Check out the new design

Terjemahan makna Alquran Alkarim - Terjemahan Al-Mukhtaṣar fī Tafsīr Al-Qur`ān Al-Karīm ke Bahasa Sinhala * - Daftar isi terjemahan


Terjemahan makna Ayah: (69) Surah: Āli 'Imrān
وَدَّتْ طَّآىِٕفَةٌ مِّنْ اَهْلِ الْكِتٰبِ لَوْ یُضِلُّوْنَكُمْ ؕ— وَمَا یُضِلُّوْنَ اِلَّاۤ اَنْفُسَهُمْ وَمَا یَشْعُرُوْنَ ۟
අහෝ! දෙවියන් විශ්වාස කරන්නනි, අල්ලාහ් නුඹලාට මග පෙන්වූ සත්යය දහමින් නුඹලා මුළා කරන්නට ආගම් ලත් යුදෙව් හා කිතුනු ආගමික නායකයන් ආශා කරති. ඔවුන් ඔවුන්වම මිස මුළා කර ගත්තේ නැත. ඊට හේතුව දෙවියන් විශ්වාස කරන්නන් මුළාවට පත් කිරීම සඳහා ඔවුන් දරන උත්සාහය ඔවුන්ගේ මුළාව තව තවත් වැඩි කරනු ඇත. ඔවුන්ගේ ක්රියාවන්හි අවසානය පිළිබඳ ඔවුන් නොදනිති.
Tafsir berbahasa Arab:
Beberapa Faedah Ayat-ayat di Halaman Ini:
• أن الرسالات الإلهية كلها اتفقت على كلمة عدل واحدة، وهي: توحيد الله تعالى والنهي عن الشرك.
•දේව පණිවිඩ සියල්ල එකම සාධාරණ ප්රකාශයක් මත එකඟ වන්නේය. එනම් අල්ලාහ් ඒකීයත්වයට පත් කිරීම හා ඔහුට ආදේශ තැබීමෙන් වැළකීමය.

• أهمية العلم بالتاريخ؛ لأنه قد يكون من الحجج القوية التي تُرَدُّ بها دعوى المبطلين.
•ඉතිහාසය හා සම්බන්ධ දැනුම පිළිබඳ ඇති වැදගත්කම. ඊට හේතුව ව්යාජ මිථ්යා දෘෂ්ටිකයින් සමග වාද කිරීමේදී පිළිතුරු සපයන්නට එය බලවත් සාක්ෂියක් වන බැවිණි.

• أحق الناس بإبراهيم عليه السلام من كان على ملته وعقيدته، وأما مجرد دعوى الانتساب إليه مع مخالفته فلا تنفع.
•ඉබ්රාහීම් තුමාගේ සම්බන්ධකම ඈඳා කතා කිරීමට වඩාත් සුදුසු ජනයා වනුයේ ඔහුගේ පිළිවෙත හා ඔහුගේ ප්රතිපත්ති මත සිටි ජනයාය. ඔහුගේ පිළිවෙතට හා ප්රතිපත්තියට විරුද්ධ ව සිටිමින් ඔහු වෙත සම්බන්ධකම් පමණක් ඈඳා කතා කිරීම කිසිදු ප්රයෝජනයක් ගෙන දෙන්නේ නැත.

• دَلَّتِ الآيات على حرص كفرة أهل الكتاب على إضلال المؤمنين من هذه الأمة حسدًا من عند أنفسهم.
•ආගම් ලත් ජනයා අතර සිටින දෙවියන් ප්රතික්ෂේප කරන්නන් ඊර්ෂ්යාව පදනම් කර ගනිමින් දෙවියන් විශ්වාස කරන්නන් නොමග හැරීමට ආශා කරන බව මෙම පාඨ පෙන්වා දෙයි.

 
Terjemahan makna Ayah: (69) Surah: Āli 'Imrān
Daftar surah Nomor Halaman
 
Terjemahan makna Alquran Alkarim - Terjemahan Al-Mukhtaṣar fī Tafsīr Al-Qur`ān Al-Karīm ke Bahasa Sinhala - Daftar isi terjemahan

Diterbitkan oleh Markaz Tafsīr Li Ad-Dirasāt Al-Qur`āniyyah.

Tutup