Check out the new design

Terjemahan makna Alquran Alkarim - Terjemahan Berbahasa Sinhala - Markaz Ruwād At-Tarjamah * - Daftar isi terjemahan

PDF XML CSV Excel API
Please review the Terms and Policies

Terjemahan makna Surah: Al-A'rāf   Ayah:
قَالُوْۤا اٰمَنَّا بِرَبِّ الْعٰلَمِیْنَ ۟ۙ
සකල ලෝකයන්හි පරමාධිපතිව අපි විශ්වාස කළෙමු යැයි ඔවුහු පැවසුවෝ ය.
Tafsir berbahasa Arab:
رَبِّ مُوْسٰی وَهٰرُوْنَ ۟
(ඔහු) මූසාගේ හා හාරූන්ගේ පරමාධිපති ය.
Tafsir berbahasa Arab:
قَالَ فِرْعَوْنُ اٰمَنْتُمْ بِهٖ قَبْلَ اَنْ اٰذَنَ لَكُمْ ۚ— اِنَّ هٰذَا لَمَكْرٌ مَّكَرْتُمُوْهُ فِی الْمَدِیْنَةِ لِتُخْرِجُوْا مِنْهَاۤ اَهْلَهَا ۚ— فَسَوْفَ تَعْلَمُوْنَ ۟
‘මා නුඹලාට අවසර දීමට පෙර නුඹලා ඔහුව විශ්වාස කළෙහු ය. නියත වශයෙන් ම මෙය කුමන්ත්‍රණයකි. එහි සිටින නගර වැසියන් එයින් නුඹලා පිටුවහල් කරනු පිණිස නුඹලා එහි එය සැලසුම් කළෙහු ය. එහෙයින් නුඹලා (මෙහි විපාකය) මතු දැන ගනු ඇතැ’යි ෆිර්අවුන් පැවැසුවේ ය.
Tafsir berbahasa Arab:
لَاُقَطِّعَنَّ اَیْدِیَكُمْ وَاَرْجُلَكُمْ مِّنْ خِلَافٍ ثُمَّ لَاُصَلِّبَنَّكُمْ اَجْمَعِیْنَ ۟
නුඹලාගේ අත් හා නුඹලාගේ පාද මාරුවෙන් මාරුවට කපා හරිමි. පසුව නුඹලා සියල්ලන්ව කුරුසයේ එල්ලන්නෙමි.
Tafsir berbahasa Arab:
قَالُوْۤا اِنَّاۤ اِلٰی رَبِّنَا مُنْقَلِبُوْنَ ۟ۚ
‘නියත වශයෙන් ම අපි අපගේ පරමාධිපති වෙත හැරෙන්නෝ වෙමු’ යැයි ඔවුහු පැවසුවෝ ය.
Tafsir berbahasa Arab:
وَمَا تَنْقِمُ مِنَّاۤ اِلَّاۤ اَنْ اٰمَنَّا بِاٰیٰتِ رَبِّنَا لَمَّا جَآءَتْنَا ؕ— رَبَّنَاۤ اَفْرِغْ عَلَیْنَا صَبْرًا وَّتَوَفَّنَا مُسْلِمِیْنَ ۟۠
අපගේ පරමාධිපතිගේ සංඥා අප වෙත පැමිණි කල්හි අපි විශ්වාස කළ බැවින් මිස නුඹ අපගෙන් පළිගන්නේ නැත. අපගේ පරමාධිපතියාණනි! අප වෙත ඉවසීම හෙළනු මැනව! තවද මුස්ලිම්වරුන් බවට අප මරණයට පත් කරනු මැනව!
Tafsir berbahasa Arab:
وَقَالَ الْمَلَاُ مِنْ قَوْمِ فِرْعَوْنَ اَتَذَرُ مُوْسٰی وَقَوْمَهٗ لِیُفْسِدُوْا فِی الْاَرْضِ وَیَذَرَكَ وَاٰلِهَتَكَ ؕ— قَالَ سَنُقَتِّلُ اَبْنَآءَهُمْ وَنَسْتَحْیٖ نِسَآءَهُمْ ۚ— وَاِنَّا فَوْقَهُمْ قٰهِرُوْنَ ۟
තවද මෙම පොළොවේ කලහකම් කිරීමටත්, ඔබ හා ඔබගේ දෙවිවරුන් අතහැර දැමීමටත් මූසා හා මූසාගේ පිරිස ඔබ අත හැර දමන්නෙහි දැ? යි ෆිර්අවුන්ගේ පිරිසගෙන් වූ ප්‍රධානීහු විමසා සිටියහ. (එසේනම්) අපි ඔවුන්ගේ පිරිමි දරුවන් ඝාතනය කරමු. ඔවුන්ගේ ගැහැනු දරුවන් පණපිටින් අත හැර දමමු. තවද සැබැවින් ම අපි ඔවුනට ඉහළින් බලය යොදවන්නන් වෙමු යැයි ඔහු පැවසී ය.
Tafsir berbahasa Arab:
قَالَ مُوْسٰی لِقَوْمِهِ اسْتَعِیْنُوْا بِاللّٰهِ وَاصْبِرُوْا ۚ— اِنَّ الْاَرْضَ لِلّٰهِ ۙ۫— یُوْرِثُهَا مَنْ یَّشَآءُ مِنْ عِبَادِهٖ ؕ— وَالْعَاقِبَةُ لِلْمُتَّقِیْنَ ۟
‘නුඹලා අල්ලාහ්ගෙන් උදව් පතනු. තවද ඉවසනු. නියත වශයෙන් ම මහපොළොව අල්ලාහ් සතු ය. ඔහුගේ ගැත්තන් අතරින් ඔහු අභිමත කරන අයට එය උරුම කර දෙනු ඇත. තවද අවසානය දේව බිය හැඟීමෙන් යුතුව කටයුතු කරන්නන්හට ය’ යැයි මූසා ඔහුගේ පිරිසට පැවසී ය.
Tafsir berbahasa Arab:
قَالُوْۤا اُوْذِیْنَا مِنْ قَبْلِ اَنْ تَاْتِیَنَا وَمِنْ بَعْدِ مَا جِئْتَنَا ؕ— قَالَ عَسٰی رَبُّكُمْ اَنْ یُّهْلِكَ عَدُوَّكُمْ وَیَسْتَخْلِفَكُمْ فِی الْاَرْضِ فَیَنْظُرَ كَیْفَ تَعْمَلُوْنَ ۟۠
‘නුඹ අප වෙත පැමිණීමට පෙර ද නුඹ අප වෙත පැමිණීමට පසු ද අපි පීඩාවට පත් කරනු ලැබුවෙමු’ යැයි ඔවුහු පැවසුවෝ ය. නුඹලාගේ පරමාධිපති නුඹලාගේ සතුරන් විනාශ කර දමා නුඹලාව පොළොවේ නියෝජනය කරන්නට සලස්වන්නට පුළුවන. එවිට නුඹලා ක්‍රියා කරනුයේ කෙසේ දැ? යි ඔහු අවධානයෙන් බලනු ඇතැයි ඔහු පැවසී ය.
Tafsir berbahasa Arab:
وَلَقَدْ اَخَذْنَاۤ اٰلَ فِرْعَوْنَ بِالسِّنِیْنَ وَنَقْصٍ مِّنَ الثَّمَرٰتِ لَعَلَّهُمْ یَذَّكَّرُوْنَ ۟
තවද ඔවුන් මෙනෙහි කරනු හැකි වනු පිණිස නියඟයෙන් හා භවබෝග හිග කිරීමෙන් සැබැවින් ම අපි ෆිර්අවුන්ගේ පිරිස ග්‍රහණය කළෙමු.
Tafsir berbahasa Arab:
 
Terjemahan makna Surah: Al-A'rāf
Daftar surah Nomor Halaman
 
Terjemahan makna Alquran Alkarim - Terjemahan Berbahasa Sinhala - Markaz Ruwād At-Tarjamah - Daftar isi terjemahan

Terjemahannya oleh Tim Markaz Ruwwād Terjemah bekerjasama dengan Perkumpulan Dakwah di Rabwah dan Perkumpulan Pelayanan Konten Islami dalam Bahasa.

Tutup