Check out the new design

Terjemahan makna Alquran Alkarim - Terjemahan Berbahasa Sinhala - Markaz Ruwād At-Tarjamah * - Daftar isi terjemahan

PDF XML CSV Excel API
Please review the Terms and Policies

Terjemahan makna Surah: At-Taubah   Ayah:
فَلَا تُعْجِبْكَ اَمْوَالُهُمْ وَلَاۤ اَوْلَادُهُمْ ؕ— اِنَّمَا یُرِیْدُ اللّٰهُ لِیُعَذِّبَهُمْ بِهَا فِی الْحَیٰوةِ الدُّنْیَا وَتَزْهَقَ اَنْفُسُهُمْ وَهُمْ كٰفِرُوْنَ ۟
එබැවින් ඔවුන්ගේ වස්තුව හා ඔවුන්ගේ දරුවන් නුඹව මවිතයට පත් නො කළ යුතු ය. අල්ලාහ් අපේක්ෂා කරනුයේ මෙලොව ජීවිතයේ දී ඒවා මඟින් ඔවුනට දඬුවම් කිරීමට හා ඔවුන් ප්‍රතික්ෂේප කරන්නන්ව සිටියදී ඔවුන්ගේ ජීවිත බැහැර වී යාමට ය.
Tafsir berbahasa Arab:
وَیَحْلِفُوْنَ بِاللّٰهِ اِنَّهُمْ لَمِنْكُمْ ؕ— وَمَا هُمْ مِّنْكُمْ وَلٰكِنَّهُمْ قَوْمٌ یَّفْرَقُوْنَ ۟
තවද නියත වශයෙන් ම ඔවුන් නුඹලා අතරින් වූවන් යැයි ඔවුහු අල්ලාහ් මත දිවුරා පවසති. එහෙත් ඔවුහු නුඹලා අතරින් නො වෙති. එනමුත් ඔවුන් (මරණයට බිය වන) බියගුඵ පිරිසකි.
Tafsir berbahasa Arab:
لَوْ یَجِدُوْنَ مَلْجَاً اَوْ مَغٰرٰتٍ اَوْ مُدَّخَلًا لَّوَلَّوْا اِلَیْهِ وَهُمْ یَجْمَحُوْنَ ۟
සැඟවෙන්නට තැනක් හෝ ගුහාවන් හෝ උමගක් හෝ ඔවුන් දුටුවේ නම් ඔවුහු වේගයෙන් පලා යන තත්ත්වයේ ඒ වෙත හැරී යති.
Tafsir berbahasa Arab:
وَمِنْهُمْ مَّنْ یَّلْمِزُكَ فِی الصَّدَقٰتِ ۚ— فَاِنْ اُعْطُوْا مِنْهَا رَضُوْا وَاِنْ لَّمْ یُعْطَوْا مِنْهَاۤ اِذَا هُمْ یَسْخَطُوْنَ ۟
තවද දානමානයන් සම්බන්ධයෙන් නුඹට දොස් නගන අය ද ඔවුන් අතරින් වෙති. එවිට ඔවුනට එයින් දෙනු ලැබුවේ නම් ඔවුහු තෘප්තිමත් වෙති. තවද ඔවුනට එයින් දෙනු නො ලැබුවේ නම් එවිට ඔවුහු කෝප වෙති.
Tafsir berbahasa Arab:
وَلَوْ اَنَّهُمْ رَضُوْا مَاۤ اٰتٰىهُمُ اللّٰهُ وَرَسُوْلُهٗ ۙ— وَقَالُوْا حَسْبُنَا اللّٰهُ سَیُؤْتِیْنَا اللّٰهُ مِنْ فَضْلِهٖ وَرَسُوْلُهٗۤ ۙ— اِنَّاۤ اِلَی اللّٰهِ رٰغِبُوْنَ ۟۠
තවද අල්ලාහ් හා ඔහුගේ දූතයාණන් ඔවුනට පිරිනැමූ දෑ ගැන සැබැවින් ම ඔවුන් තෘප්තියට පත්ව "අල්ලාහ් අපට ප්‍රමාණවත් ය. අල්ලාහ් ඔහුගේ භාග්‍යය තුළින් ද ඔහුගේ දූතයාණන් (සතුරා විසින් දමා ගිය දැයින්) ද අපට පිරිනමනු ඇත. නියත වශයෙන් ම අපි අල්ලාහ් වෙත ම අපේක්ෂා කරන්නන් වෙමු" යැයි ඔවුන් පැවසුවේ නම් (එය කෙතරම් අගනේ ද?)
Tafsir berbahasa Arab:
اِنَّمَا الصَّدَقٰتُ لِلْفُقَرَآءِ وَالْمَسٰكِیْنِ وَالْعٰمِلِیْنَ عَلَیْهَا وَالْمُؤَلَّفَةِ قُلُوْبُهُمْ وَفِی الرِّقَابِ وَالْغٰرِمِیْنَ وَفِیْ سَبِیْلِ اللّٰهِ وَابْنِ السَّبِیْلِ ؕ— فَرِیْضَةً مِّنَ اللّٰهِ ؕ— وَاللّٰهُ عَلِیْمٌ حَكِیْمٌ ۟
අල්ලාහ්ගෙන් වූ නියමයක් වශයෙන් සදකාවන් (අනිවාර්ය බද්ධ) හිමි විය යුත්තේ දිළිඳුන්ට ද දුගියන්ට ද ඒ සම්බන්ධව කටයුතු කරන්නන්ට ද තම හදවත් (ඉස්ලාමය වෙත) නැඹුරු වූවන්ට ද වහලුන් නිදහස් කිරීමේ දී ද, ණය බරින් පෙළෙන්නන්ට ද අල්ලාහ්ගේ මාර්ගයෙහි සහ (සරණ පතන) මගියන්ට ද වේ. තවද අල්ලාහ් සර්ව ඥානී ය; ප්‍රඥාවන්ත ය.
Tafsir berbahasa Arab:
وَمِنْهُمُ الَّذِیْنَ یُؤْذُوْنَ النَّبِیَّ وَیَقُوْلُوْنَ هُوَ اُذُنٌ ؕ— قُلْ اُذُنُ خَیْرٍ لَّكُمْ یُؤْمِنُ بِاللّٰهِ وَیُؤْمِنُ لِلْمُؤْمِنِیْنَ وَرَحْمَةٌ لِّلَّذِیْنَ اٰمَنُوْا مِنْكُمْ ؕ— وَالَّذِیْنَ یُؤْذُوْنَ رَسُوْلَ اللّٰهِ لَهُمْ عَذَابٌ اَلِیْمٌ ۟
තවද මෙම නබිවරයාට පීඩා කරන්නන් ද ඔවුන් අතරින් වෙති. ඔහු (සියල්ලන්ට ඇහුම්) කන්දෙන්නෙක් යැයි ඔවුහු පවසති. ඔහු නුඹලාට යහපත ගෙන දෙන දෑට කන් දෙන්නෙකි. ඔහු අල්ලාහ් පිළිබඳ විශ්වාස කරනු ඇත. දේවත්වය විශ්වාස කරන්නන්ට විශ්වාසවන්තව කටයුතු කරනු ඇත. නුඹලා අතරින් විශ්වාස කළවුනට ඔහු දයාවකි යැයි (නබිවරය!) නුඹ පවසනු. තවද අල්ලාහ්ගේ දූතයාණන්ට පීඩා කරන ඔවුනට වේදනීය දඬුවමක් ඇත.
Tafsir berbahasa Arab:
 
Terjemahan makna Surah: At-Taubah
Daftar surah Nomor Halaman
 
Terjemahan makna Alquran Alkarim - Terjemahan Berbahasa Sinhala - Markaz Ruwād At-Tarjamah - Daftar isi terjemahan

Terjemahannya oleh Tim Markaz Ruwwād Terjemah bekerjasama dengan Perkumpulan Dakwah di Rabwah dan Perkumpulan Pelayanan Konten Islami dalam Bahasa.

Tutup