Check out the new design

Traduzione dei Significati del Sacro Corano - Traduzione cingalese dell'Abbreviata Esegesi del Nobile Corano * - Indice Traduzioni


Traduzione dei significati Versetto: (114) Sura: Al-Mâ’idah
قَالَ عِیْسَی ابْنُ مَرْیَمَ اللّٰهُمَّ رَبَّنَاۤ اَنْزِلْ عَلَیْنَا مَآىِٕدَةً مِّنَ السَّمَآءِ تَكُوْنُ لَنَا عِیْدًا لِّاَوَّلِنَا وَاٰخِرِنَا وَاٰیَةً مِّنْكَ ۚ— وَارْزُقْنَا وَاَنْتَ خَیْرُ الرّٰزِقِیْنَ ۟
ඔවුන්ගේ ඉල්ලීමට ඊසා (අලය්හිස් සලාම්) තුමා ප්රතිචාර දක්වමින් අල්ලාහ්ගෙන් මෙසේ අයැද සිටීය. "අපගේ පරමාධිපතියාණනි! අප වෙත ආහාර බන්දේසියක් පහළ කරනු මැනව! එය පහළ වන දින, අප අතර ජීවත්වන හා අපෙන් පසුව පැමිණෙන්නන් සඳහා ඔබට තුති පුද කර සමරන උත්සව දිනයක් ලෙස අපි එය ගන්නෙමු. එය ඔබේ ඒකීයත්වය හා මා කවර කරුණක් වෙත එවනු ලැබුවේද එය තහවුරු කරන සාධකයක් හා සලකුණක් බවට පත් වනු ඇත. ඔබේ ගැත්තන්හට උපකාර කරන පෝෂණයක් අප වෙත ලබා දෙනු මැනව! අපගේ පරමාධිපතියාණනි! ඔබ පෝෂණය සලසන්නන් අතරින් අති ශ්රේෂ්ඨය.
Esegesi in lingua araba:
Alcuni insegnamenti da trarre da questi versi sono:
• توعد الله تعالى كل من أصرَّ على كفره وعناده بعد قيام الحجة الواضحة عليه.
•තමන් වෙත පැහැදිලි සාධක ඉදිරිපත් කිරීමෙන් පසු ව මුරණ්ඩුකමින් හා තරයේ ඔහු ප්රතික්ෂේප කරමින් සිටින්නන් හට අල්ලාහ්ගේ තර්ජනය.

• تَبْرئة المسيح عليه السلام من ادعاء النصارى بأنه أبلغهم أنه الله أو أنه ابن الله أو أنه ادعى الربوبية أو الألوهية.
•සැබැවින්ම මසීහ් (අලය්හිස් සලාම්) අල්ලාහ් ය. සැබැවින්ම ඔහු අල්ලාහ්ගේ පුතණුවන්ය, සැබැවින්ම ඔහුට දේවත්වය හා දේවපාලන සතුය යන්න ගැන කිතුනුවන් කරන වාදයෙන් එතුමාගේ නිදොස්භාවය.

• أن الله تعالى يسأل يوم القيامة عظماء الناس وأشرافهم من الرسل، فكيف بمن دونهم درجة؟!
•සැබැවින්ම අල්ලාහ් මළවුන් කෙරෙන් නැගිටුවනු ලබන දින ජනයා අතර සිටි ප්රභූවරුන්ගෙන් හා ප්රධානීන්ගෙන් රසූල්වරුන් පිළිබඳ විමසනු ඇත. එසේ නම් ඔවුනට වඩා පහළ තරාතිරමක් ඇති උදවිය කෙසේ වේවිද?

• علو منزلة الصدق، وثناء الله تعالى على أهله، وبيان نفع الصدق لأهله يوم القيامة.
•සත්යයට හිමි උසස් තරාතිරම සත්ය වාසීන් වෙත හිමි වන අල්ලාහ්ගේ පැසසුම මළවුන් කෙරෙන් නැගිටුවනු ලබන දිනයේ සත්ය පවසන්නන්හට ලැබෙන ප්රයෝජන පිළිබඳ විස්තරය.

 
Traduzione dei significati Versetto: (114) Sura: Al-Mâ’idah
Indice delle Sure Numero di pagina
 
Traduzione dei Significati del Sacro Corano - Traduzione cingalese dell'Abbreviata Esegesi del Nobile Corano - Indice Traduzioni

Emesso dal Tafseer Center per gli Studi Coranici.

Chiudi