Check out the new design

Terjemahan makna Alquran Alkarim - Terjemahan Al-Mukhtaṣar fī Tafsīr Al-Qur`ān Al-Karīm ke Bahasa Sinhala * - Daftar isi terjemahan


Terjemahan makna Ayah: (37) Surah: Maryam
فَاخْتَلَفَ الْاَحْزَابُ مِنْ بَیْنِهِمْ ۚ— فَوَیْلٌ لِّلَّذِیْنَ كَفَرُوْا مِنْ مَّشْهَدِ یَوْمٍ عَظِیْمٍ ۟
ඊසා (අලයිහිස් සලාම්) තුමාගේ කරුණ සම්බන්ධයෙන් මතභේද ඇති කර ගත්තවුන් මතභේද ඇතිකර ගත්තෝය. එහෙයින් ඔහුගේ ප්රජාව අතර විවිධ කණ්ඩායම් බිහි වූහ. ඒ අනුව ඔවුන්ගෙන් ඇතැමෙකු ඔහුව විශ්වාස කොට, "ඔහු දහම් දූතයෙකි." යැයි පැවසූහ. ඔහු සම්බන්ධයෙන් ඇතැම් පිරිස් අතිශයෝක්තියෙන් "ඔහුය අල්ලාහ්" යැයි පැවසුවාක් මෙන්ම, යුදෙව්වන් ඔහුව ප්රතික්ෂේප කළෝය. තවත් පිරිසක් "ඔහු අල්ලාහ්ගේ පුත්රයා" යැයි පැවසූහ. ඒවායින් අල්ලාහ් උත්තරීතරය. ඔහු විෂයයෙහි මෙසේ මත ගැටුම් ඇති කර ගත්තවුනට මළවුන් කෙරෙන් නැගිටුවනු ලබන අතිමහත් දිනයේ ඇති දර්ශන, විනිශ්චය හා දඬුවම දැකීමෙන් විනාශයක්ම වන්නේය.
Tafsir berbahasa Arab:
Beberapa Faedah Ayat-ayat di Halaman Ini:
• في أمر مريم بالسكوت عن الكلام دليل على فضيلة الصمت في بعض المواطن .
•මර්යම් තුමිය කතා නොකර නිහඬව සිටීම යන කරුණ ඇතැම් තැන්වල නිහඬව සිටීමේ මහිමය පෙන්වා දෙන සාධකයකි.

• نذر الصمت كان جائزًا في شرع من قبلنا، أما في شرعنا فقد دلت السنة على منعه.
•භාරයක් ලෙස නිහඬව සිටීම අපට පෙර තිබූ පිළිවෙත්වල අනුමත වූ කරුණක් විය. නමුත් අපගේ පිළිවෙත තුළ එය වළක්වනු ලැබූ කරුණක් බව සුන්නාව (නබි පිළිවෙත) පෙන්වා දී ඇත.

• أن ما أخبر به القرآن عن كيفية خلق عيسى هو الحق القاطع الذي لا شك فيه، وكل ما عداه من تقولات باطل لا يليق بالرسل.
•ඊසා (අලයිහිස් සලාම්) තුමාගේ උපත සිදු වූ අයුරු පිළිබඳ අල් කුර්ආනය දන්වා සිටින තොරතුරු කිසිදු සැකයක් නොමැති ස්තීර සත්යයකි. ඒ හැර සිදු කරන අන් සියලු ප්රකාශයන් රසූල්වරුන් සමග නොබැඳුණු ව්යාජ ප්රකාශ වේ.

• في الدنيا يكون الكافر أصم وأعمى عن الحق، ولكنه سيبصر ويسمع في الآخرة إذا رأى العذاب، ولن ينفعه ذلك.
•මෙලොවෙහි දේව ප්රතික්ෂේපකයා සත්යයෙන් අන්ධ වූ අන්ධයකු හා බිහිරි වූ බිහිරෙකු වන්නේය. නමුත් දඬුවම දකින විට මතුලොවෙහි ඔහු බලයි. සවන් දෙයි. නමුත් එය කිසිවිටෙක ඔහුට ප්රයෝජනවත් වන්නේ නැත.

 
Terjemahan makna Ayah: (37) Surah: Maryam
Daftar surah Nomor Halaman
 
Terjemahan makna Alquran Alkarim - Terjemahan Al-Mukhtaṣar fī Tafsīr Al-Qur`ān Al-Karīm ke Bahasa Sinhala - Daftar isi terjemahan

Diterbitkan oleh Markaz Tafsīr Li Ad-Dirasāt Al-Qur`āniyyah.

Tutup