْنَ ۟
තවද නුඹලා එහි ප්‍රිය කරන තවත් දෑ ද ඇත. (එය) අල්ලාහ්ගෙන් වූ උපකාරයකි. තවද සමීප ජයග්‍රහණයක් ඇත. තවද නුඹ දේවත්වය විශ්වාස කරන්නන්හට ශුභාරංචි දන්වනු.
Tafsir berbahasa Arab:
یٰۤاَیُّهَا الَّذِیْنَ اٰمَنُوْا كُوْنُوْۤا اَنْصَارَ اللّٰهِ كَمَا قَالَ عِیْسَی ابْنُ مَرْیَمَ لِلْحَوَارِیّٖنَ مَنْ اَنْصَارِیْۤ اِلَی اللّٰهِ ؕ— قَالَ الْحَوَارِیُّوْنَ نَحْنُ اَنْصَارُ اللّٰهِ فَاٰمَنَتْ طَّآىِٕفَةٌ مِّنْ بَنِیْۤ اِسْرَآءِیْلَ وَكَفَرَتْ طَّآىِٕفَةٌ ۚ— فَاَیَّدْنَا الَّذِیْنَ اٰمَنُوْا عَلٰی عَدُوِّهِمْ فَاَصْبَحُوْا ظٰهِرِیْنَ ۟۠
අහෝ දේවත්වය විශ්වාස කළවුනි! මර්යම්ගේ පුත් ඊසා (තම) ගෝලයින්ගෙන් “අල්ලාහ් වෙනුවෙන් මට උදව් කරන්නෝ කවුරුන් දැ?” යි විමසූ කල්හි “අපි අල්ලාහ්ගේ උදව්කරුවෝ වෙමු” යැයි ගෝලයෝ පැවසූහ. එලෙස නුඹලා ද අල්ලාහ්ගේ උදව්කරුවන් වනු. ඉස්රාඊල් දරුවන්ගෙන් පිරිසක් විශ්වාස කළ අතර තවත් පිරිසක් ප්‍රතික්ෂේප කළෝය. එවිට අපි විශ්වාස කළවුන් ව ඔවුන්ගේ සතුරන්ට එරෙහි ව අපි ශක්තිමත් කළෙමු. පසුව ඔවුහු ජයග්‍රාහකයින් බවට පත් වූවෝය.
Tafsir berbahasa Arab:
 
Terjemahan makna Surah: Surah Aṣ-Ṣaf
Daftar surah Nomor Halaman
 
Terjemahan makna Alquran Alkarim - Terjemahan Berbahasa Sinhala - Daftar isi terjemahan

Terjemahan makna Al-Qur`ān Al-Karīm ke bahasa Sinhala oleh Tim Markaz Ruwād Terjemah bekerjasama dengan situs IslamHouse.com

Tutup