Check out the new design

Terjemahan makna Alquran Alkarim - Terjemahan Al-Mukhtaṣar fī Tafsīr Al-Qur`ān Al-Karīm ke Bahasa Sinhala * - Daftar isi terjemahan


Terjemahan makna Ayah: (154) Surah: Āli 'Imrān
ثُمَّ اَنْزَلَ عَلَیْكُمْ مِّنْ بَعْدِ الْغَمِّ اَمَنَةً نُّعَاسًا یَّغْشٰی طَآىِٕفَةً مِّنْكُمْ ۙ— وَطَآىِٕفَةٌ قَدْ اَهَمَّتْهُمْ اَنْفُسُهُمْ یَظُنُّوْنَ بِاللّٰهِ غَیْرَ الْحَقِّ ظَنَّ الْجَاهِلِیَّةِ ؕ— یَقُوْلُوْنَ هَلْ لَّنَا مِنَ الْاَمْرِ مِنْ شَیْءٍ ؕ— قُلْ اِنَّ الْاَمْرَ كُلَّهٗ لِلّٰهِ ؕ— یُخْفُوْنَ فِیْۤ اَنْفُسِهِمْ مَّا لَا یُبْدُوْنَ لَكَ ؕ— یَقُوْلُوْنَ لَوْ كَانَ لَنَا مِنَ الْاَمْرِ شَیْءٌ مَّا قُتِلْنَا هٰهُنَا ؕ— قُلْ لَّوْ كُنْتُمْ فِیْ بُیُوْتِكُمْ لَبَرَزَ الَّذِیْنَ كُتِبَ عَلَیْهِمُ الْقَتْلُ اِلٰی مَضَاجِعِهِمْ ۚ— وَلِیَبْتَلِیَ اللّٰهُ مَا فِیْ صُدُوْرِكُمْ وَلِیُمَحِّصَ مَا فِیْ قُلُوْبِكُمْ ؕ— وَاللّٰهُ عَلِیْمٌۢ بِذَاتِ الصُّدُوْرِ ۟
වේදනා හා පීඩා විඳීමෙන් පසු ව සැනසුම හා ස්ථාවරභාවය ඔහු නුඹලා වෙත පහළ කළේය. නුඹලා අතුරින් අල්ලාහ්ගේ ප්රතිඥාව පිළිබඳ දැඩි විශ්වාසයෙන් පසු වූ පිරිසකට ඔවුන්ගේ හදවත් තුළ තැවෙමින් පැවති දෑ අභයදායී හා සැනසුමට පත් වන අයුරින් මද නින්දෙන් ආවරණය කළේය. තවත් පිරිසකගේ හදවත් අභයදායී තත්වයට පත් වන තරමට මද නින්ද හිමි වූයේ නැත. ඔවුන් තමන්ගේ වාසිය තකා මිස වෙනත් කිසිවකු පිළිබඳ වැදගත්කමක් නොදුන් කුහකයෝ වූහ. එහෙයින් ඔවුන් බියෙන් හා සැකයෙන් පසු වූහ. අල්ලාහ් පිළිබඳ නිවැරැදි ව තක්සේරු කර නොගත් අඥාන ජනයා සිතුවාක් මෙන් සැබැවින්ම අල්ලාහ් තම දූතයාණන්හට උදව් නොකරනු ඇතැයි ද ඔහුගේ ගැත්තන්හට පිහිට නොවනු ඇතැයිද ඔවුහු අල්ලාහ් පිළිබඳ වැරදි ලෙස සිතුවිලි ඇති කර ගත්හ. අල්ලාහ් පිළිබඳ අනවබෝධයෙන් පසු වූ කුහකයෝ මෙසේ පැවසූහ: ‘යුද්ධය සඳහා පිටවීම විෂයයෙහි අප දෙස බලන කිසිවකු නොසිටියි. එසේ අපට වී නම් පිටත් ව යන්නෙමු.’ නබිවරය, ඔබ ඔවුනට මෙසේ පිළිතුරු දෙනු: ‘සියලුම කරුණු පිහිටනුයේ අල්ලාහ් වෙනුවෙනි. ඔහු අභිමත දෑ සැලසුම් කරයි. ඔහු සිතන දෑ තීන්දු කරයි. නුඹලාට පිටත් වන්නට සැලැස්වූයේද ඔහු ය.’ නමුත් මෙම කුහකයෝ සැකය හා නරක සිතුවිලි තමන්ගේ සිත් තුළ සඟවා ගෙන සිටියහ. එය ඔබට හෙළි නොකර මෙසේ පවසා සිටියහ: ‘පිටත් ව යෑමේ අපට යම් කරුණක් පිහිටනුයේ නම් මෙම ස්ථානයේ අපි මරුමුවට පත් නොවන්නට තිබුණි.’ අහෝ! නබිවරය, ඔවුනට පිළිතුරු වශයෙන් ඔබ මෙසේ පවසනු. ‘මරණයට පත් වන හෝ ඝාතනයට ලක් වන ස්ථානයෙන් දුරස් ව නුඹලාගේ නිවෙස් වල නුඹලා සිටියද නුඹලා අතරින් කවරෙකු වෙත මරණය අල්ලාහ් තීන්දු කර ඇත්තේද ඔවුන්ගේ මරණය ඔවුනට සිදු වනු ඇත. අල්ලාහ් එය නියම කළේ නුඹලාගේ සිත් තුළ ඇති චේතනාවන් හා අරමුණු පරීක්ෂා කරනු පිණිසත් ඒ තුළ ඇති දේව විශ්වාසය හා කුහකත්වය වෙන් කර පෙන්වනු පිණිසත්ය. අල්ලාහ් තම ගැත්තන්ගේ හදවත් තුළ ඇති දෑ පිළිබඳ මැනවින් දන්නාය. කිසිවක් ඔහුට සැඟවෙන්නේ නැත.’
Tafsir berbahasa Arab:
Beberapa Faedah Ayat-ayat di Halaman Ini:
• الجهل بالله تعالى وصفاته يُورث سوء الاعتقاد وفساد الأعمال.
•අල්ලාහ් පිළිබඳ හා ඔහුගේ ගුණාංග පිළිබඳ නිවැරැදි වැටහීමක් නොතිබීම. අයහපත් විශ්වාස හා අයහපත් ක්රියාවන් උරුම කර දෙනු ඇත.

• آجال العباد مضروبة محدودة، لا يُعجلها الإقدام والشجاعة، ولايؤخرها الجبن والحرص.
•ගැත්තන්ගේ ආයුෂ කාලය සීමා කොට ඇත. පෙරටුගාමීත්වය හා වීරත්වය එය ඉක්මන් නොකරනු ඇත. එමෙන්ම ආශාවන් හා අධෛර්යය එය ප්රමාද කරන්නේද නැත.

• من سُنَّة الله تعالى الجارية ابتلاء عباده؛ ليميز الخبيث من الطيب.
•යහපත් අයගෙන් අයහපත් අය වෙන් කර හඳුන්වා දීම සඳහා තම ගැත්තන්හට පරීක්ෂණ ඇති කිරීම අල්ලාහ්ගේ න්යායයකි.

• من أعظم المنازل وأكرمها عند الله تعالى منازل الشهداء في سبيله.
•නිලයන් අතුරින් අල්ලාහ් අබියස උසස්තම හා ගෞරවනීය නිලය වන්නේ අල්ලාහ්ගේ මාර්ගයේ දිවි පුදන්නන්ගේ නිලයයි.

 
Terjemahan makna Ayah: (154) Surah: Āli 'Imrān
Daftar surah Nomor Halaman
 
Terjemahan makna Alquran Alkarim - Terjemahan Al-Mukhtaṣar fī Tafsīr Al-Qur`ān Al-Karīm ke Bahasa Sinhala - Daftar isi terjemahan

Diterbitkan oleh Markaz Tafsīr Li Ad-Dirasāt Al-Qur`āniyyah.

Tutup