Terjemahan makna Alquran Alkarim - الترجمة السنهالية للمختصر في تفسير القرآن الكريم * - Daftar isi terjemahan


Terjemahan makna Ayah: (5) Surah: Surah Al-Anfāl
كَمَاۤ اَخْرَجَكَ رَبُّكَ مِنْ بَیْتِكَ بِالْحَقِّ ۪— وَاِنَّ فَرِیْقًا مِّنَ الْمُؤْمِنِیْنَ لَكٰرِهُوْنَ ۟ۙ
යුද බිමේ සතුරා විසින් හැර ගිය වස්තුව පිළිබඳ නුඹලා ගැටලු ඇති කර ගෙන, ඒවා බෙදීම සම්බන්ධ ව ද මතභේද ඇති කර ගත් පසු ව, එහි කොටස නුඹලාගෙන් ඉවත් කොට අල්ලාහ් ඔහු වෙත හා ඔහුගේ දූතයාණන් වෙත පවරාගත්තේය. අහෝ දූතය! එලෙසම දෙවියන්ට ආදේශ තබන්නන් හමු වීම සඳහා මදීනාවෙන් පිටත් ව යෑම පිළිබඳ දෙවියන් විශ්වාස කරන්නන්ගෙන් පිරිසක් පිළිකුල් කළ ද ඒ සඳහා පිටත් ව යන මෙන් ඔබේ පරමාධිපති ඔබට නියෝග කළේය.
Tafsir berbahasa Arab:
Beberapa Faedah Ayat-ayat di Halaman Ini:
• ينبغي للعبد أن يتعاهد إيمانه ويُنمِّيه؛ لأن الإيمان يزيد وينقص، فيزيد بفعل الطاعة وينقص بضدها.
ගැත්තා තම දේව විශ්වාස ප්රගුණ කර ගැනීමත්, ප්රවර්ධනය කර ගැනීමත්, අවශ්ය වන්නේය. ඊට හේතුව ඊමාන් හෙවත් දේව විශ්වාසය, විටෙක වර්ධනය වන අතර තවත් විටෙක හීන වී යන බැවිණි. අවනත ක්රියාවන්හි නිරත වීම තුළින් එය වර්ධනය වන අතර එයට පටහැණි ව කටයුතු කිරීම තුළින් එය හීන වී යනු ඇත.

• الجدال محله وفائدته عند اشتباه الحق والتباس الأمر، فأما إذا وضح وبان فليس إلا الانقياد والإذعان.
•තර්කය, එහි ස්ථාවරය, සත්යය සහ ව්යාකූලත්වය පිළිබඳ සැකයක් ඇති විට එහි ප්රයෝජනය. එහිදී කරුණු පැහැදිලි වූ විට ඊට අනුකූල ව කටයුතු කිරීම සහ පිළිගැනීම මිස අන් කිසිවක් නැත.

• أَمْر قسمة الغنائم متروك للرّسول صلى الله عليه وسلم، والأحكام مرجعها إلى الله تعالى ورسوله لا إلى غيرهما.
•යුද පිටියෙන් ගනු ලැබූ වස්තුව බෙදීමේ කටයුත්ත දූතයාණන් වෙත පැවරිය යුත්තකි. එහි තින්දු පැතීම උත්තරීතර අල්ලාහ් හා ඔහුගේ දූතයාණන් වෙත මිස වෙනත් කිසිවකු වෙත යොමු නොකළ යුතුය.

• إرادة تحقيق النّصر الإلهي للمؤمنين؛ لإحقاق الحق وإبطال الباطل.
•සත්යය තහවුරු කිරීම සඳහාත් අසත්යය ව්යර්ත කිරීම සඳහාත් දේව විශ්වාසීන් වෙනුවෙන් දේව ජය තහවුරු කිරීමේ අභිලාෂය.

 
Terjemahan makna Ayah: (5) Surah: Surah Al-Anfāl
Daftar surah Nomor Halaman
 
Terjemahan makna Alquran Alkarim - الترجمة السنهالية للمختصر في تفسير القرآن الكريم - Daftar isi terjemahan

الترجمة السنهالية للمختصر في تفسير القرآن الكريم، صادر عن مركز تفسير للدراسات القرآنية.

Tutup