Terjemahan makna Alquran Alkarim - الترجمة السنهالية للمختصر في تفسير القرآن الكريم * - Daftar isi terjemahan


Terjemahan makna Ayah: (82) Surah: Surah Al-Isrā`
وَنُنَزِّلُ مِنَ الْقُرْاٰنِ مَا هُوَ شِفَآءٌ وَّرَحْمَةٌ لِّلْمُؤْمِنِیْنَ ۙ— وَلَا یَزِیْدُ الظّٰلِمِیْنَ اِلَّا خَسَارًا ۟
සැකය දේව ප්රතික්ෂේපය හා අඥානකම යනාදියෙන් හදවත් සුව කරන ප්රතිකාර සහිත අල් කුර්ආනය අපි පහළ කළෙමු. එය ඔබ මතුරන්නේ නම් ශරීරයට ද සුවයක් ද ඇත. එමෙන්ම ඒ අනුව කටයුතු කරන දේව විශ්වාසීන්හට ආශිර්වාදයක් ද ඇත. නමුත් මෙම අල් කුර්ආනය දෙවියන් ප්රතික්ෂේප කරන්නන්හට විනාශය මිස වෙනත් කිසිවක් වැඩි කරන්නේ නැත. ඊට හේතුව සැබැවින්ම එයට සවන් දීම ඔවුන් කුපිත කරවන බැවින් හා එමෙන්ම ඒ ගැන බොරු කිරීම හා පිටුපෑම ඔවුනට අධික කරන බැවිණි.
Tafsir berbahasa Arab:
Beberapa Faedah Ayat-ayat di Halaman Ini:
• في الآيات دليل على شدة افتقار العبد إلى تثبيت الله إياه، وأنه ينبغي له ألا يزال مُتَمَلِّقًا لربه أن يثبته على الإيمان.
•ගැත්තාහට අල්ලාහ් ඔහු ව තහවුරු කිරීමේ අවශ්යතා දැඩි සේ තිබිය යුතු බවත් දේව විශ්වාසය මත අල්ලාහ් ඔහුව තහවුරු කිරීමට නම් ඔහු ඔහුව පැසසුම් කරමින්ම සිටිය යුතු බවත් මෙම පාඨවල පෙන්වා දෙයි.

• عند ظهور الحق يَضْمَحِل الباطل، ولا يعلو الباطل إلا في الأزمنة والأمكنة التي يكسل فيها أهل الحق.
•සත්ය හෙළිවන විට අසත්ය ක්ෂ්ය වී යනු ඇත. සත්යවාදීහු මැලිකමින් සිටින කාලවල හා ස්ථානවල හැර කිසි විටෙක අසත්යය හිස ඔසවන්නේ නැත.

• الشفاء الذي تضمنه القرآن عام لشفاء القلوب من الشُّبَه، والجهالة، والآراء الفاسدة، والانحراف السيئ والمقاصد السيئة.
•අල් කුර්ආනයේ ඇතුළත් ආරෝග්යතාව පොදු වූවකි. එය හදවත්හි ඇති වන සැකය, අඥානකම හා නපුරු සිදුවිලිවලට ආරෝග්ය ගෙන දෙයි. එමෙන්ම නපුරු ක්රියාවෙන් හා නපුරු අධිෂ්ඨානයන්ගෙන් ඉවත් කරයි.

• في الآيات دليل على أن المسؤول إذا سئل عن أمر ليس في مصلحة السائل فالأولى أن يعرض عن جوابه، ويدله على ما يحتاج إليه، ويرشده إلى ما ينفعه.
•විමසන්නාට යහපතක් නොවන යම් කරුණක් පිළිබඳ විමසනු ලබන්නාගෙන් විමසා සිටින විට විමසමනු ලබන්නාට වඩාත් සුදුසු වන්නේ ඔහුට පිළිතුරු දීමෙන් වැළකී, ඔහු වෙත අවශ්ය දෑ ඔහුට පෙන්වා දී; ඔහුට ප්රයෝජනවත් වන දෑ වෙත මග පෙන්වීමය.

 
Terjemahan makna Ayah: (82) Surah: Surah Al-Isrā`
Daftar surah Nomor Halaman
 
Terjemahan makna Alquran Alkarim - الترجمة السنهالية للمختصر في تفسير القرآن الكريم - Daftar isi terjemahan

الترجمة السنهالية للمختصر في تفسير القرآن الكريم، صادر عن مركز تفسير للدراسات القرآنية.

Tutup