Check out the new design

Traduzione dei Significati del Sacro Corano - Traduzione cingalese - Pioneers Translation Center (Ruwwad at-Tarjama) * - Indice Traduzioni

PDF XML CSV Excel API
Please review the Terms and Policies

Traduzione dei significati Sura: Al-Baqarah   Versetto:
اِنَّ الَّذِیْنَ اٰمَنُوْا وَالَّذِیْنَ هَادُوْا وَالنَّصٰرٰی وَالصّٰبِـِٕیْنَ مَنْ اٰمَنَ بِاللّٰهِ وَالْیَوْمِ الْاٰخِرِ وَعَمِلَ صَالِحًا فَلَهُمْ اَجْرُهُمْ عِنْدَ رَبِّهِمْ ۪ۚ— وَلَا خَوْفٌ عَلَیْهِمْ وَلَا هُمْ یَحْزَنُوْنَ ۟
නියත වශයෙන් ම විශ්වාස කළ වුන් ද, යුදෙව් වූවන් ද, කිතුනුවන් ද, සාබිඊන්වරුන් (නබිවරුන්ව අනුගමනය කළ අය) ද ඔවුන් අතුරින් අල්ලාහ් හා පරමාන්ත දිනය විශ්වාස කොට දැහැමි ක්‍රියාවන් කළ අයට තම පරමාධිපති අබියසින් වූ ඔවුන්ගේ ප්‍රතිඵල ඔවුනට ඇත. ඔවුනට (මරණින් මතු ජීවිතය පිළිබඳ ව) කිසිදු බියක් නොමැත. තවද ඔවුහු (මෙලොව අත හැර ගිය දෑ පිළිබඳ ව) දුකට පත්වන්නේ ද නැත.
Esegesi in lingua araba:
وَاِذْ اَخَذْنَا مِیْثَاقَكُمْ وَرَفَعْنَا فَوْقَكُمُ الطُّوْرَ ؕ— خُذُوْا مَاۤ اٰتَیْنٰكُمْ بِقُوَّةٍ وَّاذْكُرُوْا مَا فِیْهِ لَعَلَّكُمْ تَتَّقُوْنَ ۟
"නුඹලා බිය බැතිමත් විය හැකි වනු පිණිස, අපි නුඹලාට පිරිනැමූ දෑ නුඹලා ඉතා බලවත් ලෙස
ග්‍රහණය කර ගනු. තවද එහි (සඳහන් ව) ඇති දෑ සිහිපත් කරනු" යනුවෙන් අපි නුඹලාට ඉහළින් තූර් කන්ද ඔසවා තබා, අපි නුඹලාගෙන් ප්‍රතිඥා ගත් අවස්ථාව සිහිපත් කරනු.
Esegesi in lingua araba:
ثُمَّ تَوَلَّیْتُمْ مِّنْ بَعْدِ ذٰلِكَ ۚ— فَلَوْلَا فَضْلُ اللّٰهِ عَلَیْكُمْ وَرَحْمَتُهٗ لَكُنْتُمْ مِّنَ الْخٰسِرِیْنَ ۟
අනතුරුව, ඉන් පසුවද නුඹලා (ප්‍රතිඥාවට) පිටුපෑවෙහු ය. එවිට නුඹලාට අල්ලාහ්ගේ භාග්‍යය හා ඔහුගේ කරුණාව නො වී නම් නුඹලා අලාභවන්තයින් අතුරින් වන්නට තිබුණි.
Esegesi in lingua araba:
وَلَقَدْ عَلِمْتُمُ الَّذِیْنَ اعْتَدَوْا مِنْكُمْ فِی السَّبْتِ فَقُلْنَا لَهُمْ كُوْنُوْا قِرَدَةً خٰسِـِٕیْنَ ۟ۚ
සෙනසුරාදාවෙහි නුඹලා අතුරින් සීමාව ඉක්මවා ගියවුන් (ට සිදු වූ විපාකය) පිළිබඳව නුඹලා මැනවින් දැනගෙන සිටින්නෙහු ය. එවිට අපි "නුඹලා අවමානයට ලක්වූවන් ලෙසින් වඳුරන් වනු" යැයි පැවසුවෙමු.
Esegesi in lingua araba:
فَجَعَلْنٰهَا نَكَالًا لِّمَا بَیْنَ یَدَیْهَا وَمَا خَلْفَهَا وَمَوْعِظَةً لِّلْمُتَّقِیْنَ ۟
මෙය (එවකට) ඔවුන් අවට සිටියවුන්ට හා පසුව පැවත එන්නන්ට පාඩමක් වශයෙන් ද, බිය බැතිමතුන්ට උපදෙසක් වශයෙන් ද අපි පත් කළෙමු.
Esegesi in lingua araba:
وَاِذْ قَالَ مُوْسٰی لِقَوْمِهٖۤ اِنَّ اللّٰهَ یَاْمُرُكُمْ اَنْ تَذْبَحُوْا بَقَرَةً ؕ— قَالُوْۤا اَتَتَّخِذُنَا هُزُوًا ؕ— قَالَ اَعُوْذُ بِاللّٰهِ اَنْ اَكُوْنَ مِنَ الْجٰهِلِیْنَ ۟
"නුඹලා එළදෙනකු කැපිය යුතු යැයි නිසකව ම අල්ලාහ් නුඹලාට අණ කරන්නේ" යැයි මූසා තම ජනයාට පැවසූ අවස්ථාව සිහිපත් කරනු. "නුඹ අපව විහිළුවට ගන්නෙහි ද?" යැයි ඔවුහු පැවසූහ. "අඥානයින්ගෙන් කෙනෙකු වීමෙන් මම අල්ලාගෙන් රැකවරණය පතමි" යැයි ඔහු (මූසා) කී ය.
Esegesi in lingua araba:
قَالُوا ادْعُ لَنَا رَبَّكَ یُبَیِّنْ لَّنَا مَا هِیَ ؕ— قَالَ اِنَّهٗ یَقُوْلُ اِنَّهَا بَقَرَةٌ لَّا فَارِضٌ وَّلَا بِكْرٌ ؕ— عَوَانٌ بَیْنَ ذٰلِكَ ؕ— فَافْعَلُوْا مَا تُؤْمَرُوْنَ ۟
"එය කවරක් දැ? යි අපට පැහැදිලි කරන මෙන් නුඹගේ පරමාධිපතිගෙන් අප වෙනුවෙන් අයැද සිටින්නැ" යි ඔවුහු පැවසූහ. "නියත වශයෙන් ම ඔහු (පරමාධිපති) සැබවින් ම එය (වයසින්) මුහුකුරා නො ගිය ළපටි ද නො වූ ඒ අතර මැදිවියේ පසු වන එළදෙනකි" යැයි නිසකව ම ඔහු පවසයි. "එබැවින් නුඹලා අණ කරනු ලබන දෑ සිදු කරනු" යැයි ඔහු (මූසා) පැවසී ය.
Esegesi in lingua araba:
قَالُوا ادْعُ لَنَا رَبَّكَ یُبَیِّنْ لَّنَا مَا لَوْنُهَا ؕ— قَالَ اِنَّهٗ یَقُوْلُ اِنَّهَا بَقَرَةٌ صَفْرَآءُ ۙ— فَاقِعٌ لَّوْنُهَا تَسُرُّ النّٰظِرِیْنَ ۟
"එහි වර්ණය කෙබඳුද යන්න අපට පැහැදිලි කරන මෙන් නුඹගේ පරමාධිපතිගෙන් අප වෙනුවෙන් අයැද සිටින්නැ"යි ඔවුහු පැවසූහ. " 'නියත වශයෙන් ම එය, දකින්නන් සතුටට පත් කර වන කහ පැහැති, එම වර්ණය ද වඩා පැහැදිලි එළදෙනක යැයි' සැබැවින් ම ඔහු පවසයි" යනුවෙන් (මූසා) පැවසුවේ ය.
Esegesi in lingua araba:
 
Traduzione dei significati Sura: Al-Baqarah
Indice delle Sure Numero di pagina
 
Traduzione dei Significati del Sacro Corano - Traduzione cingalese - Pioneers Translation Center (Ruwwad at-Tarjama) - Indice Traduzioni

Tradotta dal team del centro di traduzione "Pioneers" in collaborazione con "Association for call and awareness of communities" di al-Rabwah e "Association for Service of Islamic Content in Languages".

Chiudi