Terjemahan makna Alquran Alkarim - الترجمة السنهالية للمختصر في تفسير القرآن الكريم * - Daftar isi terjemahan


Terjemahan makna Ayah: (30) Surah: Surah An-Naḥl
وَقِیْلَ لِلَّذِیْنَ اتَّقَوْا مَاذَاۤ اَنْزَلَ رَبُّكُمْ ؕ— قَالُوْا خَیْرًا ؕ— لِلَّذِیْنَ اَحْسَنُوْا فِیْ هٰذِهِ الدُّنْیَا حَسَنَةٌ ؕ— وَلَدَارُ الْاٰخِرَةِ خَیْرٌ ؕ— وَلَنِعْمَ دَارُ الْمُتَّقِیْنَ ۟ۙ
තම පරමාධිපතිගේ නියෝග පිළිපදිමින් හා ඔහු තහනම් කළ දැයින් වැළකෙමින් ඔහුට බැතිමත් ව කටයුතු කරන්නන්ගෙන්, "නුඹලාගේ නබි මුහම්මද් (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමාට කවර කරුණක් නුඹලාගේ පරමාධිපති පහළ කළේ දැ?" යි විමසනු ලැබේ. ඔවුහු පිළිතුරු දෙමින් "අල්ලාහ් ඔහුට අති විශිෂ්ට යහපත පහළ කර ඇත" යැයි පවසති. අල්ලාහ්ට විධිමත් අයුරින් නැමදුම් කොට ඔහුගේ මැවීම් සමග අලංකාර අයුරින් ගනුදෙනු කළවුන් වනාහි, ඔවුනට මෙලොව ජීවිතයේ යහපත් තිළිණ ඇත. ඒ අතරින් උපකාරය හා පෝෂණ සම්පත්වල සමෘධිය ද වේ. මතුලොවෙහි අල්ලාහ් ඔවුනට සූදානම් කර ඇති තිළිණ මෙලොවෙහි ඔවුන් ඉක්මණින් පතන දෑට වඩා ඔවුනට යහපත්ය. අල්ලාහ්ගේ නියෝග පිළිපදිමින් ඔහු තහනම් කළ දැයින් වැළකෙමින් බැතිමතුන් ලෙස කටයුතු කළවුන්ගේ මතුලොව නිවහන යහපත්ම විය.
Tafsir berbahasa Arab:
Beberapa Faedah Ayat-ayat di Halaman Ini:
• فضيلة أهل العلم، وأنهم الناطقون بالحق في الدنيا ويوم يقوم الأشهاد، وأن لقولهم اعتبارًا عند الله وعند خلقه.
•දැනුමැත්තන්ගේ මහිමය. මෙලොවදීත්, සාක්ෂිකරුවන් පෙනී සිටින දිනයේදීත් සැබැවින්ම ඔවුන් සත්යයම කතා කරන්නෝ වෙති. සැබැවින්ම ඔවුන්ගේ ප්රකාශයට අල්ලාහ් අබියස හා ඔහුගේ මැවීම් අබියස සැලකිල්ලක් තිබිණ.

• من أدب الملائكة مع الله أنهم أسندوا العلم إلى الله دون أن يقولوا: إنا نعلم ما كنتم تعملون، وإشعارًا بأنهم ما علموا ذلك إلا بتعليم من الله تعالى.
•අල්ලාහ් සමග මලක්වරුන් කටයුතු කිරීමේදී ඔවුන් සතු විනයක් වනුයේ "නුඹලා නොදන්නා දෑ සැබැවින්ම අපි දනිමු" යැයි පවසා සිටීමෙන් තොර ව සැබැවින්ම දැනුම අල්ලාහ් වෙත එකතු කිරීමයි. එය සැබැවින්ම ඒවා ඔවුන් සිදු කරනුයේ උත්තරීතර අල්ලාහ්ගේ ඉගැන්වීමෙනි යැයි පෙන්වා දීමටයි.

• من كرم الله وجوده أنه يعطي أهل الجنة كل ما تمنوه عليه، حتى إنه يُذَكِّرهم أشياء من النعيم لم تخطر على قلوبهم.
•ස්වර්ගවාසීන්හට ඔවුන් කැමති සියල්ල පිරි නැමීම අල්ලාහ්ගේ උපකාරයෙන් එකකි. ඔවුන් නොසිතූ ප්රීතිමත් දේවල් ඔහු ඔවුනට සිහිපත් කරයි.

• العمل هو السبب والأصل في دخول الجنة والنجاة من النار، وذلك يحصل برحمة الله ومنَّته على المؤمنين لا بحولهم وقوتهم.
•දැහැමි ක්රියාවන්හි නිරත වීම ස්වර්ගයට පිවිසීමෙහි හා නිරයෙන් ආරක්ෂා වීමෙහි ප්රධාන මූල ධර්මයකි. සාධකයකි. එය අල්ලාහ්ගේ කරුණාව හා ඔහුගේ උපකාරය තුළින් දේව විශ්වාසීන් හට ලැබෙන අතර ඔවුන්ගේ උත්සාහය හා ශක්තිය මත සිදුවන්නක් නොවේ.

 
Terjemahan makna Ayah: (30) Surah: Surah An-Naḥl
Daftar surah Nomor Halaman
 
Terjemahan makna Alquran Alkarim - الترجمة السنهالية للمختصر في تفسير القرآن الكريم - Daftar isi terjemahan

الترجمة السنهالية للمختصر في تفسير القرآن الكريم، صادر عن مركز تفسير للدراسات القرآنية.

Tutup