Check out the new design

Traduzione dei Significati del Sacro Corano - Traduzione cingalese - Pioneers Translation Center (Ruwwad at-Tarjama) * - Indice Traduzioni

PDF XML CSV Excel API
Please review the Terms and Policies

Traduzione dei significati Sura: Al-Qasas   Versetto:
وَلَقَدْ وَصَّلْنَا لَهُمُ الْقَوْلَ لَعَلَّهُمْ یَتَذَكَّرُوْنَ ۟ؕ
තවද සැබැවින් ම ඔවුන් උපදෙස් ලැබිය හැකි වනු පිණිස ඔවුනට එම ප්‍රකාශය ලැබෙන්නට සැලැස්සුවෙමු.
Esegesi in lingua araba:
اَلَّذِیْنَ اٰتَیْنٰهُمُ الْكِتٰبَ مِنْ قَبْلِهٖ هُمْ بِهٖ یُؤْمِنُوْنَ ۟
මීට පෙර අපි ඔවුනට ධර්ම ග්‍රන්ථය පිරිනැමූ අය වනාහි ඔවුහු එය විශ්වාස කරති.
Esegesi in lingua araba:
وَاِذَا یُتْلٰی عَلَیْهِمْ قَالُوْۤا اٰمَنَّا بِهٖۤ اِنَّهُ الْحَقُّ مِنْ رَّبِّنَاۤ اِنَّا كُنَّا مِنْ قَبْلِهٖ مُسْلِمِیْنَ ۟
තවද ඔවුන් වෙත කියවා පෙන්වනු ලබන විට ‘අපි එය විශ්වාස කළෙමු. නියත වශයෙන් ම එය අපගේ පරමාධිපතිගෙන් වූ සත්‍යයකි. නියත වශයෙන් ම අපි මීට පෙර පවා අවනත වන්නන් ලෙස සිටියෙමු’ යැයි ඔවුහු පැවසූහ.
Esegesi in lingua araba:
اُولٰٓىِٕكَ یُؤْتَوْنَ اَجْرَهُمْ مَّرَّتَیْنِ بِمَا صَبَرُوْا وَیَدْرَءُوْنَ بِالْحَسَنَةِ السَّیِّئَةَ وَمِمَّا رَزَقْنٰهُمْ یُنْفِقُوْنَ ۟
ඔවුන් ඉවසා සිටි බැවින් ද යහපතින් අයහපත ඔවුන් වළක්වා ගන්නා බැවින් ද අපි ඔවුනට පෝෂණය කළ දැයින් ඔවුන් වියදම් කරන බැවින් ද ඔවුන්ගේ කුලිය දෙවතාවක් දෙනු ලබන්නන් ඔවුහු ම ය.
Esegesi in lingua araba:
وَاِذَا سَمِعُوا اللَّغْوَ اَعْرَضُوْا عَنْهُ وَقَالُوْا لَنَاۤ اَعْمَالُنَا وَلَكُمْ اَعْمَالُكُمْ ؗ— سَلٰمٌ عَلَیْكُمْ ؗ— لَا نَبْتَغِی الْجٰهِلِیْنَ ۟
තවද නිෂ්ඵල දෑට ඔවුන් සවන් දුන් විට ඔවුන් එය පිටු දැක ‘අපගේ ක්‍රියාවන් අපට ය. නුඹලාගේ ක්‍රියාවන් නුඹලාට ය. නුඹලා වෙත සාමය වේවා! (මිතුරුකම් පෑමට) අඥානයින් අපි නො සොයන්නෙමු.’ යැයි ඔවුහු පැවසූහ.
Esegesi in lingua araba:
اِنَّكَ لَا تَهْدِیْ مَنْ اَحْبَبْتَ وَلٰكِنَّ اللّٰهَ یَهْدِیْ مَنْ یَّشَآءُ ۚ— وَهُوَ اَعْلَمُ بِالْمُهْتَدِیْنَ ۟
නියත වශයෙන් ම ඔබ ප්‍රිය කළ අයට ඔබට මග පෙන්විය නොහැකි ය. එනමුත් අල්ලාහ් ඔහු අභිමත කරන අයට මග පෙන්වයි. තවද ඔහු යහමග ලැබූවන් පිළිබඳ මැනවින් දන්නා ය.
Esegesi in lingua araba:
وَقَالُوْۤا اِنْ نَّتَّبِعِ الْهُدٰی مَعَكَ نُتَخَطَّفْ مِنْ اَرْضِنَا ؕ— اَوَلَمْ نُمَكِّنْ لَّهُمْ حَرَمًا اٰمِنًا یُّجْبٰۤی اِلَیْهِ ثَمَرٰتُ كُلِّ شَیْءٍ رِّزْقًا مِّنْ لَّدُنَّا وَلٰكِنَّ اَكْثَرَهُمْ لَا یَعْلَمُوْنَ ۟
තවද අපි ඔබ සමඟ යහමග අනුගමනය කරන්නේ නම් අපි අපගේ දේශයෙන් පැහැර ගනු ලබන්නෙමු යැයි ඔවුහු පැවසූහ. අප වෙතින් වූ පෝෂණයක් වශයෙන් සෑම වර්ගයකම පලතුරු ඒ වෙත ගෙන දෙන අභයදායී සුරක්ෂිත (දේශයක්) ලෙස අපි ඔවුනට පත් නො කළෙමු ද? එනමුත් ඔවුන්ගෙන් බහුතරයක් දෙනා නො දනිති.
Esegesi in lingua araba:
وَكَمْ اَهْلَكْنَا مِنْ قَرْیَةٍ بَطِرَتْ مَعِیْشَتَهَا ۚ— فَتِلْكَ مَسٰكِنُهُمْ لَمْ تُسْكَنْ مِّنْ بَعْدِهِمْ اِلَّا قَلِیْلًا ؕ— وَكُنَّا نَحْنُ الْوٰرِثِیْنَ ۟
තවද තම ජීවන පහසුකම් සැපවත් කරගත් ගම්මාන කොපමණක් අපි විනාශ කළෙමු ද? ඔවුන්ගෙන් පසු ඔවුන්ගේ එම වාසස්ථානවල ස්වල්ප දෙනෙකු මිස පදිංචි කරවනු නො ලැබී ය. තවද අපි උරුමක්කරුවන් වූයෙමු.
Esegesi in lingua araba:
وَمَا كَانَ رَبُّكَ مُهْلِكَ الْقُرٰی حَتّٰی یَبْعَثَ فِیْۤ اُمِّهَا رَسُوْلًا یَّتْلُوْا عَلَیْهِمْ اٰیٰتِنَا ۚ— وَمَا كُنَّا مُهْلِكِی الْقُرٰۤی اِلَّا وَاَهْلُهَا ظٰلِمُوْنَ ۟
තවද අපගේ වදන් ඔවුන් වෙත කියවා පෙන්වන දූතයකු එහි මව් නගරයට එවන තෙක් ඔබේ පරමාධිපති එම ගම්මානය විනාශ කරන්නකු නො වීය. තවද අපි එහි වැසියන් අපරාධකරුවන් ලෙස සිටිය දී මිස එම ගම්මානය විනාශ කරන්නන් නො වූයෙමු.
Esegesi in lingua araba:
 
Traduzione dei significati Sura: Al-Qasas
Indice delle Sure Numero di pagina
 
Traduzione dei Significati del Sacro Corano - Traduzione cingalese - Pioneers Translation Center (Ruwwad at-Tarjama) - Indice Traduzioni

Tradotta dal team del centro di traduzione "Pioneers" in collaborazione con "Association for call and awareness of communities" di al-Rabwah e "Association for Service of Islamic Content in Languages".

Chiudi